2012/08/02

ජේවීපිය විජය ඝාතනය කළේ ඇයි?


ජේවීපිය විජය ඝාතනය කළේ ඇයි? 
මම මෙවනි පෝස්ටුවක් ලියන්නට හිතාගෙන නොසිටියත් රාජ්ගෙ නවාතැන හි සහ තපස්ගේ කොලම හි  ලියවී තිබුනු විජය කුමාරතුන්ගයන් ගැන පෝස්ටුවන්, විශේෂයෙන්ම තපස්ගේ කොලමෙහි පලවූ 'අපි විජයව මැරුවේ ඇයි'' යන ,පෝස්ටුව කියවූ විට මෙවැන්නක් නොලියා සිටින්නට නොහැකි විය.
            මුලින්ම ඉතා වගකීමෙන් කිව යුතු කාරනාවක් තිබේ. එනම් විජය කුමාරතුන්ගයන් ඝාතනය කළේ ජේවීපිය විසින්මදැයි තහවුරු කර කියන්නට මා නොදන්නා බවයි . .කෙසේ වෙතත් බොහෝදෙනා අදහන්නේ එය ජේවීපියේ වැඩක් බවයි. එමෙන්ම ජේවීපියට එවැනි අවශ්‍යතාවයක් වූ බවද නොරහසකි .මේ ලිපියෙන් මා තහවුරු කරන්නට උත්සාහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුනට විජයව ඝාතනය කරන්නට තිබූ අවශ්‍යතාවයේ  පසුබිමයි.
 
          රෝහන විජේවීර පෙනීසිටියේ මෙරට පීඩිත පන්තියේ නියමුවා වශයෙනි ..ලාන්කීය කුල ධූරාවලියේ පහත් ,,පීඩිත කුලයක් වශයෙන් සැලකුනු කරාව කුලයේ උපත ලද විජේවීරට ඉහත පෙනීසිටීම සදහා සහජාතක උරුමයක් හිමිව තිබුනද ඔහුට ඒ සදහා අව්යාජ උවමනාවක් තිබුනේද යන්න ප්‍රවේශමෙන් විමසා බැලිය යුතුවේ .(මාගේ පෞද්ගලික මතය නම් පසුකාලීනව ඔහු තම සන්විධානය හැසිරවූ අකාරයෙන් එම උවමනාවන් බොහෝ දුරස්ථ බව විජේවීර පෙන්නුම් කල බවයි .)කෙසේ වෙතත් තමන්ට පීඩිත ජනයාගේ නියොජිතයා වශයෙන් පෙනීසිටීමට ලැබීතිබෙන අවස්ථාව ලේසියෙන් අත්හැරීමට විජේවීර ප්‍රමුඛ ජේවීපිය කිසිවිටකත් සූදානම්ව නොසිටියහ.

          විජය කුමාරතුන්ග කරළියට එන්නේ මෙවන් වටපිටාවකය. සිනමා නළුවෙක් වශයෙන් ආර්ථික හා සාමාජයීය මට්ටමෙන් රටේ ඉහල තැනක පසුවුවද විජේවීරට තරමටම රටේ පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රවේණිගත උරුමයක් විජයටද තිබුණි. විජේවීර කරාව කුලයේ අයෙක් වූ ලෙසින්ම විජය ඊටද පහත් කුලයක් වශයෙන් සැලකුනු දුරාව කුලයේ අයෙක් වූයේය .ඒ යටතේ පීඩිත පන්තියේ තරුන ප්‍රජාවන්ට පසුවෙන්ම විජය වටා රොක් වීමේ පාර පෑදී තිබිනි .එපමනක් නොව ඔහු ඒ වනවිට හිටපු අගමැතිනියගේ දෙටු දියනියක හා විවාහ කරගෙන පැහදිලි දේශපාලන ගමනකට ලක ලෑස්ති වී සිටියේය.
            අපේ මිනිසුන් හැමදාමත් වාගේම දේශපාලනික පරිජ්ජානයෙන් පසුබා සිටි අතර ජන්ද පොලේදී ජනාප්‍රියතාවය පෙරමුනට ගන්නා බව හොද දේශපාලනික ඉවක් තිබූ විජේවීර තේරුම් ගෙන සිටියේය. මිනිස්සුනට අවශ්‍ය ලස්සනට සිනාසෙන විජය මිස තමා නොවන බව ඔහු තේරුම් ගත්තේය . විජයව ජවනිකාවෙන් ඉවත් කිරීමට ඇත්ත හේතුව වූයේ තමාගේ තැන විජය ගනීවියැයි විජේවීර තුල තිබූ බියයි. විජයව ජවනිකාවෙන් ඉවත් කිරීමට  හේතු ලෙස  ජවිපේ ඔහු -ඉන්දු-ලන්කා ගිවිසුම පිළිගැනීම හා පලාත් සබා වලට සහය දැක්වීම ආදී නිල දෙශපාලනික හේතු ඉදිරිපත් කරනු ලැබූවත් ඇත්ත කාරණාව ඉහත පරිදි විය. වඩා දක්ශ අශ්වයා තරගයෙන් ඉවත් කිරීමයි ඒ න්‍යාය.
               චින්තක ටිකිරිබණ්ඩාර 

6 comments:

  1. ඔයාගේ දේශපාලන කියැවීම් සම්බන්දව මට යම් එකගතාවයක් තියෙනවා.

    ජය.....!

    ReplyDelete
  2. ඒක ඇත්ත.වඩා දක්ශ අශ්වයා තරගයෙන් ඉවත් කිරීම.

    ReplyDelete
  3. වෑරදීයි.විජේවීරට විජය සමග අනුකූලතාවයක් නොතිබුන වෙන්න පුලුවන්.
    නමුත් විජයව අයින්කරන්න වඩාත්ම අවශ්‍යතාවය තිබුනේ ප්‍රේමදාසට.මහර අලුරු මෑතිවරන සිදුවිම් පෙල ගන්න උදාහරනයකට.
    අනිත්ඵක ඔකට හොදම උදාහරනයක් ගත්තොත්,බලන්න ප්‍රේමදාස ලලිත් අතුලත්මුදලිව මෑරුවෙත් විජය මරපු හෑටියටම නේද.විජේගේ ගාතනයයි ලලිත්ගේ ගාතනයයි ගත්තොත් මේදෙකම පුදුම විදියට ඵක සමානයි.

    ReplyDelete
  4. ස්තූතියි සුමිත් අයියේ. තපස් සහෝ ඔබටත් මගේ ස්තූතිය. දයාබර ඇනෝ ..මහර අතුරු මැතිවරණය ගැන මට ලොකු අවබෝධයක් නෑ. නමුත් විජය ප්‍රේමදාසට අභියෝගයක් වෙලා හිටියෙ නෑ කියන එකයි මගේ අදහස ..ඔබටත් නොවක් තුති

    ReplyDelete
  5. මේ සිද්ධීන් ගැන කුමන විදියට කතා කලත් ඒව අපේ නිගමනයන් පමණයි. සත්‍යතාවය තහවුරු කරගැනීමේ ක්‍රමයක් නැහැ.

    තමන්ගේ කෙටි දේශපාලන ජීවිතය තුල ඔහු ජාතිවාදී නොවන ස්ථාවරයක හිටිය. දැන් ඔහු මියගිහිල්ල ඉවරයි. ජීවත්ව හිටියා නම් මේ විදියයි කියන්න බෑ.

    ReplyDelete
  6. ස්තූතියි රාජ්.. මේ කිසිවක් නිගමනයන් නොවෙයි ,ඉතිහාස්‍ය විමසා බැලීම පමනයි. මන් ඔබට මතක් කර දෙන්නට කැමතියි,බලයට එන්නට පෙර මහින්දත් ජාතිවාදී නොවෙන ස්ථාවරයකයි උන්නේ... ..

    ReplyDelete