මම රොක් සංගීත ලෝලියෙක් වෙන්න පටන් ගත්තේ ගැටවර වයසේ මුල් කාලේදීමයි. ඒ ලෙඩ් ශෙපෑලිං ලගේ stairway to heaven සහ කොබේන් ගේ නිර්වාණ බෑන්ඩ් එකේ ගිත ඇහුවට පස්සෙයි. ඉතින් මේ සිංහල රටේ රොක් සංගීතය ඔස්සේ මාව ප්‍රමුදිත කරාපු හඬක් තිබුණා. ඔහු තමයි චිත්‍රාල් සෝමපාල ..චිත්‍රාල් කියන්නේ ලංකාවේ හිටපු පට්ටම රොක් ගායකයා :හරියටම කීවොත් අද්විතීය මෙටල් රොක් ගායකයා. මීට සතියකට හමාරකට උඩදී මාතලං ලියපු ස්කෝර්පියන්ස්ලගේ wind of change කියන ගීතය ගැන පෝස්ටුවෙදී චිත්‍රාල් ගැනත් ඇදිලා ආවා මෙන්න මෙහෙම
මේ ගීතයේ ඔරිජිනල් හඬටම සමාන හඬක් තිබෙන ගායකයෙක්, අපේ රටෙත් ඉන්නවා. ඔහු ඒ කාළයේ, මේ ගීය මේ ආකාරයටම ගායනා කළා. අදටත් සිංහල ගීත අහන රසිකයන් අතරෙත් ජනප්‍රියයි. බලන්න උත්සාහ කරන්න.
මේ ගැන අපේ ඇත්තෝ හරියටම අනුමාන කරලා තිබුණා.
මයියා -අර ගායකයා නම් චිත්‍රාල් සෝමපාල ද? මිනිහා නෙ ඉතින් අපට ඉන්න හාර්ඩ් මෙටල් රොක් -
මාතලං - උඹ හරි චිත්‍රාල් තමයි.. පට්ටම ගංජා වොයිස් එකක් නේ ඒකත්..
මහවෙදනා- මගේ උත්තරේත් චිත්‍රාල් සෝමපාල තමයි.
ඉතින් ඊට පස්සේ ඔන්න චිත්‍රාල්ගෙ මතකෙ අළුත් වුණා.චිත්‍රාල් නදී ගංගා තරණයේ ගැහුවට පස්සේ ආයෙමත් අළුත් සිංහල රොක් ගීයක් ගායනා කරලා තිබුණෙත් නැහැ. චිත්‍රාල් ලංකාවේ නැහැ කියලා මම දැනගෙන හිටියා. මිනිහා මුලින්ම වැඩ කරේ power quest කියන බිරිතාන්ය රොක් බෑන්ඩ් එකත් එක්ක ..ඊට පස්සේ චිත්‍රාල් හෙවත් අපේ චිටී (අමතක වුණා කියන්න බොහෝ දෙනා ඔහුව හදුන්වන්නේ චිටී කියන ආදරණීය නමින් ) civilization one නමින් රොක් බෑන්ඩ් එකක් ෆෝම් කරනවා.දැන් චිටී ජීවත් වෙන්නේ ජර්මනියේ ..කොහොම වුණත් තිබුණු උන්මාදය නිසාම මට පුළුවන් උනා ලංකාවෙ ඉදන් චිත්‍රාල්ව කොටුකරගන්න.
"කොහොමද චින්තක? "
මාව මේ දැන් ඉදන් දන්න චිත්‍රාල් කතාව පටන්ගත්තේ එහෙමයි. අපි බොහෝ දේ කතා කෙරුවා ..ඔහු පුදුම නිරහංකාර මනුස්සයෙක් කියලා නම් මට හිතුණා. චිත්‍රාල් ගෙ කටහඬ ඇහෙද්දි මට මතක් වුනේ අපේ මාතලංගෙ ගංජා වොයිස් කතාව. මම ඒක කිව්වට පස්සේ චිත්‍රාල් මහ හයියෙන් හිනාවුණා.
"අනේ මන්දා බං. බලපන්කෝ මගේ අලුත් සිංදුව 'දබුළුගලේ 'අහලා ..ඒකේ එහෙම ගතියක් නෑ නේද ? "
කොහොම වුණත් මට අහන්න තිබුණු ප්‍රශ්න ටික ඊමේල් මාර්ගයෙන් එවන්න ..ඔහු ඒවට උත්තර එවන්නම් කියලා චිත්‍රාල් කිව්වා. කිව්වා වගේම ඔහු මගෙ ප්‍රශ්න ටිකට උත්තර එවලා දුරකතන පණිවිඩයකින් ඒ බව දැනුම් දෙන්න තරම් කාරුණික වුණා.
"චින්තා ඔන්න බඩු එව්වා "
ඉතින් අපේ පට්ටම රොක් ගායකයා එක්ක ඊමේල් හරහා මම කරපු කතාබහ රතුරජරටේ පළ කරන්නේ හරිම සතුටකින්. ඔහු ඉංග්‍රීසි බසින් එවූ පිළිතුරු සිංහලට පරිවර්තනය නොකර ඒ විදිහටම මෙතන දානවා ..කියවලා බලන්න. ඔබේ අදහසුත් කියන්න. චිත්‍රාල්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියේ නම් කොටලා යන්න. හැකියාවක් ලැබුනොත් චිටී ටම කියලා ඒවට පිළිතුරු ලබාදෙන්නට උත්සාහ කරන්නම්.
මම
ඔබට රොක් සංගීතය පිළිබදව ඇල්මක් ඇතිවෙන්නට බලපෑම් කළ සාධක ..හේතු කාරණා කොයිවගේද ?
chithral
Growing up in a family having both parents doing sri lankan folklore with western influences was my interest i began to listen to western music when i was about 10 years old. My father was the guy who brought in all the western instruments towards sri lankan music for an ex: guitar,brass instruments,organ and etc. so i did see these instruments lying at home and started experimenting with them when i was very young. Rock music came towards me cos. my father use to go a lot of auctions those days and he always bought some records from musicals like west side story and etc along with some records which had rock music like led zeppelin,deep purple,the beatles and etc, so my interest began to rock music and i dreamt all my life to be a rock musician and that is how it has happened so far.
අපේ රටේ රොක් සංගීතය සම්බන්දව තිබෙන අදහස් ආකල්ප සහ මතවාද ගැන ඔබට කියන්න තියෙන්නෙ මොනවද චිත්‍රාල් ?
chithral
So far i have seen that it has developed more than i thought, the time i wanted to create something in sri lanka people were not intersted at all and rock musicians were totally ignored by the high class musicians in sri lanka, most of all even these high class musicians did not know that it's a art form of music in general. Music is has different genres and I myself appreciate all kinda music cos. these are all tools you need to know if you wanna become a full time professional. It will take some years to develop rock music in sri lanka to come to a great standard. they are some talented guys over there but they have no support from the people cos. majority of people don't know about rock music:)
වර්තමානයේ ඇති අන්තර්ජාල සන්නිවෙදන පහසුකම් නොමැති ඔබේ යුගයේ රොක් හැදෑරීම දුශ්කර කාර්යයක් වුනේ නැද්ද ?
chithral
Those days were not that developed than today, with the internet it is easier to research who is who, but it has also become a downfall today cos. too many bands,too many musicians, too many genres and so the biggest record companies have lost a lot of money cos. they don't sell music anymore cos. everybody download for free:)
මම
ඔබේ අම්මාගෙන් සහ තාත්තාගෙන් ඔඅබ තෝරා ගත් ගමනට ලබැනු සහයෝගය කොහොමද ?
chithral
My both parents supported me a lot in this case cos. they were very open minded people. so in this situation i was very lucky to have such brilliant parents.
මම
අපේ රටේ ඇතුළේ රොක් සංගීතයට ලොකු ඉඩක් වෙන්වෙලා නෑ තාමත් ඒ ගැන මොකද හිතෙන්නේ ?
chithral
I think the people in the media are the wrong ones who don't understand music at all and that is the reason a rock musician won't get radio airplay or his video played on their stations.
මම
සිංහලෙන් රොක් කියන්න බැරිද ඇත්තටම ?
chithral
You could... I did it already with NADEE GANGA:)
මම
සිංහලෙන් ඒ වගෙ ගීතයික් නිර්මාණය කරන්න ඔබට හිතුණේ ඇයි?
chithral
Being a musician is not only to play the instrument or to sing, you got to be creative at the same spot like an artist too, so this was the chance to show your abilities and that is how i produced Nadee Ganga with my own signature and I'm very happy that it has become such anthem in our country.
මම
civilization one සමග ඔබේ අත්දැකීම් කෙබඳුද?
chithral
Honestly, Civilization One we played Twice in Sri Lanka at the TNL Onstage Concert at the Convention Center in Colombo in 2008 and 2009, this gave our rock musicians a huge impact. Right now i have no idea about Civilization One cos. I'm moving towards my solo career in the future to be a singer,songwriter,producer and to compose music for films.
මම
දබුළු ගලේ ගීතය රොක් ශෛලියෙන් නිමැවීමට සිතුවෙ ඇයි?
chithral
Honestly, it is not a rock arrangement at all:) A lot of people in sri lanka think i have damaged the song, there is no damage at all on it, all i did was making it a smooth sentimental and a new age type of arrangement.
මම
ඉතින් චිටී තවත් මොනවද ඔබට කියන්න තිබෙන දෙවල් ?
chithral
I thank you all from the bottom of my heart for all your positive feedbacks and comments, stay tuned to hear more from me in the near future:)
චින්තක ටිකිරිබණ්ඩාර.
මමනම් මොහු ගැන අහලා නෑ.. නදී ගංගා තීරයේ ගීතය අහලා තිබුනට ඒක කියන්නෙ මොහු බව දැන උන්නේ නෑ...
ReplyDeleteඔන්න දැන් දන්නවානෙ සෙන්නා.
Deleteචිත්‍රාල්ගෙ හඬ රොක් සංගීතයට ගැලපෙන හඬක් කියල වැඩියෙන්ම තේරුනේ ඔහුගේ නදී ගංගා තරණයේ ගීතය ඇසුනට පස්සෙයි..මම හිතන්නෙ මාපිය දායාදයෙන් ලැබුන හඬක්. චිත්‍රා සෝමපාලයින්ගෙ හඬත් ගැඹුරු හඩක්නේ..
ReplyDeleteඔහු කියන අකාරයට ලංකාවේ බහුතරයක් හිතුවත් දඹුළුගලේ ගීතයට ඔහු අසාධාරණයක් කලා කියල..මම නම් හිතන්නෙ ඔහුගේ හඬින් ඒ ගීතයට අමුතුව ජීවයක් ලැබුනා කියලයි...මොනවා උනත් මම කැමතිම ගැඹුරු පිරිමි හඬක් ඔහු සතුයි..ඒ හඬ ඔස්සේ ඇදි ආ නදී ගංගා තරණයේ ගීතය මම මේ දැනුත් අසමින් ඉන්නවා... ඒ හඬ අපූරුයි...
ලිහිණිව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම ඔහු කියන විදිහටම දඹුළුගලේ ගීතය අළුත් පරම්පරාව ආදරයෙන් වැළදගන්නා සහ ඒ රිදමයට ගැළපෙනම එකක් කියලා තමා මටත් හිතෙන්නේ.
Deleteනියමයි රතුවෝ. මෙන්න නියම මාධ්‍යෙවේදීන්.. දිගටම කරන්න.. ඕක පත්තරේ දාපිය...
ReplyDeleteමචෝ මාර පුදුමයි බං. මං අද නෙව උඹව ෆලෝ කරේ..කාරි නෑ ඉතිං වෙන ක්‍රම තියෙනවනේ...
Deleteඋඹේ හෘදයාංගම කොමෙන්ටුවට බොහෝම ස්තූතියි මචෝ.
Deleteපත්තරේ දාන්න තමා බොල හිතන් ඉන්නේ.
නදී ගංග තරණයේ සින්දුව පට්ටම ගති. සින්දුවට ආස වුනාට ඒක කියන්නේ කවුද කියලා දනන් හිටියේ නෑනෙ.
ReplyDeleteඔන්න දැන් දන්නවා නෙ සිතුම්. එදා සිවිල් පිට ආවෙ මොකෝ ?
Delete"නදී ගංගා තරණයේ" ගීතයේ ඔරිජිනල් එක "Many Rivers to Cross" රෙගේ සින්දුවක් නේ. ඒක රොක් කරපු ඒක තමයි නියම වැඩේ. ඇයි දන්නේ නෑ ඒ සින්දුව රොක් කරන්න හිතුනේ? චිත්‍රාල්ට සමහරවිට හිතෙන්න ඇති ඒක රොක් කරාම ගතියක් තියෙයි කියලා.
ReplyDeletemany rivers to cross ගායකයන් ගණනාවක් ගායනා කළ ගීතයක්. මම දන්න තරමින් චාමර , ජිමී ක්ලිෆ්ගෙ ඔර්ජිනල් එක රෙගේ නෙමෙයි.ඒත් ඒ ගැන හොයලා බලන්න ඕනෙ.
DeleteJimmy Cliff කියන many rivers to cross ඔර්ජිනල් සින්දුව රෙගේ වර්ගයට තමා අයිති
Deleteවිස්තර මෙතන තියෙනවා..
සින්දුව මම දන්න හැටියට ජිමි ක්ලිෆ් හැට ගනන්වල ලිවුව එයාගෙම එකක් ගොස්පෙල් වලට කිට්ටුව වගේ.... මේක බොබිත් (Bob Marley)කියනව රෙගේ ස්ටයිල් එකෙන්.. ඒත් මම අහලතියෙන ලස්සනම එක තමයි Joe Cocker බ්ලූස් ස්ටයිල් එකෙන් කියන. එක අහල බලන්න ඒක.......http://www.youtube.com/watch?v=EyTzBnk3ilg
DeleteX-Porter
ආහ්.. මම මේ බොලොක්කෙට කෝඩුකාරයෙක් නේහ්... චිත්‍රාල් කියන්නෙ අපේ කාලෙ හිටය සහ අපිට රොක් උන බෝකරපු පොර....නදීක ජයවර්දනත් හොඳ රොක් හඬක් තමයි චිත්රාල්ලගෙ රස්නෙන් හැදුනු.
DeleteX-Porter
@X-Porter
Deleteමේ පැත්තට ගොඩ වුණාට බොහෝම ස්තූතියි. ඇත්තටම මට තියෙන ගැටළුව තමයි රොක් උණ බෝ කරගත්තත් අපේ උන්ගෙන් එකෙක් වත් ඊට පස්සේ රොක් ගායකයෙක් විදිහට මතු නොවුණේ ඇයි කියන එකයි. ජිමී ක්ලිෆ්ගේ ඔර්ජිනල් එකත් එක්ක බැලුවම නම් මට නදී ගංගා මාර විශිෂ්ටයි.
@ලිහිණි
බොහොමත් ස්තූතියි ලිහිණි.
@ X-Porter
Delete//.....නදීක ජයවර්දනත් හොඳ රොක් හඬක් තමයි චිත්රාල්ලගෙ රස්නෙන් හැදුනු...//
මෙන්න ඒක නදීකම කියන හැටි
http://www.youtube.com/watch?v=7qftMIxek_g
අපේ හසිතත් පට්ට රොක් රසිකයෙක් හැඩයි.
Deleteතැන්කු වේවා ලින්කුවට
සමාවෙන්න ප්‍රමාද වුනාට මේ ගැන ලියන්න. මම ඒ සින්දු දෙකටම ආසයි. ඒ කියන්නේ ජිමී ක්ලිෆ්ගේ ඔරිජිනල් එකයි, චිත්‍රාල්ගේ එකයි. නදීක සහ Joe දෙන්නත් තමන්ගේ ශෛලියට ලස්සනට කියනවා.
Deleteජිමී ක්ලිෆ්ගේ ඔරිජිනල් සින්දුව පටන් ගනිද්දී රෙගේ කියලා නොහිතුනාට සින්දුව අහගෙන යනකොට රෙගේ ගතිය තියෙනවා. මේ සින්දුව Gospel මියුසික් ගනයටත් දාන්න පුළුවන් කියනවා නේ. මට ඒ මියුසික් ගැන නම් දැනුමක් නැහැ. නමුත් ඒ මියුසික් රටින් රටට වෙනස් ශෛලීන් තියෙනවාලු නේ. රෙගේ කියන්නෙත් වෙනත් සංගීත ශෛලිවල ආභාෂ ලැබුන සංගීත ශෛලියක් නේ. එහෙම බැලුවම අපිට එක තැනකට කොටු කරලා ජිමී ක්ලිෆ්ගේ සින්දුව සලකන්න බැහැ කියලා මම හිතනවා. මට නම් එතන රෙගේ ශෛලියක් දැනෙනවා. බොබ් මාර්ලිගේ සමහර සින්දු තමයි මට මතක් වෙන්නේ ඒ සින්දුව අහද්දී. No Woman No Cry වගේ...
චිත්‍රාල් සිරසට ගීයක් කලා ඔලිම්පික් වලට. පහළ තියෙන්නේ ඒ ලින්ක් එක. ඕකෙම ඉන්ගිරිස් එකකුත් තියෙනවා.
ReplyDeletehttp://www.youtube.com/watch?v=TtS7TlXeAQg
ඌ ඉන්ගිරිසියෙන් දුන්න උත්තර හිංගලෙන් දැම්ම නම් වටිනවා.. ග්‍රේට් පෝස්ට් බෝයි.....
සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. ලින්ක් එකට බොහොමත් ස්තූතියි. සිංහලෙන් දැම්මේ නැත්තේ මේක පත්තරේට ලියන්න හිතාගෙන ඉන්න නිසයි.
Deleteචිත්‍රාල් කියන්නේ ලංකාවේ හාඩ් රොක් වල පෙරමග ලකුණ.මට තේරෙන්නේ නැති එකම දේ ඒ පිටරට නියම හාර්ඩ් රොක් ශිල්පියෙකුකේ පෙනුම ඔහුටත් ලැබුනේ කොහොමද කියන එක.
ReplyDeleteඒක නම් ඇත්තම කතාව. චිත්‍රාල්ට ලෝකේ ඕනෙම රොක් ගායකයෙක් එක්ක කරට කර ඉන්න පුළුවන් බාහිර පෙනුමකුත් තියෙන්වා ..ඒකත් පට්ට.
Deleteහොද ලිපියක් සහෝ.මන් ආසම සින්දුවක් තමා "නදී ගංගා.."
ReplyDeleteස්තූතියි මචං.
Deleteසුප්පා ඈ!! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි මචෝ. පිටරට සංචාරයට සුබපැතුම්.
Deleteමං නම් චිත්‍රාල් ගැන අහල තිබුනේ නෑ.. දැන් නම් සින්දුව අහන ගමන්.. වොයිස් එක නම් මරු..
ReplyDeleteමරුයි කියන්නේ ඒක පට්ටම වොයිස් එකක් චන්දන.
Deleteසින්දුව නම් අහල තියෙනවා..ආහපු ඩවුන්ලෝඩ් කර ගත්තා .. එළ ආ..
ReplyDeleteතැන්කූ ආ.....
Deleteමේක නම් රාමු කරලා බිත්තියේ ගහන්න වටින පෝස්ට් එකක්..:)නදී ගOගා සින්දුව තරම් මගේ හිත ගත්ත සින්හල රොක් සින්දුවක් නම් තවත් නෑ..මම මුලින්ම ගිටාර් එකේ පුරුදු වෙච්ච සින්දුවත් මේක...:).වෙලාවට තවම මේක අපේ රටේ "දක්ශ" නව පරපුරේ ගායකයෝ මේක ර්රමික්ස් කලේ නෑ..:).මේ සින්දුව නම් කවදාවත් අහලා එපාවෙන එකක් නම් නෙවෙයි..led zipplin ලාගේ stairway to heaven වගේ කොච්චර ඇහුවත් නැවුම් බව නැතිවෙන්නේ නැතිවෙනේ නෑ. ගොඩක්ම ස්තූතියි මේ වගේ ලිපියක් පලකලාට...මේ අඩවියට ආවේ මුල් වතාවට..අනිවා ඉදිරියටත් එනවා..:).මුලු හදවතින්ම චිත්‍රාල් සෝමපාල නැමති ඒ සිරා ගායකයාට සුබපතනවා..පුලුවන්නම් එතුමාගෙන් අහන්න නැවත ලOකාවේ අපි වෙනුවෙන් නදී ගOගා වගේ නිර්මාන කරනවද කියලා..
ReplyDeleteඅනිවාර්යෙන්ම අහන්නම් සුදාරක. උඹේ මේ කොමෙන්ටුව මට පුදුමාකාර සතුටක් ගෙනාවා. හැමදාම වරෙන් කියලා තමයි කියන්නේ. ජය වේවා...
Deleteමේ පෝස්ටුව වෙනුවෙන් රතු ඔබට මං කියනවා ඔබ සුපිරි පොරක්.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
උඹේ කොමෙන්ටුව මට ඇත්තටම හීනී ආඩම්බරයක් ගෙනාවා නලියා. මේ වැඩේ කරේ මට තියෙන රොක් උන්මාදය නිසාම තමයි. උඹට බොහොමත් ස්තූතියි.
Deleteඅර ටික සිංහලෙන් දැම්මා නං වටිනවා
ReplyDeleteඕක බියර් කමර්ෂල් එකක ජීංගල් එකක් විදිහට පාවිච්චි කලා මතකයි මතකයි වාගේ
ඔව් අටම් මස්සිනේ ..ඒක සැඟවිය යුතු කාරණාවක් නෙමෙයි. චිත්‍රාල් ලයන් බියර් ඇඩ් එකකට ඕක ගත්තා .
Deleteචිත්‍රාල් ගෙ නදී ගංගා සින්දුවට මම ගොඩක් ආසයි.. නදීක ගුරුගේත් චිත්‍රාල් ගෙ හඩට ටිකක් සමානයි වගේ නේද ..
ReplyDeleteඑහෙමද චමියෝ ..මම ඒක මාක් කෙරුවෙ නෑ. කෝ බොල බොගෙ පෝස්ටුව? මොකෑ ආයිත් අකුළ ගත්තේ ?
Deleteපට්ට.....
ReplyDeleteලංකාවේ රොක් සංගීතයට ලොකුම සේවයක් කරපු මිනිස්සු දෙන්නයි.
එකෙක් මේ.
අනිකා තමා TNL Radio එකේ හිටිය Damian. සම්හරු මේ ඩේමියන් කියන නමින් තමා ඔහුව දන්නෙ නමුත් ඇත්තටම කවුද කියලා දන්නේ නෑ ගොඩක් අය. අද වෙනකොට ඩේමින් TNL ගුවන් විදුලියේ නෑ. ඔහු ව්එන කවුරුවත් නෙමෙයි. Independence Square ගායන කන්ඩායමේ ලීඩ් වෝකලිස්ට් අනිල් බාලසූරිය.
චින්තා මචං සන්තෝසයි මම වගේ අමු රොක් පිස්සෙක් අඳූරගන්න ලැබීම ගැන.
.උඹ කියන කතාවට මමත් එකඟයි. ඩේමින් වැඩිය එළියට ආවේ නැතත් අගනුවරාසන්න රොක් පිස්සන්ට ඌ අමුත්තෙක් නෙමෙයි.ඒ වගේම TNL එක තමයි ලංකාවෙ රොක් සංගිතය වෙනුවෙන් සෑහෙන වැඩකොටසක් ඉටු කරපු චැනල් එක .මටත් උඹ වගේ රොක් පිස්සේක් හදුනා ගන්න ලැබුණු එක ගැන නම් සතුටුයි ටීමා.
Deleteබොලේ කමෙන්ටුව මෙන්න පොස්ට් එකක?
ReplyDeleteනදී ගංගා තරණයේ කියන්නේ ලස්සන සිංදුවක් .....අහන්කොට මයිල් ඉස්මයිල් වෙනවා.... ජිමී ක්ලිෆ් ගේ මේනි රිවර්ස් ටු ක්‍රොස් ...එකේ ඔරිජිනල් එක ක්ලෑසික් එකක්.....
මයියා උඹේ වචන ටික තමයි ටොපික් එකට ගත්තේ .
Deleteකොමෙන්ටුව පළ කරන්න උඹේ අවසරය ගන්න නම් බැරි වුණා තමයි.
ස්තූතියි උඹට.
පට්ටයි රතු...
ReplyDeleteමම චිත්‍රාල්ගෙ පිළිතුරු සියල්ල කියවා බැලුවා... සංගීතය නම් විෂය පිළිබද ඔහුගේ අදහස් සමග මටත් විවාදයක් නෑ... ඒ උනාට දඹුලු ගලේ ගීතයට යම් හානියක් වෙලා තියෙනවා කියලා හිතෙනවා ඔහුගේ සිංහල නුහුරු උච්චාරනය නිසා... ඇත්තටම චිත්‍රාල්ට සිංහල කථා කරන්න බැරිද... නදී ගංගා ගීතය ගැන නම් කියන්න වදන් නෑ..ඒක පට්ටම පට්ටයි....
රතු එක්ක පොඩි වැඩක් කථා කරගන්න තියෙනවා... මට දුරබනුවෙ අංකය මේලයක් දාන්න පුලුවන්ද ?
ඔබට ජය !
උඹටත් ජය
Deleteමම ඒත් බැලුවා උබ ජංජාලේ පේන්න හිටියේ නැත්තේ මොකෑ කියලා .
.එයා හොදට සිංහල කතා කරනවා මචං. මම හිතන්නේ මිනිහා රොක් කියලම උච්චාරණය ඒ අනුව වෙනස් වෙලා ..අර දුටුගැමුණු කියන තැන ඒ වචනේ හරියට නොකියවීම නම් සෑහෙන අඩුපාඩුවක් තමයි.
අනිවා මේල් කරන්නම් සිරා ..දැන් දානවා.
මමත් රොක් ලවර් කෙනෙක් තමයි. මගෙ ප්‍රියතම බෑන්ඩ් එකක් Queen.
ReplyDeleteනමුත් මම චිත්‍රාල් ගැන නම් උඹ කියනකල් දැනගෙන නොහිටිය එක ගැන කණගාටුයි. ඔන්න දැන් දන්නවා.
සමාවෙයං පරක්කු වුනාට. ඊටී ජාලෙ පැත්තෙ ආවෙත් නෑ බං. පට්ට බිසි.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මමත් queen ලා අහලා තියෙනවා. ඒ වගේම the who කියන්නෙත් මගේ ෆේවරිඅට් බෑන්ඩ් එකක් හෙන්රි අයියේ ..ඒක සමාව ගන්න ඕනෙ කාරණාවක් නෙමෙයි හෙන්රි අයියේ.මේක උඹ බැලුවයි කියන එක තමයි සතුට.
Deleteපොර හිටියාද අර ජිප්සීස් ලා ගේ ලොවේ සැමා හරි This land belongs to me කියන සින්දු දෙකෙන් එකක?
ReplyDeleteඇත්තටම කකා ඒ ගැන නම් කියන්න දන්නේ නෑ මම හරියටම. මම චිත්‍රාල්ට ඊයක් විදලා බලන්නම්.
Deleteඒ සින්දුව මගේ ආසම සින්දු වලින් එකක් හැබැයි මම අදයි දන්නේ කවුද ගායකයා කියල නියම පොස්ටුව.
ReplyDeleteකෝරලේ වලව්ව
බොහෝම ස්තූතියි කෝරලේ මහත්තයෝ...
Deleteජිමී ක්ලිෆ්ගේ සිංදුවටත් වඩා සිරා විදිහට [මට හිතෙන විදිහට] චිත්‍රාල් නදී ගංගා ගීතය ගායනා කළා. හුඟක් දෙනා කිව්වා වගේ ලයන් බියර් ඇඩ් එකෙන් තමා ඒක නැගලා ගියේ.
ReplyDeleteපස්සේ කාලේ නදීක ජයවර්ධන [සිහිනයක් ඇල්බම් එක කළේ] ඉරාජ්ගේ ඇල්බම් එකකට "නදී ගංගා තරනයේ" සිංදුව ගායනා කළා. ඒ සිංදුවේ සංගීතය කළේ මම දන්න විදිහට ඉරාජ්. ඒක නම් හුඟක්ම දේශීය සංගීතයට සමාන වුණා.
සිරසට කරපු ඔලිම්පික් ගීතය වගේම, දඹුළු ගලේ ගීතයත් අහලා නම් තියෙනවා. ඒ ඇරෙන්න අලුතෙන් සිංහල සිංදුවක් කරන්න චිත්‍රාල්ට අදහසක් නැද්ද කියලා පුලුවන් නම් අහන්න.
ඒ වගේමයි නදී ගංගා ගීතයට විෂුවල් එකක් කරනවා කියලා. ඒකේ trailer එකක් හුඟ කාලෙකට කලින් චිටීගේ ෆේස්බුක් එකවුන්ට් එකේ දාලා තිබුණා. ඒ විෂුවල් එක පරක්කු මොකද කියලාත් අහන්න...
ආයුබොවන් හසිත. කාලෙකට පස්සේ. ඇත්ත. මටත් ජිමී ක්ලිෆ්ගෙ සිංදුවට වඩා මේක මාර විදිහට වැදුණා. මම දන්න තරමින් නම් හසිත චිටී විෂුවල් එකක් කරලා තියෙන්නේ, ඒක ඩිරෙක්ට් කරේ ප්‍රියන්ත කොළඹගේ.
Deleteමේ දවස්වල ටිකක් වැඩ වැඩියි. සෙමෙස්ටර් එකේ අන්තිම දවස් කිට්ටු වේගෙන එන නිසා තමා මේ ඔක්කෝම :)
Deleteවිෂුවල් එක කරපු බව නම් දන්නවා. ඒත් ඒක එළියට දැම්මේ නැහැ මම දන්න තරමින්. යූටියුබ් එකේවත් මට ඒක හම්බවෙලා නැහැ. මේ තියෙන්නේ චිටීගේ එෆ්බී එකවුන්ට් එකේ තියෙන ඒ වීඩියෝ එකේ ට්‍රේලර් එක
http://www.facebook.com/photo.php?v=10150242644714236&set=t.530549235&type=3&theater
@හසිත
Deleteලින්කුවට ස්තූතියි මල්ලි.
අධ්‍යාපනික කටයුතුවලට බාධා නොකරගෙන බ්ලොග් පැත්තෙත් ඇවිත් යන්න.
චිටිගේ first ever sri lankan ඇල්බම් එක පිට වෙනවා මේ දවස් වල (September). ඇමසන් එකෙන් ගන්න පුළුවන් කතාවක් දැක්කා.
ReplyDelete