2012/08/07

ගුවන්විදුලි නාට්‍ය

යකාගේ ව0ගුව මතකද ?
මම පොඩිකාලේ මට මතකයි අපේ ගෙදරට ලයිට් තිබුනෙ නෑ .(ලයිට් කියන්නේ විදුලිබලය හොදේ. )ඉතින් ඒ  හින්දම ටෙලිවිශොන් එකක් තිබුනෙත් නෑ. මන් ඉතින් පොලොන්නරුවෙ බයියෙක් නොවැ. කොහොම වෙතත් ඒ අඩුපාඩුව මැකෙන්නත් එක්ක අපේ ගෙදර තිබුනා රේඩියෝ එකක්.එකක් නෙමෙයි දෙකක්ම තිබුනා ..එත් අනික තිබුනේ අත්තම්මගෙ කාමරේ ..ඒක අල්ලන්නවත් තහනම් අපිට. මම මේ කියන්නෙ 94-2000 අතර කාලේ ගැන. ඒකාලේ දැන් වගේ චැනල් මහ ගොඩක් තිබුනේ නෑනෙ. වෙළද සේවයයි ,,ස්වදේශීය සේවයයි ..නමුත් වෙනත් චැනල් එකක වුවමනාවකුත් අපිට දැනුනෙ නැත්තෙ දැන් වගේ ඒ දවස් වල රජයේ මාධ්‍ය ආයතන නහය වහගන්නෙවත් නැතුව ආණ්ඩුවෙ රෙදි හෝදන්න නොගිය නිසයි. ඒ ටික වෙනම පෝස්ටුවකින් කතාකරන්න වටිනවා .ඉතින් අපි පොඩිකාලෙ මම මේ රේඩියෝ එකට පිස්සු වැටිලයි හිටියේ .
රේඩියෝ වැඩසටහන් වලින් මන් කැමතිම ඒවා කිහිපයක්ම තිබුනා. ගුරුගේ මැණික් වාසනා උදාව (ඒක මෙහෙයවූයේ ජේෂ්ට නිවේදක ලලිත් එස් මයිත්‍රීපාල මහත්මයා. ),ඊලගට අම්බිගා ගීතයෙන් ගීතය ,,පිබිදෙන ගායක පරපුර ,,ඊටපස්සේ ගුවන්විදුලි රගමඩල ..මේ අතරින් මම කැමතිම වුනේ ගුවන්විදුලි නාට්‍ය වලටයි .

.අපි හැමෝම ඒ දවස්වල රේඩියෝ නාට්‍ය යනකොට ලගට වෙලා අහගෙන ඉන්නවා. වචනයක්වත් මග ඇරුනොත් කියලා බයයි. ඒකයි ලගට වෙලා ඉන්නෙ. ඔන්න ඉතින් එතකොට පප්පා(අප්පච්චි) කෑගහනවා ඈතට වෙලා අහපල්ලා කියලා .මන් ඉස්සර කාලේ ආශාවෙන් අහපු නාට්‍ය ගනනාවක් තිබුනා. හැමදාම රෑ 8.30 ට නාට්‍ය පටන් ගන්නවා. වෙලද සේවයේ ටයිම් බෙල්ට් එක තමයි ඒක ..ස්වදේශීය සේවයේ (ඒකට අපේ අත්තම්මලා එහෙම කීවෙ පළවෙනි සේවය කියලා. එතකොට වෙලද සේවය ගමේ ගොඩේ අය අතර හැදින්වුනේ දෙවනි සේවය කියලයි )නාට්‍ය පටන් ගත්තේ හරියටම අටට. එත් බදාදට ස්වදේශීය සෙවයේ රාත්‍රී ධර්ම දේශනාවක් තියෙනවා. 

ඒ දවස්වල ගුවන්විදුලි නාට්‍යක ගුවන් කාලය වුනේ මිනිත්තු 30යි ..ගුවන්විදුලි රගමඩලේ ප්‍රචාරය වුනේ එක දවසින් ඉවර වෙන ඒකාන්ගික නාට්‍ය. ගොඩක් දුරට පරිවරතන නාට්‍ය තමයි රගමඩලෙන් ප්‍රචාරය වුනේ ..නමුත් ඉතාම නිර්මාණශීලී  ස්වතන්ත්‍ර නාට්‍යත් ප්‍රචාරය නොවුනාම නොවෙයි ..මට මතකයි එක දවසක් ප්‍රචාරය වෙච්චි නාට්‍යක මනුස්සයෙකුට මානසික රෝගයක් වැළදෙනවා ..ඒ රෝගයේ ලක්ශනයක් තමයි කොටියෙක් වගේ කෑගැසීම. ..ඒක හරිම උත්ප්‍රාසජනකයි ..ඒ දවස්වල කොටි කලබල දරුනුවටම තිබ්බනේ ..ඊට පස්සේ මේ මනුස්සයාට ප්‍රතිකාර කරන්න වෙද්‍යවරයෙක් ලගට යනවා. බෙහෙත් කරන්නේ වෙද්‍යවරයාගේ ගෙදර නතර කරගෙන. එහෙ තව වයසක පහේ මනුස්සයෙකුත් ඉන්නවා. කොහොම හරි කාලය ගතවෙනවා.අර රෝගියා දිගින් දිගටම කොටියෙක් වගේ කෑගසමින් ජාතිවාදී ද්‍රවිඩයකුගේ මුවට පුරුදු වචන කියමින් කෑගසනවා.වෙයිද්‍යවරයා උපේක්ෂා සහගතව මුලදී මේ තත්වය ඉවසා සිටිනවා.නමුත් කතාව අවසන් වෙන්නේ වෙයිද්‍යවරයාටත් එම මානසික රෝගයම වැළදීමෙන්. වෙයිද්‍යවරයා සින්හයෙක් වගේ කෑගසමින් සින්හල ජාතිවාදියකුගේ වචන කියමින් මොර දෙන අයුරු අපට ඇසෙනවා.  මෙවනි අපූරු නාට්‍ය ගනනාවක්ම ගුවන්විදුලි රගමඩලෙන් ප්‍රචාරය වුනා. 

ඒකාලයේ ජනප්‍රිය නාට්‍ය ගනනාවකම තිබුනා. එ අතරින් එකක් තමයි යකාගේ වන්ගුව කියන්නේ. එය ,අද්භූත,ත්‍රාසජනක වර්ගයේ නාට්‍යක්. මේ නාට්‍ය නිශ්පාදනය හෝ රචනා කලේ කවුරුන් විසින්ද කියලා ඇත්තටම මට මතක නැහැ. නමුත් මම ඉතාම අශාවෙන් ඒ නාට්‍ය රසවින්දා. යකාගේ වන්ගුව අහලා ඉවරවුනාම ගේ ඇතුලේ ඇවිදින්නත් මම හරි බයයි. මුවන්පැලැස්ස කියන්නේ ලන්කාවේ එදා මෙදා තුර ජන්ප්‍රියම ගුවන්විදුලි නාට්‍ය කියලා කිවුවොත් ඒකේ වැරැද්දක් නෑ මම හිතන්නේ. මම මුවන්පැලැස්ස අහනකොට ඒක රචනා කරමින් හිටියේ වික්ටර් මිගෙල් මහත්තයා.ඔහුම තමයි කදිරාගේ චරිතය රගපෑවේ. වික්ටර් මිගෙල්ගේ මරනයෙන් පස්සේ ගැමුනු විජෙසූරිය මහත්තයත් මුවන්පැලස්ස කාලයක් රචනා කෙරුවා. මුවන්පැලැස්සේ පිනාගේ චරිතය වගේම ගුරුන්නාන්සෙගෙ චරිතයටත් හඩ මුසු කලේ එතුමාමයි. ඒ වගේම මුවන්පැලැස්සේ ජන්තු හෙවත් කදිරාගේ කල්‍යාණ මිත්‍රයාගේ චරිතය රගපෑ ශ්‍රි නිමල් පද්මකුමාර මහත්තයත් මුවන්පැලැස්ස රචනා කෙරුවා. ඒ තරමක් මෑතකාලයේදී .

.හ්ම්ම්ම්... බලාගෙන යනකොට මේ පෝස්ටුව මන් හිතුවට වඩා දිග්ගැස්සෙන පාටයි. ඉතින් කතාවේ ඉතිරි ටික ආයෙමත් ඉඩක් ලැබුනු හැටියෙම පොස්ට් කරන්නම් කියල හිතාගෙන ම්න් මේ ටික පබ්ලිශ් කරනවා ඈ ...
...චින්තක ටිකිරිබණ්ඩාර 


5 comments:

  1. ඔය හැම වැඩසටහනක් වගේම මම අහල තියනවා. මුලින්ම ආවේ ස්වදේශීය සේවය. ඒත් විනෝදාස්වාදයට මුල් තැන දෙන නාලිකාවක අවශ්‍යතාවය මත තමා වෙළඳ සේවය කරලියට ආවෙ. ඒකයි පරණ කට්ටිය ස්වදේශීය සේවයට පළවෙනි සේවයත් වෙළඳ සේවයට දෙවෙනි සේවයත් කියන්නෙ.

    මට මතක විදියට රහස් පරීක්ෂක කතාව ගියේ හැම බ්‍රහස්පතින්දාවකම. යකාගෙ වංගුවට පස්සෙ ආවෙ දඩ බල්ලන්ගේ හෝරාව නේද? ඒකෙ රහස් පරීක්ෂකයගෙ නම සොක්මන්. හඬ හිලේරියන් පෙරේරා. මට මතක විදියට ඔය හැම රහස් පරීක්ෂක කතාවක්ම ලීවෙ ජයලාල රෝහණ. ඔව් ඔව් ටෙලි වල රඟපාන නළුවම තමා...

    ReplyDelete
  2. මරු මරු සියාතු අයියේ....,ඇත්තම කීවොත් මට ඔය දඩබල්ලන්ගේ හෝරාව මතක නෑ. ඒත් හිලේරියන් පෙරේරා කියන්නේ අපූරු හඩක් තිබුනු හඩනළුවෙක් නම් තමා.. පුලුවන්නම් මේ සම්බන්දව පෝස්ටුවක් ලියන්නැයි අරාධනා කරනවා

    ReplyDelete
  3. මම ඔයා වගේ ලියන්න දන්නෙ නෑනෙ. ඒ නිසා හොඳ blog වල හොඳ post වලට comments දානවා.

    දිගටම ලියන්න සුබ පැතුම්!

    ReplyDelete
  4. බොහොමත් ස්තූතියි ජීවිතය.... දිගටම ලගින් ඉන්නැයි අරාධනා කරනවා.

    ReplyDelete
  5. අද ඒ දෙවල් නැති එක දුකයි අයිත් එ කාලෙට යන්න තියනව නම්

    ReplyDelete