2019/07/03

දේශපාලකයින් ව භූමදානය කළ ගොවියා

දිනක් නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ දේශපාලකයින් කණ්ඩායමක් ගමන්ගත් බස්රියක් පාලු ප්‍රදේශයක වූ පර්වතයක ගැටී අනතුරට පත්වුණා.
එම අනතුර දුටුවේ එම ප්‍රදේශයේ ගොවිපළක් පවත්වාගෙන ගිය එකම එක ගොවියෙක් පමණයි. ඔහු අනතුරට පත් බස්රියේ සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් ව භූමදානය කළා.


ටික දිනකට පසුව පරීක්ෂණ කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර ගොවියාගෙන් ද ප්‍රශ්න කළා. තමන් මන්ත්‍රීන්වරුන්ව ගෞරවාන්විතව භූමදානය කළ බව ගොවියා පැවසුවා. ''ඔවුන් සියලු දෙනාම මියගොස් සිටීම නම් ඛේදනීයයි ''
පරීක්ෂණ කණ්ඩායමේ නායකයා පැවසුවා. '' ඇත්තටම සමහර දෙනෙක් නම් පැවසුවා තමන් තවමත් මියගොස් නැති බව. නමුත් ඉතින් දේශපාලනඥයින් කියන දේවල් විශ්වාස කරන්නේ කොහොමද ? '' ගොවියා පැවසුවා --------------------------------------------------------------------------- පසු සටහන. එම අනතුර සිදුවූයේ ලංකාවේ නම් , එම ගොවියා තමන් වූවානම් ඊට වඩා සතුටක් නැතැයි සිතන අය බොහෝ දෙනෙක් හිදීවි.

7 comments:

  1. ඒ දේශපාලකයින්ව පත් කරේ කවුද? අනෙක් නිකන්ම දේශපාලකයෝ කියලා පුළුල්ව කියන්නෙ නැතිව නම් ගම් එක්කම කියන්නෙ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත, පත්කරපු එවුන්ට පුළුවන් වුණා නම් තමන් පත්කරලා යවපු වුන්ව භූමදානය කරන්න, ඊට වඩා දෙයක් නෑ.

      Delete
  2. ඇත්ත ඇත්ත.. ඕකුන් කියන ඒවා සතපහකට විශ්වාස කරන්න බෑ තමා..

    ReplyDelete
    Replies
    1. කොහොම විශ්වාස කරන්නද සෙන්නා. තඹ සතේකට විශ්වාස කරන්න බෑ මුන්ව.

      Delete
  3. යොදා ඇති කාටූනය මෙතැනට කිසිසේත්ම ගැලපෙන්නේ නෑ. මෙහි නම සඳහන් Gough Whitlam යනු කවුදැයි ඔබ නොදන්නා නිසයි මේ අවුල සිදු වෙන්නට ඇත්තේ!

    ReplyDelete
  4. මිස්ටර් කතන්දර, මෙතනට යොදා ඇති කාටුනය මෙතනට ගැලපෙන බව නොදැනගන්නට Gough whitlam ගැන දැනගන්නට ඕනෑ නැති බවත් RIP free Tertiary Education යන්න ගැන දැනගත්තාම ඇති බවත් දන්වන්නට සතුටුයි. අප නම නොදන්නා කෝටි ගණන් ප්‍රකට පුද්ගල චරිත මේ ලෝකයේ සිටිනා බව අමුතුවෙන් කියාදෙන්නට අනවශ්‍යයි මා සිතනවා.
    හයාඕ මියසාකි ගැන ඔබ දන්නවාද, දන්නේ නැති බවයි පෙනෙන්නේ.
    ඒ නිසා මා දන්නවා උඹ දන්නේ නෑ කියා උද්දච්චකම් නොපෙන්වා නොදන්නා දේ කියාදෙන්නට කාරුණික වන්න.

    ReplyDelete