Showing posts with label විහිළු කතා. Show all posts
Showing posts with label විහිළු කතා. Show all posts

2019/07/06

චිකාගෝ බුල්ස් ධවල මන්දිරේ හැදුව හැටි

ධවල මන්දිරයේ කැඩුණු වැටක් හදන්න කොන්ත‍්‍රාත්කරුවන් 03  දෙනෙක් කැදෙව්වා. එකෙක් ටෙක්සාස් වලින් , අනෙකා කැලිෆෝනියා  සහ අන්තිමයා ඇවිත් තිබුණේ චිකාගෝ වලින්. තුන්දෙනා වරින් වර කැඩුණු වැට සමීපයට ගිහින් ධවල මන්දිරයේ නියෝජිතයා සමග ගනදෙනු කතා කෙරුවා.



ටෙක්සාස් පුතයා පරණ ගොවිපොළක අයිතාකාරයෙක්. මිනිහා මැනුම් පටියක් එහෙම අරගෙන ගිහින් , තනි ඇහැට තියලා ,හතර අතට මැනලා කරලා තමන්ගේ ගාණ කිව්වා.

‘‘ ඩොලර් හත්සීයයි. තුන්සීයයක් බඩුවලට, තව තුන්සීයයක් මගේ මිනිස්සුන්ගේ පඩි නඩි. ඉතිරි සීයය මගේ ලාබේ. ’

නියෝජිතයා මුකුත් නොකියා හිස වැනුවා.
ඊටපස්සේ ආවේ කැලිෆෝනියා මෑන්. අලූත්ම තාක්ෂණික උපකරණයකින් තම මැනුම් කටයුතු කරපු පොර තමන්ගේ ගාණ කිව්වා.

’‘ ඩොලර් පන්සීයයි. මගෙ චිනිස්සුන්ට දෙසීයයි. බඩුවලට යන ගණණ දෙසීයයි. මගේ ලාබේ ඩොලර් සීයයි. ’’

අන්තිමට ආවේ චිකාගෝ වලින් ආපු කෝට්කාරයා.
‘‘ ගාණ දෙදාස් පන්සීයයි.’’
 හදන්න තියෙන වැට දිහා බලන්නෙවත් නැතිව පොර කිව්වා. ධවල මන්දිරේ නියෝජිතයාට අසූහාරදාහට නැග්ගා.

‘‘ඔහේ කොහොමද වැට දිහා බලන්නෙවත් නැතිව මෙහෙම ගාණ කියන්නේ.. මේක හරි කෙළියක්නෙ හලෝ..’’

‘හරි, හරි මෙහෙමයි වෙන්නේ. මේකේ මගේ ලාබේ ඩොලර් දාහයි. අනෙක් දාහ ඔහේට ’

‘‘එතකොට ඉතිරි ඩොලර් පන්සීයය..?

ඒක අපි කැලිෆොනියා කාරයට දීලා මිනිහට වැඬේ භාරදෙමු.

2019/07/03

දේශපාලකයින් ව භූමදානය කළ ගොවියා

දිනක් නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ දේශපාලකයින් කණ්ඩායමක් ගමන්ගත් බස්රියක් පාලු ප්‍රදේශයක වූ පර්වතයක ගැටී අනතුරට පත්වුණා.
එම අනතුර දුටුවේ එම ප්‍රදේශයේ ගොවිපළක් පවත්වාගෙන ගිය එකම එක ගොවියෙක් පමණයි. ඔහු අනතුරට පත් බස්රියේ සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් ව භූමදානය කළා.


ටික දිනකට පසුව පරීක්ෂණ කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර ගොවියාගෙන් ද ප්‍රශ්න කළා. තමන් මන්ත්‍රීන්වරුන්ව ගෞරවාන්විතව භූමදානය කළ බව ගොවියා පැවසුවා. ''ඔවුන් සියලු දෙනාම මියගොස් සිටීම නම් ඛේදනීයයි ''
පරීක්ෂණ කණ්ඩායමේ නායකයා පැවසුවා. '' ඇත්තටම සමහර දෙනෙක් නම් පැවසුවා තමන් තවමත් මියගොස් නැති බව. නමුත් ඉතින් දේශපාලනඥයින් කියන දේවල් විශ්වාස කරන්නේ කොහොමද ? '' ගොවියා පැවසුවා --------------------------------------------------------------------------- පසු සටහන. එම අනතුර සිදුවූයේ ලංකාවේ නම් , එම ගොවියා තමන් වූවානම් ඊට වඩා සතුටක් නැතැයි සිතන අය බොහෝ දෙනෙක් හිදීවි.

2019/06/28

යට ඇදුම් මාරු කිරීමේ ප්‍රතිපත්තිය

විධායකය අවසන් කරන්නට පොරොන්දු වී පැමිණි 
 අපේක්ෂකයින් ගැන උපමා කතාව

ඇමරිකානු මැරීන් බලකායේ ලුතිනන්වරයෙක් තම කණ්ඩායම නිතර පරීක්ෂා කරන්න⁣ට පුරුදුව සිටියා. දිනක් තම කණ්ඩායම පරීක්ෂා කළ ලුතිනන්වරයා කාණ්ඩය බාර සාජන්වරයාට පැමිණිලි කලේ සෙබළුන් ගෙන් වස නරක ගඳක් දැනෙන බව පවසමින්.

''වහාම සියලුදෙනාගේම යට ඇදුම් මාරු කරන්න"

'' මම පොරොන්දු වෙනවා සර් මම යට ඇදුම් මාරුකරවන්නම් වහාම" කණ්ඩායම් සාජන් පොරොන්දු වූවා.




නමුත් තවත් දින කිහිපයකින් ලුතිනන්වරයා පැමිණ පරීක්ෂා කරනවිට අර ගඳ එලෙසමයි .

" මම සියලු දෙනාගේම යටඇදුම මාරුකෙරෙව්වා සර්, නමුත් මම නැවතත් ඉතාම වගකීමෙන් මේ කාර්‍යය කරවන්නම් " සාජන්වරයා නැවත පොරොන්දු වූවා.

තවත් දින කිහිපයකින් නැවතත් ලුතිනන්වරයා බට කාණ්ඩය පරීක්ෂා කරන විට තත්වය පරණ පුරුදු ලෙසින්ම තිබුණා. මහත් කෝපයට පත්වූ ලුතිනන්වරයා කණ්ඩායම් භාර සාජන්වරයා කැඳෙව්වා.

" තමුන්ට මේ වගේ පොඩි දෙයක්වත් කරගන්න බැරිද සාජන්. අනිත් එක තමුන් මට මේ ගැන පොරොන්දු වුණා. "

" සර් , මම පොරොන්දු වුණු විදිහටම යට ඇදුම් මාරු කෙරෙව්වා " සාජන්වරයා පිළිතුරු දුන්නා.

" මාරු කෙරෙව්වා නම් , තාමත් ගඳ ගහන්නේ කොහොමද සාජන්. මට කියනවා තමුසේ කොහොමද මේ වැඩේ කෙරෙව්වේ."

" සර්, මම ජෝන් ගේ යට ඇදුම විල්සන්ට මාරු කරා, විල්සන් ගේ එක පීටර් ට, පීටර් ගේ යට ඇදුම ස්මිත්ට අදින්නෙයි කිව්වා. ස්මිත් ගේ එක සැමුවෙල් ට, ඔන්න ඔය පිළිවෙලට හැමෝගේම ඇදුම් මාරු කෙරෙව්වා මම. "

සාජන්ගේ කතාව ඇසූ ලුතිනන්වරයා හිස අත්ගසා ගත්තා.
--------------------------------------------------------------

මේ කතාවේ යටිපෙළ අරුත, හරියට සිස්ටම් එක වෙනස් කරන්නම් කියා අපෙන් චන්දය ඉල්ලන්නට පැමිණෙන දේශපාලකයින්ගේ නිරුවත පෙන්වා දෙනවා වැනි දෙයක්. සිස්ටම් මාරු කරන්නට පැමිනෙන උන් කරන්නේ පරණ උන්ගේ යටඇදුම ඇදගෙන උන්ගේ වගේ ඉන්න එකයි. කුණු ගඳ ගැසීමේ කෙළවරක් නැහැ. අපිත් නහය වහගෙන ඉවසාගෙන ඉන්නවා.

2012/07/30

මෙන්න පුතේ නඩු ......

මෙ දවස්වල ලන්කාවෙ අධිකරණය ගැන  සෑහෙන වගේම නොසෑහෙන කතාත් කියවෙනවා ..අපි නම් ඉතින් නොසෑහෙන කතා කියන්න සූජානමක් නෑ ඕන් .මොකො අපි කැමති නෑ ඇතුළට ගිහින් ඇවිත් උසස් අධ්‍යාපන වගේ අමතිකමක් අරගෙන කාටවත් කරදර නොවෙන්න වැඩ ටික කරගෙන ඉන්න .මේ කියන්න ලෑස්ති වෙන්නේ විහිලු කතාවක් .හිනා යයිද කියන්න නම් දන්නෙ නෑ ...

ඔන්න එදා නඩුව තිබුනේ මිනීමැරුමක් ගැන .චෝදනාවට ලක්වෙලා හිටිය චූදිතයා විත්ති කූඩුවේ  ඉන්නවා ..මිනිහට අවාසිවෙන විදිහටයි වැඩේ යන්නේ දැන් .මියගිහින් හිටියෙ සිරිපාල කියලා මනුස්සයෙක් .(අහින්සක සිරිපාල අපේ ඕනෙම  කුඩු කේඩු කතාවකට අහිතක් නැතිව එක පයින් එන කෙනානෙ )විත්තිකාරයා  තමයි වික්ටර් ..එයා මේ මිනීමැරුමට වරදකාරයා කරන්න ඔනෙ තරම් සාක්ශි තිබුනා ..නමුත් හීනියට පොඩි කොස්සකුත් තිබුනා  .මොකද්ද දන්නවාද ,සිරිපාලගේ death body එක හම්බවෙලා තිබුනෙ නෑ එ වෙනකොටත් .මේක මදෑ අපේ විත්තිකාරයා වෙනුවෙන් පෙනී හිටිය පෙරකදෝරු මහත්තයාට .තමන්ගෙ සේවාදායකයාට එල්ලුම් ගහෙන් මෙහා දඩුවමක් නොලැබෙන එක ටක්කෙටම විස්වාශ උනත් මිනිහව බේරගන්න පොඩි උත්සාහයක් අන්තිම පාරටත්  දාන්න ඕනෙයි කියලා අපෙ පෙරකදෝරු මහත්තයා  කල්පනා කෙරුවා .

"ගරු ජූරි සභිකයිනි ,,මම මෙ මොහොතේ සූදානම් වෙන්නේ තමුන්නාන්සේලා පුදුමයට පත් කරන්නයි ..මේ නඩුවට සම්බන්ධ මිය ගියායි කියන සිරිපාල මහතා තව සුලු මොහොතකින් මේ ගරු උසාවියට ආන්න අර දොරෙන් අවිදගෙන ඇවිත් මේ වික්ටර් මහත්තයා නිර්දෝශි බව ඔප්පු කරයි ."
පෙරකදෝරුවා එහෙම කියලා ඔරලෝසුව දිහාත් බලලා එකපාරටම උසාවියේ දොර දිහාට හැරුනා ..මුලු උසාවියම මේ කතාවෙන් පුදුමයට පත් වෙලා දොර දිහා බැලුවා .

.මිනිත්තුවක් දෙකක් ගියා ,එත් බලුපැටියෙක්වත් ආවේ නම් නෑ. උසාවිය ඇතුලේ කසු කුසු වලට ඉඩක් නැතත් ඒ වෙලාවෙ නම් පොඩි කසුකුසුවක් පැතිරිලා ගියා ..ඔන්න ඊට පස්සේ අපේ පෙරකදෝරු උන්නැහේ ආයෙමත් නැගිටලා මෙහෙම කියුවෙ නැතෑ .

"ඇත්තම කියනවා නම් මන් කිව්වෙ ගොතාපු කතාවක් ..නමුත් මෙ උසාවියේ හැමෝම මන් කිව්වා විතරයි සිරිපාල දැන් එයි දැන් එයි කියාලා හිතාගෙන දොර දිහා බලාගෙන හිටියෙ නැද්ද ?  ?අන්න ඒ නිසා මන් මේ ගරු උසාවියට යෝජනා කරනවා අනෙක් සාක්ශි කොහොම උනත් සිරිපාල මියගියාමද කියන කාරනාව සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මේ ගරු උසාවියටත් තියෙනවා කියලා ..ඔනෑම චෝදනාවක් සාධරණ සැකයකින් තොරව ඔප්පු වෙන්න අවශ්‍යයි ..ආන්න ඒ යුතුයි මෙ විත්තිකරුවා නිවරදිකරු බවට තීරනය කල යුතුයි  කියලා මන් යොජනා කරනවා ..."

ඔන්න ඉතින් ඊට පස්සෙ ජූරි සභිකයෝ ටික ඇතුළට ගියා තීරණයක් අරගෙන එන්න .ගිහින් ආවයි කියලත් කියමුකො .අවිල්ලා කිව්වෙ කොහොමද කියලද හිතන්නෙ ,,විත්තිකාරයා මිනීමැරීමේ චෝදනාවට වැරදිකාරයා කියලා කිව්වා .තමන්ගෙ තර්කයෙන් හැමෝම කොරවෙලා ගියයි කියලා හිතාගෙන හිටපු අපේ පෙරකදෝරු උන්නැහේ ඒක ඇහුවා විතරයි කොරවෙලා ගියා .

"කොහොමද එහෙම වෙන්නේ සිරිපාල එනකම් ඔයාලා දොරදිහා බලාගෙන හිටියනේ ""කියල අපේ යාලුවා දුකෙන් වගේ කිව්වා .

"ඔව් අපි හැමෝම දොර දිහා බැලුවා තමයි ,,හැබැයි ඔයාගෙ සෙවාදායකයා නම් ඒ පැත්ත පලාත බැලුවේ නෑ "  නැගී හිටපු ජූරි සභිකයෙක් උත්තර දුන්නා...

කොහොමද වැඩේ ආ .....?