කඩවරලාගේ ලෝකය සහ අකුරැස්සේ සභාපති
මෙම ලිපියඅයියෝ මගෙ වැව බිඳුනට දෙයියෝවත් නැද්ද මෙමට යන හිසින් යුක්ත වූ
මගේ පසුගිය ලිපිය හා සබැදෙන නමුත්,මෙම ලිපිය කියවීම සඳහා පසුගිය ලිපිය කියවා තිබීම අවශ්‍ය නොවේ. පැරණි සංස්කෘතික ලංකාවේ පැවති සමාජ විශ්වාසයන් සහ ඇදහීම් ගණනාවකි. බුදු දහම වැනි ඉතා දියුණු ආගමික දර්ශනයක් ලාංකීය සංස්කෘතිය සමඟ බද්ධව පැවතුනත් ප්‍රාථමික ඇදහීම් පැවතීමට බුදු දහම බාධාවක් නොවූවා පමණක් නොව එම විශ්වාසයන් හෝ ඇදහීම් බුදු දහම ඇසුරෙහි වක්‍රාකාරයෙන් තහවුරු කරගැනීම සඳහා බුදු දහම සමඟ එම විශ්වාසයන් සම්බන්ධ කරගෙන ප්‍රවාදයන් පවා ගොඩ නැගී තිබිනි. පසුගිය ලිපියෙන් සාකච්ජා කරන ලද කඩවර දෙවියන් (ඇතැම් විට කඩවර යකු ) පිළිබදව වූ විශ්වාසයන්ද ඒ අයුරින් බුදු දම සමඟ නෑදෑ කමක් ගොඩනගා ගන්නට උත්සාහ කර තිබෙන ආකාරය පැහැදිලි වන්නේ ලංකාවේ උඩරට පළාතේ ප්‍රකටව තිබෙන වෙනස් අන්දමේ කතා පුවතකිනි.බුදුන් නොමැති කාලයේ කඩවරගෙන් ස්ත්‍රීන්ට බොහෝ කරදර සහ අඩ්ම්තේට්ටම් සිදුවිය. මෙම තත්වය දුටු අළුත් නුවර දෙවියන්(උඩරට වාසීන්ගේ විශ්වාසය නම් අළුත් නුවර දෙවියන් යනු මතු බුදුවන මෛත්‍රී බුදුන් වගයි. මෛත්‍රී බුදුන් ගැන වැදගත් ලිපි කිහිපයක් හසිතගේ ආගියකතා බ්ලොගියෙන් කියවන්නට පුළුවන්. ) කඩවරගෙන් ස්ත්‍රීන් බේරාගත යුතු යැයි සිතා ඔහුට දඬුවමක් දීමට සිතුවේය. කඩවර කැදවූ දෙවියන් කටු සහිත වෙවැල් රැහැනක් ඔහු අතට දී අසල තිබූ මහා පර්වතයක් පෙන්වා පසුදාට එළිය වැටෙන්නට ප්‍රථමයෙන් එම කටු වේවැලෙන් පර්වතය ඉරන්නට නියම කළේය. අසීමිත දුක්ඛදායී වෙහෙසක් දරා පසුදාට පහන් වන්නට ප්‍රථමයෙන් යාන්තම් පර්වතය ඉරා නිම කරන්නට කඩවරට හැකිවූහ. අළුත් නුවර දෙවියන් සමීපයට ගිය කඩවරයෝ තවත් නම් මෙවන් විපත් පමුණුවන්නට එපායැයි බැගෑපත්ව ඉල්ලා සිටියහ. එකල්හි දෙවියන් එසේ නම් තවත් මේ සක්වළේ නොසිට පලා යව යැයි කඩවරට අණ කළේය. එතැන් සිට මේ සක්වළෙන් පලා ගියද අවස්තාවක් ලද විගස මිනිස් ලොවට බැලුම් හෙළා මල්වර වූ දැරියකට වින කරන්නට කඩවර නොපැකිළෙයි.
කඩවර ගොටුවේ කියැවෙන කවි සහ කෝල්මුර කවි සලකා බලන විට කඩවර යනු දෙවියෙක්ද නොඑසේනම් යක්ෂයෙක්දැයි ස්ථීර ව කිව නොහැක. උඩරට වාසීන්ගේ පිළිගැනීම නම් කඩවර යක්ෂ සේනාවක් පිරිවරා ගත් දෙවියෙක් බවයි. ඒ කෙසේ වෙතත් කඩවර උපත පිළිබදව කිනම් ආකාරයේ ප්‍රවාද නිරමාණය වී තිබුණත් කඩවර පිළිබඳව එක් පොදු විශ්වාසයක් නිරීක්ෂණය කළ ,හැකිවෙයි,ඒ නම් කඩවර යනු මල්වරවූ නොඑසේනම් වැඩිවියට පත්වූ තරුණ කාන්තාවන්ට වින කරන බලවේගයක් වශයෙන් වැව් රට ,,උඩරට මෙන්ම පහතරටද පොදු විශ්වාසයක් පැවතීමයි.
කඩවර දෝශය නැති කිරීමට යකදුරෝ දොළ පිදේනි දී ශාන්ති කර්ම සිදුකරති ..ගොම්මන් කාලයේදී කඩවර පළවා හැරීම සිදුකරන්නේ පිරිමි පක්ෂයයි. පුවක් කොළෙන් තැනූ කඩවර ගොට්ටේ හත් මාළුව තබයි. හත්මාළුව මෙසේය.
- රත් තම්පලා
- කොස් ඇට
- වට්ටක්කා
- වට්ටක්කා දළු
- රතුඅල
- අමු කෙසෙල් (හත් මාළුවට අයත් වන අනෙක් වෑංජනය කුමක්දැයි නිවරදිව තහවුරු කර ගැනීමට නොහැකි වූ නිසා මෙහි සඳහන් නොකළෙමි .)
.කඩවර ගොට්ටට හත් මාළුව පමණක් නොව බත්, පුළුටු පස් පංගුවක් ,,සහ කී රොටී (පිටි,පොල් හා ලුණු වතුර පමණ්ක් උපයෝගී කොටගෙන සාදන රොටී විශේෂයක් .)ආදියද තබනු ලැබේ. ඇතැම් පළාත් වල කඩවර දොසින් පෙළෙන දැරිය දොරකඩ හිදුවා ඇය ඉදිරියේ තබන ලද වංගෙඩියක් මත කඩවර ගොටුව තබා කවි කියමින් යකුන් හඩගසා පිදේනිය දී උන් පළවා හරිති.
කඩවර දෙවියනි දිවැස් හෙළන්නේ
කඩවර දෙවියනි යක්කු නටන්නේ
යකා සමග මම යන්ට බලන්නේ
කඩවර දෙවියනි පිටසක යන්නේ
ඒ දෙවිඳුන් මම මරවා ගන්නේ
මම තෝ කිය දමලා යන්නේ
මගෙන් දොසක් තිබ්බොත්,
මම මරලා යන්නේ..
මේ සදහන් කරනු ලැබූවේ කඩවර යකුන් පළවා හැරීම සදහා යොදා ගන්නා එක් පැදි පෙළකි.
කඩවර පිළිබද විශ්වාසය මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින්....
කඩවර පිළිබඳ විශ්වාසය මානව විද්‍යාත්මක විමසා බැලූ විට එය වැඩිවියට පත්වූ තරුණියන්ගේ ආරක්ෂාව අපේක්ෂා කරමින් ගොඩනැගුණු සංකල්පයක් බැවු පැහැදිලි වේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව් දක්වා අභරණින් සැරසුණු තරුණියකට නිදහසේ ගමන් කළ හැකියැයි විශ්වාසයක් වූවත් අතීතයේ පවා තරුණියන්ට අතවර කරන අකුරැස්සෙ සභාපති පන්නයේ පුද්ගල චරිත හිඟ නොවන්නට ඇත. දියමංකඩදී ,,බැද්දේදි, ගමනේදී හුදකලාවූ විට එවැනි අපගාමී පුද්ගලයන්ට තරුණියන්ට විපත් පැමිණිවීමට ලැබෙන ඉඩකඩ බොහෝ වැඩිය. නමුත් මෙවැනි විශ්වාසයන් පවතින විට තරුන දැරියන් හුදකලා නොවෙයි.එමෙන්ම මල්වරය වැනි ජීවිතයේ කඩයිම් අවස්තාවල මිනිස් සිත තුළ බිය, තිගැස්ම ,,සතුට, ප්‍රහර්ෂය වැනි හැගීම් පිරී ඉතිරී යයි. මල්වරයෙන් උදාවන නව තත්වයත් සමග දෙමාපියන්ට නෑදෑයිනට දැරියට ආරක්ෂාව, රැකවරණය සැපයීම පිළිබදව බැරෑරුම්ව සිතන්නට කඩවර සංකල්පය උපකාරී වෙයි.එම වගකීම් වඩාත් හොදින් සමාජය තුළින්ම නිෂ්පන්න වූ මෙවනි සංකල්ප ඕනෑම සමජයක දකින්නට පුළුවන. සිංහල ජන සමාජය තුළින් උපත ලද මෙවනි විශ්වාස හා සංකල්ප මගින් සමාජපාලනය කිරීම සදහා ඉටු කරනු ලැබූ කාර්යභාරය අතිමහත් වේ. .
තංගල්ලේ නෙවේ අකුරැස්සේ සභාපති. තංගල්ලේ මන්ත්‍රී.
ReplyDeleteඒකාධිපති පාලනයක් තිබුන අතීතයේ නිල බලයට මුවාවී සිදුකල කාන්තා අතවර වැඩිපුර තිබුන කියලයි ඉතිහාසය කියන්නෙ.
//තංගල්ලේ නෙවේ අකුරැස්සේ සභාපති//.
Deleteඔව් රාජ් ඔබ හරි, මට වැරදුනා. ඔන්න මම වැරැද්ද නිවරදි කරා.....
බොහොම ස්තූතියි රාජ්.
//ඒකාධිපති පාලනයක් තිබුන අතීතයේ//
එතකොට රාජ් දැන් තිබෙන්නේ මොන වගේ පාලනයක්ද?
නියම ලිපියක්
ReplyDeleteඇත්තටම අගය කල යුතුයි ඔබව
ස්තූතියි නිශාන්
Deleteඅගය කල යුතුයිම තමා...
ReplyDeleteලෝක දැනුමත් ඕනේ - ඊට කලින් ගෙදර මක්ක වුනාද කියල දැනගන්න එපායෑ...
ස්තූතියි ඔබට රතූ...
මගේ බ්ලොග් රෝලටත් එකතු කරගන්නව මේ බ්ලොග් එක
[අර ප්‍රස්නේ දැන් හරි - නමෙන්ම එනව]
ජය..!!
ස්තූතියි තිස්ස අයියේ. හරියට හරි (සහතික හැත්ත )ගෙදර මොනා වුනාද කියලා දැනගෙන ඉන්න එපැයි.
Deleteහොඳ පෝස්ට් එකක්.
ReplyDeleteඅකුරුත් ටිකක් ලොකු කරලා ටෙක්ස්ට් එක කළු පාටින් තිබුණානම් කියවන්න පහසුයි.
කියවන්නට අපහසුයි වගේද සුමිත් අයියේ,,,, හොදයි ඔබ කියූ වෙනස්කම් ඉටුවේවි...
Delete