ධවල මන්දිරයේ කැඩුණු වැටක් හදන්න කොන්ත‍්‍රාත්කරුවන් 03 දෙනෙක් කැදෙව්වා. එකෙක් ටෙක්සාස් වලින් , අනෙකා කැලිෆෝනියා සහ අන්තිමයා ඇවිත් තිබුණේ චිකාගෝ වලින්. තුන්දෙනා වරින් වර කැඩුණු වැට සමීපයට ගිහින් ධවල මන්දිරයේ නියෝජිතයා සමග ගනදෙනු කතා කෙරුවා.
ටෙක්සාස් පුතයා පරණ ගොවිපොළක අයිතාකාරයෙක්. මිනිහා මැනුම් පටියක් එහෙම අරගෙන ගිහින් , තනි ඇහැට තියලා ,හතර අතට මැනලා කරලා තමන්ගේ ගාණ කිව්වා.
‘‘ ඩොලර් හත්සීයයි. තුන්සීයයක් බඩුවලට, තව තුන්සීයයක් මගේ මිනිස්සුන්ගේ පඩි නඩි. ඉතිරි සීයය මගේ ලාබේ. ’
නියෝජිතයා මුකුත් නොකියා හිස වැනුවා.
ඊටපස්සේ ආවේ කැලිෆෝනියා මෑන්. අලූත්ම තාක්ෂණික උපකරණයකින් තම මැනුම් කටයුතු කරපු පොර තමන්ගේ ගාණ කිව්වා.
’‘ ඩොලර් පන්සීයයි. මගෙ චිනිස්සුන්ට දෙසීයයි. බඩුවලට යන ගණණ දෙසීයයි. මගේ ලාබේ ඩොලර් සීයයි. ’’
අන්තිමට ආවේ චිකාගෝ වලින් ආපු කෝට්කාරයා.
‘‘ ගාණ දෙදාස් පන්සීයයි.’’
හදන්න තියෙන වැට දිහා බලන්නෙවත් නැතිව පොර කිව්වා. ධවල මන්දිරේ නියෝජිතයාට අසූහාරදාහට නැග්ගා.
‘‘ඔහේ කොහොමද වැට දිහා බලන්නෙවත් නැතිව මෙහෙම ගාණ කියන්නේ.. මේක හරි කෙළියක්නෙ හලෝ..’’
‘හරි, හරි මෙහෙමයි වෙන්නේ. මේකේ මගේ ලාබේ ඩොලර් දාහයි. අනෙක් දාහ ඔහේට ’
‘‘එතකොට ඉතිරි ඩොලර් පන්සීයය..?
ඒක අපි කැලිෆොනියා කාරයට දීලා මිනිහට වැඬේ භාරදෙමු.
Showing posts with label සමාජ කතිකා. Show all posts
Showing posts with label සමාජ කතිකා. Show all posts
2019/07/06
2019/07/03
දේශපාලකයින් ව භූමදානය කළ ගොවියා
දිනක් නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ දේශපාලකයින් කණ්ඩායමක් ගමන්ගත් බස්රියක් පාලු ප්‍රදේශයක වූ පර්වතයක ගැටී අනතුරට පත්වුණා.
එම අනතුර දුටුවේ එම ප්‍රදේශයේ ගොවිපළක් පවත්වාගෙන ගිය එකම එක ගොවියෙක් පමණයි. ඔහු අනතුරට පත් බස්රියේ සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් ව භූමදානය කළා.
ටික දිනකට පසුව පරීක්ෂණ කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර ගොවියාගෙන් ද ප්‍රශ්න කළා. තමන් මන්ත්‍රීන්වරුන්ව ගෞරවාන්විතව භූමදානය කළ බව ගොවියා පැවසුවා. ''ඔවුන් සියලු දෙනාම මියගොස් සිටීම නම් ඛේදනීයයි ''
පරීක්ෂණ කණ්ඩායමේ නායකයා පැවසුවා. '' ඇත්තටම සමහර දෙනෙක් නම් පැවසුවා තමන් තවමත් මියගොස් නැති බව. නමුත් ඉතින් දේශපාලනඥයින් කියන දේවල් විශ්වාස කරන්නේ කොහොමද ? '' ගොවියා පැවසුවා --------------------------------------------------------------------------- පසු සටහන. එම අනතුර සිදුවූයේ ලංකාවේ නම් , එම ගොවියා තමන් වූවානම් ඊට වඩා සතුටක් නැතැයි සිතන අය බොහෝ දෙනෙක් හිදීවි.

2016/09/29
සැබෑ ඞී. ඇස් අවතාරය මෛත‍්‍රී නොව මහින්දයි.
ටැමිල් නෙට් වෙබ් අඩවියට අනුව මහාමාන්‍ය ඞී. ඇස් සේනානයගේ පුනරුත්පත්තිය බවට පත්ව කටයුතු කරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයි. ඒ නැගෙනහිර ඉඩම් රජයට පවරා ගනිමින් නැගෙනහිර ද්‍රවිඩයන්ගේ ඉඩම් අයිතිය උදුරා ගනිමිනි. ජනාධිපතිවරයාගේ අනුදැනුම සහිතව ද්‍රවිඩයන්ට හිමි ඉඩම් සිංහල ජනපද පිහිටුවීම සඳහා රජය කටයුතු කරන්නේ ගල්ඔය ජනපද ව්‍යාපාරය හරහා ඞී.ඇස් සේනානයක නැගෙනහිර ද්‍රවිඩයන්ගේ ඉඩම් මංකොල්ල කෑ අයුරින්ම බව ටැමිල්නෙට් පවසයි.
ටැමිල් නෙට් මේ පුවත පාදක කොට ගනිමින් අද ‘මව්බිම ‘ පුවත්පතට දේශපාලන විග‍්‍රහය ලියන උපුල් ජෝෂප් ප‍්‍රනාන්දු මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳව අතිශයෝක්ති වර්ණනාවන යෙදෙමින් මෛත‍්‍රී හීන් නූලෙන් ඞී. ඇස් සේනානයක පරිදි කටයුතු කරමින් සිටින බව පවසන්නේ ය.
නමුත් යථාර්තය නම් දේශපාලනික කැරිස්මාව අතින් ගත් කළ ඞී. ඇස් සේනානායක වඩාත් ළංවන්නේ මෛත‍්‍රීට නොව මහින්දටයි. ඞී. ඇස් දේශපාලනයට පිවිසෙන්නේද පවුල් කාටරයේ බල මහිමය නිසා වන අතර, මහින්ද ද අද ඔහුගේ පුත‍්‍රයා ලෙසින් ම දේශපාලනයට පිවිසෙන්නේ පියා ගේ අනුප‍්‍රාප්තික යා වශයෙනි. සේනානයක පවුලේ දේශපාලන ගමනක නිරත වීමට වඩාත් සුදුසුකම් සහිතව සිටියේ විදේශ අධ්‍යාපනයක් ලබා, පිබිදෙන නවීන ලෝකයේ දේශපාලනික ක‍්‍රියාකාරකම් පිළිබඳව සවිඥ්ඤානික ව සිටි ‘ ලන්ඩන් ජෝන් ’ නමින් හැදින්වූ ඇෆ්. ආර් සේනානායකයි. නමුත් පුද්ගල කැරිස්මාව අතින් පවුලේ රස්තියාදුකාරයා ලෙසින් ‘කැලෑ ජෝන් ’ යන අන්වර්තයෙන් පවුල තුළ හැදින්වූ ඞී. ඇස් , ඇෆ්.ආර් අයියාට වඩා ඉදිරියෙන් සිටියේය.
රාජපක්ෂ පවුල තුළද දේශපාලනික පරිණත කමින් ඉදිරියෙන් සිටියේ මහින්ද ගේ වැඩිමහල් සොහොයුරා වූ චමල් වූවත්, පුද්ගල කැරිස්මාව අතින් පවුලේ දෙවැනි පුත‍්‍රයා වූ මහින්ද ඉදිරියෙන් සිටියේය. 1967 ඞී. ඒ රාජපක්ෂ මිය යන්නේ ශී‍්‍රලනීප ආණ්ඩු දෙකක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිටි නමුත්, කැබිනට් ඇමති ධුරයක් නොලබමිනි. 56 බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඞී.ඒ ට ලැබෙන්නේ නියෝජ්‍යය ඇමති ධුරයකි. 1960 සිරිමා ආණ්ඩුවෙන් ඔහුට ලැබෙන්නේ නියෝජ්‍යය කථානායක ධුරයයි. එජාපයෙන් වෙන් වී යන බණ්ඩාරනායක සමඟ පාර්ලිමේන්තු වේ අනෙක් පසෙට ගමන්ගත් මන්ත‍්‍රීවරුන් පස්දෙනා අතර ඞී.ඒ ද සිටි නමුත් බණ්ඩාරනායකවරුන් ගේ කෘතගුණය නම් ඔහුට ලැබී නැති බැව් ඉතා පැහැදිලිය. ඊට හේතු පාදක වන කාරණා පිළිබඳව වෙනම සොයා බැලිය යුතු වෙයි.
කෙසේ වෙතත් මෙවැනි තත්වයන් මත වුවත් 1970 මහමැතිවරණයට බෙලිඅත්තෙන් ශ‍්‍රීලනිපය වෙනුවෙන් තරග කරන මහින්ද එම අසුන ජයගන්නේය. නමුත් 1976 මැතිවරණයත්, 1983 අතුරු මැතිවරණයත් මහින්ද පරදින්නේය. කෙසේ වෙතත් මේ සියලූ බාධක මැඩගෙන ඉදිරියට ඒමේ පුද්ගල හැකියාවක් මහින්ද ට වූයේය. මේ ලෙසින්ම එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ වඩාත් බලවත් ම මෙන්ම සිංහල බෞද්ධයන්ගේ පිළිගත් නායකයා වූයේ ඞී.බී ජයතිලකයි. ඔහුගේ කීර්තියෙන් සහ බලයෙන් ඞී.ඇස් ගේ ප‍්‍රතිරූපය වැසී ගොස් තිබුණු නමුත් මහින්ද රාජපක්ෂ 2001 වනතුරු කල්මැරුවාක් මෙන්ම ඞී. ඇස් ද තම අවස්ථාව එනතුරු කල්මැරුවේය. දෙදෙනාටම කාගෙන සිටීමේ හැකියාව තිබිණි.
එමෙන්ම අගමැති ධුරයට පත්වූ පසුව ඞී. ඇස් විසින් දියත් කරන ලද ගොවි ජනපද පිහිටුවීමේ මහා ව්‍යාපෘතිය රටේ ඞී.බී ජයතිලක වෙත තිබූ පොදුජන පිළිගැනීම සහ කීර්තිය ඔහු වෙත ළගා කර දුන් එකක් විය. මහින්ද රාජපක්ෂ ටද යුධ ජයග‍්‍රහණයෙන් පසුව එම පිළිගැනීම සහ කීර්තිය ඒ ආකාරයෙන්ම ලැබුණු නමුත් එය නිසි පරිදි කළමණාකරණය කරගැනීමේ හැකියාව මහින්ද ට නොතිබිණි. එසේ නොවූවා නම් අදද ගොවි ජනපදවල ඞී.ඇස් සේනනායකට බත් දුන් දෙවියන් වශයෙන් ලැබෙන පිළිගැනීම, අර චිරාගත දියසේන කුමාරයාගේ පුරාණෝක්තිය මහින්ද ට ආරූඪ කොට ඔහුටත් ඔහුගේ පවුලටත් සදාතනික කීර්තියක් ලැබ ගන්නට තිබිණි. එසේ වූවා නම් ටැමිල් නෙට්ලාත්, උපුල් ජෝෂප්ලාට ත් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ඞී. ඇස් ගේ අවතාරයක් යැයි කියන්නට ඉඩක් ලැබෙන්නේ නැත.
2016/09/28
හර්තාලය අපට නොවේ නුඔලාටමයි සහෝදරවරුනි...,
ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් වූ විග්නේෂ්වරන් මහ ඇමතිවරයා ජාතිවාදියෙක් වීම සමාජ පරිවර්තන ක‍්‍රියාවලියක් බැව් අගවන්නට හිටපු ‘‘ ප‍්‍රජාචන්ච‍්‍රවාදීන් මහත් උත්සාහයක් දරමින් සිටියි. නමුත් සත්‍යයට වඩාත් කිට්ටු දේ නම්, උතුරේ පසුගිය දිනෙක දක්නට ලැබුණු හර්තාලය හුදු පුද්ගල ඇජෙන්ඩාවන් ඉටු කරගැනීමේ බිලි බෝයිස් පන්නයේ කටයුත්තක් බවයි. නඩුකාර හාමුදුරුවන් කෙනෙක් වී සිටි සී. වී විග්නේෂ්වරන් මහතා හට තම සමාජ තත්වයන් ඒ විලාසයෙන්ම පවත්වාගනිමින් රටේ ජාතික නායකයකු වීමේ උවමනාව සපුරා ගැනීම සඳහා දෙමළ ජාතිවාදය කරපින්නා ගනිමින් සිටියි.
දෙමළ දේශපාලනික නායකයින් ට රටේ මහා දේශපාලන සම්ප‍්‍රදාය තුළ සිටිමින් ජාතික නායකත්වයට ළංවීමටවත් නොහැකි බැව් නීලන් තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර්, ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ආදීන් ධාරාව තුළ ඔප්පු කොට ප‍්‍රත්‍යක්ෂ කොට තිබේ. ජාතික නායකත්වටය සමාන පටිතයන් තුළ කටයුතු කළ හැක්කේ මහ ජාතියට එරෙහි දෙමළ අන්තවාදය පෝෂණය කිරීමෙන් පමණක් බැව් ඓතිහාසිකව පෙන්නුම් කර තිබෙන සත්‍යයකි.
නඩුකාර හාමුදුරු තත්වයෙන් පහළට වැටෙන්න ට අකැමැති වැඩවසම් මානසික තත්වය මොනවට ඔප්පු කරමින් අතළොස්සක් වූ දෙමළ අන්තවාදීන් හරහා බහුතර දෙමළ සමාජය කූට ආකාරයෙන් ගලග‍්‍රහණයට ගැනීමට විග්නේෂ්වරන් කටයුතු කරමින් සිටියි. ඒ බැව් පසුගිය සමයේ දෙමළ මහා සමාජයේ සාතිශය ජනප‍්‍රියත්වයක් අත්කරගනිමින් සිටි දෙමළ ජාතික සන්ධානය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කඳවුරේ බහුතර පාර්ශවයන් ද තේරුම් ගනිමින් සිටිනු බැව් පෙනෙයි.
ඒ නිසා උතුරේ මෙවැනි හර්තාල් ගැන කලබල විය යුත්තේ සිංහල මහා සමාජය නොවේ. ගම්මන්පිල , වීරවංශ සහ අවශේෂ දේශපාලන අනාථයින් මේ පිළිබඳව කරන බොරු ඝෝෂාවන් ගැන සාකච්ජා කළ යුතුම නොවේ. මක් නිසාද යත් අඩු තරමින් ඔවුන් සැබෑ අන්තවාදීන් ද නොවන නිසාය. ඇත්තටම විග්නේස්වරන් ගේ දේශපාලනික හර්තාල ප‍්‍රදර්ශනය කරදර ඇති කොට ඇත්තේ බහුතර දෙමළ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ටය.
ඒ නිසා සම්බන්ධන්ලාට සහ සුමන්තිරන් ලාට විග්නේෂ්වරන් සමඟ මේ ප‍්‍රශ්නය විසදා ගන්නට ඉඩදී අපි බලා සිටිය යුතු වෙමු.
2014/12/15
ආදරණීය දිවුල්,
ඔබේ ඇසට අසුවන මායිමේ සිට පහුගිය දිනෙක ජයතිලක බණ්ඩාරයන් හට බිම දමාගෙන පහර දුන්නේය.එප්පාවල ඔබේ ඇසට අසුවන මායිමේ නොවැ?
නමට ආණ්ඩුකාරවරුන් වන ඔබ වැන්නන් නූල් රූකඩ බව ඇත්ත නමුත් ,හුම් කියාවත් කියාගන්නට බැරි තරමට ඔබ ගොළු වුණේ කොහොමැයි කියා පුදුමැයි.අඳොමැයි !
සමහර විටෙක කපුගේ සිටියා නම් :ඔහු සන්ෆලවර් සමග සාජ්ජ පටියක් රෙකෝඩ් කළ බැව් සත්ත මුත් අපත් සමග එක්වී ඔහුත් මෙසේ කියාවි......
මේ තාප්පය පෙරළා දමන්නට .....,
මේ කඩතුරාව ඉරා දමන්නට.....,
මේ තිමිරය විනිවිද දකින්නට.....
වරෙන් මලේ පියවර නගලා.
2014/11/23
තෝ මා තරවා මම් මුලු ලෝ තරවමි -බුත්සරණ
මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වශයෙන් කරළියට පැමිණීම, දේශපාලනික සංචලනයන් පිළිබඳව වැඩිමනත් අවබෝධයක් නොතිබූ පක්ෂ,විපක්ෂ සියල්ලන් කම්පනයට පත් කළේය. මෛති තදබල දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි පූර්ව සැක සංකා ඇති කරගෙන සිටි රාජපක්ෂ රෙජීමය පවා මෛත්‍රීගේ නික්ම යාමෙන් දරුණු දෙදරීමකට ලක්ව සිටිනු බැව් පෙනෙයි.
ඒ නිසාම මෛත්‍රී යනු ශී ලංකා නිදහස් පක්ෂය නොවන බව කියාපෑම සඳහා මෙන්න නියම ශී ලංකා බඬු යැයි ලේබල් කර පෙන්විය හැකි වර්ගයේ ඇමතිවරුන් කිහිපදෙනෙක් යොදා ගෙන අසාර්ථක පුවතපත් සාකච්ජාවක් ද පවත්වනු ලැබීය. සුසිල්ගේ ,අනුරගේ, ඩලස්ගේ සහ නිමල් සිරිපාලගේ මුහුණු වල හැගීම් විරහිත ස්වභාවය මොනවට කැපී පෙනුණේය.
ජනාධිපතිවරයා මෛත්‍රී ගේ දේශපාලනික තීන්දුව ගණන් නොගන්නා තරමේ එකක් නම් ඔහු කළ යුතුව තිබුණේ තම දේශපාලනික පරිණතභාවය ප්‍රදර්ශනය කරමින් නිහඩව ඉදිරි දේශපාලනික කටයුතුවල යෙදීමයි . නමුත් ඒ වෙනුවට සිදුවූයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රවේණිගත පිටිසර චණ්ඬි ස්වභාවය සහ පන්න පන්නා පළිගැනීමේ වියරුව ප්‍රදර්ශනය කරමින් පැය කිහිපයක් ගතව යන්නට මත්තෙන් මෛත්‍රීගේ සහ ඔහුගේ කණ්ඩායමේ ඇමතිධූරයන් සහ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර දැමීමයි . ඇමතිධූර කෙසේ වෙතත් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම ........? මේ මොකක් වුව කළ යුතුව තිබුණේ හෙමින් සීරුවේය.නොඑසේ නම් බොක්සිං වළල්ලක පහරට පහර න්‍යායෙන් නොවේ.නමුත් කටයුතු සිදුවූයේ එලෙසිනි.
දැන් රාජපක්ෂවරුන් භීතියට හා සංශයට පත්ව සිටින්නේඉදිරි ජනාධිපතිවරණයේ දී අව්‍යාජ නිදහස් පාක්ෂීකයන්ගේ තීරණය කුමක් වනු ඇතිද යන සිතුවිල්ල නිසාවෙනි. මක්නිසාද යත් ,මෛත්‍රීපාල සිරිසේනත් ශී ලංකා නිදහස් පක්ෂයත් යනු එකිනෙකින් වෙන් කළ නොහැකි අවියෝජනීය ප්‍රපංචයක් දෙකක් වීම නිසාය. විශේෂයෙන්ම මෛත්‍රී සෑම අවස්ථාවකම පක්ෂය කෙරෙහි තම තදන්තර බැදීම ප්‍රකට කළ අයෙක් වූ අතර ඔහුගේ දේශපාලනික ප්‍රතිපත්තීන්ද පක්ෂයේ ප්‍රතිපත්තීන් සමග ගැටගැසී තිබුණේය. නමුත් මහින්ද රාජපක්ෂ ට තම පක්ෂය සමග එවැනි ගනුදෙනුවක් කිසිදාක තිබුණාද යන්න ගැටළුවකි.තිබුණා නම් ශී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් සමග අහසට පොළව තරම් පරස්පර සම්බන්ධතාවයන් තිබූ යූ.ඇන්.පී කාරයන් ගොන්නක් කැබිනෙට්ටුවට රිංගවාගන්නේ නැත. හොඳම උදාහරණය නම් ශී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය දීප්තියෙන් බබළවන්නට සිටි පහන් තාරකාවක් වූ නාලන්ද එල්ලාවල ඝාතනය කරන ලද සුසන්ත පුංචිනිලමේ හට නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් ලබාදෙමින් නොනැවතී තිකුණාමලයේ නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයක්ද ලබාදීමයි . එම්.ඬීකේ.එස් ගුණවර්ධන වැනි උපන් ගෙයි ශීලංකා කාරයින් සත පහකට මායිම් නොකරමින් පුංචිනිලමේ ලා වැද්ද ගැනීම ගැන සැබෑ ශී ලංකා කාරයින්ගේ කළකිරීම ගුණවර්ධනලා මෛත්‍රී සමග එක්ව එළියට බැසීමෙන් ප්‍රකට කළේය.
ඒ නිසාම මෛත්‍රී ගේ නික්ම යෑම හුදු හුදකලා නික්ම යෑමක් නොව ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්දගේ සහයට පැරණි ලංකා නිදහස් පක්ෂ මතවාදයන් නියෝජනය කරන, වසර ගණනාවක් තිස්සේ යූ.ඇන්.පී මැර දේශපාලනයෙන් හෙම්බත්ව සිටි නමුත් තමනුත් එවැනි මැර දේශපාලනයක යෙදිය යුතු යැයි නොසිතූ අව්‍යාජ නිදහස් පාක්ෂිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැමැත්තද සංකේතාත්මකව හැර යාමකි.

2013/06/07
රාජාලියන්ගේ දොම්නස් සාප්පුව ලිහා බැලීම.
මා ඊගල්ස් සංගීතයට පෙම් බඳින්නට පටන්ගන්නේ ඔවුන්ගේ 'හොටෙල් කැලිෆෝර්නියා' ගීතය ඇසීමෙන් පසුවය. ඒ මීට දශකයකට එපිටින් වන්නට ඇත. අද කතාව හොටෙල් කැලිෆෝර්නියා ගැන නොව ඊගල්ස්ලාගේම තවත් ගීතයක් වන 'සෑඩ් කැෆේ ' ගැනය.
'සෑඩ් කැෆේ' ගීතය මා අවුරුදු ගණනාවක් අසා ඇතිමුත් මෑත නොබෝ දවසක අහම්බෙන් මෙන් එය නැවත අසන්නට ලැබුණු මොහොතක වෙන කවරදාටවත් වඩා එය මගේ හදවත පහුරු ගෑවේය. එය වචනවලට නගා තෙරුම් කළ හැකි සංසිද්ධියක් නොවේ. වෙනදාට වඩා හදවත රිදුම් කවන වේදනාකාරී ආහ්ලදයක් සෑඩ් කැෆේ අසද්දී මට දැණිනි. අපේ අප්පච්චී එවැනි හැගීම් හැදින්වූයේ -මිහිරි වේදනා- ලෙසිනි. මොකද්දෝ පැහැදිලි කළ නොහැකි හේතුවකට ඊගල්ස්ලාගේ දොම්නස් සාප්පුවේ ගීය ඇසෙද්දී මට එක්වනම සිහියට ආවේ ගුණදාස අමරසේකරයන්ගේ භාව ගීතයෙහි එන 'අදුර සහ බිය' කවි පෙළයි.
රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර
ගලා එන විලාසය මසිත බියලන සුලුය
ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ
දවල් කොහොමද කියා සිතීමට මට බැරිය
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව
දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර
එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන
මේ අඳුර , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව
--වැඩි දෙනෙක් කියවන්නට නොයන මගේ කොළඹ කවි බ්ලොගයේ මෙම කවි පෙළ මීට කලින් පළ විය. --
හැත්තෑව දශකය යනු පශ්චාත් නූතන ලෝකයේ ස්වරණමය යුගයයි. මිනිසාගේ අධ්‍යාත්මික සංජානනයන් පොහොසත් කළ යුගයයි. ඊගල්ස් සංගීත කණ්ඩායමද එම අත්දැකීම් විදි අතර ඔවුන් අපට පෙන්වා දෙන මේ දුක් සාප්පුව ලෝකය කරණම් ගැස්සවූ හැත්තෑව දශකයම දෝ යි මට සිතේ. එය සංකේතාත්මකය. මිනිසුන් මේ දුක් සාප්පුව තුළ තම තමන්ට අනන්‍ය වූ සිහින, බලාපොරොත්තු, සහ සිතැගි හුවමාරු කරගනියි. අද නිර්වින්දනය කොට දමාඇති මෙරට සමාජ සංස්ථාවන් තුළ එකිනෙකාගේ සිතැගි සහ හැගීම් පොදු අත්දැකීම් බවට පත්කරන්නට ඉඩක් සලසා දෙන්නේ නැත.එය මහින්දගේ ආණ්ඩුවේ වැඩක් බවට අර්ත ලඝු කර පෙන්වන්නට බොහෝදෙනා සැරසී සිටියි. නමුත් සත්‍යය නම් ඔරොත්තු නොදෙන ධනවාදී අර්ථ ක්‍රමය හමුවේ සංස්කෘතික බැදීම් වලින් ගැටගැසී සිටි මිනිස් සන්තානයන් ලිහා දැමූ කරුකමයක දීර්ඝකාලීන ප්‍රතිඵලයන් අද පුද්ගලයන් සහ සමාජයක් වශයෙන් අප භුක්ති විදින වගයි.
සෑඩ් කැෆේ සර්ව ශුභවාදියාගේ ස්වරයයි. අනාගත සිහින සහ බලාපොරොත්තු පොදි බදින්නාගේ ගීතයයි.
oh expecting to fly
we would meet on that shore in the
sweet by and by
මිනිසුන් සිහින දකින්නටත් පොදි බදින්නටත් කැමතිය. නමුත් යතාර්තය තුළ නම් සිහින වලට ඉඩක් නොමැත. අප තවමත් හැත්තෑව දශකයේ බොහෝ දේ ගැන පෙම් බඳිමින් ඒ තුළ ගිලී සිටියි. . හැත්තෑව කාලයේ වාගේ සිංදු, චිත්‍රපට ,ගායක ගායිකාවන්, නළු නිළියන්, අමරසෙකරලා කරුණාසේන ජයලත්ලා ලියූ නවකතා ....... තව එවැනි බොහෝ දේ තිබේ. මේ අතීතකාමය සමාජයක් වශයෙන් අපේ ඉදිරිගමන වළකා තිබේ.
සෑඩ් කැෆේ ගීතය ඔස්සේ මට අනුව නම් දිගහැරෙන්නේ නූතන ලාංකිකයාගේ හරස්කඩයි. සමාජය වෙනස් කරන්නට යත්න නොදරමින් සිහින දකිමින් සිටින්නට කැමැත්තාගේ කතාවස්තුවයි.

2013/03/26
නිම්හිම් නැති පරිසරයෙන් ගම්බිම් අතැර යන "තෙත්බිම්"
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා වශයෙන් සැලකිය හැකි ගංගා 103ක් කිලෝමීටර් 4,560ක් තරම් වන දුරක් ඇදෙමින් වර්ග කිලෝමීටර් 59,245ක් තරම් වන අති විශාල භූමි ප්‍රමාණයක් තම දිය කඳින් පෝෂණය කරනු ලබයි. එය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 90%කටත් වඩා වැඩි ප්‍රතිශතයකි. එලෙස ගත්විට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සාතිශය බහුතර ප්‍රමාණයක් 'තෙත් බිම්' වශයෙන් ගැනිය හැකිය.
නමුත් අවාසනාවක මහත නම් මෙම දත්ත ගැළැපීම් ප්‍රායෝගික තත්ත්වයේ හෙවත් සැබෑ මහපොළොවේ දක්නට නොලැබීමයි. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ 'තෙත්බිම්' ක්‍ෂේත්‍ර අගයයන් අතිමහත් ශීඝ්‍ර වේගයෙන් පහළ ගොස් ඇති ආකාරය නිරීක්‍ෂණය කළ හැකිය. 1900 වර්ෂයෙන් පසුව ලෝකයේ පැතිර තිබූ තෙත් කලාපයන්ගෙන් හරි අඩක් අතුරුදන්ව ගොස් තිබිණි. පමා වී පැමිණ හෝ ශ්‍රී ලංකාවටද එම ඉරණම අත්වෙමින් තිබේ.
ප්‍රධාන වශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ දැක්මක් රහිතව සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව පුරාම පැතිර ඇති 'තෙත්බිම්' විනාශ වී යෑමට මේ මොහොතේ පෙරමුණ ගෙන ඇති ප්‍රධානතම සාධකයකි. අප මෙහිදී සඳහන් කරන්නේ සංවර්ධනය නොව නිශ්චිත පාරිසරික කළමනාකරණය රහිත සංවර්ධනය බැව් නැවත වරක් අවධාරණය කළ යුතුව තිබේ.
සංවර්ධනය සමඟ වගුරු බිම් ගොඩකිරීම එකිනෙක හා අතිනත ගන්නා වූ ක්‍රියාවලියකි. තෙත්බිම් අහිමි වී යෑමටත් ඒත් සමඟම එතෙක් කාලයක් ඒ තෙත්බිම්වලට ආවේණික වූ ජීවී පද්ධතීන් තම අවසන් ගමන් යෑමටත් වගුරුබිම් ගොඩ කිරීම ඍජුවම බලපාන ලද කාරණාවන්ය. විශේෂයෙන්ම බෙල්ලන්විල, අත්තිඩිය සහ මුතුරාජවෙල වගුරු බිම්වලට අත්වූ ඛේදනීය ඉරණම ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන්ය.
පුත්තලම් මුහුදු තීරයේ වූ කඩොලාන පද්ධතීන් පෙරදා තරම් සශ්‍රීකව දැන් දක්නට නොහැකිය. හේතුව වන්නේ වේගයෙන් සිදුකෙරෙන හරිත කලාපයන් හෙළි පෙහෙළි කිරීමයි. පුත්තලම කළපුව ආශ්‍රිත 'තෙත් බිම්' තවදුරටත් තෙත් බිමක් වශයෙන් අනාගතයේ නොපවතිනු ඇති බවට සලකුණු වශයෙන් රතු එළි දැල් වී තිබේ. එම තෙත් බිමට ආවේණික වූ ජීවී විශේෂයන් සහ ඔවුන්ගේ වාසස්ථානද එපරිද්දෙන්ම ස්වාභාවික පරිසරයට අහිමි වී යනු ඇති බවට සැකයක් නොමැත.
ශ්‍රී ලංකාව පුරාම එකකට එකක් නොදෙවැනි ලෙස සිදුවන ජල මූලාශ්‍රයන් දූෂණය සමඟින් 'තෙත්බිම්' වැනසී යෑමේ උවදුර තවදුරටත් තීව්‍ර වී තිබේ. කාබනික විමෝචනයන්, වෙනත් රසායනික අපධාහයන් සහ කැළිකසළ බැහැර කිරීම් නිසා ගංගා, වැව් හා ගොහොරු බිම්වලට අත් වී ඇති ඉරණම මුතුරාජවෙල, කැලණි ගඟ සහ පරාක්‍රම සමුද්‍රය වැනි ජල පද්ධතීන් හා ඒ ආශ්‍රිත තෙත් බිම් විමසා බැලීමෙන් ඔබටම දැකගත හැකිවනු ඇත.
එමෙන්ම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වැලි ගොඩදැමීම් සහ මැණික් ගැරීම්ද තෙත් බිම් අහිමි වී යෑමට බලපානු ලබන තවත් සාධකයකි. විශේෂයෙන්ම කෘත්‍රිමව සිදුකෙරෙන මෙම වැටි බැඳීම් හෝ හරස් කිරීම් ස්වාභාවික ක්‍රමානුකූල නිම්න පිහිටීම පරිසර පද්ධතියට අහිමි කරනු ලබයි. විශේෂයෙන්ම මහවැලි ජල ගැලුම් නිම්නයන් ආශ්‍රිත 'විල්ලු' නමින් හඳුන්වනු ලැබූ තෙත් බිම් අහිමි වී යෑමට හේතුව මෙම කෘත්‍රිමව සිදුකෙරෙන ගංගා හෑරීම් සහ හරස් කිරීම්ය. පොළොන්නරුව මනම්පිටිය ආශ්‍රිත වැලි ගොඩදැමීම් නිසා එහි මහවැලි 'විල්ලු' භූමියට අත්වීගෙන යන ඉරණම මේ මොහොතේදී ද නිශ්චිත අවසානයකි.
ශ්‍රී ලංකාවේ තෙත්බිම් හා ඒ ආශ්‍රිත ජීවී පද්ධතීන් අහිමි වී යෑමට බලපාන සාධක ගණනාවක් ඇතිමුත් මෙම ලිපියෙන් අප පෙන්වා දුන්නේ ඉන් ප්‍රධාන කිහිපයක් පමණකි. ඊට අමතරව මල ද්‍රව්‍ය අපවහනය, සැලැසුම් රහිත ජල සම්පාදන පද්ධතීන් සහ අනවසර පතල් කැණීම් වැනි ක්‍රියාකාරකම් ද තෙත්බිම් දූෂණයට ඍජුව බලපාන තවත් සාධක වෙයි.
මෙම සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් මෙරට පරිසර පද්ධතියට තෙත්බිම් වැදගත් වන්නේ ඇයි දැයි පැහැදිලි කිරීම අත්‍යවශ්‍යම කාරණාවක් බැව් පෙනේ.
තෙත් බිමක් යනු කුමක්ද?
ජාත්‍යන්තර රැම්සාර් නිර්වචනය (1971 දී ඉරානයේ රැම්සාර්හිදී අස්සන් කරන ලද ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් සුරැකීමේ ප්‍රඥප්තිය) අනුව 'ජලය ගලායන හෝ ජලය ගලා නොයන මිරිදිය, ලවණ හා මීටර් හයකට වඩා නොගැඹුරු වූ සාගර ජලය සහිත ස්වාභාවික හෝ තාවකාලික වගුරු හෝ ගොහොරු හෝ හැල්බිම් තෙත් බිම් වශයෙන් හඳුන්වා දීමට හැකිය.'

මෙරට තෙත්බිම් පද්ධතීන්හි වටිනාකම තීව්‍ර කරනු ලබන්නේ එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වෙනුවෙන් දක්වනු ලබන දායකත්වය නිසාවෙනි. උදාහරණයක් වශයෙන් දක්වතොත් මෙරට පෘෂ්ඨවංශී ජීව විශේෂයන්ගෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් තෙත්බිම් ආශ්‍රිත ජීවී විශේෂ වෙයි. එමෙන්ම වාර්ෂිකව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්‍ෂීන්ගෙන් 50%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් මෙහි ගතකරන කාලය තුළ තම තාවකාලික වාසස්ථාන බවට පත්කර ගන්නේ තෙත්බිම්ය. එපමණක් නොව මෙරට වඳ වී යෑමේ තර්ජනයට මුහුණපා සිටින ජීවී විශේෂයන්ගෙන් 32%ක් පමණ තෙත්බිම් ආශ්‍රිත සත්ත්ව විශේෂ වෙයි.
කෙසේ වෙතත් වර්තමානය වනවිට ශ්‍රී ලංකාව පුරාම පැතිර තිබූ 'තෙත්බිම්' අති ශීඝ්‍ර වේගයෙන් පරිසර පද්ධතියෙන් අතුරුදන්ව යන බැව් සැබෑ යථාර්ථයයි. වැඩි වැඩියෙන් මෙම සුවිශේෂී පරිසර කලාපයන් ගැන කතා බහ කළයුතු, සංවාද කළ යුතු කාලය එළැඹෙමින් තිබේ. අවම තරමින් තෙත්බිම් යනුවෙන් පරිසර පද්ධතියක් අපෙන් ඔබ්බෙහි පවතිනවාය යන ක්‍ෂුද්‍ර පණිවුඩය හෝ සමාජගත කරන්නට ඔබත් දායක විය යුතුමය.
2013/03/10
අවසන් පරපුරද මඩ සොදාගන්නට පෙර..... ,
ශාන්ති දිසානායකගේ 'පරඬැල් ' කියවා අවසන් කොට මා හුන්නේ නොසන්සුන් සිතිනි. ඈත රජරට සිට ගොවිජනපද කේන්ද්‍රකොටගත් වස්තුබිජයන්ගෙන් සාහිත්‍ය වියමන් කරන ශාන්තිගේ නවකතා කියවන්නට මා මගබලා සිටින්නේ මමද ගොවිජනපදයක උපන් දරුවෙක් හෙයිනි.
එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමී දේශපාලන ව්‍යාපාරයක් වූ ගොවිජනපද පිහිටු වීමේ ක්‍රියාවලිය මෙරට භූගෝලීය, දේශපාලනික මෙන්ම ආර්ථික පද්ධතීන් වෙනස් කිරීමේ කඩයිම් ක්‍රියාවලියක් වූවේය. නමුත් එදා මෙදාතුර ඉතිහාසයේ කවර දිනයකවත් එය නිසියාකාර ඇගයීමකට ලක්වූයේ නැත. 48 නිදහස දිනාගැනීමෙන් පසුව පිහිටුවා ගත් ඩී ඇස් සේනානායකයන්ගේ රජය විසින් එකල වනාන්තරවලින් වැසී ගිය රජරට සහ නුවරකලාවිය යෝධ ඉඩහසර ගොවිජනපද පිහිටුවීමට තෝරාගත්තේය. වනාන්තරයන්ගෙන් වැසී තිබුණු මෙම පළාත් ගැන කැලෑ ජෝන් නමින් සේනානායක පවුලේ නම් දැරූ ඩී.ඇස්ට මනා අවබෝධයක් තිබූ බව 'මෙරට දේශපාලනයේ කුලය හා පවුල'' යන කෘතියේ වික්ටර් අයිවන් සඳහන් කර තිබුණා මට මතකය. මහවැලි ව්‍යාපාරයට අරාදිමින් තිබූ එම කාලයේ උඩරට , මහවැලියෙන් යටවීමට ඉඩකඩ තිබූ පවුල්වලට ඉඩම් සපයාදීමද ඩී.ඇස් රජයට තිබූ තවත් වගකීමක් විය. ඒ නිසාම මෙරට මුල්ම ගොවිජනපදවල පදිංචි කෙරවූ අයගෙන් බහුතර ප්‍රතිශතයක් උඩරැටියන් වූයේය. නමුත් ඩී එස් රජය කිසිම විටෙක උඩරට ප්‍රදේශවල පදිංචිව සිටි ඉන්දියානු වතු කම්කරුවන් මෙම ගොවිජනපද ව්‍යාපාරවල පදිංචි නොකෙරවීමට ප්‍රවේශම් වූයේය.
ඩී ඇස් රජය විසින් ඇරඹූ මුල්ම ජනපද ව්‍යාපාර භූගෝලීය වශයෙන් පමණක් වෙනස් වූ අතර සමාජයීය සහ සංස්කෘතික වශයෙන් සම්පූර්ණයෙන්ම එය උඩරට සමාජයේ පිළිබිඹුවක් වූයේය. නම්ගම්, කුලගොත්, සිරිත් විරිත් කතාබහ සියල්ලම එපරිද්දෙන්ම විය. විශේෂයෙන්ම අදට පවා මා උපන් ගොවිජනපදවල කුලගොත් ගැන සැලකීම ප්‍රධාන වශයෙන් බලපැවැත්වෙ . මා ලංකාවේ කුලක්‍රමය පිළිබඳව සමාජ විද්‍යාත්මක විශයයක් වශයෙන් හදාරන්නට පෙළඹෙන්නෙද ඒ බලපෑමෙනි. නමුත් මෙරට බොහෝ දෙනා ඒ ගැන සාකච්චා කරන්නට මැලිවනවා පමණක් නොව එහි නූතන අවභාවිතයන් අවබෝධකරගන්නටද නොවෙහෙසෙති. විශේෂයෙන්ම තමන් නූතන ලෝකයේ ඉදිරිගාමීන් යැයි කියාගන්නා බ්ලොග්කරුවන්ද මෙරට කුලක්‍රමය පිළිබදව සාකච්චා සහ එහි නියැළෙන්නන් හඳුන්වන්නේ ගෝත්‍රික මානසිකත්වයට එම ක්‍රියාකාරම් ලඝු කරමිනි.
මෙරට ගොවිජනපද ජීවිතය වෙනම කතාබහට ගතයුතු මාතෘකාවක් වන අතර මෙම පෝස්ටුව ලිවීමේ අරමුණ එම ක්‍රියාවලියේ දේශපාලනික,ආර්ථික සහ සමාජයීය වටිනාකම් නූතන ලංකාවේ භාවිතාවට වැදගත් වන ආකාරය ගැන කතිකාවතකට මුල පිරීමයි. වර්තමානය වනවිට එදා එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටවූ ජනපද ව්‍යාපාරයන් රටටම බත සපයන කේන්ද්‍රීය මර්මස්ථාන බවට පත්වී තිබේ. හිකුරක්ගොඩ, මින්නේරිය, ගල් ඔය, සහ අනුරාධපුරයට අයත් ගොවිජනපද මෙන්ම ගාමිණී දිසානායකගේ මූලිකත්වයෙන් කටයුතු සිදුවූ මහවැලි 'බී' සහ 'සී' කලාපයන් යන ජනපද එකක් හෝ අහිමි වුවහොත් සිදුවන ආර්ථික හා සමාජයීය විපර්‍යාසයයන් සිතාගැනීමටත් දුෂ්කර වනු ඇත. නමුත් මෙම ජනපද පිහිටවීමෙන් පසුව එදා මෙදා තුර කාලයේ මෙම ජනපද ව්‍යවසායික වැදගත්කමක් ඇතැයි සලකමින් දියුණු කරන්නට කිසිඳු ආණ්ඩුවක් පියවර නොගත්තේය. සමගි පෙරමුණු රජය විසින් මෙම ජනපද කේන්ද්‍ර කොටගෙන ගොඩනගන ලද වී අලෙවි මණ්ඩලය වැනි ආයතන සුදු අලින් බවට පත්විණි. වී අලෙවි මණ්ඩලයට අයත් පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේ පිහිටි යෝධ ගොඩනැගිලි සංකීර්ණය අද බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කර්මාන්තශාලාවක් බවට පත්වී තිබේ. ස්වාධීන නිවහල් ජීවිත ගතකරන්නට හිමිකම් තිබෙන රජරට ගොවි දරුවන් එම ඇගළුම් කම්හලේ කුලියට රෙදි වියයි. අදටත් ජයවර්ධන ආණ්ඩුවේ විවෘත වෙළඳපළ ක්‍රමයට අම්මා මෝ නැතිවෙන්නට කියන වීදී අර්ථ ශාස්ත්‍රඥයන්ට අවබෝධ නොවූ කාරණාව වන්නේ රටක ආර්ථික පද්ධතිය දියුණු කිරීමට අටුවන් බැස ගිය, රෝද පුටුවලින් යන මහා රාජ්‍ය නායකත්වයක් ගැන විශ්වාස තබන සීනී, අල ,පරිප්පු,පත්තර ඇමතිලා රොත්තකට නොහැකි බවයි.

2013/01/12
වරෙව්.., එක පෙළට යොන් මරමු.
'යොන් මැරිල්ල ' පැරණි ජන ක්‍රීඩාවකි. ගෘහස්ථ ක්‍රීඩාවක් වූ මෙහි පාර්ශවයන් දෙකකි. එකිනෙකට වෙනස් ගල්කැට හෝ ඇටවර්ග දෙවර්ගයක් ක්‍රීඩාවේ ඉත්තන් වශයෙන් ප්‍රයෝජනයට ගනියි. ඒවා ඉත්තන් වේ. එක් පාර්ශ්වයකට ඉත්තන් 11 බැගින් ක්‍රීඩාව සඳහා සම්පූර්ණ ඉත්තන් 22කි .සම්පූර්ණ ඉත්තන් ගණන එක් කණ්ඩායමක ඉත්තෙකුට පසුව තවත් එකක් ලෙස වෘතාකාරව ගෙබිම අතුරයි. දැන් ක්‍රීඩාව ඇරඹෙයි. මුලින්ම අවස්තාව හිමිකරගන්නා පාර්ශවයට තම වෘත්තයේ ඕනෑම තැනක සිට අරඹන ආකාරයට අරඹා වාමාවර්තව නමය දක්වා ගණන් කොට තම විරුද්ධ පාර්ශවයේ ඉත්තෙක් පෙතෙන් ඉවත් කළ හැකිය. මේ ආකාරයට සෑම නවවෙනි ඉත්තාම පෙතින් ඉවත් කළ යුතු අතර නවවැන්නා වශයෙන් තමන්ගේ ඉත්තෙක්ම පැමිණි මොහොතක එම ඉත්තා ද පෙතෙන් ඉවත් කරමින් තමන්ගේ ඇදීමේ වාරය අනෙක් පාර්ශවයට පවරා දිය යුතු ය. මෙය ක්‍රීඩාවේ සාරාංශික ක්‍රියාවලිය පමණක් වෙයි.
මෙම ජනක්‍රීඩාවේ සම්භවය පිළිබදව අපූර්ව කතා පුවතක් ජනප්‍රවාදයේ දැක්වෙයි. සිංහල නැව්පතියෙක් තම නැව සමඟ යාත්‍රා කරමින් සිටියදී දරුණු කුණාටුවකට හසුවෙයි. ඔහු තමන් දන්නා ප්‍රතිකර්ම යොදමින් නැව් බේරාගැනීමට උත්සාහ දැරුවේය. නැවේ බර අඩුකිරීම යහපත් ප්‍රතිපල ගෙන දේවියැයි බලාපොරොත්තු වෙමින් ගෙන යමින් තිබූ බඩු භාණ්ඩ මුහුදට හෙලූ මුත් එය ප්‍රමාණවත් නොවීය. අවසානයේ නැව්පතියා නොහොත් කැප්ටන් තීරණය කරනු ලැබූයේ නැවේ සිටි කාර්‍ය මණ්ඩලයෙන් අඩක් මුහුදට හෙළා හෝ නැව බේරා ගන්නටයි. එහෙත් කිසිවෙක් ස්වෙච්ජාවෙන් ඒ සඳහා ඉදිරිපත් නොවූ කළ අහඹු ලෙස ඒ පිරිස තෝරා ගන්නට නැව්පතියා තීරණය කළේය. නැවේ සිංහල හා මුස්ලිම් හෙවත් යෝනකයන් සම සමව සිටි අතර නැව්පතියා අපේ හිතවත් සමහර බ්ලොග් කරුවන් මෙන් ජාතිමාමක සිංහලයෙක් විය. එමෙන්ම උසස් ගණිත දැනුමක්ද තිබූ නැව්පතියා නාවිකයන් සියලු දෙනා කැදවා වෘත්තාකාරව පෙළ ගස්වා (මේ පෙළ ගැස්වීම කරනු ලැබ ඇත්තේ ඔහුට අවශ්‍යය පරිදිය. ) තත්වය පැහැදිලි කර දී තමන් විසින් ගණන් කිරීම ආරම්භ කර නව වැන්නා මුහුදට හෙළන බවද දැනුම් දුන්නේය. මෙය අහඹු තෝරා ගැනීමක් වග නාවිකයන්ට අනුමාන කිරීමට ඉඩකඩ ලබා දුන්නද නැව්පතියාට මුහුදට හෙළන මිනිසුන් කවුරුන්ද යන්න ගැන පූර්ව සැලසුමක් තිබුණේය. එය පැහැදිලි වූයේ නැවේ හුන් සියලුම යෝනක හෙවත් මුස්ලිම් නැවියන් අහඹු ලෙස මුහුදට හෙළා අවසන් කළ පසුවය.
මේ ජනප්‍රවාදයෙන් පැහැදිලි වන්නේ දුරාතීතයේ පටන්ම අපට මුස්ලිම් මිනිසුන් සමග ජාතිවාදී බෙදීමක් තිබුණු බවයි. එය ස්වභාවිකය. නමුත් වර්තමානයේ උත්සන්න වෙමින් පවතින මුස්ලිම් විරෝධය එම පූර්වයේ තිබූ සවභාවික තත්වයන් අතික්‍රමණය කරමින් දේශපාලනික හා ආර්තිකමය කාරණාවන්ට සමපාතවෙමින් පවතියි. ආර්ථික කාරණාවන් කෙසේ වෙතත් නැග එන මුස්ලිම් විරෝධය දේශපාලනික කාරණාවක් වශයෙන් සාකච්චාවට ලක්වන්නට ඉඩදීම අතිශයින් භයානක තත්වයක් බව අන්තර්ජාලය හරහා මුස්ලිම් හා ඉසලාම් විරෝධය ප්‍රකට කර්න්නන් තවමත් වටහාගෙන නැති සෙයකි. මක්නිසාද යත් මෙරට තිස් වසරක කාලකණ්නි කාලයකට පාර කපනු ලැබුවේද නියපොත්තෙන් කපන්නට තිබූ සිංහල දෙමළ වාර්ගික ගැටළු ජාතික තලයේ දේශපාලනික කාරණා වශයෙන් සංවාදයට ලක්වෙන්නට ඉඩදී මහජාතියේ ඦන්ද පොකුර බලාපොරොත්තුවෙන් බලලෝභී දේශපාලකයින් ගත් අවස්තාවාදී තීරණ නිසාවෙනි. හොදම උදාහරණය නම් 56 සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමයි.
මුස්ලිම් රහස් ත්‍රස්ත සංවිධාන පවතිනවා නම්, ලංකාව තුළ ජිහාඩ් ක්‍රියාකාරකම් සඳහා සූදානමක් තිබේ නම් අප දන්නා තොරතුරු ආරක්ෂක අංශ වලට දැනුම් දීම ඉතාම හොදම පියවරයයි. නැතුව බ්ලොග් පිටු හරහා හෝ මුහුණු පොත හරහා මුස්ලිම්වරුන්ට දෝශාරෝපණය කිරීම ගෙදර ගොහින් මුවහමට තඩි බානවා වැනි වැඩකි. එවැනි බ්ලොග් සටහන් සහ ඒවාට ලැබ ඇති ප්‍රතිචාර ගණනාවක් මා කියවා ඇති අතර ලැබුණු එකම ප්‍රතිපලය නම් බ්ලොග් කරුවාගේ හිට්ස් සහ කොමෙන්ට් ගණන වැඩිවීම පමනැකැයි හඟිමි.
එවැනි බොහෝ බ්ලොග් සටහන් වලින් දක්වා තිබූ මැසිවිල්ලක් බඳු පැමිණිල්ලක් වූයේ සිංහල ජනගණයට සාපේක්ෂව මුස්ලිම් ජනගහණය වඩාත් වේගයෙන් වර්ධනය වී ඇති බවය. නමුත් සොයා බැලිමේදී දැනගත හැකී වූයේ එම කාරණාවන්ද තේ කෝප්පයේ කිඹුලන් දකින්නට ගත් වෑයමක් බවයි.
ජනවර්ගය --සිංහල දෙමළ යෝනක
1901 65.4% 26.7% 6.4%
1971 72.0% 11.2% 6.7%
1981 74.0% 12.07% 7.0%
2012 74.09% 11.2% 9.02%
බැලූ බැල්මට මුස්ලිම් ජනගහනයේ වර්ධනයක් පෙන්නුම් කර තිබුණද එය ඔවුන් අත්පත් කරගෙන තිබෙන්නේ සිංහල අවකාශයේ ඉඩ ඇල්ලීමෙන් නොව ජනගහණ වේගය අඩුවූ දෙමළ ජනගහණයේ ඉඩකඩ අල්ලා ගැනීමෙන් බැව් නිරීක්ෂණය කළ හැකියි.
හලාල් සහතිකය පිළිබදව කතාවද මුස්ලිම් විරෝධයට උන්නතිය සපයන තවත් කාරණාවක් බවට පත්ව තිබෙයි . හලාල් පිළිබදව නම් ගැටළු කිහිපයක් මටත් තිබේ . ඒ බෙදුම්වාදී අදහසකින් නොව හලාල් වෙනුවෙන් අප මිළදී ගන්නා බඩු භාණ්ඩ වලට ගෙවන්නට වන අමතර මිළ පිළිබදවයි. අනෙක් පසින් එය මුස්ලිම්වරුන්ගේ ආගමික ඉගැන්වීමක් සම්බන්ධ කාරණාවක් ද වෙයි. එය මහා සමාජයට කරන බලපෑම අනුව මිස ආගමික විරෝධී හෝ ජාතිවාදී හැගීමෙන් හලාල් වලට විරුද්ධ වීම බුද්ධිමත් කාරණාවක් නොවෙයි. උත්ප්‍රාසාත්මකම කාරණාව වන්නේ ලොකයේ ප්‍රධානතම හලාල් පර්යේෂණාගාරය පිහිටුවා තිබෙන්නේ බෞද්ධයන් 95% ක් වාසය කරන තායිලන්තයේ,එහි අග්‍රාමාතයවරයාගේ යටතේම පිහිටවූ දෙපාර්තමේන්තුවක වීමයි.
බ්ලොග් ලියන්නේ කිසියම් දැනුවත් භාවයකින් යුක්ත පුද්ගලයන් බැව් මාගේ පෞද්ගලික විශ්වාසයයි. එවැනි දැනුවත් සමාජ කොටස් විසින් කළ යුතු නිවරදි කාර්‍යය වන්නේ සමාජයේ පවතින පසුගාමී අගතීන් පරාජය කිරීමට කටයුතු කිරීමත්, එම අගතීන් නිසා වෙනත් සමාජ කණ්ඩායමක් තුල හෝ ප්‍රජා කොටසක් තුළ එවැනිම ආකාරයේ අගතිගාමී අදහස් වර්ධනය වීමට පිටුබලය සැපයෙන කටයුතු වලට බාධා කිරීමයි.එලෙස වැරදි අගතිගාමී අදහස් මගින් ජනමනස අවුල් කොට බෞද්ධයන් හා ඉස්ලාම් බැතිමතුන් අතර මෙන්ම සිංහලයන් සහ මුස්ලිමුන් අතර හෝ ආතතීන් සැකයන් වෛරයන් ඇවිළීමට හැකි ඉඩකඩ පරාජය කළ යුතුවෙයි.
බහුතරය අපි යැයි කියමින් තනිචූන් සොමියක ගිලී සිටීම ඔබටවත් රටටවත් වැඩදායී කාරණාවක් නොවේ.සිඳු විය යුත්තේ මෙන්ම අප උත්සාහ දැරිය යුත්තේ මානවීය ගුණ්යෙන් යුක්ත බුද්ධිමත්, නිර්මාණශීලී මිනිසුන් සමූහයක් බහුතරය බවට බහුතර ප්‍රජාව බවට පත්කරගැනීම වෙනුවෙනි.එසේ නොමැතිව හම්බයන් සමූල ඝාතනය කොට මෙය සිහලයන්ගේ රට බවට පත් කිරීමට නොවේ. එවැනි උත්සාහයන් අප අතීතයේදීත් ගෙන තිබූ අතර එඉතිහාසිකව ඒවා පරාජයටද පත්විය. උදාහරණය තිස් අවුරුදු යුද්ධයයි. එය රටක් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයක්ද? එම නිසා ඉතිහාසයේ අප විසින් කරනු ලැබූ වැරදි නැවතත් කිරීමට ජනසමාජය පොළඹවන උත්සාහයන් ලත් තැනම ලොප් කිරීමට ඔබ මම මෙන්ම අප සියල්ලන්ම උත්සාහයන් දැරිය යුතුය.
2012/12/26
-බත්ගම ඇනෝවෙකුගේ සටහන්-.
පද්දන් සැබැවින්ම කුලහීනයන්ද ?
මෙම ලිපිය තරමක සුවිශේෂී එකක්. ඒ කාරණා කිහිපයක් නිසා. පළමුවැන්න මෙය තනිකරම මගේ ලියැවුමක් පමණක් නොවෙයි. දෙවැන්න මේ පෝස්ටුව ගොඩනැගෙන්නේ මගේ එක් පෝස්ටුවක ගොඩනැගුණු සංවාදයක් ඔස්සේ. ඒ වගේම මෙහි අතුරු රචකයා මමද නොදන්නා ඇනෝ වරයෙක්.
ලංකාවේ කුල සම්ප්‍රදායන් පිළිබඳව ලිපිපෙළක් ලියන්නට මගේ අතිමහත් බලාපොරොත්තුවක් තිබුණා. පළමුවැන්න ලිව්වා 'ඔබ ගොවිගමද, පද්දෙක්ද ,කරාවෙක්ද' යන නමින් .එම පෝස්ටුව මේ තාක් කාලයක් මා ලියූ ලිපිවලින් නිතරම බොහෝ දෙනා පරිශීලනය කල ලිපියක් වූවා. හදිසියේම මේ මෑතකද ඉහත පෝස්ටුව වෙනුවෙන් ඇනෝ සහෝදරයකු එක්කළ කොමෙන්ටුවක් නිසා මේ සංවාදය මතුවූවා. ඔහු මතුකරන ලද කාරණාවන්ගේ ඇති සාතිශය වැදගත්කම නිසාම මේ කාරණාව මුල් කොටගෙන සංවාදයක් ඇති කළ යුතු යැයි මම කල්පනා කරා. එවන් සංවාදයකට ඉඩකඩ තිබේදැයි සැක සහිත වුවත් මෙය කළ යුතුම කාර්‍යයක් යැයි මට සිතෙනවා.
ඇනෝ සොහොයුරාගේ තර්කය වූයේ ලංකාවේ කුල වර්ගීකරණ්යේදී පහත් කුලයක් වශයෙන් සැලකෙන බත්ගම හෙවත් පදු කුලයේ ප්‍රභවය සොයා බැලුවහොත් ඔවුන් පහත් කුලයක් වශයෙන් සලකන්නට නොහැකි වන බවයි.
ඇනෝ සටහන
බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ)
මෙම කුලය සේවා කුලයක වර්ගකිරීම නිවැරදි වෙන්න පුළුවන් (ඒ මතු දැක්වෙන කාරණයත් සේවාවක් නිසා). නමුත් ඔවුන්ගේ රාජකාරිය සේවකයෝ/බර උසුලන්නෝ නොවෙයි.
ඔබගේ වර්ගීකරණය තුල සිංහල වෛද්‍යකර්මය (සිංහල වෙද්දු) කල අයවලුන්ට තැනක් හෝ කුලයක් නැහැ.
නමුත් ඇත්තම ඇත්තනම් බත්ගම (බත්ගම තේරුම- රජුගේ බත් වැඩීමයි/ එයත් වෙදකමේම කොටසකි, ගොවිගම තේරුම- රජුට ගොවිතැන් කිරීමයි), එහෙම නැත්නම් පද්දන්ගේ කුලයට අයිති රාජකාරිය තමයි වෙදකම. ඔබ පාරම්පරික(සුද්ද) සිංහල වෙදකම කරන (ආයුර්වේද උපාධි තියන අය නොවේ) පුද්ගලයන් පිළිබඳව සොයා බලන්න, අඩුමතරමින් ඔවුන්ගේ මුල බත්ගම (පදු). (බත්ගම පහල යන්න හේතුව සාරාංශයක් ලෙස- රජකු යුදයට ගොස් දිනූවිට රතු කොඩියද පැරදුනවිට කළු කොඩියද ඔසවන බව මාලිගයට කියා යුදයට ගොස් ඇත. ඔහු යුද්ධයෙන් දිනා රතු කොඩිය ඔසවන ලෙස විශ්වාසී වූ බත්ගම සේවකයකුට පවරා ඇත. යුද්ධයෙන් දිනු සතුටට හා බිවූ ජයපැන් මතට ඔහු ඔසවා ඇත්තේ කළු කොඩියයි. එදා සිට බත්ගම කුලය කුල ධූරාවලියේ පහලට ගොස් ඇත. නමුත් කොන්කර නැත්තේ වෛද්‍යකර්මය අත්‍යාවශ්‍ය සේවාවක් වූ බැවිනි/ මෙම රජු කවුරුන්ද යන්න නොදනිමි)
වැඩිදුර විස්තර සඳහා ,බහුජන හිතාය, නැමති පොත කියවන්න. කතෘගේ නම මට අමතකයි. නමුත් එය සමයවර්ධන ප්‍රකාශණයකි.
මෙම සටහන මව් පිය දෙපාර්ශවයෙන්ම උරුම වෙදකම අහිමි
(උගන්වන්නට පරම්පරා ගුරුවරයෙක් නැති) බත්ගමයෙක්
මගේ පිළිතුර
ඔබ සම්පූර්ණයෙන්ම බත්ගම කුලයේ හීනෝන්මාදයෙන් මෙම කරුණු එකතු කොට ඇති බැව් මට තේරුම් ගියේ කොමෙන්ටුවෙ අවසාන සටහන දැකීමෙන් පසුවයි. ඔබෙ කොමෙන්ටුවේ යම්කිසි තාර්කික ස්වභාවයක් තිබුණා නම් පසු හැදින්වීම මගින් එය අහෝසි කොට දමන ලදී.
ඇත්ත වශයෙන්ම නම් ලංකාවේ කුල වර්ගීකරණය පිළිබඳව කිසියම් ගැටළුකාරී තත්වයක් තිබෙන බැව් මම පිළිගන්නවා. ඒ වගේම මාගේ ලිපියේ දක්වා තිබෙන කුල වර්ගීකරණය, ධූරාවලීගත කිරිම ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වාගේ වර්ගීකරණයයි. එය කිසියම් පිළිගැනීමකට ලක්වූ වර්ගීකරණයක්.
බත්ගම හෙවත් පදු කුලය ගැන කියනවා නම් මා ඒ පිළිබදව දන්නා අනෙක් කාරණාව වන්නේ එය ලංකාවෙ ගොවිගම සහ වහුම්පුර කුලයට පමණක් දෙවනි වන කුලය බවයි.
සෝල්බරි කොමිසම හමුවේ සාක්ෂි දුන් බත්ගම සහ වහුම්පුර කුල සාමාජිකයින් තමන්ගේ කුල දෙකේ එකතුව ගත්විට එය මුළු සිංහල ජනගහනයෙන් තුනෙන් එකක් වන බව පවසා තිබෙනවාය යන්න ප්‍රකට කතාවක්.
ඒ වගේම බලන්න කාලිංග ටියුඩර් සිල්වා ' කුලය පංතිය සහ ලංකාවේ සමාජ ගැටුම්' කෘතිය.
බත්ගම -
-බත්ගම හෙවත් පදු කුලය සිහල කුල ධූරාවලියේ වඩාත්ම ආන්තික තත්වයක සිටියි. ඇතැම් ගණන් බැලීම් අනුව මේ කුලය ගොවිගම හැරුණු විට වඩාත්ම විශාල කුලය වන අතර සිංහල ජනගහනයෙන් 18% ක පමණ පිරිස මෙයට ඇතුළත් වෙති. ( jiggins1979 ) මෙය සේවා කුලයක් වූ නමුත් රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුළත වැඩවලට මොවුන් යොදා නොගත් බව පෙනේ. මේ කුලයට පැවරුණු රාජක්ලාරී අතර ප්‍රභූන් ගේ දෝලා ඔසවාගෙන යාම යුධ කටයුතුවලට සහභාගී වීම ඇතුළත් විය.
මේ කරුණු බැහැර කළ නොහැකි ලෙස පෙනෙන්නේ ඔබ සදහන් කර ඇති ජනකතාවේ ද බත්ගම කුලයේ සේවකයා යුද හේවායෙක් වශයෙන් කටයුතු කර ඇති හෙයිනි.
කෙසේ වෙතත් ඔබ මතු කල කාරණය ඉතාම වැදගත් ය. ලංකාවේ කුල වර්ගීකරණය තුළ සිංහල වෙදුන් ගැන සදහන් නොවීම යන්න ඉතාම වැදගත් සොයාබැලිය යුතු කාරණාවකි.
ඇනෝ පිළිතුර
පළමුවෙන්ම කිවයුත්තේ මා බත්ගම කුලයේ වීම හේතුකොටගෙන හීනෝන්මාදයෙන් නොපෙලෙන බවයි. ඊට හේතුව බෞද්ධ දර්ශණයයි.
(නචච්චා වසලෝ හෝති...../ වසල සූත්‍රය)
නමුත් ඔබ කී ලෙස මෙම හීනෝන්මාදය හේතුවෙන් බොහෝ පිරිසක් නම, ගම හා පදිංචිය වෙනස් කර බත්ගම කුලයෙන් සැඟවී සිටිනබව මම පිළිගනිමි.
ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වා මහතාගේ ' කුලය පංතිය සහ ලංකාවේ සමාජ ගැටුම්' කෘතිය මා කියවා නැතිබවත් කියවන්නට අදහස්කරනබවත් නිහතමානීව කියා සිටිමි.
රොබට් නොක්ස් ගේ ,එදා හෙල දිව, ට අනුව බත්ගම කුලයේ රාජකාරිය ගොවිතැන සහ යුධසේවය යි. නමුත් බත්ගම/ පදු නමින් කුලයක් ඇතිවීමට හේතුව තමන් නොදන්නා බව ඔහු එහි දක්වනවා.
ඔබ ඉරිදා රිවිර පුවත්පතේ පළවන බුද්ධික කුරුකුලසූරිය මහතාගේ තීරුලිපි කියවා ඇතිනම්, ඇතැම් ලිපිවල සමහර කුල පිළිබඳ තොරතුරු එහි අඩංගුයි. නමුත් බත්ගම කුලය පිළිබඳ ලිපියක් එහි පළ නොවුනද, ඔහු සඳහන් කරන කුල (උදා.- කරාව/ කෞරව) පිළිබඳව සැලකීමේදී එම කුලවල ඉතිහාසය ජයවර්ධනපුර/ නුවර යුගවලින් එහාට (පොලොන්නරු, අනුරපුර හා ඊටත් එපිටට) යන්නේ නැහැ.
නමුත් මා අදහස් කරන්නේ බත්ගම කුලයේ ඉතිහාසය පොලොන්නරු, අනුරපුර හා ඊටත් එපිටට වන යුග දක්වා විහිදෙන බවයි. (අවස්ථාවක් ඇත්නම් විමර්ෂණය කරන්න)
යක්ෂ, නාග, දේව, රාක්ෂ ලෙස පැවති (විජයාවතරණයට පෙර) සිව් හෙලයට අයත් ග්‍රෝත්‍රයක් බත්ගම කුලය ලෙස විකාශණය වූවා විය හැකියි. ආක්‍රමණිකයන් (විදෙස්/ විජය හා ඊට පසුව වන යුද ආක්‍රමණ සහ මහින්දාගමනය/ දුමින්දාගමනය වන ධර්ම ආක්‍රමණ) සමග පැමිණෙන පිරිස ප්‍රභූන් ලෙස සැලකුම් ලබද්දී තන්වැසියන්ට සිය ස්ථානය අහිමිවීම ඊට හේතුව ලෙස සැලකිය හැකියි. (ඉන්දීය ආයුර්වේදයට කලවම් නැති පාරම්පරික (සුද්ද) සිංහල වෛද්‍යවරු (සමහරවිට රාවණ ඉතිහාසය දක්වා විහිදෙන) අප ගම්වල වසර 2000 පමණ කාලය වනතුරු සිටියා. හැකියාව විකුණාගෙන කෑමට වූ නොහැකියාව නිසාම ඒ අය මිහිමත සැතපී ඇත. එම පරම්පරා වල කිසිවෙකුත් දැන් උරුම ශිල්පය නොදනී)
එසේත් නැතිනම් දුමින්දාගමනයත් සමග පැමිණි ශිල්ප ශ්‍රේණි 18 ට මොවුනුත් ඇතුලත් වෙන්න ඇති. වෛද්‍යවරු පමණක් නොවේ, ලී වඩු ශිල්පීන් (වහල ගැසීම හා වඩු වෑද්දුම් ලෙස වෙන් වෙන්ව) ලේඛන ශිල්පීන්, ගල් වඩු ශිල්පීන්, දෛවඥයින්, විහාර තේවා ශිල්පීන්, යුධ ශිල්පීන්; අංගම් ආදී ලෙස බත්ගම කුලයේ කාර්යයන් විහිදී යනවා. ඒ ඒ පාර්ශවයන්ට අදාලව වෙන් වෙන් ලෙස වාසගම් ද දැකිය හැකියි (වාසගම් මෙහි නොදක්වමි; අවස්ථාවක් ඇත්නම් විමර්ෂණය කරන්න).
"සේවා කුලයක් වූ නමුත් රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුළත වැඩවලට මොවුන් යොදා නොගත් බව පෙනේ" මෙය ඔබගේ හැදින්වීමකි, එසේම එය සත්‍යයක් ලෙසම මම ද දකිමි. ඊට හේතුව ඔවුන් කාගේවත් මෙහෙකරුවන් හෝ දාසයන් නොවූ නිසයි. බලය ඇත්තා බලය නැත්තා පාගා දමන වැඩවසම් සමාජය තුල ඔවුන් කොන් කර දමන්නට ඇත/ නමුත් එම සමාජයටම අත්‍යාවශ්‍ය සේවාවන් සපයන නිසා ආන්තික තත්වයකට පත්කලද කොන් නොකරන්නට ඇත.
නැවත ඔබව වර්තමානයට කැදවමි,
අනුරාධපුර පූජා නගරයට එන්නට ආරාධනා කරමි.
ඉසුරුමුණියට පිවිසීමට පෙරසිට කලාපයෙන් අරඹා ශ්‍රී මහා බෝධිය දක්වා වන කලාපය විමසිලිමත්ව බලන්න.
'අනවසර ඉදිකිරීම්' යන ලේබලයට යටත්ව (මහ මළුවේ අනුමැතියෙන්) ඉවත් කරන ලද සංඝාරාම, විශ්‍රාම ශාලා කොපමණ දැයි ඔබ දන්නවා ඇතැයි සිතමි.
'අනවසර ඉදිකිරීම්' යන ලේබලයට යටත්ව ඉවත්කරන්නට තැත් දැරුණු , පසුව උත්සාහය ඉවතදමා ක්‍රියාන්විතය නවතාදමන්නට සිදුවුණු විහාරස්ථානයන් ද්විත්වය පිළිබඳවද ඔබ දන්නවා ඇතැයි සිතමි.
ඒ විහාරස්ථානයන් ඉවත් කිරීමට (ඉවත් කරවන්නට) උවමනා වූ සැබෑ හේතුව ලෙස මම දකින්නේ, ඒවායින් එකක් ශාඛ්‍යය කුල සිංහල බෞද්ධ (සියම්) නිකායට අයත් නොවන වෙනත් (රාමඤ්ඤ) නිකායට අයත් බත්ගම (උඩරට පදු) කුලයෙහි උපන් භික්ෂු නායකත්වයකින් ඇරඹි භික්ෂු පරම්පරාවකට අයත් නිසාය. අනෙක ගැන මම නොදන්නා නිසා සඳහන් නොකරමි.
බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රය දේශණාකොට පමණක් නොව ක්‍රියාවෙන්ද එය ඔප්පුකොට පෙන්වා වදාලද, ලංකාවේ ශාඛ්‍යය කුල සිංහල බෞද්ධ (සියම්) නිකාය තුල පැවිදිවන්නට නම, ගම නොසැඟවූ බත්ගමයකුට හැකිද? නොහැකිය.
ඔබව වර්තමානයට කැදවීමේ සිට මේ දක්වා තොරතුරු මා පෙළගැස්වූයේ පහත දක්වන කාරණයට හේතුවක් පෙන්වන්නටය.
එයනම්, “බත්ගම කුලයට අයත් ජනතාව අනාදිමත් කාලයක සිට ලංකාවේ පැවතීගෙන එන තන්වැසි ජනතාවකි. ඔවුන්ගේ උරුමය ලබාගන්නට / මතුකරගන්නට ඉඩදීමක් නැත, පාලකයන් බලහත්කාරයෙන් ඔවුන් යටපත් කරයි “ ලෙස දක්වමි.
ඔබ කුල ධූරාවලීගත කිරිමට ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වාගේ වර්ගීකරණය යොදාගෙන ඇත.
එතුමා මෙම වර්ගීකරණය කිරීමේදී පිළිපදින ලද නිර්ණායක පිළිබඳ දැනුමක් මට නැත.
නමුත් සමාජය තුල බලය අත ඇති පිරිස බලය නැති පිරිස් යටපත් කරගෙන සිටීම හේතුවෙන් වාර්තාගත වන්නේ බලය අත ඇති පිරිසට අවශ්‍යය කරුණු මිස සත්‍යය නොවේ. (වර්තමාන මාධ්‍ය දෙස බැලීමෙන් ඔබට මෙය සනාථ කොට ගත හැකිය/ ප්‍රචාරය වන්නේ සත්‍ය නොවේ, මාධ්‍ය හිමිකාරීත්වය එය තමන්ගේ දේශපාලන දැක්මෙන් දකින අයුරුයි)
ඔබට තවත් හෝඩුවාවක් දෙන්නෙමි.
ඩී. එස්. සේනානායක මහතා ගොවි ජනපද පිහිටුවන ලදි. ඒ රජරට ද ඇතුලත්වය.
බත්ගම ජනතාව ගොවි ජනපද වල සිටිති, ඒ ඩී. එස්. සේනානායක මහතා ඔවුන්වද ජනපදගත කල බැවිනි.
ඔබට සෙවිය හැක, ඔබ රජරට සිටින නිසා,
සොයන්න, විමර්ෂණය කරන්න, , ගවේෂණය කරන්න......
සැබෑම වූ සත්‍යය (කාට හෝ බලය පවත්වාගැනීමට විකෘති නොකරන ලද) කුමක්ද කියා....
අවසන,
ඔබ සොයාගනු ඇත,
සත්‍යය, කුමක්ද කියා,
කෙටියෙන් ලියමි එය,
සම්, මස් , නහර, ඇට, ඇටමිදුළු වලින් සෑදුන මිනිස් ජීවයට,
ගොවි, පදු, කරා, හකුරු ලෙස කුලයක් සොයා ගත නොහැක,
පිරිමි සහ ගැහැණු
ලෙස මිනිසුන් වර්ගකල හැකි බව පමණක්.........
-වැදගත්-
බත්ගම කුලිකයන් හීනෝන්මාදයෙන් පෙළීම යනු සමාජ සම්මතකොටගත් නිගමණයකි.
එය අනෙක් කුලිකයන් උසස්කොට දැක්වීමටම ඔවුන්ගේම නිර්ණායකයකි. ඔබ එම සම්මතය කරපින්නාගත් අයකුලෙස හැගේ.
මතක තබා ගන්න. ලංකාව යනු ථේරවාද බෞද්ධ රටක් බව (ඔබ බෞද්ධයකුදැයි මම නොදන්නෙමි) ථේරවාදයට කියන්නේ හීනයානය කියාය. ඒ මහා (උසස්) යානයක් ඇති නිසාය.
එනයින් අපි පහත් / හීනෝන්මාදය ඇතිකොටගතයුතු ආගමක් අදහන්නන් වෙමු.
නැවතත් කියමි, මා බත්ගම කුලයේ වීම හේතුකොටගෙන මම හීනෝන්මාදයෙන් නොපෙලෙන්නෙමි. අනෙක් පිරිස ගැන මට කියන්නට දෙයක් නැත.
උරුම ශිල්පය නොලැබීම ගැන දුක්වන අය සිටින්නේ මා පමණක් නොවේ.
අවසාන වශයෙන් කරුණු දෙකක් සටහන් තබමි.
1. විදේශගත සිංහල ජාතික බටහිර වෛද්‍ය වෘත්තිකයෙක් (දළදා මාලිගාවේ පෙරහර මංගල්ලයට නැටුම් වලට අදාල පරපුරක පුහුණු ශිල්පියෙක්) තවමත් පෙරහර මංගල්ලයට ස්වකීය වියදමින් පැමිණ තමන්ගේ පාරාම්පරික උරුමය ඉටුකරන බව අසා ඇත්තෙමි (නමුත් ඔහු කවුරුදැයි නොදනිමි); මෙය තමන්ට උරුම ශිල්පය හිමිවීම ගැන ඇති සතුට මිස අන්කවරක්ද? (මෙයින් මා අදහස් කරන්නේ පරම්පරා උරුමය/ රැකියාව අඛන්ඩව පවත්වාගෙන යා යුතුය කියන වැඩවසම් අර්ථ ක්‍රමය ගැන නොවේ. පරම්පරා උරුමය ඉගෙන ගත්තත් නිදහස් අධ්‍යාපනය තුල හැකියාවෙන් යා හැකි උපරිම දුර ගියද අවශ්‍ය විටක පරම්පරා උරුමය භාවිතාකොට මව්බිමට අවශ්‍ය සේවය ලබා දීමයි)
2. කොටි ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට බෝම්බ ගසා එය විනාශකල කාලය ඔබට මතකඇතැයි සිතමි. පසුව එය ප්‍රතිසංස්කරණය කලේ බටහිර තාක්ෂණයෙන් නොව දේශීය තාක්ෂණයෙන් බව ඔබ නොදන්නවා ඇතැයි සිතමි. (මෙම උරුමය සංරක්ෂණය භාරව සිටියේ ඒ පිළිබඳව ප්‍රමාණික විද්වතකු වන මහාචාර්ය ගාමිණී ජයසුරිය මහතාය/ නම පිළිබඳව මාගේ මතකය නිවැරදි නැත).
අස්ගිරි, මල්වතු මහනාහිමිවරු සහ දියවඩන නිළමේතුමාගේ මගපෙන්වීමෙන් විවිධ ක්ෂේත්‍රවලට අයත් දේශීය දැනුමෙන් සන්නද්ධ පිරිස් රට වටෙන්ම සොයාගෙන සියළුම කටයුතු තිබූ පරිද්දෙන්ම නැවත ජාතියට උරුමකර දීමට ඔවුනට හැකිවිය.
එම කාර්යයේ බල මහිමයෙන් , ඔබේත්, මගේත්, ජාතියේත් (අ)වාසනාවට මහාචාර්යවරයා රටිනුත් පිටකර ඇත. ශිල්ප ශ්‍රේණි සී සී කඩ විසිර ඇත.
“ මෙම 2 කරුණ සඳහන්කලේ දළදා මාලිගාවේ ගල් වඩු වැඩ කල (බාස්වරු) පිරිස බත්ගමයන්/ පද්දන් වන බව මම හොදාකාරවම දන්නා බැවිනි”. මෙම දැනුමද තව නොබෝ දිනකින් රටට අහිමිවනු ඇත. මෙම ශිල්ප උරුම කරුවන් ලබාගන්නේ නැත. ඊට හේතුව ශාඛ්‍ය වංශික සිංහලයන්ගේ ක්‍රියා පටිපාටියන් මිසක අන් කිසිවක් නොවේ.
උරුමය ගැන තැවෙන්නට වන්නේ එය අහිමි වූ විටයි. එවිට ඇඩීමෙන් පලක් නැත. කවදා හෝ ඔබටද අඩන්නට වනු ඇත. මොන කුලයක උනත් ඔබ, සිංහලයකු නිසා සිංහලයන්ගේ උරුමය අහෝසි වූ විට ඔබටද අඩන්නට වනු ඇත.
(සිංහලයන්ගේ උරුමය අහෝසිවීම දැනටමත් සිදුවෙමින් ඇත, අවදියෙන් සිටින්න)
2 කරුණට පාදක වූයේ දළදා මාලිගාව ප්‍රතිසංරක්ෂණය කිරීම වෙනුවෙන් ඉරිදා දිවයින සංග්‍රහයට එහි ජානක ලියනාරච්චි මහතා ලියු ලිපියකි.(දිනය අමතකයි)
අවසාන වශයෙන් සටහන් කරමි:-
බත්ගම කුලිකයන් හෙලා දැකීම තවමත් නැවතී නැත. නමුත් ඔවුන්ද සිංහල ජන සමාජයේ විශාල කොටසකි/ පංගුවකි. ඔබද මා හෙලාදැක පසු සටහන් ලිවීම අරඹා ඇතැයි හැඟීමක් ඔබගේ පසු සටහන් කියවීමේදී දැනුනි. නමුත් ලිවිය යුතු යමක් වේ නම් මම එය අකුරු කළෙමි. ඔබ කෙරෙහි වෛරයක් හෝ ද්වේෂයක් මා තුල නැත.
හැකිනම් බහුජන හිතාය, නැමති පොත කියවන්න. කතෘගේ නම මට අමතකයි. නමුත් එය සමයවර්ධන ප්‍රකාශණයකි.
නැවතත් පිළිතුරු ලිවීම හෝ නොලිවීම ඔබ සතුය.
බ්ලොග් කෙරුවාව හොඳයි. ස්තුතියි. ආයුබෝවන්!

Subscribe to:
Posts (Atom)