2019/09/16

ඉරාජ් DRILL TEAM ගෙන් ඉගෙන ගෙන එන්න.


ඊයේ දිනයේ දී ලංකාවේ තරුණ සංගීතවේදියෙක් යැයි කියා ගන්නා         ( කාලයකට පෙරදී නම් එවැනි අංකුර සංගීතඥයෙකුගේ ලක්ෂණ ඔහු කෙරෙන් දක්නට තිබුණා.)ඉරාජ් වීරරත්න ඔහුගේ අලූත්ම විඞීයෝව අන්තර්ජාලය වෙත මුදාහැර තිබුණා. සංගීතයත්, අසභ්‍ය ප‍්‍රකාශන පළ කිරීම සදහා තමන් වෙත ඇති කුප‍්‍රසිද්ධ භාවයත් යොදාගෙන තමන්ගේ දේශපාලන මඩගොජර කම පෙන්වීමට ඉරාජ් ට හැකිවී තිබෙනවා. මේ වන විට එම විඩියෝව නැරඹුම් වාර ගණන ලක්ෂ තුනද පසුකර තිබෙනවා.


මගේ කතාව, ඉරාජ්ගේ වීඩියෝව ගැන නොවේ, ඔහුට දිනකට ප‍්‍රථමයෙන් ලංකාවේ තවත් තරුණ සංගීතවේදීන් කණ්ඩායමක් වන  DRILL TEAM  මුදාහැර තිබෙන ඔවුන්ගේ හිස් අත් නම් වන වීඩියෝව ගැනයි.දින දෙකක් පසු කර තිබුණත් තවමත් එහි නැරඹුම් වාර ගණණ හතළිස් දහසට ආසන්නව තිබෙනවා පමණයි. 

රැප් සංගීත භාවිතාව යනු අමු කුණුහරුපයෙන් මොරදීම නොවන බව කාට කාටත් පසක් කරගැනීමට මෙම ගීතය මනා පිටුවහලක් වනවා නොඅනුමානයි. එමෙන්ම සංගීත බාවිතාව දේශපාලන ප‍්‍රකාශනයන් සදහා යොදාගැනෙන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට අවැසි නම් ඉරාජ් මේ වීඩියෝව නැරඹිය යුතුම වෙනවා.
මේ DRILL TEAM  හිස් අත් වීඩියෝවේ ලින්කුවයි.



2 comments:

  1. මහත්මයා, ඉරාජ් මහතාට විරුද්ධ ඇයි? ඔබතුමා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?

    ReplyDelete
  2. මේවගේ අය වීඩියෝ හදන එක නවත්තනවා ඒවා බලන්නේ නැතුව ඉන්නවා නම් . බහුතරයක් අය මේවාට බනිනවා . ඒත් ගිහින් බලනවා . දන්නෙම නැතුව එයාලට මුදල් ලැබෙනවා . අනික බණින බහුතරයක් අය මේවාට හිත යටින් කැමැත්තක් දක්වනවා . මුදල් මත සියල්ල පාලනය වෙන කාලයක් මේක . හැබැයි වැඩි කල් යන්න කලින් මේ සංස්කෘතිය නැතිවෙනවා . මොකද ඕනෑම දෙයක් උච්චම අවස්ථාවේ තියෙන්නේ ටික කාලයයි . ඒ නිසා කාලයට ඉඩ දීලා බලා ඉන්න එක තමයි හොඳ .

    ReplyDelete