2014/08/30

අලි ඇතුන්ගේ ලෝකයේ කොන්දෙසි විරහිත සත්කාරකයා.

සුජීව ගැන ඔත්තුව මුලින්ම මට ලබාදෙන්නේ අපේ හසිත. මව්බිමේ පරිසර කතෘ .
'
මල්ලි, නියම පොරක් ඉන්නවා .මෑන් කැලෑ අලින්ගෙ පිටිපස්සෙන් ගිහින්චිත්‍ර අඳිනවා.මාර ලස්සනයි. ගිහින් හම්බ වෙලා ,කතාකරලා ,ආර්ටිකල්  එකක් කරපන්.' ඔන්න ඔය විදිහට තමයි මම සුජීව චන්දන ගැන ආර්ටිකල් එකක් කරන්නේ .

සුජීව චන්දන හෙවත් කැලෑ සුජියා හම්බ වෙන්න මම මීගොඩ ගියා.තලගල පැත්තට කිට්ටු වෙනකොට මම් බයික් එක නතර කරලා පාර ඇහුවා.
''
අලුත් මීගොඩටද, පරණ මීගොඩටද?'
හෑ බොලේ එහෙමත් එකක් තියෙනවද,හොයලා බැලින්නම් ඒ බෙදීමත් පෝස්ට් එකක් ලියන්න වටින කතාවක්.ඒක පසුවට.

සුජියා මට පාර පෙන්වන්න එයාගෙ පරණ පන්නයේ සුසුකි වර්ගයේ යතුරු පැදියෙන් මගට ඇවිත් හිටියා.

සුජීව ගැන මම පත්තරේට ලියපු නැති දේවල් බොහෝමයි.ඒ කාරණා හැමදේම ලියවෙද්දි  මේ පෝස්ට් එක ටිකක් අපිළිවෙල වේවි.
සුජීව ලංකාව පුරාම ,වැඩිපුරම රජරට ප්‍රදේශයේ කැලෑවල ඇවිදිනවා.ඔහුගේ ආදරය සහ ආශාව යොමුවුණු වනසත්තු වෙන්නෙ අලි ඇත්තු.එයා අලි ඇතුන් ගැන ඉගෙන ගන්නේම හැදෑරීමෙන්මයි.හරියටම කියනවා නම් කැලේ අලි ඇතුන් පිටුපස ගෑටීමෙන්මයි.අලිඇතුන් ගැන විතරක්ම නෙමෙයි,බොහෝ සතා සීපාවන් ගැන දැනීමක් අවබෝධයක් වගේම භාවිතාවකුත් සුජීවට තියෙනවා 

මම සුජීවගේ අගය කරන අනෙකුත් කාරණාව වුණේ අනාගත් ප්‍රතිලාභ ගැන නොසිතා ,සරලව කීවොත් සත පණහකවත් ලාභයක් බලාපොරොත්තු නොවී කොන්දේසි විරහිතව තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් කැපවීම.



සුජීව කීව විදිහට රජරට පැත්තෙ ඈත කැලෑ ගම්මාන හරහා අලිම්ංකඩවලට ඔහු යන්නේ අර පරණ යතුරු පැදියෙන්. සමහර දවස් වල අන්තරාදායක විදිහට රැකියාව පවා අනතුරේ හෙලාගෙන.සුජීව සිරස ආයතනයේ ඇනිමේටර් වරයෙක් විදිහට වැඩකරනවා.
 

වෙන කවරදාටත් වැඩියෙන් අද ලංකාවෙ වන අලින් ජාවාරම ජයටම වෙනවා.ඒ පිටිපස්සේ ඉන්න මිනිස්සු ගැන,හාමුදුරුවරු ගැන සුජීව වගේ වන ලෝලීන් හොදට දන්නවා.අපිත් දන්නවා,නමුත් ඒවා හෙළි කිරීමෙන් ඵලක් නැහැ කියලා අපි වගේම සුජිවලත් දන්නවා.මෙ වීඩියෝ ක්ලිප් කීපය අවධානයෙන් බැලුවොත් ඔබට පෙනේවි  සුජීව  ඇතුළෙ ඉන්න චිත්‍රශිල්පියා වගෙම  නිර්ව්‍යාජ වනලෝලියා.ඒ වගේම මේ වගේ  පෝස්ට් එකක් ලියන්න මට හිතුණේ ලංකාවෙ පත්තර නොකියවන අන්තර්ජාලය බාවිතා කරන පාඨක සමාජයට සුජීව හදුන්වා දීමට උවමනාවක් ඇතිවුණු නිසයි.සුජීව මුහුණුපොතේ නම් ඉන්නවා .මෙන්න මේතනින් යන්න.නමුත් බොහෝදෙනා දන්නා චිත්‍ර අඳින සුජීව වෙනුවට ලංකාවේ වන සත්ව පරපුර වෙනුවෙන් අතින් කාගෙන හරක් බලනවා වගේ වැඩක් කරන සුජීව ගැන පෙන්නලා දෙන්න මට හිතුණ.


17 comments:

  1. චිත්‍ර ටිකකුත් දැම්මනම් මරේ මරු...ඇත්තටම එහෙම අතින් කාලා හරක් බලන්න පුළුවන්ද ? එක්කො හොඳ ආර්ථික ශක්තියක් තියෙන්න ඕනා නැත්නම් අනිත් හැම දෙයක්ම අතෑරලා දාලා ඒකටම කැප වෙන්න ඕනා...හැබැයි මේ පෝස්ට් එකනම් මදි හරිද ! කියපු තරම් දෙයක් මේකෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සෙන්නා.. මාත් මුණූපොතට යන්නයි බැලුවේ..

      Delete
    2. නැහැ- සෙන්නා සහ දේශා ,.මට ඕන වුණේ සුජීවගේ චිත්‍ර ගැන කතා කරන්න නෙමෙයි.ඒකයි ෆේස්බුක් ලින්ක් එක දැම්මේ.එතනින් චිත්‍ර බලන්න පුළුවන්.ඒ වගේම විඩියෝ ටිකේ කියන දේවල් මම ආයෙත් ලියන්න ඕනෙ නැහැ කියලයි මම් හිතුවේ.මම මගේ පේපර් ආර්ටිකල් එකේ ලින්ක් එකත් දාන්නම් එතකොට ඔය මදි පාඩුව මග ඇරේවි.මට මූලිකව්ම ඕනෙ වුණේ මෙහෙම එකෙක් ඉන්නවා කියලා හඳුන්වාදීම්ටයි.

      Delete
    3. අවාසනාවට මම ෆේස් බුක් එක්ක ගනු දෙනුවක් නෑ රත්තෝ. කමක් නෑ දැන් හරි.. පේපර් ආර්ටිකල් එක දාපු නිසා ඒ අඩුව මගහැරුනා...

      Delete
    4. සෙන්න, PoM(කසුන් ගොඩකුමාර)ගේ sketches දැකල තියනවද? Vey high quality ! ටිකක් දාල තියනව බුර් හා ටයනු ගේ බ්ලොග් එකේ. සෙන්න ඇන්ටි ෆේස්බුක් නම් ඒකෙ ලින්ක් බෑ නෙ :-D

      Delete
    5. දැකලානම් නෑ ප්‍රා... ඔය කියන්නෙ අර ඒ බ්ලොග් එකේ කමෙන්ට් කරණ කෙනා වෙන්නැති නේද ? ෆේස් බුක් ලින්ක් හරි යන්නෑ මට.. හෙහ්

      Delete
    6. ඒවා මාරයි සෙන්න, අර බ්ලොග් එකේ සමහර ඒවට ලින්ක් දීලතියනව.
      මං ගොඩක් ඉස්සර ආසාවට සත්තු සහකාටූන් වගේ ලයින් ඩ්‍රෝයින් පැන්සල් /පෑන් ස්කෙචස් කීපයක් කලා. PoMට කිට්ටුවෙන්නවත් මට නම් බෑ. මිනිහ සයන්ටිස්ට් කෙනෙක්. ආර්ට් විනෝදයට විතරයි මගෙ හිතේ. ඒත් ප්‍රොෆෙශනල් හුඟකට වඩා වඩා හොඳයි

      Delete
  2. ස්තුතියි.. සුජීව අපට ඕන කරන යකඩයෙක්..

    ReplyDelete
  3. චිත්‍ර නම් පණ පිහිටුවලා හරිම අපුරුවට ඇඳලා තියෙනවා.නිර්ව්‍යාජ වනලෝලියෙක් නම් සුජීව ඇයි තමන් දකින දේ ගැන හඩක් නගන්න බැරි.මම කියන්නේ මේ කතාව ගැන.
    //වෙන කවරදාටත් වැඩියෙන් අද ලංකාවෙ වන අලින් ජාවාරම ජයටම වෙනවා.ඒ පිටිපස්සේ ඉන්න මිනිස්සු ගැන,හාමුදුරුවරු ගැන සුජීව වගේ වන ලෝලීන් හොදට දන්නවා.අපිත් දන්නවා,නමුත් ඒවා හෙළි කිරීමෙන් ඵලක් නැහැ කියලා අපි වගේම සුජිවලත් දන්නවා.//

    ඵලක් නැහැ කියලා නිහඬව හිටියොත් සුජීවලාට අඳින්න,රතුලාට ලියන්න වගේම අපිට කියවන්නවත් අන්තිමට කිසිම දෙයක් නැති වේවි නේද බං?

    ReplyDelete
  4. සුඡිව ගැන පත්තරේට ලියපු එක වටිනවා. ඔය වගේම සදරෑ ගැන ලක්බිම පත්තරේට ලියලා තිබුන ලිපියක් නිසා තමයි මම බොලෝග් ගැන දැනගත්තේ.

    ReplyDelete
  5. උඹ සුජීව ගැන ලියපු එක ලොකු දෙයක්. තමන්ටම ප්‍රසිද්ධියක් ලබා ගන්න අකමැති කෙනෙක් සම්බන්ධයෙන් ගන්න පුලුවන් හොඳ පියවරක් ඒක.

    සුජීව වගේ නිහඬ වැඩ කාරයෝ තවම ඉන්නවද කියලත් හිතෙන්නේ අනිත් උන්ගේ පානෙන් එලිය බලන අනිත් එකාගේ සම්මානේ උදුර ගන්න හදන උන් වැහි වැහැපු කාලයක් නිසා මේක.

    අර වයිෆ්ගේ මාලෙ උකස් තියලා අලින්ට බොන්න වතුර දුන්න කියන එක මාරම කතාවක්. සමහරවිට වලවල් වලට පොලිතින් අතුරන්න ඇති නේද? නැතිනම් වතුර පොලොවට උරයිනේ පට් ගාලා.

    ReplyDelete
  6. පත්තරේ පොටෝවේ තියෙන චිත්‍රයෙන් පේනවා ප්‍රතිභාව , තව චිත්‍ර ටිකක් දැම්මනම් මරු

    ReplyDelete
  7. අද කාලේ මේ වගේ මිනිසුන් ඉන්නවා කියන එකත් පුදුමයක්. මේ ගැන පෙන්වා දුන්න එකට ස්තූතියි රතු.

    ReplyDelete
  8. ඇත්ත වශයෙන්ම පට්ටම චරිතයක්..හමුවෙලා කථා කරන්න ආසයි....ඒ වගේම ඒ පරිසරයෙ ඇවිදින්නත් ආසයි....මේ වගේ මිනිස්සු වර්තමාන සමාජයෙ ජීවත් වෙනවද කියලා හිතෙනවා. රත්තො උඹ ෆේස් බුක් නැද්ද....වෙලාවක කාමරේ පැත්තෙ වරෙන් ආස්සරය කරන්න.

    ReplyDelete
  9. මේවගේ මිනිස්සු ඉන්නවද කියල හිතෙනව බං.

    ReplyDelete
  10. අපූරු මනුස්සයෙක් නෙ. ඔහුගෙ ඔය චිත්‍ර ටිකයි ඒව අඳින්න ගියාම ලබපු අත්දැකීම් ටිකයි එකතු කරල පොතක් ගැහුව නම් සෑහෙන්න වටිනවා.
    අලි නම් ඉතින් පින්තූර වලින් තමයි බලන්න වෙන්නෙ තව ටික කලක් යනකොට.

    ReplyDelete
  11. කරන දේ මොකක් වුණත් ඒකට වටිනකං දීල ඒ කරන වැඩේ අගය හෑල්ලු නොකරන අය කීප දෙනයි ඉන්නෙ... සුජීව වගේ ඒ ජාතියෙ මිනිස්සු රටට සම්පතක්..
    ඒත් කණගාටුව නං අපේ අර උරුම මේ උරුම කියන ඇත්තන්ට මේ වගේ පට්ට ඩයල් මගෑරෙන එක...
    ජයවේවා

    ReplyDelete