ස්කෝර්පියන්ස් හි උන්මාදනීය මුවහත් හඬ වූ 'ක්ලාවූස් මයීන්' ඔවුන්ගේ ලෝරිලායි.. ගීතයේ මෙසේ ගයයි.
what kind of fool was i
මා කොයි තරම් නම් මුග්ධයෙක්ද ?
තමන් හදවතින්ම විශ්වාස කළ ,බලාපොරොත්තු තැබූ ප්‍රේමිය තම විශ්වාසයන් බලාපොරොත්තු සහ අපේක්ශාවන් කෲර සහ නිර්දය ආකාරයෙන් ඉවතලූ විට පෙම්බරයකුගේ හද පෙළන වේදනාබර ස්වරය ඒ වචන තුළ ගැබ්ව තිබේ.
වර්තමාන ශ්‍රී ලාංකික පොදුජන සමාජයේ හදවතටද උක්ත වියෝග අනුප්‍රකාශය මේ අයුරින් සමානුපාතික කොට ගත හැකිය .
අප කොයි තරම් නම් මුග්ධයන් රංචුවක්ද ?
මේ පශ්චත්තාපය අන්කවරකුවත් අරභයා නොව තමන් හදවතින්ම විශ්වාස කළ ,බලාපොරොත්තු තැබූ ආඩම්බරකාර තාත්තා ගැනයි.
බ්‍රිතාන්‍යයන් බලෙන් අපවෙත පටවා ගියා යැයි කියන තත් දේශපාලන ක්‍රමය තුළ එතෙක් මෙතෙක් පහළ වූ ජනප්‍රියම ජනනායකයා මහින්ද බැව් කීම අතිශයෝක්තියක් නොවේ. රෙද්ද බැනියම ඇද කුරහන් සාටකය පටලා ගත් මේ ජන නායකයාට තමන්ගේ ජීවන අරගලයන් හි තැවුරුණු වචනයෙන් විස්තර කළ නොහැකි කම්කටොළුදායි වේදනාවන් සංතාපයන් සහ වෙහෙසකරතාවයන් සැබෑ ලෙසින්ම වටහා ගැනීමේ හැකියාවක් ඇතැයි ඈත ගම්දනව්වල අහිංසක ගැමියන්ගේ පටන් ධනවාදීන් විසින් ලුම්පන් පංතියට වර්ගකරන්නාවූ මුඩුක්කු වැසියන් දක්වාම විශ්වාස කළේය.
එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්ද ?
ඒ රෙද්ද බැනියම සහ සාටකයට අනාවරණය නොවූ වැඩවසම් වාදී ශ්‍රී වික්‍රම රාජසිංහ මාදිලියේ උන්නතිකාමී පෞරුෂයක් ක්‍රමයෙන් අනාවරණය වීමට පටන්ගෙන එහි කූට්ප්‍රාප්තියට ළං වෙමින් සිටීමයි.
ප්‍රජාතන්ත්‍රවාදය- මහින්ද සහ ලංකාව
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වැරදියට උච්චාරණය කරන 'ප්‍රජාචන්ත්‍රවාදය' යනු කුමක්ද ?එහි සරල අදහස නම් බහුතරයේ සාතිශය කැමැත්තයි. අරුණි සපීරෝ විසින් උත්කර්ෂයට නංවන ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹෙන්නේම සුළුතරයේ උවමනාවන් යටපත් කොට දමමිනි. සුළුතරයට සිදුවන්නේ සාධාරණයක්ද? මෙම අයුක්ති සහගත දේශපාලන ක්‍රමයේ ආරම්භයේ පටන්ම ලංකාව දේශපාලනික, ආර්ථික සහ සමාජ සංස්කෘතික වශයෙන් පහතට ඇද වැටුනු බැව් පිළිගත යුතු යථාර්තයකි . මක්නිසාද යත් බහුතරයේ කැමැත්ත වශයෙන් මුල පටන්ම අර්ථ ගැන්වූයේ වැඩවසම් වාදී රදළ නායකයන් විසින් සාමාන්‍ය ජනයා මත බලයෙන් ආරොපණය කල ව්‍යාජ කඩතුරාව වීමයි. පොදුජන සමාජයේ ආධ්‍යාත්මය ඉල්ලා සිටිනු ලැබූ ආර්ථ්ක දේශපාලනික.නිදහස කවර කලෙකවත් ලැබුණේ නැති හෙයිනි .
.අපට බ්‍රිතාන්‍යන්ගෙන් උරුමවූයේ 'නියම වයින්' නොවේ. නොඑසේ නම් මෙහි ස්ථාපිත වූයේ සුද්දන්ගේ ශුද්ධ ප්‍රජාත්න්ත්‍රවාදය නොවේ. අපගේ ජාතියේ ගැලවුම්කාරයන් යැයි කියාගත් රදළ නායකයන් සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට අති විස්මයාකාර ලෙසින් ඔවුන්ගේ අනාගත වැඩවසම් පැවැත්ම තහවුරු වන ආකාරයෙන් මෙරට වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ මිශ්‍ර කරමින් නියම ගහේ බඩු මාදිලියේ 'ප්‍රජචන්ත්‍රවාදී' ක්‍රමයක් මෙහි පිහිට වූහ.
ගැටළුව බ්‍රිතාන්‍යයන් අපව යටත් කොට ගැනීම නොව සර්ව සම්පූර්ණ වශයෙන් යටත් කොට නොගැනීමයැයි කවුදෝ කොහේදිදෝ කියා තිබුණු වග පොතක කියෙව්වා මතකය. එය සම්පූර්ණ සත්‍යයකි. එසේ වූවා නම් රෙද්ද බැනියම සහ සාටකය පෙන්වා ඛේදජනක සහ නිර්ලජ්ජ්ජිත ආකාරයෙන් මහජන මතය කොල්ල කෑමට වත්මන් ආණ්ඩුවට නොහැකිවනු ඇත. උන්ට ඕනෑ හැටියට රොටිය පුච්චා ගැනීමට දැන් අවස්ථාව තිබේ. නමුත් සිහිකටයුතු කාරණාව වන්නේ කබල රත්වී රොටිය කරවීමට එක් ඇසිල්ලක පමාවක් ප්‍රමාණවත් වන බවයි.
ගිනි සිසිල
රත්වුනා නම් නිවා ගන්න ,මෙතනින් ගිහින් කතාව පටන්ගත්තු ස්කෝර්පියන්ස්ලගෙ 'ලොරීලායි 'අහන්න.
පින්තූරය
ප්‍රංශ යතාර්ථවාදී සිත්තරෙක් වූ ගුස්තාව් කෝබාර්ට්ගේ ධවල දිගු මේස් පළදින තරුණිය නම් සුප්‍රකට සිතුවමයි.
(එකිනෙකට නොගැළපෙන -පරස්පර චින්තනයන් සහ ක්‍රියාකාරීත්වයක් සහිත උමතු ආණ්ඩුවක් ගැන ලිවීමට කවර නම් සමානකම්ද ,,?ඒ නිසා ගීතයේත් පින්තූරයේත් පෝස්ටුවේ අන්තර්ගතයේත් නොගැළපීම් ගැන නොසිතන්න.)
අප්පට රතූ කොල්ලත් වෙඩි මුරේ තියලා වගේ...එළකිරි මචෝ...මමත් ලයික්...
ReplyDeleteතැන්කු වේවා
Deleteමේ විදියට ගියොත් ලඟදීම 'හිස්ටරික' තරුණ පිබිදීමක් එනවාමය.....
ReplyDeleteසුදු වෑන් නොඒවා.....!!!!
නෑ... කොහෙද එහෙම තරුණයෝ ඉන්නේ.. පවතින දේශපාලන ක්‍රමයේ ජීර්ණත්වය කොහෙද සාකච්චාවට ලක්වෙන්නේ? මොන දේශපාලන ව්‍යාපාරය ඇතුළේද එවැනි පෙරටුගාමීන් ඉන්නේ ..අපේ තරුණයන් ගැන දැනගන්න ඔනේ නම් මේ කොමෙන්ටු කියවලා බලන්නකෝ. සීතල ඇල්මැරුණු සංවාද,,,,
Deleteහයියෝ... කාට කියන්නද මේ අවනඩුව..
ReplyDeleteඒක තමයි.
Deleteගීතය නම් මගේ ප්‍රියතම ගීතයක්. ඔබේ ළිපියේ සඳහන් සමහරක් කරුණු හා එකඟවෙමි. සුද්දාගේ කතාව නම් එකහෙලා අනුමත කරමි. අප විඳවන්නේ සුද්දා අප දමා ගිය කරුමයයි. ගෝත්‍රික මිනිසුන් පිරිසක් සිටිනා රටකට උරුමවූ ක්‍රමයක් සමඟ අප ඉදිරියට යාමට උත්සාහ කරමු.
ReplyDeleteක්‍රමය වගේම පුද්ගලයනුත් ගෝත්‍රික ආකල්ප හා අදහස් වලින් පිරුණු අය. මේක තනිකරම ක්‍රමෙයේ වැරද්දක්වත් තනිකරම පුද්ගලයාගේ වැරැද්දක්වත් නෙමෙයි කියලයි මම හිතන්නේ.
Deleteමට තේරෙන එක දෙයක් තියෙනවා... ඒ තමයි ලංකාවේ බහුතරයක් මිනිස්සු තාම ඉන්‌ෙන් වැඩවසම් මානසිකත්වයේ කියන එක.. රදළයන්ට වඳින, රදළයෝ වෙනන් දඟලන එක වගේම, රදළකමට ඊරිසියා කරන ගමන් තමනුත් රදළ කියලා හිතාගන්න කැමති අය කියලා... මට මතක් වෙන්නේම රදළ පිළිරුව... හැබැයි ඒකේදි බන් ගෝස් නම්බු නාමය දුන්නේ රදළයා වෙන්න දඟලපු එකාට.. මේකේ බලං ඉන්න එවුන් ඒක අරගෙන තමන්ම ඔලුවේ දාගන්නවා...
ReplyDeleteහරියටම හරි හිරු. සංස්කෘතිය වගේම මිනිසාත් ගතිකයි කීවට අපේ සංස්කෘතිය ඇතුලෙ තියෙන චින්තනමයි කොටස තවමත් වෙනස් වෙලා නෑ. මිනිස්සු වෙනස් වුණු ආර්ථික, දේශපාලනික වගේම භෞතිකමය ත්ත්වයන්ට සාපේක්ෂව තමන්ගේ චින්තනමය කොටස වෙනස් කරගෙන නෑ. ඒක පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ඇවිත් තියෙනවා.
Deleteඅම්මා ගහයි බැට් එකෙන් කිව්වාලු
ReplyDeleteඔළුවටම ගහලා වගේ.....
Deleteමෙහෙම දිගටම ගියොත් බඩු මැන්ගුස්..නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
ReplyDeleteදිගටම යයිද ?
Deleteරැවටිල්ල හැමදාම කරන්න බෑ...
ReplyDeleteමුන් දැන් සෑහෙන කාලයක් කරනවානේ?
Deleteඅපි ඇවිත් ගියෝ..
ReplyDeleteඇවිත් ගිය එක මදැයි නලියෝ
Deleteආඩම්බරකාර තාත්තාගේ ප්‍රයෝගය බහුතර ලාංකික ජන සමාජය තාම ජීරනය කර අවබෝධ කර නැත්තේය. බහුතරයට තාමත් ඔහු යුද්ධය නිමා කල මහ රජුය. ආසියාවේ ආශ්චර්‍යයෙ නායකයාය.
ReplyDeleteඑහෙත් යන්තමින් හෝ ස්වාධීනව මතයකට එල්ඹිය හැකි ස්වල්ප දෙනෙක් නම් සමාජයේ ඇත්‍තෝය.පාවෙන චන්ද වල බහුතරය ඔවුන්ය. ඔබ ලියා ඇත්තේ එවන් ස්වල්පයක් වු කොටසකගේ හංස ගීතයය. පාපොච්චාරණ්යය
මට නම් හිතෙන්නේ මචං දැන් නම් බොහොමයක් දෙනෙක්ට තේරුම් ගිහිල්ලයි තියෙන්නේ. නමුත් ඔවුන්ට තේරෙන්නේ නෑ ජන්දය නියමාකාරයෙන් භාවිතා කෙරුවොත් අපට මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියන එක. බොහෝ වෙලාවට මැතිවරණ අවස්ථාවන්වලදී මිනිස්සු තමන්ගේ කැමැත්ත පාවිච්චි කරන්නේ ජාතික මට්ටමෙන් හිතලා නෙමෙයි. ඒක පෞද්ගලික කාරණාවකට ලඝු වෙනවා.
Deleteකවුදෝ කියල තිබුන විදියට දැන් "රටේ මිනිස්සුන්ට ගැලපෙන රජා ලැබිල තියෙන්නෙ". සුද්දො අපිට ඔරිජිනල් වයින් දුන්නෙ නැතිබව ඇත්තයි. ඔරිජිනල් වයින් උංගෙ ලඟ තිබුනෙත් නෑ ඒ වෙනකොට. හැබැයි සුද්ද තමුන්ගෙ වයින් වල වටිනකම වැඩිකරගන්දිදි අපේ ලඟ තිබුන වයින් විශ බවට පත්කරගත්තෙත් අපිම තමයි.
ReplyDeleteඑකඟයි. හැබැයි මෙතනදී 'අපි ම තමයි' කියන වචනේ අහිංසක අසරණ සාමාන්‍ය මිනිසුන්ට වලංගු කරගන්න බැහැ කියලයි මට හිතෙන්නේ රාජ්.
Deleteහැබැයි රතූ, මම නියතවම දන්නවා මේ මොහොතේ "සිදුවීම්" යූ එන් පී පාලනයක් යටතේ සිදු වුනානම් මහජන ප්‍රතිචාර මීට වඩා බොහෝ සෙයින් වෙනස් කියලා.
ReplyDeleteමේ බ්ලොග් එකේ පෝස්ට් ගණනාවක් මට මගහැරුනා. පෝස්ට එක බ්ලොග් රෝලෙ අප්ඩේට් වුනාට,බ්ලොග් එකේ නම තිබුණෙ නෑ. ඒක ලොකු අඩුපාඩුවක්....
ReplyDeleteඒක නම් මමත් අනුමාන කරනවා සුමිත් අයියේ..
Deleteඇත්තටම එවැනි පාලනයක් යටතේ මෙවැනි ක්‍රියාවලීන් සිදු වුණා නම් ඇතිවෙන තත්වයන් සහමුලින්ම වෙනස්. පොඩ්ඩක් අපි විස්තර කරමුද ඒවා....
බණ්ඩා ගෙන් පටන් ගත් පාවා දීමට ජනතාව ලවා වන්දනා මාන කරවා ගැනීම වර්ථමාන රජු උත්කර්ෂයට නංවා දී ඇත. එම උත්කර්ෂය තුල ජීවත් වන හුදී ජනයාට තමන්ට අහිමි වන කිසිදු දෙයක් නොපෙනේ. සිංහලයාගේ දුර්වලම හා ප්‍රබලම තැන වන දේශානුරාගය පාරාවළල්ලක් සේ ආපසු කැරකී ඔළුගෙඩියටම වදින තුරු ... අපිත් කෙළිමු මේ දිය සැලියේ ..
ReplyDeleteචිරං ජයතු ..
හොදටම එකගයි අපේ දුර්වලම වගේම ප්‍රබලම සාධකයත් දේශානුරාගයම තමයි. නමුත් අපේ මිනිස්සු ඒක නියම මොහොතෙදි නියම විදිහට පාවිචචි කරන්න දන්නේ නැති බව පේනවා. නැත්නම් යාපනයේ හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම වහන්සේලා හදමින් පිස්සු කෙළින්නේ අහවල් එකටද ?
Delete