2016/05/25

ඇගේ ඇස අග සරතැස

මුලින්ම බැලුවේ යූ ටියුබ් එකේ ' ඇහැරෙන්න' ගීතය.මම කවදත් චිත්‍රාල් ගේ ලබැදියෙක් නිසා ගීතය මට වැදුණා. ඊටපස්සෙයි ඇගේ ඇස අග බැලුවේ. චිත්‍රපටිය බලන්න යන්න කලින් හුඟ දෙනෙක් කීවේ හඳගමගේ මාර පරිවර්තනයක් මේ චිත්‍රපටිය ඇතුලේ දකින්න පුළුවන් කියලයි. මගෙත් එහෙම බලාපොරොතතුවක් තිබුණා. ඒත් ෆිල්ම් එක ඉවර වෙලා හෝල් එකෙන් එළියට ආවේ බලාපොරොත්තු කඩවුණු සතුටකින්. එහෙම වෙලා නෑ. හදගම වෙනස් වෙලා නෑ...!!!

හඳගම ශෛලිය ඒ විදිහටම චිත්‍රපටිය ඇතුළේ සුරැකී තිබුණා.නමුත් වෙනදා නොදක්වන සංස්කෘතිමය සංයමයක් සාපේක්ෂ වශයෙන් මේ චිත්‍රපටිය තුළ හදගම පෙන්වා තිබුණා.අන්න ඒකට මට සතුටුයි. සෑම නිර්මාණකරුවෙක්ම අපේ සංස්කෘතික සීමාවන් උල්ලංඝණය නොකළ යුතුයි කියලයි මම නම් හිතන්නේ. මොකද අපි අපි වෙන්නේ ඒ කොටු පවුර ඇතුළේ නිසා.
හඳගම ට හැමදාමත් අපේ කුටුම්භය තුළ වර නැගෙන සංස්කෘතික  දේශපාලනික සාකච්ඡාවන් තමන්ගේ චිත්‍රපටි ප්‍රස්තූතයන් බවට පත්කරගැනීමේ කැමැත්තක් තිබුණා කියලයි මට හිතෙන්නේ.මම සම්ප්‍රදාය අගය කරන්නෙක්.මම කැමති චිත්‍රපටි තුළින් හොද කතාන්දරයක් කියවන්න. මුල මැද අග ගලපාගන්න පුළුවන් විදිහේ කතාන්දරයක්. හිතාගන්න බැරි අවසානයක්.කොලිවුඩ්, බොලිවුඩ්, හොලිවුඩ් චිත්‍රපටි වගෙ.
නමුත් ඉතින් හදගම ගේ චිත්‍රපටි බොහෝ දුරට යටිබිම්ගත දේශපාලනික කීයවීමක් තියෙන ඒවනේ. ඇගේ ඇස අග ත් එහෙම එකක්.නමුත් එක චිත්‍රපටියකින් ගොඩාක් දේවල් කතාකරන්න බෑනේ .නමුත් එහෙම කරන්න ගිහින් මේක ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා කියලා මට හිතුණා.චිත්‍රපටිය ගැන මගේ අදහස් සියල්ලම මෙතන ලිවීම මහ කම්මලි වැඩක්. නමුත් චිත්‍රපටියේ මට අපහැදිලි තැන් කිහිපයක් ගැනම සහ තවත් බොහෝ දේවල්, ඔය ඇයි ස්වර්ණාව ගෙනාවේ- ධර්මසිරි එන්න බෑ කිව්වේ ස්වර්ණා නිසාද- චැටර්ජි  ගැන සමහර දේ- අළුත් කෙල්ල රිතිකා මේ වගේ දේවලුත් හදගමට කතා කරලා මම ඇහුවේ පත්තරේ ආර්ටිකල් එකකට. ඒවා දැන්ම මෙතන ලියන්න බැරි පත්තරේ යනකම් මෙහෙම ඔබන එක හරි නැතිනිසා.
එහෙම නම් ගිහින් එන්නම්.

5 comments:

  1. කොහොමද ගොයියො...හුග කාලෙකින් උඹව දැක්කෙ...

    ReplyDelete
    Replies
    1. කොහොමද සිරා..
      ලියන්න කියන්න කාලය හොයාගන්න බොහෝම අමාරුයි මිත‍්‍රයා.
      ඒත් පුළුවන් හැම වෙලාවකම බ්ලොග් කියවනවා. ඔබව දැැකීමත් සතුටක්

      Delete
  2. "ඇගේ ඇස අග'" ගැන බොහෝ දෙනා ලියා තිබෙනවා දුටුවා.නමුත් චිත්‍රපටිය බලන්න තවමත් හිතක් නැහැ.

    ReplyDelete
    Replies
    1. බලන්න ගියාට පසුතැවීම දැනෙන එකක් නැහැ මම හිතන්නේ

      Delete
    2. බලන්න ගියාට පසුතැවීම දැනෙන එකක් නැහැ මම හිතන්නේ

      Delete