2019/07/06

චිකාගෝ බුල්ස් ධවල මන්දිරේ හැදුව හැටි

ධවල මන්දිරයේ කැඩුණු වැටක් හදන්න කොන්ත‍්‍රාත්කරුවන් 03  දෙනෙක් කැදෙව්වා. එකෙක් ටෙක්සාස් වලින් , අනෙකා කැලිෆෝනියා  සහ අන්තිමයා ඇවිත් තිබුණේ චිකාගෝ වලින්. තුන්දෙනා වරින් වර කැඩුණු වැට සමීපයට ගිහින් ධවල මන්දිරයේ නියෝජිතයා සමග ගනදෙනු කතා කෙරුවා.



ටෙක්සාස් පුතයා පරණ ගොවිපොළක අයිතාකාරයෙක්. මිනිහා මැනුම් පටියක් එහෙම අරගෙන ගිහින් , තනි ඇහැට තියලා ,හතර අතට මැනලා කරලා තමන්ගේ ගාණ කිව්වා.

‘‘ ඩොලර් හත්සීයයි. තුන්සීයයක් බඩුවලට, තව තුන්සීයයක් මගේ මිනිස්සුන්ගේ පඩි නඩි. ඉතිරි සීයය මගේ ලාබේ. ’

නියෝජිතයා මුකුත් නොකියා හිස වැනුවා.
ඊටපස්සේ ආවේ කැලිෆෝනියා මෑන්. අලූත්ම තාක්ෂණික උපකරණයකින් තම මැනුම් කටයුතු කරපු පොර තමන්ගේ ගාණ කිව්වා.

’‘ ඩොලර් පන්සීයයි. මගෙ චිනිස්සුන්ට දෙසීයයි. බඩුවලට යන ගණණ දෙසීයයි. මගේ ලාබේ ඩොලර් සීයයි. ’’

අන්තිමට ආවේ චිකාගෝ වලින් ආපු කෝට්කාරයා.
‘‘ ගාණ දෙදාස් පන්සීයයි.’’
 හදන්න තියෙන වැට දිහා බලන්නෙවත් නැතිව පොර කිව්වා. ධවල මන්දිරේ නියෝජිතයාට අසූහාරදාහට නැග්ගා.

‘‘ඔහේ කොහොමද වැට දිහා බලන්නෙවත් නැතිව මෙහෙම ගාණ කියන්නේ.. මේක හරි කෙළියක්නෙ හලෝ..’’

‘හරි, හරි මෙහෙමයි වෙන්නේ. මේකේ මගේ ලාබේ ඩොලර් දාහයි. අනෙක් දාහ ඔහේට ’

‘‘එතකොට ඉතිරි ඩොලර් පන්සීයය..?

ඒක අපි කැලිෆොනියා කාරයට දීලා මිනිහට වැඬේ භාරදෙමු.

2019/07/04

මහනුවර රජුගේ ආරක්ෂාව භාරව සිටි විශේෂ බලකාය ‘මහඅතපත්තුව’

මහනුවර යුගයේදී උඩරට රජු ආරක්ෂා කිරීමට විශේෂ පෞද්ගලික භට කණ්ඩායමක් පළමුවන රාජසිංහ රජුගේ සමයේ පටන් ක‍්‍රියාත්මක වූ අතර එම විශේෂ බලකාය හැදින්වූයේ මහඅතපත්තුව යන නමින්.

රජුගේ විශ්වාසවන්තම රදළයින්ගෙන් සැදුම්ලත් මේ පෞද්ගලික ආරක්ෂක බලකාය උඩරට රාජධානිය ඉංග‍්‍රීසීන් යටත් කරගන්නා තෙක්ම පැවති අතර නායාක්කාරවංශික රජවරුන් උඩරට පාලනය කරන්නට පටන්ගත් පසුව මෙම විශේෂ ඒකකය රජුගෙන් තරමක් දුරස්වූ බැව් පෙනෙයි.

උඩරට කිරීටයට අතීතයේ පටන්ම ලැදිව කටයුතු කරනු ලැබූ මොල්ලිගොඩ, ඇහැළේපොල , පිළිමතලව්වේ වැනි දිසාවන්ගේ ප‍්‍රභූ පවුල්වල ශක්තිමත් තරුණයින් මහඅතපත්තුවට ඇතුළත් වූ අතර මරුවල්ලිය සහ සුදලියේ පරම්පරාවන්ටට අයත් අංගම් සටන් ගුරුන්ගෙන් විශේෂ සටන් පුහුණුවක් ලබන්නටත් මෙම මහඅතපත්තුවට අයත් රජුගේ ශරීරාක්ෂකයින් ට හැකියාව ලැබී තිබෙනවා. 

එම නිසාම උඩරට රාජධානි සමයේ රදළ වංශික තරුණයින් තුළ මහඅතපත්තුවට ඇතුළත් වීමට මහත් තරඟයක් තිබී ඇත්තේ මහඅතපත්තුවට සීමිත සෙබළුන් ගණනක් පමණක් ඇතූලත් කරගැනීම නිසායි.

කෙසේ වෙතත් මහනුවර රාජධානියේ අවසාන භාගයේදී මෙම මහඅතපත්තුව සහ රජු අතර සම්බන්ධතාවය පළුදු වී ගොස් තිබූ අතර අවාසාන රජු වශයෙන් සැලකෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන් බි‍්‍රතාන්‍යයන් ට හැකිළි බැද ගෙන යන්නට ඉඩ පහසුව සැලසුණේත් මහඅතපත්තුවේ ආරක්ෂාව ඔහුට නොලැබුණු නිසා බවයි කියවෙන්නේ.

-ජනප‍්‍රවාද සහ ඉතිහාස ග‍්‍රන්ථ ඇසුරෙන් * 

2019/07/03

දේශපාලකයින් ව භූමදානය කළ ගොවියා

දිනක් නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ දේශපාලකයින් කණ්ඩායමක් ගමන්ගත් බස්රියක් පාලු ප්‍රදේශයක වූ පර්වතයක ගැටී අනතුරට පත්වුණා.
එම අනතුර දුටුවේ එම ප්‍රදේශයේ ගොවිපළක් පවත්වාගෙන ගිය එකම එක ගොවියෙක් පමණයි. ඔහු අනතුරට පත් බස්රියේ සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් ව භූමදානය කළා.


ටික දිනකට පසුව පරීක්ෂණ කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර ගොවියාගෙන් ද ප්‍රශ්න කළා. තමන් මන්ත්‍රීන්වරුන්ව ගෞරවාන්විතව භූමදානය කළ බව ගොවියා පැවසුවා. ''ඔවුන් සියලු දෙනාම මියගොස් සිටීම නම් ඛේදනීයයි ''
පරීක්ෂණ කණ්ඩායමේ නායකයා පැවසුවා. '' ඇත්තටම සමහර දෙනෙක් නම් පැවසුවා තමන් තවමත් මියගොස් නැති බව. නමුත් ඉතින් දේශපාලනඥයින් කියන දේවල් විශ්වාස කරන්නේ කොහොමද ? '' ගොවියා පැවසුවා --------------------------------------------------------------------------- පසු සටහන. එම අනතුර සිදුවූයේ ලංකාවේ නම් , එම ගොවියා තමන් වූවානම් ඊට වඩා සතුටක් නැතැයි සිතන අය බොහෝ දෙනෙක් හිදීවි.