සූරිය තවම පායන්නට පමාදෝ අද ඉර පායන්නේ නැතිද ?
අපේ ජන සාහිත්යේ ඉතා වටිනා අන්ගයක් වන්නේ ජන කවියයි ..මහා පන්ඩිතයන්ගේ විදග්ධ සාහිත්‍ය ඇතුළේ ජන කවියට හරිහමන් පිලිගැනීමක් නොලැබුනත් ජන කවියේ ගැබ් වෙලා තියෙන මනුෂ්‍ය ජීවිතය පිරිසිද දැකීමේ ගුණය පසුවෙන් අමතක කරන්නවත් ,,නොසලකා හරීන්නවත් බැහැ. ජන කවිය හරිම සරලයි .,.,සුගමයි ,,ඒ වගේම රසාලිප්ත ගුණයෙන් අනූනයි .
ඔබ අහලා තියෙන සමහර ජන කවි යට සැගවුණු අපූර්ව කතාන්දර තියෙනවා ..මේ එවනි ඔබ අහලා තිබෙන ජනකවියක සැගවුනු අහලා නැති කතාවක් .කතාවට මුල පුරන්න කලින් මෙ කතාව මට කියලා දුන්නු මගේ අත්තම්මාව මතක් කරන්නම ඔනේ ..ඈ බී ජී ඩින්ගිරිඅම්මා ..ඉපදිලා තියෙන්නේ 1914 අවුරුද්දේ ..ලියන්න කියවන්න නොදැනගෙන හිටියත් පුදුමාකාර මතකයක් ඇයට තිබුනා ..ඒ මතක පෙට්ටගම ඇතුළේ කවි කතන්දර තොගයක් ගොඩගැහිලා තිබුනා ..මම පුන්චිකාලේ එ කතන්දර වලින් ලබාගත්තු රසය සාහිත්‍යට කලාවට කැමති මිනිහෙක් වීමේ අඩිතාලම වුනා කියලා මට හිතෙනවා.
හරි දැන් අපි කතාව අහමුකෝ .
.මේ සිද්දිය වුනේ බොහෝම ඉස්සර කාලේ පිටිසර පන්සලක. ඉස්සර ගමේ පන්සලේ හිටියේ භික්ෂූන් වහන්සේලා දෙනමක් හෝ තුන්නමක් ..ඒ කියන්නේ ලොකුහාමුදුරුවොයි, පොඩිහාමුදුරුවොයි.,.තව ඇබිත්තියෙකුත් හිටියා. දන්නවානේ ඇබිත්තියා ? මිනිහා තමයි පන්සලේ සේවකයා .බොහෝම වෙලාවට පන්සලේ බෝමලුව අමදින වැඩේ ඉදන් දානශාලාවේ වැඩ කටයුතු දක්වා ඒකී මෙකී නොකී සියලු කටයුතු සිද්දවුනේ ඇබිත්තියා අතින් .හුගක් වෙලාවට ඇබිත්තියා හැටියට කටයුතු කලේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොලුගැටයෙක් ..එහෙමත් නැත්නම් ටිකක් විතර මෝඩපහේ කාත්කවුරුත් නැති අසරනයෙක් .
මේ අපේ කතාවෙත් ඉන්නවා ඇබිත්තියෙක් ..එයාත් ටිකක විතර මෝඩපහේ පෙනුමක් තියෙන කොලුවෙක් ..නිකන් හිතමුකෝ මේ කැරැක්ටර් එක රගපාන්නේ සරත් කොතලාවල කියලා. දැන් එයාව දන්නෙ නැති අය මට අම්බානකට බනිනවා ඇති නේ. අපේ අබිත්තියා හැමදාම පාන්දරම අවදිවෙලා දවසේ වැඩ කටයුතු කරන්න පුරුදුවෙලා හිටියා ..කුකුලා හඩලන වෙලාවට තමයි මෙයා නැගිටින්නෙ. දවසක් හරි අබග්ගයක් වුනේ නැතෑ. කලින් දවසේ මහරෑ ලොකු සවාරියක් ගහලා ආපු කුකුළෙක් පරක්කුවෙලා නිදාගන්න ලෑස්තිවෙලා පහුවදා පාන්දරට අඩලන්න පරක්කු වෙයි කියලා හිතලද කොහෙද නිදාගන්න කලින් මහරෑ ජාමෙ ඇඩලුවෙ නැතෑ.
කුක්කු කූඌඌඋක් .....කුක්කුකූඌඌඌඌඌක්ක්ක් ....
මේ යක්ශ කුකුළගෙ හඩලන සද්දෙට පන්සලේ සැපට නිදාගෙන හිටිය අපේ අහින්සක ඇබිත්තියා ඇහැරුනා ..වටපිට බැලුවා. තාම කලුවරයි .ඒත් කුකුලට වරදින්න විදිහක් නෑනෙ ,පාන්කළුවර වෙන්න ඇති කියලා හිතපු අපේ මනුස්සයා දඩි බිඩි ගාල දවසේ වැඩටික පටන්ගත්තා .කලුවරේම මුලු පන්සල් වත්තම අතුගෑවා .දානෙ භාජාන සේදුවා. දානෙ ශාලාවත් අතුපතු ගාලා පිරිසිදු කරා .මේ වැඩටික කරන්න පැය දෙක තුනක් යනවනේ ,වැඩටික ඉවරයි .එත් තාම ඉර පෑයුවෙ නෑ ...දැන් අපේ වීරයා පන්සලේ ඉස්තෝප්පුවට වෙලා මදුරුවො තල තලා බලන් ඉන්නවා ඉර පායනකම් .ඉන්නවා ඉන්නවා තාම නෑ. අන්තිමේට මේ අහින්සක ඇබිත්තියට බය හිතුනා ඉරට මොකක් හරි කරදරයක් වෙලා ඉරපායන්නෙ නැතුවවත්ද කියලා .අපෙ ඉස්සර මිනිස්සු දුකට සතුටට විතරක් නෙමෙයි තරහක් බයක් හිතුනත් කවියක්නෙ කියන්නෙ ,ඉතින් අපේ මනුස්පයත් මෙන්න මෙහෙම කවියක් කීවයි කියමුකෝ.සූරිය සුනෙර වට දෙවරක් ගියාදෝ කාරිය කරන රථ ඇණ ඉගුලුනාදො වීරිය කරන රාහුට අසු වුනාදෝ සූරිය තවම පායන්නට පමාදෝ
ඇබිත්තියා බයෙනුයි දුකෙනුයි මහරෑජාමේ මහහයියෙන් කියපු මේ කවිය පන්සලේ ලොකු හමුදුරුවන්ටත් ඇහුනා .නැගිටලා බලපු ලොකු හාමුදුරුවන්ට තෙරුනා අහින්සකයා නැට්ට පාගගෙන කියලා .ලොකුහාමුදුරුවෝ අබිත්තියාට සිද්දවෙලා තියෙන දේ පැහැදිලි කරලා දුන්නෙත් .
පොඩි පොඩි අඩුපාඩු ටිකක්නම් තියෙනවා
ReplyDeleteඇබිත්තියා - ඇබිත්තයා වෙන්න ඕන.
පෝස්ට් එක පබ්ලිෂ් කරන්න කලින් ප්‍රිවීව් එකක් බලලා අඩු පාඩු හදා ගන්න.
ව්ශේෂයෙන්ම කවි,සෙන්ටර් කරලා justify all line තෝරලා එළිවැට ගානට එන විදියට හදා ගන්න.
හොද පෝස්ට් එකක්...ජය...!!!
උපදෙස් සහ දිරිගැන්වීම් තව තවත් දිගටම බලාපොරොත්තුව ඉන්නවා ,ස්තූතියි සුමිත් අයියේ..ඔබට ජය ...
ReplyDeleteනියමයි ! ඔබේ සේවය අගය කරනවා
ReplyDeleteමේ පැත්තට ගොඩ වුනාට බොහෝම ස්තූතියි සහෝදරයා....
Deleteඅහපු නැති කතාවක් රතු. තව මෙවැනි කතා කොච්චර නම් ඇත්ද..? දැන් ඒවා දන්නා අය අඩු නිසා මෙහෙම ලියා තබන එක වටිනවා.
ReplyDelete