tag:blogger.com,1999:blog-8784963058883845375.post7479333543329987708..comments2024-01-29T20:49:56.220+05:30Comments on රතු රජරට : එහි ලේ, කදුළු සහ යකඩ, ගින්දර නොමැති වුවත්...... CHINTHAKA TIKIRIBANDARAhttp://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-8784963058883845375.post-62194778268415049372013-02-10T21:01:13.076+05:302013-02-10T21:01:13.076+05:30ලින්ක් එක වෙනස් වීම පොඩි පහේ අත්වරදීමක් මචෝ.
මට ක...ලින්ක් එක වෙනස් වීම පොඩි පහේ අත්වරදීමක් මචෝ.
මට කොමෙන්ට් කරන්නට බැරි වුණාට උඹේ පැත්තට ගොඩවුණා පහුගිය දොහක. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-86215523850664641382013-02-09T21:47:19.220+05:302013-02-09T21:47:19.220+05:3048 ලබා ගත් නිදහස මේ වෙනකොට අඩු වෙලා වගෙයි මට නම් ද...48 ලබා ගත් නිදහස මේ වෙනකොට අඩු වෙලා වගෙයි මට නම් දැනෙන්නේ. සෘජුව යම් ජාතියකට රටකට අපි යටත් නොවුනට අපේ රට වක්‍රව වෙනත් රට වලට නතු වෙලා. ඒවායින් යම් තරමකට හෝ මිදෙන්න නම් රටක් වශයෙන් ආර්ථික අතින් ශක්තිමත් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.
එදා නිදහස දිනා ගන්න කැප වුනු අය සිහිපත් කරන එක හොඳ දෙයක් උනත් ඔවුන්ට දක්වන්න පුළුවන් ගෞරවය නම් ඒ නිදහස නියම නිදහසක් කරන එකයි.
(මොකද ලින්ක් එක වෙනස් වෙලා... )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-67352718714543512352013-02-08T22:08:45.487+05:302013-02-08T22:08:45.487+05:30උඹට විතරක් නෙමෙයි මම හිතන්නේ අපි කාටත් බෑ. උඹට විතරක් නෙමෙයි මම හිතන්නේ අපි කාටත් බෑ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-55228014768740893212013-02-08T22:07:40.938+05:302013-02-08T22:07:40.938+05:30ඒක තමයි මචං මම කියලා තියෙන්නේ නිදහස අර්ථවත් විදිහට...ඒක තමයි මචං මම කියලා තියෙන්නේ නිදහස අර්ථවත් විදිහට සමරමු කියලා. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-78383587236749598562013-02-08T15:48:48.259+05:302013-02-08T15:48:48.259+05:30නිදහස කියන්නේ සැබෑ නිදහසයි. ඒකට සුද්දගෙන්ද බල්ලගෙන...නිදහස කියන්නේ සැබෑ නිදහසයි. ඒකට සුද්දගෙන්ද බල්ලගෙන්ද කියන එක වැදගත් නෑ.. නිදහස සමරන්න පුළුවන් නං හොදයි... මට නං තාම බෑදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-44733797253521552212013-02-08T12:22:22.964+05:302013-02-08T12:22:22.964+05:30නිදහස සමරනවා කියලා මොකක්ද බන් හැමදාම කරන්නෙ...රට ජ...නිදහස සමරනවා කියලා මොකක්ද බන් හැමදාම කරන්නෙ...රට ජාතිය බේරගන්න දිවා රෑ නොබලා සටන් වැදුනු රණ විරුවන් ගිණි අව්වෙ දවස් ගානක් පෙර පහුණුවීම් නමින් කර කරලා...රජයෙ හොර නඩය සැප පහසුවේ ඉන්දවලා කරන විගඩමක්...හමුදාවෙ එක එක අංශ, සන්නද්ධ රථ, මේවා හැමදාම අපි දකිනවා...රට කරවන අයත් බොරු පොරොන්දු...දෙනවා...නමුත් රටක් ලෙස අපට අත්වී ඇති සෙත කුමක්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-2036529776200115582013-02-06T15:28:48.452+05:302013-02-06T15:28:48.452+05:30මාතලං,
1. ලංකාවේ පළමු වරට ඉඩම් ආඥා පනත ගෙන එමින් ...මාතලං,
1. ලංකාවේ පළමු වරට ඉඩම් ආඥා පනත ගෙන එමින් ඉඩම් සඳහා ඔප්පු ප්රදානය කිරීම සඳහා මුල් පියවර තැබුවේ සුද්දා නොවෙයි. ඒ ලංකාවේ ප්‍රතිසංස්කරණවාදීන්ගේ අවශ්‍යතාවයට 1917 දී තමයි මුල්වරට සිදුව්ණේ. ඒ සඳහා පෙරමුන ගෙන ක්‍රියා කරනු ලැබුවේ ජී. ඒ විතාන නම් ලංකාවේ නීතීඥයකු විසින්. සුද්දන් එතෙක් කාලයක් කරනු ලැබූවේ මා මුලින්ම සඳහන් කර ඇති පරිදි ලංකාව පුරාම ඉඩම් රජයට පවරාගෙන ඔවුන්ගේ ආයෝජකයන්ට විකිණීමයි. ලංකාවේ වතු අයිතිකාරුවන් බෝ කර්නු ලැබූවේ සුද්දන් විසින්. සුද්දන් කර්නු ලැබූවේ තමන්ගේ රටට ආර්ථික ප්‍රතිලාබ ලබාදීමට ඊනියා වැවිලි ආර්ථිකයක් හඳුන්වා දෙමින් මෙරට භූමියෙන් උපයාගත් දේවල් වලින් ලන්ඩනය සුඛිත මුදිත කිරීමයි.
2. රාජකාරී ක්‍රමය යනු කුමක්දැයි නොදැන මැත දොඩන්නට එපා මචං. ලංකාවේ මිනිසුන් හට රාජකාරී ක්‍රමය සමඟ මොනතරම් බද්ධ වීමක් තිබෙනවාදැයි කියා දැනගන්නට අවශ්‍ය නම් මහාචාර්යය විමලදාස මෙත්තිගොඩ විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙනුවෙන් ලියන ලද උඩරට රාජකාරී ක්‍රමය සහ බ්‍රිතාන්‍යයන් යන නිබන්ධනය කියවන්න. සමහරවිට මෙයත් ඔබ ඉහත කියා ඇති පරිදිම මනස්ගාත දේශීය පොතක් විය හැකියි.
3. ලංකාවේ කුල ධූරාවලිය තවදුරටත් තහවුරු කිරීමට සුද්දන් තමන්ගේ පරිපාලන යාන්තරණය යොදාගත්තා යැයි මම කියන විට මොනවාද ඔබ මේ කියන්නේ? අද සිදුවන දේවල් වලින් එදා සිදුවූ ක්‍රියාවලිය නිරූපණය වෙනවා යැයි කියන්නේ කොහොමද? කරුණාකර තර්කානුකූල වන්න. කොහොම වෙතත් ඔබ කියන එක් දෙයක් ගැන මම එකගයි ..ඒ පසුකලෙක උගත් දුප්පත් පිරිසට අවස්ථාවන් හිමි වීම ගැන කතාවට. නමුත් ඒ අවස්ථාවන් හිමි වූයේ සුද්දාගේ පාලන කාලය තුළ නොවෙයි නිදහස දිනා ගත් පසුවයි.
4.මිත්‍රයා, මම බැද්දේගම ගැන සඳහන් කෙරුවේ සංකේතාත්මක අදහස් දැක්වීමකට. එය ඔබට තේරුම් ගැනීමට බැරිවී ඇති හැඩයි. කඩුල්ල ගැන කියනවා නම් එය ටෙලියක් වීමට කලින් ගුවන් විදුලි නාට්‍යයක්. එහි නිර්මාපකයා වූ තිලක් ජයරත්න මහත්මයා සමඟ රජරට සේවයේ වසරක් වැනි කෙටි කාලයක් කටයුතු කරන්නට මට ඉඩ ලැබුණා. ඔහුගේ තවත් බොහෝ නිර්මාණ වලින් විශද වූ කාරණාවක් වූයේ සුද්දන් විසින් මෙහි වපුරා ගිය සමාජ ආර්ථික් දේශපාලනික විපර්යයාසකාරකයන් මෙරට වැඩවසම් සමාජ ක්‍රමය ඉදිරියට ගෙන යාමට ඉවහල් වී ඇති ආකාරයයි.
ඔබ වික්‍රමසිංහයන් ගැන කියන විට මට සිනහා නැගුණා. ලංකාවේ කුලක්රමය ගැන පෝස්ටුවක් ලියූ මා කුලවාදියෙක් ලෙස ඔබට පෙනෙන විට වික්‍රමසිංහයන් ගැන ඔබ දරන අදහසයි. මක්නිසාද යත් ඔහුගේ සිංහල ලකුණ පොතේ දෙවන පරිච්ජේදය සම්පූර්ණයෙන්ම වෙන්කොට ඇත්තේ කුලවාදය ගැන සාකච්ජා කිරීමටයි. කුලවාදය සහ විද්‍යාව එහි නමයි. ඔබ නිතර වික්‍රමසිංහයන් කියවන බව පෙනෙන නිසා ඔබ මේ කොටස කියවා ඇති බවට සැකයක් නැහැ.

අවසාන වශයෙන් මා සිතනා පරිදි සිතනා නායකන් මෙරට බිහිවී සිටිනවා නම් ඇත්තෙන්ම එය සතුටක්. නමුත් කණගාටුව එලෙස නොවීමයි. ඔව් සාකච්ජා කරමු. ඔවු සාකච්ජා කරමු. එය සතුටක්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-25403769706590128762013-02-06T13:35:14.751+05:302013-02-06T13:35:14.751+05:301. හරි හම්බ කර ගත්ත මනුස්සයෙකුට තම ඉඩමේ අයිතිය ලබා...1. හරි හම්බ කර ගත්ත මනුස්සයෙකුට තම ඉඩමේ අයිතිය ලබා දී ඔප්පුවක් ප්රදානය කලේ සුද්දාය. එතෙක් ඉඩම් හිමිව තිබුනේ රජුට හා පන්සලටයි. තම ඉඩමේ අස්වැන්න පන්සලට හා රජුට නොදි තම බුක්තියට ගැනිමේ නිදහස ලබා දුන්නේ ඔවුන්ය.
2. රාජකාරී ක්‍රමේ නෙමෙයි. අපේ උන්ගේ කාලකන්නි කම. අපේ උන්ට සීතල පරිසරයක වැඩ කරන්න කොහොමත් බෑ. හිරිකඩ වැටුනත් රෙද්දක් පෙරවගෙන හීතලයි කියන ජාතියකට හීතලේ ඉන්න බැරි නිසා නිවාස සමග පවුල් පිටින් රැකියාවක් දෙන නිසා උන් මෙහේ ආවා. හරියට දැන් අපේ උන් ඔට්ටේලියාවේ මයිග්ග්‍රේට් කරනවා වගේ.
3. පොලිසීයට එසේ බඳවා ගත්තේ ඇයිද යන්න අද සිඳුවන් දෙයින් පෙනෙනවා. මුල් කාලයේ එසේ වූවත් පසු කාලිනව උගත් දුප්පත් වැදගත් පිරිසටත් එම අවස්ථා හිමි උනා. ඒ නිසා තමයි අලුත් ප්‍රභූන් පිරිසක් බිහි වන්නේ.
4. ඔබ ඔය උඩ දාගෙන නටන බැද්දේගම වගේම, කඩුල්ල ටෙලි නාට්ටියද නරබන්න. ඒ හැර මාටින් වික්‍රමසිංහගේ පත පොතද කියවන්න.

බැද්දේගම අදටත් දුෂ්කර ගම්මානයක්. එහෙත් සුද්දා සිටියානම් අද හොංකොං දේශය පරාද වනු ඇත. කෙසේ වූවද ඔබ සිතනා ආකාරයෙන්ම සිතන පතන නායකයන් පිරිසක් බිහිව තිබීම ඔබේ සතුටට මෙන්ම අපේ දුකටද හේතු වන්නේය. රතු වෙන්න එපා රතු. අපි සාඛච්චා කරමු. එක්විය හැකි තැන් තියෙනවානේ....
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-24037539850609300342013-02-06T12:24:41.914+05:302013-02-06T12:24:41.914+05:30ඉන්දික අයියා,
මට කියන්න ඕනෙ වුණේ අපට නිදහස ලබාගැන...ඉන්දික අයියා,
මට කියන්න ඕනෙ වුණේ අපට නිදහස ලබාගැනීමට ප්‍රමාද වුණා නම් අපේ ආර්ථික ශක්තිය තවත් පහළට වැටෙයි කියන එක නෙමෙයි. සමස්ත සමාජ, සංස්කෘතික සහ ආර්තික පරිහානිය මීටත් වඩා වැඩිවෙයි කියලයි. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-15984525090386449832013-02-06T12:21:07.308+05:302013-02-06T12:21:07.308+05:30ස්තූතියි .මිත්‍රයා. .ස්තූතියි .මිත්‍රයා. .CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-16917653883971258562013-02-06T12:17:10.772+05:302013-02-06T12:17:10.772+05:30ඔව් අයිලාශ්, මැයි දිනය වගේම නිදහස් දිනයත් එහි සංකල...ඔව් අයිලාශ්, මැයි දිනය වගේම නිදහස් දිනයත් එහි සංකල්පීය අගයෙන් වියුක්තව බොහෝ දුර ගමන් කර ඇතැයි කීම බොරුවක් නොවෙයි. එය මාත් පිළිගන්නවා. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-52441711164971931672013-02-06T12:14:26.154+05:302013-02-06T12:14:26.154+05:30සුද්දන්ට ලංකාවේ පාරවල් පෙන්වන උඹ වැනි තමන්ගේ රට ජා...සුද්දන්ට ලංකාවේ පාරවල් පෙන්වන උඹ වැනි තමන්ගේ රට ජාතිය ගැන හීනමානයක් තියාගෙන ඉන්න අයෙකුගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මා කතාකරන්නේ සමාජවිද්‍යාත්මක කාරණාවන් මත පදනම්වයි. කුලබේදය ගැන කතා කළ පමණින් ඒකා කුලවාදියෙකු කරනා ඔබ වැනි අය සමග කවර නම් සමාජවිද්යාවන්ද? මම කරුණු කාරණා සහිතව පෙන්වා දී තිබෙන දේවල් නිකන්ම නිකන් දේශීය පොත් පත්වල මනස්ගාත කරන ඔබ වැන්නන් සමග වචන හරඹ කිරීමේ තෙරුමක් නැහැ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-7580478472244014472013-02-06T08:52:14.505+05:302013-02-06T08:52:14.505+05:30රතු ඔබ කතා කරන්නේ දේශීය පොත් පත්වල තිබෙන මනස්ගාත. ...රතු ඔබ කතා කරන්නේ දේශීය පොත් පත්වල තිබෙන මනස්ගාත. අනෙක කුලබේදයක් හිතේ මවාගත් කෙනෙකුට එයින් පිට කිසිවක් පෙනෙන්නේ නෑ. ඔබ අප යම් තරමින් හෝ විඳින්නාවූ නිදහස හා සාමාන්‍ය ජනයාටත් තම ස්වශක්තියෙන් නැගී සිටීමට ඉඩ ප්රස්ථා ලැබුනේ සුද්දා නිසයි. අනෙක සුද්දා ගියා කියලා මොන ලබ්බක්ද අපේ උන් කරලා තියෙන්නේ. මේ මෑතකදි තමයි පාරක් වත් හැදුවේ මැලේරියා අදත් තියෙනවා. මැලේරියා නෙමෙයි අගනගරේ මිනිස්සු මියයනවා ඩෙංගුවලින්. පාර පුරා කෙල ගහනවා, හිතුන තැන චූ කරනවා. කෙසේ හෝ ඔබ වැනි අයට සතුටු විය හැකි යුගයක් තමයි මේ උදාවී තියෙන්නේ. නැවත් ගල් යුගයට ගමන් කිරීම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-61693236726845658842013-02-05T15:30:27.501+05:302013-02-05T15:30:27.501+05:30ඔවුන් එවැනි අරගලයක්වත් නොකළා නම් නිදහස තවත් පසුපසට...ඔවුන් එවැනි අරගලයක්වත් නොකළා නම් නිදහස තවත් පසුපසට ඇදෙන අතරම වර්තමානයේ සමාජයක් වශයෙන් අපට සිටින්නට සිදුවන්නේද පසුගාමී තත්වයකය.

අපිට පස්සෙ නිදහස ලබපු ගොඩක් රටවල් ( ආසන්න උදා හරනය හොංකොං) ඔබේ මතය පිළිගන්න අමාරුයි. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-65226774176784066372013-02-05T14:55:40.607+05:302013-02-05T14:55:40.607+05:30ඔබේ ලිපිය බොහෝ දෙනකුගේ වටිනා අදහස් රාශියක් දැක ගැන...ඔබේ ලිපිය බොහෝ දෙනකුගේ වටිනා අදහස් රාශියක් දැක ගැනීමට ඉඩ සැලසූ ලියවිල්ලක් බව පෙනී යාම කෙතර් අගනේ ද ?MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-74494425760465948562013-02-05T13:57:00.128+05:302013-02-05T13:57:00.128+05:30මම ඔබත් එක්ක එකඟයි රතු.
නමුත් දැන් නම් මේ නිදහස ...මම ඔබත් එක්ක එකඟයි රතු.

නමුත් දැන් නම් මේ නිදහස කියන එකත් වානිජ්‍ය කරණය වෙලා.අද වෙනකොට හැමෝම කරන්නේ නිදහස විකුණන එක. පාරේ අහින්ද්සක මිනිස්සු කියක් හරි හොයාගන්න හිතාගෙන ජාතික කොඩි විකුනනවා, මාධ්‍යය නිදසහ ගජරාමෙට විකුනනවා. පාලකයෝ තමන්ගේ හැකි උපරිම ශක්තිය යොදවමින් ඉහලම උත්සව ගන්නේ නිදහස විකුණා තමන්ගේ බලය පෙන්නන්නයි. මේ ඔක්කොම මාර්කටින් කියලා තමයි මට හිතෙන්නේ රතු.

මේකත් හරියටම මැයි දින සංකල්පය වගේ, ලෝක කම්කරුවනි එක්වෙව් කියමින් පුළුවන් තරම් බෙදෙනවා, පලකයොත් මයි දිනය සමරනවා අනේ මන් දන්නේ නැහැ.

මුලික සංකල්පය ගිලිහිලා ගිහින් වෙනත් වටිනාකම් ඒ දේවල් වලට ආදේශ වෙලා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-887442788696613952013-02-05T12:43:23.168+05:302013-02-05T12:43:23.168+05:30නිදහස ගැන කතාකිරීම දේශාභිමානයෙන් මත්වීමක් නම් ඒක එ...නිදහස ගැන කතාකිරීම දේශාභිමානයෙන් මත්වීමක් නම් ඒක එහෙම වුණාවෙ මචං. අද දේශාභිමානය කිඅය එක අර්ථවත් වෙන හැටිත් වෙනම කතාවක්. නිදහස ලබාගැනීමෙන් පස්සේ රට නිවරදි දිශාවකට යොමුවුණේ නැහැ කියන කතාව මම පිළිගන්නවා. නමුත් මම මෙතනදි කතාකරේ නිදහස ලබාගැනීමට පෙර තිබූ දේශපාලනික පරිපාලනය දිගින් දිගටම පැවතියා නම් අද අපට මුහුණපාන්නට වෙන තත්වයන් ගැනයි. පසුකාලයකදී පරිපාලන ක්‍රමවේදයන් විකෘති වීම කියන්නෙත් වෙනම කතාවක්. ඒ කියන්නේ ඒක එහෙම වීම මම පිළිගන්නවා කියන එක නෙමෙයි. කොහොම වුණත් අන්තිමට කියලා තියෙනවා වගේ උඹ කතාකරන්නේ මම කතාකරපු දේ ගැන නෙවී.

උඹ ආවෙ බොහොම කාලෙකින්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-90680370313630887202013-02-05T12:36:02.959+05:302013-02-05T12:36:02.959+05:30ඇත්තටම සුමිත් අයියේ මගේ අදහස නම් සුද්දා වැඩවසම් ක්...ඇත්තටම සුමිත් අයියේ මගේ අදහස නම් සුද්දා වැඩවසම් ක්‍රමය බිදදාන්නට කරපු කෙංගෙඩියක් නෑ. උන් ඒකත් එක්ක බොහොම අපූරුවට පෑහිලා හිටියා මම උඩ මාතලංට දීලා තියෙන උත්තරේ සුමිත අයියාටත් වලංගුයි.
ඒ වගේම අපට ඩොමීනියන් තත්වය ලැබීමට දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිපලයත් බලපෑවාය කියන කතාව මම පිළිගන්නවා. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-84496858780368655172013-02-05T12:32:33.908+05:302013-02-05T12:32:33.908+05:30ස්තූතියි චින්තක ඔබේ ප්‍රතිචාරයට. ස්තූතියි චින්තක ඔබේ ප්‍රතිචාරයට. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-48748064389721982482013-02-05T12:31:32.227+05:302013-02-05T12:31:32.227+05:30නිදහස සැමරීම නම් එක දේශපාලනික විජ්ජාවක් විතරයි කිය...නිදහස සැමරීම නම් එක දේශපාලනික විජ්ජාවක් විතරයි කියන එක නම් මමත් පිළිගන්නවා සෙන්නා. හැබැයි මෙතනදී සුද්දා එළවලා දැම්මේ කොහොමද කියන එක වැදගත් නෑ. ඉන්දියාවට වුණත් සුද්දන්ගෙන් නිදහස ලැබුණේ උන්ගෙ සංග්‍රාමික අරගල නිසා නොවෙයි. දේශපාලනික බලපෑම් සහ ඒ මොහොතේ පැවති ලෝක දේශපාලනික තත්වයන් නිසයි. ඒ වගේම අපි යටත් වෙලා හිටපු ජාතියක් ය කියන හැගීම ගැන කතාකරනවා නම් ඒක ලෝකයේ බොහෝ ජාතීන්ට තියෙනවා. ජපානයට, බොහෝ ලතින් ඇමරිකානු රටවලට අප්‍රිකානු රටවලට ඒ හැඟීම පොදුයි නේද? CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-36830038063602365212013-02-05T12:24:58.139+05:302013-02-05T12:24:58.139+05:30ඔව් හෙන්රි අයියේ. එදා හෙළදිව වගේම ස්පිට්ල්ගෙ සුදු ...ඔව් හෙන්රි අයියේ. එදා හෙළදිව වගේම ස්පිට්ල්ගෙ සුදු වැද්දා සහ සුදු ගෝනා පොත් දෙකෙනුත් ඔය විස්තර අපූරුවට ඉදිරිපත් කරනවා. ඒකාධිපතිපාලනයන් හැමදාමත් සාමාන්‍ය සමාජය පාගාගෙන තදකරගෙනයි හිටියේ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-27960221553792855862013-02-05T12:22:24.971+05:302013-02-05T12:22:24.971+05:30මට නම් ඒක විකාර අදහසක් මචං. මොකද සුද්දන් ඔය කියන ත...මට නම් ඒක විකාර අදහසක් මචං. මොකද සුද්දන් ඔය කියන තරමට අපේ වැඩවසම්වාදී පාලකයන්ගෙන් වෙනස් වුණේ නැහැ. කවුරු හරි කියනවා නම් සුද්දන් අපේ රටේ වැඩවසම් පරිපාලන ක්‍රමය වෙනස් කෙරුවා කියලා මම කියනවා නෑ උන් ලංකාවෙ පැවති වැඅඩවසම් ක්‍රමය එක්ක අත්වැල් බැඳගත්තා කියලා.
1. වැඩවසම් ක්‍රමය යටතේ රටේ භූමිය අයිති වුණේ රජුට. බ්‍රිතාන්‍ය පාලකයෝත් මහජනයා වාසය කළ හා වගාකාරමින් සිටි ඉඩම් හැර අනික් සියළුම ඉඩම් රජයට පවරා ගත්තා.
2.වැවිලි ආර්ථිකයක් ගොඩනැගූවත් ඊට අවශ්‍ය කම්කරු ශ්‍රමය ඉන්දියාවෙන් ආනයනය කරන්නට සිදුවූවේ ඇයි? සුද්දන් එතෙක් කාලයක් පැවති රාජකාරී ක්‍රමය අහෝසි නොකර පවත්වාගෙන යාමට අනුබල දුන් නිසයි.
3.පාර්ලිමේන්තුව, මැතිවරණ ආදී පරිපාලණ යාන්ත්‍රණ ක්‍රමවේදයන් සුද්දන් විසින් අපට හදුන්වා දුන් මුත් ඔවුන් විසින්ම ඉතාමත් විස්මයාකාර ලෙස ඒවා පැරණි වැඩවසක් ක්‍රමවේදයේ කුල ධූරාවලිය සමග අවියෝජනීය ලෙස සම්බන්ධ කර තිබුණා. පොලීසිය, ගම්සබාපති වැනි තන්තුරුවලට මුල්කාලීනව බදවා ගත්තේ කුල ධූරාවලියේ ඉහළින්ම සිටි පවුල්වල සාමාජිකයින්.
4.4.පැරණි ප්‍රභූ රදළයාගේ භූමිකාවට සමාන වන ඒජන්තහාමුදුරුවරු ලද්දේද මාතලං විසින් යටත්ව සිටීමට කැමති සුදු පරිපාලනය විසින්ම බව අමතක කළ යුතු නැහැ.
""ආණ්ඩුවේ ඒජන්තවරයා යනු ඔවුන්ගේ දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස නිර්මාණය කරන ලද ආයතනයක් පමණි." --මතක වස්ත්‍ර- ඥාණවිපුල
. ඒ වගේම අපරාදේ සුද්දන්ගෙන් නිදහස් වුණේ යනුවෙන් සුසුම් හෙලන ඔබ වැන්නන් අමතක නොකළ යුතු කාරණාවන් වන්නේ ඔවුන් මේ රට පාලනය කරන විට ඒ සමයේ අපේ කැලෑ ගම්මානවල පැවති අති දුශ්කර තත්වයන් පිළිබඳවයි. ඒ ගම්මාන මාර්ටීන් විකරම්සිංහයන් සඳහන් කරන අපේ ගම තරම් සුන්දර නැත.බැද්දේගම තුළ ලෙනාඩ් වුල්ෆ් නිවරදිව සටහන් කළ මැලේරියාවෙන් පීඩා විදින, සාගින්නේන් දරුවන් මියයන. වැඩවසම්වාදයෙන් උපරිමයෙන් පීඩා විදි ගම්මානයි. එම තත්වයන් වෙනස් කිරීමට ඔබේ සුද්දන්ට එදත් උවමනාවක් තිබුණේ නැත. ,
මේ උදාහරණ කිහිපයක් පමණයි. මොන සීමාසහිතකම් යටතේ වුණත් නිදහස දිනාගැනීමෙන් පස්සේ පැරණි වැඩවසම් ක්රමයේ වියගහෙන් ගැලවීමේ අවස්ථාවන් තෝරාගැනීමට හා නිර්මාණය කරගැනීමට අපට හැකියාවක් ලැබුණා. ඒවා කොයි තරම් ප්‍රයෝජනයට ගත්තාද නැද්ද කියන එක වෙනම කාරණාවක්.

CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-57951492530422638822013-02-05T11:38:06.163+05:302013-02-05T11:38:06.163+05:30සිරාවටම තමා මචෝ. මුන්ටික හරියට තමන්ගෙ පාර්ට් එක කෙ...සිරාවටම තමා මචෝ. මුන්ටික හරියට තමන්ගෙ පාර්ට් එක කෙරුවෙ නෑ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-77881969546915263772013-02-05T11:36:44.957+05:302013-02-05T11:36:44.957+05:30ඔබේ පැමිණීම සතුටක් නලියා. ඔබේ පැමිණීම සතුටක් නලියා. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8784963058883845375.post-91890057420467914022013-02-05T11:35:55.383+05:302013-02-05T11:35:55.383+05:30පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. එහෙමලු අපේ ඇත...පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. එහෙමලු අපේ ඇත්තෝ රජවරුන්ට කතාකෙරුවෙ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.com