Google+ Followers

2012/08/06

ලන්කාවෙ කුල සම්ප්‍රදායන්

ඔබ ගොයිගමද ,පද්දෙක්ද ,කරාවෙක්ද ?

උපතින්ම කිසිවෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙන වග ධම්මපදයේත් සදහන් වෙලා තියෙනවා .ලන්කාව අවුරුදු දෙදහස් ගනණක ඉතිහාසයේ පටන්ම බණපොත කටපාඩමින් කියවාගෙන ආ සමාජයක් උනත් කුලය පිළිබද පාරම්පරික අදහස්, මතවාද, ආකල්ප වෙනස් කරාගෙන තිබෙන්නේ බොහෝම අඩුවෙන්. බැලූ බැල්මට නොපෙනුනත් ලන්කාවේ ආර්ථික, සාමාජයීය ,දේශපාලනික හා සන්ස්කෘතික යන අන්ශවලට මේ කුලය කියන සාධකය ඉතාමත් තදින් බලපාලා තිබෙනවා. ඩී. ඇස් සේනානයක විසින් ලන්කාවේ නිදහසින් පසුව පිහිටවූ මුල්ම ජනපද කිහිපයින් එකක උපන් මට කුලය කියන සාධකය සමාජය තුල ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදව පෞද්ගලික අත්දැකීම් බොහොමයක් තිබෙනවා .අඩු කුලයකයැයි සැලකුනු මිනිසුන්ට ගමේ පාසලේදී, පන්සලේදී ,පාරේදී විදින්නට සිදුවූ ගැහැට මා දැක තිබෙනවා. කුලය කියන සාධකය ඉතාම පැහැදිලිව සමාජයේ ක්‍රියාත්මක වන ආකාරය දැක බලාගන්න පුලුවන් අවස්ථාවක් තමයි පත්තරේ මන්ගල දැන්වීම් පිටුව. 


         ලන්කාවේ කුල ක්‍රමය ගැන කතා කරනකොට වැඩිපුරම මතුවෙන කතාවක් තමයි ,,ඉන්දියාවේ තරමට දරුණු ආකාරයෙන් අපේ රටේකුල ක්‍රමය ක්‍රියාත්මක වුනේ නැහැ කියන එක .ඒක ඇත්ත උනත් කුලය කියන සාධකය අපේ රටේ තීරනාත්මක ඉතිහාසික සන්සිද්දීන් වලට බලපෑම් කෙරුවා ..මේ ලිපියේ මූලික අරමුණ වෙන්නේ කුලය කියන කාරණාව මෙරට සමාජයේ ගමන් මගට බලපාන ලැබූ අකාරය පිලිබදව සලකා බැලීම තමයි .නමුත් ඊට කලින් කුලය ගැන ඔබ නොදන්නා කාරණා කිහිපයක් තිබෙනවා කියන්නට. 

ලන්කාවේ කුල නාමයන් 

  1. ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්‍රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)
  2. කරාව (මසුන් මැරීම )
  3. සලාගම -(කුරුදු තැලීම )
  4. දුරාව -(රා මැදීම )
  5. හුනු -(අළු හුනු කර්මාන්තය )
  6. ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )
  7. හේන /රදා -(රෙදි ඇපිල්ලීම )
  8. වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම) 
  9. කුබල් /බඩහැල -(වළන් සෑදීම )
  10. දුර -i.වෙල්ලදුර (ශ්‍රි මහා බෝධිය රැක ගැනීම ) ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )
  11. නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්‍ර )
  12. බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ  )
  13. ගහල -(මළ බෙර ගැසීම )
  14. කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය  )
  15. රොඩී/ හුළවාලි -(හිගමන )
මේ දක්වා තිබෙන්නෙ ලන්කාවේ සියලුම කුලයන්ගේ ලැයිස්තුවක් .නොවේ.මීට මගහැරුනු කුල බොහොමයක් තිබෙන්නට පුලුවන්. නමුත් මෙරට කුල ධූරාවලියේ පෙලගැස්ම බොහෝවිට ඉහත ලැයිස්තුවට සමපාත වෙන බව මගේ විස්වාශයයි .ඉහත දක්වා ඇති කුලයන් ඇතුලුව ලන්කාවේ සියලුම කුලයන් පහත දැක්වෙන ආකාරයෙන් වර්ග කර දක්වන්නට පුලුවන් .
  1. ගොවි කුලය 
සින්හල කුල ධූරාවලියේ ඉහලම සහ විශාලතම කුල ඒකකය වශයෙන් ගොවි කුලය හදුන්වන්නට පුලුවන්. ඉහත සටහනෙ අන්ක 1යටතේ දක්වා තිබෙන්නෙ ගොවි කුලයයි 
      2පහතරට කුල 
ඉහත සටහනේ අන්ක 2 සිට 5 දක්වා සටහන්වී තිබෙන්නේ මේ ඒකකයට අයත් කුලයන්. විශේශයෙන්ම පහතරට මුහුදුබඩ පලාත්වල මෙම වර්ගකිරීමට යටත් කුලයන් ඩැක ගත හැකියි .
      3.සේවා කුල 
අන්ක 6 සිට 12 දක්වා කුල අයත් වන්නේ සේවා කුල ගනයටයි ..සේවා කුලවල ප්‍රධාන කාර්යභාරය වූයේ තමන්ට වඩා ඉහල කුලවල අයට සේවය කිරීමටයි . ඒ නිසාමදෝ සමාජයේ ඉහල කුලවල අය අතරේ සේවා කුලවල මිනිස්සුන්ට යම් පිලිගැනීමක් ලැබී තිබුනා .
      4.කොන් වීමට ලක්වූ කුල 
.ඉහත සටහනේ අන්ක 12 න් පසුවට සදහන් වෙන කුලයන් සමාජයේ කොන් වීමට යම් තරමකට ලක්වුනා වුවත් ඉන්දියාවෙ අශ්පර්ශීය කුලයන් තරමට සමාජයෙන් ඔවුන් කොන් වීමට ලක් වූයේ නැහැ. 

         ලන්කාවේ කුල  ක්‍රමයේ සැකැස්ම ඒ ආකාරයට සරලව  දක්වන්න පුලුවන් ..මගේ ඊලග පෝස්ටුවෙන් අපේ රටේ කුල ක්‍රමය සමාජයේ ඉදිරි ගමන්ට බලපෑවේ කොහොමද කියලා ලියන්නට බලාපොරොත්තුවෙනවා ..ඒ වාගේම මේ ලිපිය ලියන්නට මහාචාර්ය කාලින්ග ටියුඩර් සිල්වා ගේ 'කුලය පන්තිය හා සමාජ ගැටුම' කියන පොත ඇසුරු කරගත් බවත් සදහන් කරන්නම ඔනේ .
චින්තක ටිකිරිබණ්ඩාර .


      



28 comments:

  1. නොක්ස් ගේ "එදා හෙළදිව" පොතත් මේ ලිපි මාලාවට මූලාශ්‍ර සපයයි කියලා හිතනවා.

    ReplyDelete
  2. අනිවාර්යෙන්ම සුමිත් අයියේ.එදා හෙලදිව කියන්නේ මෙ වැඩේදි අහක දමන්නට බැරිම පොතක්.

    ReplyDelete
  3. ඒ ගමන් මහාචාර්ය රැල්ෆ් පීරිස්ගේ සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය පොතත් හොයාගෙන කියවන්න. කුල ක්‍රමය ගැන හොඳ විස්තර ටිකක් ඒකෙත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහෝමත් ස්තූතියි හසිත මගපෙන්නුමට

      Delete
  4. පරණ ලිපි පහසුවෙන් කියවන්න පුලුවන් වෙන්න බ්ලොග් එකට blog roll එකක් එකතු කරන්න...

    ReplyDelete
  5. මම හොයමින් හිටපු කරුනු වගයක් ලැබුනා ස්තූතියි
    මේ බ්ලොග් එක සින්ඩිවලට දාලා නැද්ද
    මගේ බ්ලොග් රෝලට දාගත්තා දැන් ඉතින් මිස් වෙන්නැ

    ReplyDelete
  6. ස්තූතියි අටම්පහුර ........මම ඔබව කියවනවා... අපි අපිට සින්ඩියට දාලා තියෙන්නේ.. නැවතත් ස්තූතියි විපරමට.

    ReplyDelete
  7. මේ කියන කුල ක්‍රමය මහනුවර යුගයේ අග භාගයේදී අටව ගත්ත ඵකක්. සමහර කුල වලට දීල තියෙන්නෙ වැරදි අර්ථකතන.

    ReplyDelete
  8. ඔබ වැරදියි. කුල සම්ප්‍රදාය ඇරබෙන්නේ මහනුවර යුගයේදි හදිසියේ කඩාපාත වූ එකක් ලෙසට නොවෙයි. එය ශ්‍රි මහා බෝධිය මෙරටට වැඩම වීමත් සමග ක්‍රමිකව වර්ධනය වෙමින් ආ සම්ප්‍රදායක්.

    ReplyDelete
    Replies
    1. කුල සංකල්ප මහනුවර යුගයට වඩා පැරණියි. ඒක හරි. මම කියන්නෙ නුවර යුගයේ තිබුණ ක්‍රමය නෙවේ ඊට පෙර තිබුනෙ කියලයි

      Delete
    2. ලංකාවේ කුල ක්‍රමයක් ශ්‍රී මහා බෝධිය වැඩම කරවන්න කලිනුත් තිබ්බා වෙන්න ඕනේ. පණ්ඩුකාභය සමයේ පවා චණ්ඩාලයින් සිටි බවත් මළ සිරුරු ඉවත් කරන්න ඔවුන්ට භාර කළ බවත් කියවෙනවා. ශ්‍රී මහා බෝධියත් සමඟ කුල ක්‍රමයක් ඇතිවුණා කියනවාටත් වඩා සිදුවුණේ ශිල්ප ශ්‍රේණි 18 ක් ලංකාවට පැමිණීම.

      …අනුරාධපුර යුගයේ කුල භේදය තිබුණු හැටි ගැන මට මතක් වෙන උදාහරණයක් තමා ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න එක එක කුලවල අයට වෙනම මළු තිබුණාය කියන එක. මට රජතුමාව නම් මතක නැහැ. ඊට පසුව පොළොන්නරු යුගයේදීත් මේ තත්වය තදින්ම තිබිලා තියෙනවා. මොකද කාලිංග මාඝගේ ආක්‍රමණය ගැන කියවෙන කතාවලදී එයා කුල මිශ්‍ර කරලා තත්වය සංකීර්ණ කෙරෙව්වා කියලා කියනවා...

      Delete
    3. @AnonymousAugust 16, 2012 12:50 AM
      ,ඔව්, නුවර යුගයේ තිබූ කුල ක්‍රමය නොවේ තමයි ඊට පෙර තිබුනේ. නමුත් ලන්කාවෙ මෑත යුගයේ ක්‍රියාත්මක වූ කුල ක්‍රමය හි මූලික රූපය හැඩගැසුණේ මහනුවර යුගයේ පැවති ආකෘතිය අනුවයි.
      @Hasitha
      @දුමින්දාගමනයටත් පෙර ලන්කාවේ කුල ක්‍රමයක් පැවතුනා තමයි hasitha.හසිත.නමුත් මම හිතන්නේ අර ශිලප ශ්‍රේණි 18 පැමිණීම එතෙක් අවිධිමත් ආකාරයෙන් පැවති කුල සම්ප්‍රදායට විධිමත් පෙනුමක් ලබා දුන්නා.

      Delete
    4. @ hasitha ඔය මලුවෙ කථාව අදාල වෙන්නෙ ශ්‍රී පාදයට.රජ්ජුරුවො 1 විජයබාහු
      @ රතු රජරට ඔයා මේක ලියනකොට අර උසස් කියන ගොවි කුලයට වැද්දො,කෙවුලො එහෙම දැම්මෙ නැත්තෙ ඇයි.ගොවි කුලයේම අය එකතු වෙලා 1880 ලියපු නීති නිගන්ඩුව බලන්න.

      Delete
    5. @ Anonymous August 17, 2012 8:25 PM

      ස්තුතියි ඔබට :) සදොස් තැන් නිදොස් කළාට

      Delete
  9. @AnonymousAugust 17, 2012 8:25 PM
    මම ඔබට නිරහන්කාරව කියන්නම් ,,ඇත්තටම ඔබ කියන නීති නිඝණ්ඩුව පිළිබදව මා දැනුවත් නෑ.මම ඉතාමත් ගෞරව්යෙන් ඔබට අරාධනා කරනවා හැකිනම් ඒ පිළිබදව විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන ලෙසට .

    ReplyDelete
  10. නීති නිගන්ඩුව හෙවත් නීතියේ අර්ථ නිරූපනය කියන්නෙ උඩරට රාජ්‍යයේ අවසන් කාලයේ තිබුනු නීතිරීති සමාජ ක්‍රමය ගැන ලියවුණු පොතක්. එක කර්තෘ කෙනෙක් ටී බී පානබොක්කේ.මේ පොත පොත් කඩවල නැත්නම් ජාතික පුස්තකාල මණ්ඩලයෙ (national library and documentation center) තියෙනවා.

    ReplyDelete
  11. බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ)
    මෙම කුලය සේවා කුලයක වර්ගකිරීම නිවැරදි වෙන්න පුළුවන් (ඒ මතු දැක්වෙන කාරණයත් සේවාවක් නිසා). නමුත් ඔවුන්ගේ රාජකාරිය සේවකයෝ/බර උසුලන්නෝ නොවෙයි.
    ඔබගේ වර්ගීකරණය තුල සිංහල වෛද්‍යකර්මය (සිංහල වෙද්දු) කල අයවලුන්ට තැනක් හෝ කුලයක් නැහැ.
    නමුත් ඇත්තම ඇත්තනම් බත්ගම (බත්ගම තේරුම- රජුගේ බත් වැඩීමයි/ එයත් වෙදකමේම කොටසකි, ගොවිගම තේරුම- රජුට ගොවිතැන් කිරීමයි), එහෙම නැත්නම් පද්දන්ගේ කුලයට අයිති රාජකාරිය තමයි වෙදකම. ඔබ පාරම්පරික(සුද්ද) සිංහල වෙදකම කරන (ආයුර්වේද උපාධි තියන අය නොවේ) පුද්ගලයන් පිළිබඳව සොයා බලන්න, අඩුමතරමින් ඔවුන්ගේ මුල බත්ගම (පදු). (බත්ගම පහල යන්න හේතුව සාරාංශයක් ලෙස- රජකු යුදයට ගොස් දිනූවිට රතු කොඩියද පැරදුනවිට කළු කොඩියද ඔසවන බව මාලිගයට කියා යුදයට ගොස් ඇත. ඔහු යුද්ධයෙන් දිනා රතු කොඩිය ඔසවන ලෙස විශ්වාසී වූ බත්ගම සේවකයකුට පවරා ඇත. යුද්ධයෙන් දිනු සතුටට හා බිවූ ජයපැන් මතට ඔහු ඔසවා ඇත්තේ කළු කොඩියයි. එදා සිට බත්ගම කුලය කුල ධූරාවලියේ පහලට ගොස් ඇත. නමුත් කොන්කර නැත්තේ වෛද්‍යකර්මය අත්‍යාවශ්‍ය සේවාවක් වූ බැවිනි/ මෙම රජු කවුරුන්ද යන්න නොදනිමි)
    වැඩිදුර විස්තර සඳහා ,බහුජන හිතාය, නැමති පොත කියවන්න. කතෘගේ නම මට අමතකයි. නමුත් එය සමයවර්ධන ප්‍රකාශණයකි.

    මෙම සටහන මව් පිය දෙපාර්ශවයෙන්ම උරුම වෙදකම අහිමි
    (උගන්වන්නට පරම්පරා ගුරුවරයෙක් නැති) බත්ගමයෙක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රතු රජරට සහෝදරයා වෙත,

      පළමුවෙන්ම කිවයුත්තේ මා බත්ගම කුලයේ වීම හේතුකොටගෙන හීනෝන්මාදයෙන් නොපෙලෙන බවයි. ඊට හේතුව බෞද්ධ දර්ශණයයි.
      (නචච්චා වසලෝ හෝති...../ වසල සූත්‍රය)

      නමුත් ඔබ කී ලෙස මෙම හීනෝන්මාදය හේතුවෙන් බොහෝ පිරිසක් නම, ගම හා පදිංචිය වෙනස් කර බත්ගම කුලයෙන් සැඟවී සිටිනබව මම පිළිගනිමි.

      ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වා මහතාගේ ' කුලය පංතිය සහ ලංකාවේ සමාජ ගැටුම්' කෘතිය මා කියවා නැතිබවත් කියවන්නට අදහස්කරනබවත් නිහතමානීව කියා සිටිමි.

      රොබට් නොක්ස් ගේ ,එදා හෙල දිව, ට අනුව බත්ගම කුලයේ රාජකාරිය ගොවිතැන සහ යුධසේවය යි. නමුත් බත්ගම/ පදු නමින් කුලයක් ඇතිවීමට හේතුව තමන් නොදන්නා බව ඔහු එහි දක්වනවා.

      ඔබ ඉරිදා රිවිර පුවත්පතේ පළවන බුද්ධික කුරුකුලසූරිය මහතාගේ තීරුලිපි කියවා ඇතිනම්, ඇතැම් ලිපිවල සමහර කුල පිළිබඳ තොරතුරු එහි අඩංගුයි. නමුත් බත්ගම කුලය පිළිබඳ ලිපියක් එහි පළ නොවුනද, ඔහු සඳහන් කරන කුල (උදා.- කරාව/ කෞරව) පිළිබඳව සැලකීමේදී එම කුලවල ඉතිහාසය ජයවර්ධනපුර/ නුවර යුගවලින් එහාට (පොලොන්නරු, අනුරපුර හා ඊටත් එපිටට) යන්නේ නැහැ.

      නමුත් මා අදහස් කරන්නේ බත්ගම කුලයේ ඉතිහාසය පොලොන්නරු, අනුරපුර හා ඊටත් එපිටට වන යුග දක්වා විහිදෙන බවයි. (අවස්ථාවක් ඇත්නම් විමර්ෂණය කරන්න)

      යක්ෂ, නාග, දේව, රාක්ෂ ලෙස පැවති (විජයාවතරණයට පෙර) සිව් හෙලයට අයත් ග්‍රෝත්‍රයක් බත්ගම කුලය ලෙස විකාශණය වූවා විය හැකියි. ආක්‍රමණිකයන් (විදෙස්/ විජය හා ඊට පසුව වන යුද ආක්‍රමණ සහ මහින්දාගමනය/ දුමින්දාගමනය වන ධර්ම ආක්‍රමණ) සමග පැමිණෙන පිරිස ප්‍රභූන් ලෙස සැලකුම් ලබද්දී තන්වැසියන්ට සිය ස්ථානය අහිමිවීම ඊට හේතුව ලෙස සැලකිය හැකියි. (ඉන්දීය ආයුර්වේදයට කලවම් නැති පාරම්පරික (සුද්ද) සිංහල වෛද්‍යවරු (සමහරවිට රාවණ ඉතිහාසය දක්වා විහිදෙන) අප ගම්වල වසර 2000 පමණ කාලය වනතුරු සිටියා. හැකියාව විකුණාගෙන කෑමට වූ නොහැකියාව නිසාම ඒ අය මිහිමත සැතපී ඇත. එම පරම්පරා වල කිසිවෙකුත් දැන් උරුම ශිල්පය නොදනී)

      එසේත් නැතිනම් දුමින්දාගමනයත් සමග පැමිණි ශිල්ප ‍‍ශ්‍රේණි 18 ට මොවුනුත් ඇතුලත් වෙන්න ඇති. වෛද්‍යවරු පමණක් නොවේ, ලී වඩු ශිල්පීන් (වහල ගැසීම හා වඩු වෑද්දුම් ලෙස වෙන් වෙන්ව) ලේඛන ශිල්පීන්, ගල් වඩු ශිල්පීන්, දෛවඥයින්, විහාර තේවා ශිල්පීන්, යුධ ශිල්පීන්; අංගම් ආදී ලෙස බත්ගම කුලයේ කාර්යයන් විහිදී යනවා. ඒ ඒ පාර්ශවයන්ට අදාලව වෙන් වෙන් ලෙස වාසගම් ද දැකිය හැකියි (වාසගම් මෙහි නොදක්වමි; අවස්ථාවක් ඇත්නම් විමර්ෂණය කරන්න).

      "සේවා කුලයක් වූ නමුත් රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුළත වැඩවලට මොවුන් යොදා නොගත් බව පෙනේ" මෙය ඔබගේ හැදින්වීමකි, එසේම එය සත්‍යයක් ලෙසම මම ද දකිමි. ඊට හේතුව ඔවුන් කාගේවත් මෙහෙකරුවන් හෝ දාසයන් නොවූ නිසයි. බලය ඇත්තා බලය නැත්තා පාගා දමන වැඩවසම් සමාජය තුල ඔවුන් කොන් කර දමන්නට ඇත/ නමුත් එම සමාජයටම අත්‍යාවශ්‍ය සේවාවන් සපයන නිසා ආන්තික තත්වයකට පත්කලද කොන් නොකරන්නට ඇත.



      Delete
    3. රතු රජරට සහෝදරයා,

      නැවත ඔබව වර්තමානයට කැදවමි,

      අනුරාධපුර පූජා නගරයට එන්නට ආරාධනා කරමි.
      ඉසුරුමුණියට පිවිසීමට පෙරසිට කලාපයෙන් අරඹා ශ්‍රී මහා බෝධිය දක්වා වන කලාපය විමසිලිමත්ව බලන්න.
      ‍‍”අනවසර ඉදිකිරීම්” යන ලේබලයට යටත්ව (මහ මළුවේ අනුමැතියෙන්) ඉවත් කරන ලද සංඝාරාම, විශ්‍රාම ශාලා කොපමණ දැයි ඔබ දන්නවා ඇතැයි සිතමි.
      ”අනවසර ඉදිකිරීම්” යන ලේබලයට යටත්ව ඉවත්කරන්නට තැත් දැරුණු , පසුව උත්සාහය ඉවතදමා ක්‍රියාන්විතය නවතාදමන්නට සිදුවුණු විහාරස්ථානයන් ද්විත්වය පිළිබඳවද ඔබ දන්නවා ඇතැයි සිතමි.
      ඒ විහාරස්ථානයන් ඉවත් කිරීමට (ඉවත් කරවන්නට) උවමනා වූ සැබෑ හේතුව ලෙස මම දකින්නේ, ඒවායින් එකක් ශාඛ්‍යය කුල සිංහල බෞද්ධ (සියම්) නිකායට අයත් නොවන වෙනත් (රාමඤ්ඤ) නිකායට අයත් බත්ගම (උඩරට පදු) කුලයෙහි උපන් භික්ෂු නායකත්වයකින් ඇරඹි භික්ෂු පරම්පරාවකට අයත් නිසාය. අනෙක ගැන මම නොදන්නා නිසා සඳහන් නොකරමි.
      බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රය දේශණාකොට පමණක් නොව ක්‍රියාවෙන්ද එය ඔප්පුකොට පෙන්වා වදාලද, ලංකාවේ ශාඛ්‍යය කුල සිංහල බෞද්ධ (සියම්) නිකාය තුල පැවිදිවන්නට නම, ගම නොසැඟවූ බත්ගමයකුට හැකිද? නොහැකිය.
      ඔබව වර්තමානයට කැදවීමේ සිට මේ දක්වා තොරතුරු මා පෙළගැස්වූයේ පහත දක්වන කාරණයට හේතුවක් පෙන්වන්නටය.
      එයනම්, “බත්ගම කුලයට අයත් ජනතාව අනාදිමත් කාලයක සිට ලංකාවේ පැවතීගෙන එන තන්වැසි ජනතාවකි. ඔවුන්ගේ උරුමය ලබාගන්නට / මතුකරගන්නට ඉඩදීමක් නැත, පාලකයන් බලහත්කාරයෙන් ඔවුන් යටපත් කරයි “ ලෙස දක්වමි.

      ඔබ කුල ධූරාවලීගත කිරිමට ආචාර්‍ය කාලිංග ටියුඩර් සිල්වාගේ වර්ගීකරණය යොදාගෙන ඇත.
      එතුමා මෙම වර්ගීකරණය කිරීමේදී පිළිපදින ලද නිර්ණායක පිළිබඳ දැනුමක් මට නැත.

      නමුත් සමාජය තුල බලය අත ඇති පිරිස බලය නැති පිරිස් යටපත් කරගෙන සිටීම හේතුවෙන් වාර්තාගත වන්නේ බලය අත ඇති පිරිසට අවශ්‍යය කරුණු මිස සත්‍යය නොවේ. (වර්තමාන මාධ්‍ය දෙස බැලීමෙන් ඔබට මෙය සනාථ කොට ගත හැකිය/ ප්‍රචාරය වන්නේ සත්‍ය නොවේ, මාධ්‍ය හිමිකාරීත්වය එය තමන්ගේ දේශපාලන දැක්මෙන් දකින අයුරුයි)

      Delete
    4. ඔබට තවත් හෝඩුවාවක් දෙන්නෙමි.
      ඩී. එස්. සේනානායක මහතා ගොවි ජනපද පිහිටුවන ලදි. ඒ රජරට ද ඇතුලත්වය.
      බත්ගම ජනතාව ගොවි ජනපද වල සිටිති, ඒ ඩී. එස්. සේනානායක මහතා ඔවුන්වද ජනපදගත කල බැවිනි.
      ඔබට සෙවිය හැක, ඔබ රජරට සිටින නිසා,
      සොයන්න, විමර්ෂණය කරන්න, , ගවේෂණය කරන්න......
      සැබෑම වූ සත්‍යය (කාට හෝ බලය පවත්වාගැනීමට විකෘති නොකරන ලද) කුමක්ද කියා....
      අවසන,
      ඔබ සොයාගනු ඇත,
      සත්‍යය, කුමක්ද කියා,
      කෙටියෙන් ලියමි එය,
      සම්, මස් , නහර, ඇට, ඇටමිදුළු වලින් සෑදුන මිනිස් ජීවයට,
      ගොවි, පදු, කරා, හකුරු ලෙස කුලයක් සොයා ගත නොහැක,
      පිරිමි සහ ගැහැණු
      ලෙස මිනිසුන් වර්ගකල හැකි බව පමණක්.........


      වැදගත්:-
      බත්ගම කුලිකයන් හීනෝන්මාදයෙන් පෙළීම යනු සමාජ සම්මතකොටගත් නිගමණයකි.
      එය අනෙක් කුලිකයන් උසස්කොට දැක්වීමටම ඔවුන්ගේම නිර්ණායකයකි. ඔබ එම සම්මතය කරපින්නාගත් අයකුලෙස හැගේ.
      මතක තබා ගන්න. ලංකාව යනු ථේරවාද බෞද්ධ රටක් බව (ඔබ බෞද්ධ‍යකුදැයි මම නොදන්නෙමි) ථේරවාදයට කියන්නේ හීනයානය කියාය. ඒ මහා (උසස්) යානයක් ඇති නිසාය.
      එනයින් අපි පහත් / හීනෝන්මාදය ඇතිකොටගතයුතු ආගමක් අදහන්නන් වෙමු.
      නැවතත් කියමි, මා බත්ගම කුලයේ වීම හේතුකොටගෙන මම හීනෝන්මාදයෙන් නොපෙලෙන්නෙමි. අනෙක් පිරිස ගැන මට කියන්නට දෙයක් නැත.
      උරුම ශිල්පය නොලැබීම ගැන දුක්වන අය සිටින්නේ මා පමණක් නොවේ.
      අවසාන වශයෙන් කරුණු දෙකක් සටහන් තබමි.
      1. විදේශගත සිංහල ජාතික බටහිර වෛද්‍ය වෘත්තිකයෙක් (දළදා මාලිගාවේ පෙරහර මංගල්ලයට නැටුම් වලට අදාල පරපුරක පුහුණු ශිල්පියෙක්) තවමත් පෙරහර මංගල්ලයට ස්වකීය වියදමින් පැමිණ තමන්ගේ පාරාම්පරික උරුමය ඉටුකරන බව අසා ඇත්තෙමි (නමුත් ඔහු කවුරුදැයි නොදනිමි); මෙය තමන්ට උරුම ශිල්පය හිමිවීම ගැන ඇති සතුට මිස අන්කවරක්ද? (මෙයින් මා අදහස් කරන්නේ පරම්පරා උරුමය/ රැකියාව අඛන්ඩව පවත්වාගෙන යා යුතුය කියන වැඩවසම් අර්ථ ක්‍රමය ගැන නොවේ. පරම්පරා උරුමය ඉගෙන ගත්තත් නිදහස් අධ්‍යාපනය තුල හැකියාවෙන් යා හැකි උපරිම දුර ගියද අවශ්‍ය විටක පරම්පරා උරුමය භාවිතාකොට මව්බිමට අවශ්‍ය සේවය ලබා දීමයි)

      2. කොටි ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට බෝම්බ ගසා එය විනාශකල කාලය ඔබට මතකඇතැයි සිතමි. පසුව එය ප්‍රතිසංස්කරණය කලේ බටහිර තාක්ෂණයෙන් නොව දේශීය තාක්ෂණයෙන් බව ඔබ නොදන්නවා ඇතැයි සිතමි. (මෙම උරුමය සංරක්ෂණය භාරව සිටියේ ඒ පිළිබඳව ප්‍රමාණික විද්වතකු වන මහාචාර්ය ගාමිණී ජයසුරිය මහතාය/ නම පිළිබඳව මාගේ මතකය නිවැරදි නැත).
      අස්ගිරි, මල්වතු මහනාහිමිවරු සහ දියවඩන නිළමේතුමාගේ මගපෙන්වීමෙන් විවිධ ක්ෂේත්‍රවලට අයත් දේශීය දැනුමෙන් සන්නද්ධ පිරිස් රට වටෙන්ම සොයාගෙන සියළුම කටයුතු තිබූ පරිද්දෙන්ම නැවත ජාතියට උරුමකර දීමට ඔවුනට හැකිවිය.
      එම කාර්යයේ බල මහිමයෙන් , ඔබේත්, මගේත්, ජාතියේත් (අ)වාසනාවට මහාචාර්යවරයා රටිනුත් පිටකර ඇත. ශිල්ප ශ්‍රේණි සී සී කඩ විසිර ඇත.
      “ මෙම 2 කරුණ සඳහන්කලේ දළදා මාලිගාවේ ගල් වඩු වැඩ කල (බාස්වරු) පිරිස බත්ගමයන්/ පද්දන් වන බව මම හොදාකාරවම දන්නා බැවිනි”. මෙම දැනුමද තව නොබෝ දිනකින් රටට අහිමිවනු ඇත. මෙම ශිල්ප උරුම කරුවන් ලබාගන්නේ නැත. ඊට හේතුව ශාඛ්‍ය වංශික සිංහලයන්ගේ ක්‍රියා පටිපාටියන් මිසක අන් කිසිවක් නොවේ.
      උරුමය ගැන තැවෙන්නට වන්නේ එය අහිමි වූ විටයි. එවිට ඇඩීමෙන් පලක් නැත. කවදා හෝ ඔබටද අඩන්නට වනු ඇත. මොන කුලයක උනත් ඔබ, සිංහලයකු නිසා සිංහලයන්ගේ උරුමය අහෝසි වූ විට ඔබටද අඩන්නට වනු ඇත.
      (සිංහලයන්ගේ උරුමය අහෝසිවීම දැනටමත් සිදුවෙමින් ඇත, අවදියෙන් සිටින්න)
      2 කරුණට පාදක වූයේ දළදා මාලිගාව ප්‍රතිසංරක්ෂණය කිරීම වෙනුවෙන් ඉරිදා දිවයින සංග්‍රහයට එහි ජානක ලියනාරච්චි මහතා ලියු ලිපියකි.(දිනය අමතකයි)

      අවසාන වශයෙන් සටහන් කරමි:-
      බත්ගම කුලිකයන් හෙලා දැකීම තවමත් නැවතී නැත. නමුත් ඔවුන්ද සිංහල ජන සමාජයේ විශාල කොටසකි/ පංගුවකි. ඔබද මා හෙලාදැක පසු සටහන් ලිවීම අරඹා ඇතැයි හැඟීමක් ඔබගේ පසු සටහන් කියවීමේදී දැනුනි. නමුත් ලිවිය යුතු යමක් වේ නම් මම එය අකුරු කළෙමි. ඔබ කෙරෙහි වෛරයක් හෝ ද්වේෂයක් මා තුල නැත.
      හැකිනම් බහුජන හිතාය, නැමති පොත කියවන්න. කතෘගේ නම මට අමතකයි. නමුත් එය සමයවර්ධන ප්‍රකාශණයකි.
      නැවතත් පිළිතුරු ලිවීම හෝ නොලිවීම ඔබ සතුය.
      ‍බ්ලොග් කෙරුවාව හොඳයි. ස්තුතියි. ආයුබෝවන්!

      Delete
  12. බත්ගම යන කුලයේ අය "either they were soldiers or husbandryman" කියලයි රොබට් නොක්ස් කියන්නෙ. රුබේරු නම් පෘතුගීසි ලේබකයා කියන්නෙත් ඔවුන් යුද සේවයේ යෙදුන බවත් රජුට අයත් ඉඩම් වල පදිංචිව සිටින බවත්ය. බත්ගම් යන්නේ තේරුම ගබඩාගමක් ලෙස සැලකිය හැකියි. 10 වන සියවසට අයත් බදුලු ටැම් ලිපියේ පදිලද් දඩනායකවරුන් නම් පිරිසක් ගැන සදහන් වෙනවා මොවුන්ගේ රාජකාරිය වෙලද පොලෙන් බදු අය කිරීමයි. "පද්ද" යන වචනයේ තේරුම එම ලිපියට අනුව දඩයක් හෝ බද්දක් ලෙස ගත හැකියි. ඊට පසු යුගවලට අයත් ඉඩම් ප්රිදාන වලත් බත්ගමයන් ගැන සදහන් වෙනවා. ප්රතදානය කල ඉඩම් වලට බත්ගමයන් ආරවුල් නොකල යුතු බව ඒවායේ දැක්වෙනවා (කියවන්න H.A.P abhayawardhana kadaim poth vimarshanaya) . අද කාලයේ මෙන්ම රාජ්යනයක් නඩත්තු වුනේ වැසියන්ගෙන් අයකල බදුමුදල් වලින්. මේකට හිටපු නිලධාරි පැලැන්තිය තමා බත්ගමයන් කියන්නෙ. මහනුවර යුගයෙදි අපේ රටේ ඉපැරණි පරිපාලන රටාව බිදවැටී අලුත් නිලධාරී පැලැන්තියක් බිහි වෙනවා. එහිදි පැරණි නිලධාරීන් පහත් කුල බවට පරිවර්තනය වෙනවා. මාඝ වැනි ආක්රිමණිකයන් පැමිණි විටත් ; 1 වන පරාක්ර්මබාහු රජුට පසුව පැමිණි අරාජික කාලවලදී ඇතිවූ බල අරගලවලදීත් පහත්කුල උසස් කිරීමත් උසස් කුල පහත් කිරීමත් සිදුවූ බව මහාවංශයේ සදහන්. බ්ලොග් ලියන අයත් කොමෙන්ට් දාන අයත් කරුණාකරල ඓතිහාසික ලේඛන; අඩුගණනේ මහාවංශයවත් කියවන්න.

    ReplyDelete
  13. දන්තුරේ සටන භාරව සිටි හමුදා නායකයාගේ නම"මහ හේවා පේඩිගේ සරණසේවා බණ්ඩාර"

    ReplyDelete
  14. හොඳ ලිපියක් හා හොඳ සංවාද රැසක් දක්නිට ලැබීම වාසනාවකි.

    ReplyDelete
  15. oba wisin kula dhurawaliya( HIARACHY) pelagasa ethi akaraya weradiya............

    ReplyDelete
  16. Wahumpura yanu pahath kulayak nowe, eya purana "Dewa Wanshayai" Yaksha, Dewa, Naga yanu Wijayatath perasita Lankawe siti niyama Hela Gothra Thunai. Min Yaksha saha Naga gothra deka Indiyanu rajawanshikayan wisin yatath karagannaladee ho, owun samaga mishravee owungen waasi labagena kemen kemen diyawee giyaha. Dewa wanshikayan ese rajun pasupasa nogos sitiye owunge prouda gathi nisaya. Me nisa owun rajya balaya yoda yatapath karagatha nohaki thena, Kandukarayata palawa harina ladee. Eheth owun thama Gothraya pawa dunne netha.
    Owun Hakurn lesa apahasayata lak kara eththe owun Knadukara ashrithawa jeewath weemath enisama Pani saha hankuru karmanthaye niyeleemath nisaya. Lanka athi kula atharin ithamath pirisidu saha usas Helayan sitinnth, videshikayan gen wasi ganeemata, jathiya agama pawa dunnan aduwenma aththeth me kulaye bawa sawoma danna karunaki.

    ReplyDelete
  17. 44) රාම රාවණ යුද්දය හෙලදිව තිබු බව සැබෑය
    විජය කියන හොර දෙටුවා සිංහලය නොවේය
    මේක අපේ හෙලයන් හට තව තේරෙන්නෙ නැතේ ය
    පැද ගෙන ආ ගෙරිපදු සැම දැන් හෙලයේ රජ කෙරේ ය

    45) හම්පොරවා ගෙන ආවට ආපු හමා කියති උන්ට
    තන කපලා හං ඇන්දට එකතන හාමි ගැහැනුන් හට
    නව රැල හැම හම් ඇන්දම රාල හමා නමත් උන්ට
    හන්දුරුවෝ කියන නම සිහලුන් දුන් නමයි උන්ට

    46) නිළ මැස්සන් වැහුවට චී නිළමා කී ඔවුන්ට
    සොලී රටින් ආ හින්දා රටේ මිනිහා කී ඔවුන්ට
    හාමි හාමු අප්පෙ අප්පො පණඩාරම් කී ඔවුන්ට
    මේ සිංහලේ සිහලුන් හට මේනම් නැත කීව්මෙ ගව හොරුන්ට

    ReplyDelete