Google+ Followers

2014/11/16

මඩොල් දුවෙන් ඔබ්බට පැද යන්න.


සිංහලෙන් කියවන අපේ පරම්පරාවේ කිසිවෙකුටත් වික්‍රමසිංහ මහත්තයාගේ මඩොල් දූව පහසුවෙන් මතකයෙන් මැකී යන්නේ නැහැ.උපාලි ගිනිවැල්ලේ ,ජින්නා,පොඩි ගමරාළ, කට්ට කෛරාටික වෙට්ට පිත්තල සුරංචියා, අද්භූත ආගන්තුකයෙක් වූ නාගයා,ගිනි වට්ටියක් හිසින් ගත් මිනිසා, මේ හැමදේම පුංචි කාලේ අපේ සුන්දර සිහින මුද්‍රාවන්.යව්වන සාහිත්‍ය රසිකයන් විදිහට අපේ කියවීමේ තිබහ ඇති කළ ලුණුමිරිස වුනේ මඩොල් දූව. උපාලි සහ ජින්නා ගේ කතාව විසින් ඇති කරනු ලැබූ උත්කර්ශය කොතරම්ද යත් මඩොල් දූව කෘතිය ගෙඩි පිටින් කොපි කරමින් කපුටු දූව නමින් පිටු 40 ඇක්සයිස් පොතක කතාවක් ලිවීමටත් මා පෙළබුනා.


අපේ යොවුන් සාහිත්‍යය කෘති එකතුවේ මුදුන් මල්කඩ මඩොල් දූව බවට විවාදයක් නැහැ.තමන්ගේම නව ලෝකයක් සොයා යන ගැටවරයන් දෙදෙනෙකුගේ අභියෝගාත්මක ජීවන සුවිසැරිය මඩොල් දූවේ පමණක් නොව ඉන්පසුව ලියැවුණු බොහෝ යොවුන් නවකතාවල කතා වස්තුව බවට පත්වුණා.නැත්නම් බොහෝ සෙයින් ඊට සමාන කතා වස්තූන් වුණා.මඩොල් දූවේ සංකල්පීය ආකෘතියෙන් ගැළවීමට නොහැකි වූ යොවුන් නවකතා බොහෝ ගණනක් මා කියවා තිබෙනවා.
මඩොල් දූවට පසුව මා ආශාවෙන් කියවූයේ කුලසේන ෆොන්සේකා ගේ යොවුන් නවකතා. යම් යම් සුවිශේෂීතාවයන් තිබුණා වුවත් රංසිරිගේ සංග්‍රාමය ඇරුණු කල ඔහුගේ තුන් යහළු වික්‍රමය, කල්ලන් දූවේ මුතු කොල්ලය සහ සෝමපුර වීරයෝ වික්‍රමසිංහ සූරීන්ගේ මඩොල් දූ ආකෘතියම වූවා.නමුත් රංසිරිගේ සංග්‍රාමය වෙනස්ම මාතෘකාවක් සාකච්ඡාවට ලක්කරනු ලැබුවා.
සිරිල් පෙරේරා නැත්නම් සිරිල් කොඩිකාර හෝ ඊට කිට්ටුවෙන් යන නමක් හිමි ලේඛකයෙක් ගේ අපූරු නවකතා දෙකක් මට තවමත් මතකයි.ඉන් එකක නම වයිටා. පවුලක දරුවන් කිහිපදෙනෙකුගේ සෙනෙහසට මැදිවුණු
බලු සුරතලෙකුගේ කතාවක්.එහි අවසානය එවක ගැටවරයෙක් වූ මගේ හදවත කම්පනය කළා.ඔහුගේම උත්සාහය උක් දණ්ඩක් වැන්නේ යන නවකතාව ද වෙනමම ඉසව්වක් ස්පර්ශ කළ එකක්.තමන්ගේම නිවසක් තනා ගැනීමේ අරමුණෙන් නොපසුබට වීර්යෙන් කටයුතු කරන තරුණයකුගේ ආත්මාවලෝකනය එහි ගැබ්ව තිබුණා. මේ ලේඛකයා විසින්ම රචනා කරන ලද වරුණ සහ උදාර කියන නමින් තවත් පුංචි කතා පොත් දෙකක් කඳවුර කණිෂ්ඨ විදුහලේ පාසල් පුස්තකාලයේ තිබුනා මට මතකයි.
පාළු දූපත කියන්නෙත් මා දැඩි ආශාවකින් කියවූ පොතක්.ඇත්තටම එහි ලේඛකයා නම් මට නිච්චියටම මතක නැහැ.මෙයත් දූපතක හිරවූ කුඩා කොලු ගැටවුන් දෙදෙනෙකුගේ කතාවක්.නමුත් පාළු දූපතේ සුවිශේෂීත්වය වුණේ එහි අන්තර්ගතයට සරල විද්‍යාත්මක කරුණු කාරනා ඇතුළත් කර තිබීමයි.ඇත්තටම එය ඉතා හොඳ සාහිත්‍යමය ප්‍රවණතාවයකට හරවා ගත හැකිව තිබූ නමුත් එසේ වූවේ නැහැ.යොවුන් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යක් අපේ රටේ ගොඩ නැගුණේ නැහැ.
ටී.බී ඉලංගරත්නය අඹ යහළුවෝ. මගේ සිත එතරම් තදින් පැහැරගත්ත කෘතියක් නොවෙයි.ඒ ඇයි කියා පැහැදිලි කරන්නට ත් හේතු සාධකත් මට නැහැ.කොහොම නමුත් එතුමාගේම හපනා. මා ඉතා ආශාවෙන් කියෙව්වා. හපනා කෘතියේ අඩංගු වීර වික්‍රමාන්විත ක්‍රියා වලට මගේ ගැටවර සිත ඇලුම් කළා කියලයි මට හිතෙන්නේ.හැබැයි ඇත්තම කීවොත් නම් හපනා ගැන මට තියෙන්නේ සෙවණැලි මතකයක් විතරයි.ඉලංගරත්නයන් ගේ කෘතිවල කිසියම් සාම්ප්‍රදායික ගතියක් ගැබ්ව තිබුණාදෝ කියලාත් මට හිතෙනවා.දුප්පත් පවුලක් ,පොහොසත් පවුලක්, පොහොසත් පවුලෙන් දුප්පත් පවුලට වෙන හිරිහැර ,අන්තිමේ පොහොසත් පවුල පිරිහෙන හැටි.....මෙන්න මේක අර සාම්ප්‍රදායික රාමුවනේ.
කඳවුර කණිෂ්ඨයේ දී තමයි මම වැඩිපුරම පොත් කියෙව්වේ. ඒ පුංචි පුස්තකාලයේ පැපොල් ගහ කන්දේ අභිරහස කියලා පොතක් තිබුණා මට මතකයි.ඒක මම ආශාවෙන් කියෙව්වා කියලත් මතකයි.නමුත් මොන වගේ කතාවක් ද කියලා හරි, කතුවරයා කවුද කියලා හරි මට හරියටම නිච්චියක් නැහැ.
දොන් පීටර් පියතුමා හරි ඊට සමාන නමක් තියෙන කතෝලික පියතුමෙක් ලියූ විදුහලේ විත්ති. කියන පොතත් හරිම අපූරු වෙනස්ම මානයකින් ලියවුණු යොවුන් නවකතාවක්.ඒ කතුවරයාම ලියූ තවත් අපූරු පොතකින් උපුටා ගත්තු කොටසක් අපේ 5 වසරේ සිංහල පොතේ පාඩමක් විදිහට යොදාගෙන තිබුණා මතකයි.මහා ඝන වනාන්තරයක අතරමං වන ගැටවරයන් තුන් දෙනෙක් පිළිබඳ කතාවක්.

ඇත්තටම අපේ කාලයේ අප කියවූ යොවුන් නවකතා ගැන මේ කතාබහේ මූලික අරමුණ වුණේ අප සියල්ලන් කියවූ යොවුන් නවකතා ගැන විස්තර, ඒ පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමයි.නොදන්නා දේ දැන ගැනීමයි. 

23 comments:

  1. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    මේ ලින්ක් එකට ගිහින් උඩම තියන 'DL-Manel-bold --> Unicode' option එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ලිපිය උඩ කොටුවේ පේස්ට් කරන්න... ඒක යුනිකෝඩ් වලට හරවලා යට කොටුවෙන් පෙන්නනවා... ඒකෙ සුලු සුලු නිවැරදි කිරීම් ටිකක් කරලා හදාගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. උඹට බොහෝම ස්තූතියි තිසර . ඔන්න කිව්ව විදිහටම කළා.ඒ වුණත් මම මේක ටයිප් කෙරුවේ එෆ් එම් අභය බෝල්ඩ් එකෙන්. එතකොට ඩී.එල් මානෙල් එකට ඒක සපෝර්ට් කරන්නේ කොහොමද ?

      Delete
    2. කිව්වට වෙලා නෑ! අපිට ( යුනිකෝඩ් දගෙන නැති වින් 8 වලින් වැඩ අයට ) තාම පේන්නෙ නැත!

      Delete
    3. වින් එයිට් වලට යුනිකෝඩ් ඔබන්නෙ අහවල් එක්කටද ඉන්දිකය්ය
      මේ මටත් පේන්නෙ හොදට

      Delete
    4. පෙත්තප්පු කියල සොට්ටෙයා කෑප්පක් තියේ ඒකට පුලුවන් යුනිකෝඩ් වලින් ලියන ඒව අනෙක් පොන්ට් වලට හරවන්නයි අනේකවගෙන් ලියන ඒව යුනිකෝඩ් කරන්නයි...

      Delete
    5. http://www.sandriesoft.com/2013/03/PETHTHAPPU-SOFTWARE.html

      http://www.serandibsoft.com/peththappu.html

      ඔය ලිංක් දෙකෙන් ඕන එක්කින් බාගන්න පුලුවන් මීට පස්සෙ එහෙම පුරස්න ඇතිව ලියනව එහෙම නෙවී ඒන්

      Delete
    6. පෙත්තප්පුත් නරකම නෑ. ඕන්න බාගත්තා. ස්තූතියි මහේෂ්

      Delete
  2. චැහ් මේක ඉඳල ඉඳල දාපු එක පේන්නෙ නෑනෙ. ඔන්න තිසර කිව්ව දේ කරහන්, එතකොට හරි.

    ReplyDelete
    Replies
    1. මොකද මචං මේකට කරන්නේ ,දන්න සාස්තරේ ඔක්කොම දාලා බැලුවා.

      Delete
    2. දැන් හරි බන්. පේනව. හිටහන් කියවල කමෙන්ට් එකක් දාන්න.

      Delete
  3. රතූ කාලෙකින් !

    උඹ ඔය කියපු ලිස්ට් එකේ හුඟක් පොත් මමත් කියවල තියෙනව. ඒ කාලෙ මමත් කියවපු තරමක් කියෙව්වෙ පුස්තකාලෙන් අරගත්තු පොත්. උඹට කියන්න මම ඊයෙත් සරසවි එකට ගියපු වෙලාවෙ දැකල කුලසේන ෆොන්සේකගෙ කල්ලන්දූවෙ මුතු කොල්ලය පොත අරගත්තා. ආයෙත් කියවන්න ආසාවට. පහුගිය කාලෙ ඒ පොත් මුද්‍රණයෙ තිබුනෙ නෑ මම හිතන්නෙ. (පොත් පොඩි උනාට දැන්නම් මිල ටිකක් වැඩියි)

    ඉලංගරත්න මහත්තයගෙ පොත්වල භාවිත කරල තියෙන භාෂා ශෛලිය මටත් ටිකක් දිරවන්නෙ නැති ගතියක් තිබුනා. ඒත් කතාව කියවල දැනගන්න තියෙන ආශාව නිසා කියෙව්වා.

    අර නම ආචාර්ය දොන් පීටර් පියතුමා තමයි. මම එයාගෙ පොත් කීපයක්ම කියෙව්ව මතකයි. ගැටකපන කොල්ලා, අමල්ගෙ බල්ලා, විදුහලේ විත්ති.

    පාළු දූපත වගේ පොතක් මමත් කියෙව්වා මතකයි. ඒකෙ නම් තිබුනෙ කරවල වාඩියකට අල්ලගෙන ගියපු ළමයිගෙන් ඉතුරුවෙන ළමයි දෙන්නෙක් දූපතේ ජීවත් වෙන හැටි. උඹ කිව්ව වගේ ඒ ළමයි ඉගෙන ගත්තු සරල විද්‍යා දැනුම යොදා ගන්න අවස්ථා ඒකෙ තිබුනා. ඔය කියන්නෙ ඒ පොතමද මන්දා. මටත් ඒ ගැන එච්චරම මතක නෑ. තව ටිකිරි බණ්ඩා හා සුපිරි බණ්ඩා කියල රහස් පරීක්‍ෂක ළමා කතාවක්, හනුමන්ගිර, මිතුරෝ, පුලතිසිගෙ දරුවො, සක්වල වහල්ලු, ඉහට වහළක්, පුංචි සටනක්, කඳුළු වැල්ලේ කතාව, පුංචි රහස් පරීක්ෂකයො, බූරු පොරය, සම්පත් දූපත වගේ පොත් තිබුනා. දැන් නම් මතකත් නෑ, හුඟක් ඒවයෙ කතාවවත් මතක නෑ.

    ඒ කාලෙ හරි සුන්දර මතකයන්. ස්තූතියි රතූ, ඒ ගැන නැවත මතක් කළාට.

    ReplyDelete
    Replies
    1. අර පොතේ නම "වනගත් ළමෝ"-ආචාර්යය දොන් පීටර් පියතුමා.එතුමාගේ පොත් වලින් ඉහත නම සදහන් නොවිච්ච මම කියවපු තව පොත් දෙකක්නම්,
      ඩින්කි,හොල්මන් දූපත.
      හනුමන්ගිර නම් බොහෝම පරන පොතක්.ඒක නැවත මුද්‍රණයට පිටපත හොයා ගත්ත හැටිගැන ලස්සන කතාවක් ඒ පොතේම පෙරවදනෙ තියනව.
      දොඹගල නිධානය,ගුරු පඬුරු,වීරියවන්තයෝ,දිරිය දරුවෝ,පින් ළමයා(3),බක්මහේ නිවාඩුව,ගිම්හානයේ ව්ක්‍රමයක්,කම්මලේ දෝන්කාරය,මල්ලිගේ විත්ති.......
      අම්මෝ,මතක් වෙන කොට පිස්සු වගෙයි.

      Delete
    2. ඩින්කි කියන්නෙ අර ඉස්කෝලෙ බූරුවගෙ කතාව නේද.. ඒක මරු... හි හි...

      පාළු දූපත මොකක් හරි විද්‍යා ප්‍රබන්ධ තරඟෙකින් දිනපු එකක්.. මගෙ ගෙදර පොත් රැක් එකේ තියෙනව.. කතුවරයගෙ නම පස්සෙ දාන්නං මේකෙම.. ( ආසම පොත් වලින් වැඩි හරියක් ගෙදර තියලනෙ ආවෙ..)

      මල්ලිගෙ විත්ති, පස්වෙනියත් පුතෙක්... හපනා.... සෝමපුර වීරයො.. ම්ම්ම්... බස්තියන්ගෙ සොහොන....

      මට මේ ළඟදි අහු උනා පන්නිපිටියෙ ධර්මපාලෙ ගුරුවරියක් ලියපු පොතක්... ගමට අපේ හඳ පායා වගේ නමක්... කතාව ටිකක් වෙනස් කරල ඒත් පරණ ආකෘතියටම තමයි... එච්චර සාර්ථක නෑ... ඒත් ඔය කාටූන් නෙට්වර්ක් එකේ යන සමහර කාටූන් වලට වඩා නං හොඳයි ඉතිං...

      මං හෙන ආස පොතක් තිබ්බ කඩවර අඩවිය කියල... ඒක නං දැං මං ගාව නෑ... තව ඒ වගේ එකක් තමයි පුන් සඳ වන් පුතු කියන පොත... ඒකත් මං ගාව දැං නෑ...

      මේ මං ඔය කාලේ මගේ පොත් කියවිල්ල ගැන කලින් ලියපු පෝස්ට් එකක්...

      පොඩි කාලෙන් මතක ටිකක්....

      Delete
    3. //කරවල වාඩියකට අල්ලගෙන ගියපු ළමයිගෙන් ඉතුරුවෙන ළමයි දෙන්නෙක් දූපතේ ජීවත් වෙන හැටි.//

      මටත් මතකයි ඔය කියන පොත ගැන.අර පෙට්ටියක් අස්සේ තිබිලා බැටරි කැලි වගයක්,රේඩියෝ එකක් එහෙම හම්බ වෙන්නේ.ඔය කතාවේ නේ.විද්‍යා ප්‍රබන්ධයක් වගේ කතාවක් නේද ඕක.

      Delete
  4. අඩේ පේන්නෑනෙ බං.. :/

    ReplyDelete
    Replies
    1. දැන් පෙනේ..හැබැයි තැනින් තැන ඉංගිරිසි අකුරු ඇලවිලා..

      මඩොල් දූව කියවපු වාර ගාණ මතක නැති තරම්..
      පොත කියවල ගොඩ කාලෙකට පස්සෙ තමයි මං දැනගත්තෙ මඩොල් දූව කියල ඇත්තටම තැනක් තියනවය කියල..

      Delete
  5. බොලාගෙ ඔය ලිස්ට් එකම තමයි මගෙත් ආසම ලිස්ට් එක. මඩොල් දූව කීපාරක් කියෙවුවත් ඇති වෙන එකක් නෙමෙයි. ඒ වගේම කුලසේන ෆොන්සේකගෙ ඔය තියෙන පොත් ටිකත් මම ආසාවෙන් කියවපු ඒව තමයි. ඇඩ්වෙන්චර් කියන ඒව ගැබ්වෙලා තියෙන හින්ද වෙන්නැති ඒවට ආසාවක් ඇතිවෙන්නෙ.

    ReplyDelete
  6. වයිටා, පැපොල් ගහ කන්දේ අභිරහස. මං සෑහෙන වාර ගාණක් කියවල ඇති. තව ඒ වගෙ හිතට අල්ලපු එකක් තමයි 'රණරාල'.

    //මහා ඝන වනාන්තරයක අතරමං වන ගැටවරයන් තුන් දෙනෙක් පිළිබඳ කතාවක්'//

    නායකත්වයට ඔබින ලක්ෂණ තිලක් කෙරෙහි ස්වභාවයෙන්ම පිහිටියේ ය.

    අන්න එහෙම වාක්‍යයක් තියනව ද ඒකෙ. මට කතාව මතකයි. පොතේ නම මතක නෑ.

    රතුට කියන්න, මාත් මං කියවපු පොත් ගැන ලිපියක් ලියන්න ගිහින් නවත්තලා දැම්මා. ඒ කතුවරුන් ගෙ නම්, චරිත වල නම් මොකවත් මතක නැති නිසා.

    පුස්තකාලෙන් ගේන පොත, රසවත් නම් කීයට හරි කියවලා ඉවර කරල තමයි නවත්වන්නෙ එතකොට. මේ ලිපිය නිසා ආයෙත් ඒ මතකය අලුත් වුණා.

    ReplyDelete
  7. අපරාදේ මෙච්චර හොඳ සටහනක් ඇතුලේ මොනවාද තැන් තැන්වල ඉංග්‍රීසි අකුරු වගයක් පේනවා. මමත් ආසාවෙන් කියවපු පොත් ටිකක් තියෙනවා. සමහර ඒවා නම් මතකයේ නැහැ. ඔබ කියු පරිදි ටීබී ඉලංගරතන්ගේ පොත්වල ඒ තේමාව බොහෝ විට තියෙනවා. ඒ ඉලංගරත්නයන් වාමාංශික නැඹුරුවක් ඇති දේශපාලකයෙක්වූ නිසාද දන්නේ නැහැ.

    ReplyDelete
  8. අනිත් ඒවා කෙසේ වෙතත් මඩොල්දූව අතට ගත්නොත් අදත් මම ඒක ඉවරවෙනකම්ම කියවනවා. පොඩි එකාට ගෙනාපු මඩොල්දුව පොත ගෙදර නේ..

    ReplyDelete
  9. කල්ලන් දූවේ මුතු කොල්ලය
    සෝමපුර වීරයෝ
    නෙල්ලි කැලේ වීරයෝ
    තවත් තියේ මතක නෑඅප්ප සැක් විතරක්

    ReplyDelete
  10. මාත් කියවල තියනව ඔය හැම පොතක්ම වගේ. කොහොම උනත් මඩොල්දූවෙන් පිටට පැනපු පොත් තිබුන. දැං නං මතකයක් නෑ එ් හැටි. ආභාෂය කියන දේ වලක්වන්න බෑ මං හිතන්නෙ. මඩොල්දූවෙන් එහාට ගිහිල්ල ටොම් සෝයර්, හක්ල්බෙරි ෆින් වගේ පොත් ඔය පොත් වලට බලපාන්න ඇති.

    ReplyDelete
  11. ඔය පොත් වලින් ගොඩක් මමත් කියවලා තියෙනවා.තුන් යහළු වික්‍රමය තමයි ප්‍රියතම,මඩොල් දුවත් අමතක නොවෙන පොතක්.කල්ලන්දුවේ මුතු කොල්ලය,සෝමපුර වීරයෝ,රන්සිරිගේ සංග්‍රමය, ප්‍රමාණයෙන් කුඩා පොත් වුනත් සරළ රසස්වාදයෙන් ඉහළ පොත්.

    ReplyDelete