2014/12/15

ආදරණීය දිවුල්,





ඔබේ ඇසට අසුවන මායිමේ සිට පහුගිය දිනෙක ජයතිලක බණ්ඩාරයන් හට බිම දමාගෙන පහර දුන්නේය.එප්පාවල ඔබේ ඇසට අසුවන මායිමේ නොවැ? 

නමට ආණ්ඩුකාරවරුන් වන ඔබ වැන්නන් නූල් රූකඩ බව ඇත්ත නමුත් ,හුම් කියාවත් කියාගන්නට බැරි තරමට ඔබ ගොළු වුණේ කොහොමැයි කියා පුදුමැයි.අඳොමැයි !

සමහර විටෙක කපුගේ සිටියා නම් :ඔහු සන්ෆලවර් සමග සාජ්ජ පටියක් රෙකෝඩ් කළ බැව් සත්ත මුත් අපත් සමග එක්වී ඔහුත් මෙසේ කියාවි...... 

මේ තාප්පය පෙරළා දමන්නට .....,

මේ කඩතුරාව  ඉරා දමන්නට....., 

මේ තිමිරය විනිවිද දකින්නට.....  

වරෙන් මලේ පියවර නගලා.


16 comments:

  1. දිවුල්ගනේ යනු කිසි දිනක සමාජ දේශපාලන ප්‍රශ්ණයක් ගැන ප්‍රගතිශීලී හඬක් නැගූ අයෙක් යැයි නොසිතමි.

    ඔහු ගැයූ ගී සියල්ලම පෙම් ගී නොවේද? කොටින්ම, පාතිමා, ශාන්තිනී වැනි ගී පවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබ හරි. ජයතිලක බණ්ඩාර සමග සසැදුවහොත් ඔහු ළගින්වත් ඉන්නට දිවුල්ගනේට බැහැ තමයි. නමුත් ඔහුට ආදරය කරන සුවහසක් වූ ප්‍රගතිශීලි මිනිසුන් කලාකරුවෙක් වශයෙන්මේ මොහොතේ ඔහුගෙන් බලාපොරොත්තු වන ජාතික කාර්‍යභාරය ගැනයි මා කතා කලේ.

      Delete
  2. දිවුල්
    දැං
    අලිය
    ගිල්ල
    දිවුල්

    ReplyDelete
  3. කලාකරුවන් දේශපාලන චරිත වෙන එක මට නම් මහා අපුල දර්ශනයක්. ( හැබැයි විජය කියන්නේ ඇත්තටම දේශපාලනය ගැන 'යම්' අවබෝධයක් තිබ්බ කෙනෙක් හින්ද මගේ අප්‍රසාදය එතැනදී වෙනස් වෙනවා. මම ඔහුගේ දේශපාලන ජීවිතය ගැන අහලා විතරයි තියෙන්නේ.)

    කලාකරුවෙක් දේශපාලනය කරන්න ඕනේ, නමුත් දේශපාලන චරිත රඟපාන්න හොඳ නැත්තේ, උන්ගේ නිර්මාණ තුල ඉන්න මිනිස්සු ඒ වගේ දෙයක් දේශපාලනයෙනුත් බලාපොරොත්තු වෙන හින්ද කියල මට නම් හිතෙන්නේ. එහෙම දේශපාලනයට ආපු එකෙක්වත්, අඩුම තරමේ කලාවට කරපු දෙයක්වත් නැහැ. එතරම් අසාර්ථකයි.

    මට තේරෙන්නේ නැහැ, ලංකාව ඇතුළු ආසියාතික ජන්ද දායකයෝ මොකද මෙතරම් කලාකාරයෝ තමුන්ගේ දේශය පාලනය කලයුතුයි කියල 'මැටි මෝල්' ආකල්පෙක ඉන්නේ කියල. එහෙම උන්ට කතිරේ ගහන්නේ කියල. ( ඒකනේ ඔය 'පබා' නෝනා, අනර්කලී වගේ අය පාර්ලිමන්ට් ගියේ?) කලාවෙන් මිදිලා දේශපාලනේට බැස්සත් ( දිවුල්, ජීවන් වගේ) , කලාවේ ඉඳන්ම දේශපාලන සට්ටඹිකම් කිරිල්ලත් ( අපෝ මේ ලිස්ට් එක දිග වැඩියි) දෙකම එක වගේම අජූතයි.

    මේ බොහෝ දෙනා තමුන්ගේ කැසට්/ෆිල්ම් විකිනෙනකොට ඊට පස්සේ ඒ වගේම තමුන්ට රටත් විකුනන්න පුළුවන් කියල දේශපාලනේට එනවා මිසක්, මොන ජනතා සේවයක්ද? දිවුල් ගැන නම් ඉතින්.... ඔයිට වඩා දෙයක් එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද අනේ?

    ReplyDelete
    Replies
    1. පබා ගියේ ඒ නිසා නෙමෙයි, වෙච්චි අසාධාරණයට දුක හිතුන මිනිස්සුන්ගෙ ඡන්දෙන්. ඒක දන්න නිසා තමා එයා ආයි ඡන්දෙ ඉල්ලන්නෙ නෑ කියන්නෙ.

      Delete
  4. ඔහු ජයතිලක බණ්ඩාරයන් සමග ඒකට තබන්නේ ගායකයෙකු නිසාද??? කලාකරුවෙකු නිසාද??? ජනතා හිතවාදියෙකු නිසාද???? මනුෂ්‍යයෙකු නිසාද????

    නැතව සිතා බලන්න...

    ReplyDelete
  5. කවුද දිවුල් කියන්නේ? ඉස්සර නම් හිටියා කරුණාරත්න දිවුල්ගනේ කියලා ගායකයෙක්. අපි බොහොම ආදරය කරපු ගායකයෙක්.

    දැන් ඉන්නවලු කරුණාරත්න දිවුල්ගනේ කියලා රූකඩ ආණ්ඩුකාරයෙක්. ඒ අර ගායකයා නෙවෙයිනේ? පඹයෙක් නේ?

    ReplyDelete
  6. මට ටික දවසකට කලින් අනුරාධපුර පලත් සභා කාර්්‍යලයේදි මුන ගැහැනා..මැස්සේක් ගිහින් තියන උඩ

    ReplyDelete
  7. මාගේ යාහලුවෙක් 2010 දී පමණ දිවුල්ට එක්තරා ප්‍රසංගයකට ආරාධනා කළා.
    "මට වෙඩි කන්න බෑ" එපමණයි ඔහු කියුවේ.
    මම ද දැන් හිතන්නේ නෑ බඹයින්ට වෙඩි තියාවී කියලා.

    ReplyDelete
  8. දිවුල්ගනේ අපිත් ආදරේ කරන,කරපු ශිල්පියෙක්.හැබැයි දිවුල්ගනේ කියන ආණ්ඩුකාරවරයා ගැන එවැනි පැහැදීමක් නැහැ.රතු කියනවා වගේ දිවුල්ගනේට වඩා කපුගේ ජනතා වාදී කලාකරුවෙක්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්ගේ ආකල්පය මයි මටත් ඇතිව තියෙන්නෙ

      Delete
  9. රතු රජරට ගැන අහල තිබුනට රාජ්ගේ නවාතැනින් ගොඩවෙලා අදයි මේ පැත්තේ ආවේ.. බ්ලොග් රෝලට දා ගත්ත ආපහු මිස් නොවෙන්න.. දිවුල් ගැන නම් ඉතින් රාජ් කියපු කතාවම තමයි කියන්න වෙන්නේ..

    ඉස්සර මිනිස්සු කියනවා 'දිවුල් දිගට බෙලි හරහට නොකඩන්නේ' කියලා.. මේ දිවුල් ව දේශපාලනෙන් දිගට කඩල ඉවරයි දැන්.. ජය ශ්‍රී!

    ReplyDelete
  10. දිවුල්ගනේ හොඳ ගායකයෙක්. එච්චර තමා.

    ReplyDelete
  11. දිවුල්ගනේ හොඳ ගායකයෙක්. එච්චර තමා.

    ReplyDelete
  12. //වරෙන් මලේ පියවර නගලා.//
    දිවුල්ගනේගේ පළමු ගීතය හෝ,
    කපුගේ, දිවුල්ගනේට අත දුන් පළමු ගීතයයි.

    ReplyDelete
  13. ඇත්ත ඇති සැටියෙන් දැකපු, සමාජයට වටිනා කරුණුවල ඉඳගෙන දේශපාලනය නොකරපු, තනතුරු, තාන්න, මාන්න වෙනුවෙන් තම ආත්මය පාවා නොදීපු කපුගේ ඇත්තටම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්.

    ReplyDelete