වළා පිරුණු අහස මතින්
යාන්තමට හඳ පායපු.
ටිකක් ඇදිරි- ටිකක් එළිය
තියෙන රෑක ඇවිද යන්න.
තනිපංගලමේ සොයන්න
හාංකවිසියක් නොතියා
ඈත එපිට දුර කාලෙක
අමතක වී අතහැර ආ
සොඳුරු සිහින සාප්පුවක්.....
මූදු නිල්ල තරම් සතුට.
ගොඩගලාපු මතක ගොඩයි.
පබළු වගේ එකින් එකට
අමුනාගන්නට බැරි හැටි
හීන නම් අපි හැමෝටම තියෙනවනේ බං. සමහර හීන නම් හැබෑ වෙනවට වඩා හීනයක්ම වෙලා තියෙන එක හොඳයි, මොකද ඒ වගේ හීන සැබෑ උනාම සිහිනයෙන් අත්විඳපු සුන්දරත්වය නැතුව යන්නත් පුළුවන්.
ReplyDeleteහ්ම් ... දැන් ඇති, මමත් යනව ඇඳට හීනයක් දකින්න. :D
මම කිව්වේ ඇදට ගියාම දකින හීන් ගැන නෙමෙයි මචං. කොහොම වෙතත් උඹ කියපු එක කාරණාවක් නම් ඇත්ත. ඒ තමයි දකින හීන තරම් හැබෑ වුණු හීන සුන්දර නැති බව.
Delete//මම කිව්වේ ඇදට ගියාම දකින හීන් ගැන නෙමෙයි මචං//
Deleteඉතිං බං මම කීවෙත් ඒව ගැන නෙවි.
උඩින් කිව්වෙ සීරියස් මූඩ් එකෙන්, පහළින් විහිළුවට. මම හිතන්නෙ ‘සිහිනයෙන් අත්විඳපු‘ කෑල්ල නිසා උඹ වැරදියට තේරුම් ගන්න ඇත්තෙ, නිදිමතේ ගලපපු වචනනේ බං, ගනං ගන්න එපා. මට සිරා කියන්න ඕන උනේ ඔය උඹ කියල තියෙන සීන් එකම තමා.
මම නම් හිතන්නෙ සැබෑ වන සිහිනයකට පස්සෙ අලුතින් තව සිහින උපදිනව කියල.
ReplyDeleteමාසෙකට සැරයක් හරි අකුරක් කොටහන්කෝ.බොලාව ලගදිත් මතක් උනා.
කෙන්ජයියේ ඒ පාර කෝ මාතලන් ....?
Deleteදවස් තුන හතරකට ඉස්සෙල්ල ඊයකුත් විද්ද උත්තර නැහැ.
Deleteතාම කැලේද දන්නෙ නැහැ.
මාතලන් ලොක්කගෙ ලිපියක තිබුනනෙ කොටි ජෝඩුවකගෙ කර්තව්‍යක් රූප කරන්න තාම සෙට් උනේ නැහැ,හරි ගියෙ නැත්නම් එයා හරි වැඩේට බහිනව කියල.
එහෙම කරන්න ගිහිල්ල කොටිච්චිට පූට්ටු වෙලාද දන්නෙ නැහැ :).
හුටා......! නැත්තං ෆොන්ටෙරා කාරයා උස්සලද දන්නේ නෑ.
DeleteThis comment has been removed by the author.
Deleteහා හා කට කට කෙන්ජයියේ
Deleteසිහින ගැන එච්චර වද වෙන්නෙපා... අර පින්තූරෙනම් ජාති.. උඹ ගත්තු එකක්ද ?
ReplyDeleteනෑ බං. ඒක උගේ අත්තා හිටිය කාලේ ගත්ත එකක්. ඔය පෙනෙන්නේ තියෙන්නේ අක්කර 400 යේ ඉඩමේ කෙළවර. මැතිණිගේ වැඩ නිසා මුගේ අත්තා ඉඩම බෙදුවා. පසුසේ මුං හැම එකාම ඉඩම් හිමියෝ උනා. ඒ උනාට ජේ ආර් පප්පාගේ අටමගුලෙන් පස්සේ මුං ඒවා කාලා විනාශ කළා. ඒ හින්දා මු වතු රජරට අයින් කරලා රතු රජරට උනා.
Deleteමම හීනෙන් දැක්ක කතාව හරිද බං
- කා(Ka)
මතයක දුක දැනුනු හිතකට
ReplyDeleteඑලිය අරගෙන ආයේ බ්ලොගයට
හරවා ගන්නට දුකත් සතුටට
ආයේ ඇවිදින් රතුයි රජරට
අපි උගන්නන සිලබස් එකේ පරණ ප්‍රශ්ණ පත්තරේක තියෙනවා රතු, එක ඡේදයක්. Soon We May Live For 200 Years කියලා. ඒකෙ තියෙනවා එහෙම වුනොත් කරන්න පුලුවන් වෙන දේවල් අතර ජීවිතය කොට වැඩි නිසා සැබෑ කරගන්න බැරිවුන සිහින සැබෑ කරගන්න අවස්ථාවක් ලැබේවි කියලා. මතක් තියාගනිං, එතකොට සියවෙනි උපන්දිනයෙදි තමයි මැදිවියට එළඹෙන්නේ.
ReplyDeleteබොහෝ කලකට පසුව දකින්නට ලැබීම සතුටක් මිත්‍රයා..
ReplyDeleteවෙල්කම් බැක්. මම නං කවියෙක් නෙවේ.
ReplyDeleteකාලෙකට පස්සෙ ඉතිං කොහෙද ගිහිල්ල හිටියේ.හොඳයි හොඳයි ඉඳල හිටලවත් මොනවහරි ලියන්න මතක්වෙන එක.
ReplyDeleteඅනේ නිකා හිදින් හැලපයියේ. උබත් හරියට හැමදාම පෝස්ට් දාන එකෙක් වගේ බණ දෙසන්නේ.
Delete- කා (Ka)
නිසදැස ඇතුලේ මහගමසේකරව දැක්කා වාගේ..:)
ReplyDeleteරතු ට බොලොග්ගේ මතක් වෙලා තියන්නේ. කවිය සිරා. හ්ම්ම්.. සිහින.. ඉඳ හිට මතක් වෙන අත හැරුණු සිහින !
ReplyDeleteඅර පිංතූරේ වගේ පොට් එකක් කැළණි ගඟ ලගත් තියෙනවා...
ReplyDeleteඅපිට නම් රතු රජරට මතක් වුනා රතු පස් වල ඇහුවාම.
ReplyDeleteමටනම් මචෝ උඹව මතක් වෙනකොට මතක් වෙන්නේම DOS ගේම. හැබෑටම කෝ ඒ ඩොස් ගේම. අහවල් රැන්ඩම් ෆන්ශන්එක තාම හොයා ගන්න බැරිවුනාද. මේ මම කියන්නේ ගෝල් දේශේට හඳුන්වා දෙන්න පුලුවන් නොවැ ඒක.
Delete- කා(Ka)
සැබෑවූවත් නැතත් සිහින තුල ජීවත්වීමත් ආශ්වාදයක් නෙමේද?
ReplyDeleteමේක මේ පිරිමි බ්ලොග් එකක්ද? ගෑනු පේන්ට නැත්තේ? :D:D
ReplyDeleteමේ ඔයා ඉන්නේ?
Deleteඒක නෙවෙන්නං, කණ්නාඩි කුට්ටම නලලෙ තියන් ඒක හොයනව වගේ.
Deleteමම කියවන එව්ව අතර සමහර ලිපි වල වචන තියේ, එව්වා කියෙව්වම නිකං කොකිසක් හපන්නැතිව ගිල්ල වගේ
ReplyDeleteඒ ලිපි අතර ඔබේ ලිපිවලට ඔබ යොදන 'ශාන්තමය සන්තුෂ්ටියක්' 'සොඳුරු සිහින සාප්පුවක්' වගේ වචන, හෑබෑටම මේ ලිපි වලට කාන්තියක් එක්කහු කරනව. එහෙම වචන තෝරගන්න දක්ෂතාවයකුත්, පරිචයකුත් ඕනෑ නේද?
අන්තර්ගතය රසවිඳ, දිස්නේ ගැන පම්ණැක් කථාකලාට අමණාප නොවන්න!
විශ්වවිද්‍යාල ජීවිතයේ යථාර්තය...
ReplyDeletehttp://campusapi123.blogspot.com/
හීන ගැන නම් මොනවා කොරන්නද මොනවා කියන්නද ?
ReplyDelete