Google+ Followers

2012/10/03

ඇයි නුඹ මාව මරාගෙන නොකෑවේ ?



ඇයි නුඹ මාව මරාගෙන නොකෑවේ ?

සුනිල් චන්ද්‍රසිරිගේ අළුත්ම නාට්‍ය නිර්මාණය වන ආදරණීය සංවාදයක් නැරඹූ මට සීමොන්ගේ සහ 
ජෙරාර්දෝ බෘසෙසි ගේ කථාව සිහිපත් විය. මෙය ලියැවී තිබුණෙ සමබිම සඟරාවෙහිය. ඉතිහාසිකව අපටද පොදු අත්දැකීමක් වන මේ කතාව ට කිසිදු සමානරූපී බවක් දක්වන සිදුවීම් අපේ පුණ්‍යවන්ත මවුබිමෙහි කිසිදු විටෙක සිදු නොවුණු බැව් අමතක නොකරන්න. 




හැත්තෑව දශකයේ මැද භාගයේදී සිදු කළ යුද හමුදා කුමන්ත්‍රණයක් මගින් මිලිටරි ජුන්ටාවක් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වුණු ආණ්ඩුව පෙරළා දමා ආජන්ටිනාවේ බලය අල්ලා ගන්නා  ලදී. උග්‍ර කොමියුනිස්ට් විරෝධියෙකු වූ එම ජුන්ටාවේ නායක ජෙනරාල් ජෝර්ජි රෆායෙල් විඩෙලා තම ප්‍රතිවාදීන්ට එරෙහිව පස් අවුරුදු ‛කිලිටි’ යුද්ධයක් ගෙන ගියේය. එහිදී හමුදාව සහ රහස් පොලීසිය විසින් 30,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවන ලදී. ඉන් 15000 පමණ ඝාතනයට ලක්වූහ.

අවසානයේදී මිලිටරි ජුන්ටාව බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ජෙනරාල් විඩෙලා සහ අනෙකුත් හමුදා නායකයන් ‛මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට’ වැරදිකරුවන් බවට පත්විය. ජෙනරාල් විඩෙලාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලැබුණු අතර තවමත් ඔවුන් වෙනත් චෝදනා යටතේ නඩු විභාගයන්ට මුහුණ දෙමින් සිටිති.
නමුත් ප්‍රශ්නය වන්නේ එම පස් අවුරුදු ‛කිලිටි යුද්ධය’ මෙහෙයවූවන් තමන් කළ කී දෑ තවමත් මතවාදීව සාධාරණීකරණය කිරීමයි.
කෙසේ වුවද සැබැවින්ම මිනිසුන්ට වධහිංසා පැමිණවූවන් අතරින් නඩු විභාගයකට මුහුණ දුන්නේ එක් පුද්ගලයෙකු පමණකි. ඔහුගේ නම තුර්කෝ ජුලියාන් හෙවත් ජුලියෝ සිමොන්ය. තමා සමඟ එක්ව වධහිංසා කිරීම්වලට සහභාගී වූ අනෙක් වධකයන් හඳුනා ගැනීම සඳහා අධිකරණයට සහාය දීම ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ නඩුව විභාග කරන විනිශ්චයකරු කියා සිටින්නේ තම ක්‍රියාවන් ඔහු තවමත් මතවාදීව සාධාරණීකරණය කරන බවයි.
සිවිල් යුද්ධයකදී සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්ට වගකිව යුත්තන් සෙවීමේදී මුහුණ පාන්නට සිදුවන එක් බරපතළ අභියෝගයක් වන්නේ එම අයිතිවාසිකම් කඩ කිරීමට වගකිව යුතු වූ අය දෘෂ්ටිවාදීව තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමයි. කොමියුනිස්ට්වාදීන් හෝ පොදුවේ ගත් කළ පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගල කරන අයගෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා කරන ලද මේ ‛කිලිටි යුද්ධය’ වැනි ත්‍රස්තවාදී මර්දන මෙහෙයුම් ලස්සන නැතත් භයානක උවදුරකින්  රට මුදා ගැනීම සඳහා එසේ බිහිසුණු ලෙස ක්‍රියා කිරීම ඉවසිය යුතු යැයි කියන පිරිස් සර්බියාවේ සිට රුවන්ඩාව දක්වාත්, ආර්ජන්ටිනාවේ සිට ලංකාව දක්වාත් සිටිති.
තිරිසනෙකුට මෙන් ඔබට වධහිංසා කළ මිනිසෙකුට නීතියෙන් දඬුවම් පැමිණ වූ පමණකින් ඔබට ඒ වධහිංසාවෙන් ඇතිවූ ශාරීරික හා මානසික කැළැල් අමතක කළ හැකි ද? මුළු ජීවිත කාලයක් පුරා උත්සාහ ගත්ත ද එය මකා දැමීමට ඔබට හැකි වුණා ද?
2003 වසරේ ආජන්ටිනාවේදී මේ මහා අපරාධයට එරෙහිව මානව අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධ නඩු විභාග ඇරඹුණු අවස්ථාවේදී වසර ගණනාවකට පෙර රැඳවුම් කඳවුරුවලදී අනේක වධ බන්ධනවලට ලක් වූ බොහෝ දෙනෙක් තවමත් සුවපත් නොවූ සිය ආත්මීය වේදනාවන් ද රැගෙන අපරාධකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට බුවනෝස් අයර්ස් අගනුවරට ඇදී ආහ. එහෙත් තමන්ට වධහිංසා කළ මෙම පුද්ගලයා මුහුණට මුහුණ හමුවීමට කැමති වූයේ ඔවුන්ගෙන් කිහිප දෙනෙකු පමණි.
ජුලියන් සිමොන්ගේ වධහිංසාවන්ගෙන් තුවාල වූ ආත්මීය හෘද සාක්ෂියක් සමඟ බුවනෝස් අයර්ස් නුවර බලා පැමිණි උරුගුවේ ජාතික මාධ්‍යවේදියකු වූ ජෙරාර්දෝ බෘසෙසි වෙනස් පුද්ගලයෙකි. 1978 දී අවුරුදු විසි හයක තරුණයෙකු වශයෙන් ජුලියෝ සිමොන් අතින් වධහිංසාවට ලක් වුණු ඔහු ඉන් වසර තිහකට පසු තම අතීත වධකයා මුණ ගැසීමට නැවත ආජන්ටිනාවට පැමිණෙයි. ඔහුගේ අරමුණ තුර්කෝ හෙවත් ජුලියෝ සිමොන් සමඟ එක්ව තමාට වධහිංසා කළ අනෙක් වධකයන් දෙදෙනා වන ‛කොලෝරෙස්’ සහ ‛කුංග් ෆූ’ නමින් හැඳින්වුණු පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමය.
ඒත් ඒ සියල්ල අබිබවා වසර විසිපහක් පුරා දිවා රෑ තමා දවාලූ ප්‍රශ්නයක් ඔහුට සිමොන්ගෙන් අසන්නට තිබුණි.
දින කිහිපයක් ජෙරාර්දෝ බෘසෙසි විසින් බන්ධනාගාරයේදී සිමොන්ව මුහුණට මුහුණ හමු විය. එම අවස්ථාවේදී  ජෙරාර්දෝ බෘසෙසි විසින් පටිගත කළ වීඩියෝ පටයේ එන ඇතැම් දර්ශන අතිශයින් හද කම්පා කරවන සුළුය. රොඩ්‍රිගෝ වස්කේස් විසින් නිපදවූ මෙම සත්‍ය කතාව රැගත් චිත්‍රපටය අල්ජසීරා රූපවාහිනියේ ‛පීපල් ඇන්ඩ් පවර්’ වැඩසටහන විසින් පසුගිය මාර්තු මාසයේදී විකාශය කරන ලදී. ඔබට එය http://english.aljazeera.net/programmes/peopleandpower/2009/09/200993054939921589.html ඔස්සේ අන්තර්ජාලය තුළින් නැරඹිය හැකිය.

එදා ඔහු විසින් පාලනය කළ රැඳවුම් කඳවුරු තුනෙහි සිටි ඇස් බැඳ වධහිංසාවලට ලක් කළ මිනිසුන්ට පළමුවෙන්ම ඇසුණේ ඔහුගේ ගොරහැඩි කට හඬයි. අද ඒ අමිහිරි කට හඬ අවදි වන්නට පෙර සිමොන්ගේ රුව ජෙරාර්දෝ බෘසෙසි ඉදිරිපිට පෙනී සිටියි.

ජෙරාර්දෝ බෘසෙසි 
 මම දැන් ඔබ ඉදිරිපිට ඉන්නේ මාධ්‍යවේදියෙකු විදිහට. මීට අවුරුදු විසි පහකට කලින් 1978 පෙබරවාරි 12 දා හවස පහට මාව පැහැර ගෙන විත් බුවනෝස් අයර්ස්වල එක පොලීසියක රඳවලා තියා ගත්තා. ඊට පස්සෙ මාව රැඳවුම් කඳවුරකට මාරු කරල යැව්වා. එතනදි ඔබ මට වධහිංසා කළා.
සිමොන් 
 කවුද? මම ද ඔබට වධ දුන්නේ? කොහෙද ඔය කියන කඳවුර තිබුණේ? ඇති. අපි මේක නවත්තමු. මම කිසිම වෙලාවක සදාචාර විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කළේ නෑ. මහජනතාව මේක විශ්වාස කරන එකක් නෑ. ඒත් මම දන්නවා මම කරපු දේ.
ජෙරාර්දෝ 
 බැන්කෝවල. බැන්කෝවල තමයි ඒක තිබුණේ.
සිමොන් 
 ඔබට වයස කීය ද?
ජෙරාර්දෝ 
 මට දැන් 50 යි. මට ඒ කාලෙ වයස 24 යි.
සිමොන් 
 මට මතක නෑ.
ජෙරාර්දෝ 
 මාව ඔබ ළඟට ගෙනිච්චෙ නිරුවත් කරල ඇස් බැඳලා.
සිමොන් 
 මාව හිරකරල දැන් අවුරුදු හතරක් වෙනවා. මාත් වේදනා විඳිනවා.
සාකච්ඡාව ඉන් එහාට සිදු නොවුණි. ජෙරාර්දෝ බෘසෙසි පුටුව පසුපසට ඇද නැගිට්ටේය.
————————–
පසුදින ජෙරාර්දෝ බෘසෙසි නැවතත් සිමොන් රඳවා සිටින බන්ධනාගාරය වෙත පැමිණියේය.

“මම නිකං මාධ්‍යවේදියෙක් විතරයි. එයාල මාව පැහැරගෙන ගියා. පොලීසියේදි මට ගැහුවා. ඊට පස්සෙ මාව කෑම්ප් එකට යැව්වා. මාස හයක් තිස්සේ ගතවුණ හැම දවසකම එයාල මට වධහිංසා කළා.”

ජෙරාර්දෝ බෘසෙසි, සිමොන් පැමිණෙන තෙක් ජේලර්වරුන්ට කියා සිටියේය.
මෙහොතකින් සිමොන් පැමිණ ජෙරාර්දෝ බෘසෙසිට අතට අත දුන්නේය. ජේලර්වරු ඉවතට ගියහ. යළිත් සිමොන් සහ ජෙරාර්දෝ බෘසෙසි එකිනෙකා හා තනි වූහ.
ජෙරාර්දෝ 
 මම ආයෙත් ආවේ ඇයි කියල ඔබ දන්නවා නේද?
සිමොන් 
 එක සැරයක් කිව්වනෙ, මම කාටවත් වධහිංසා කළේ නෑ. ඔබටවත් එහෙම කළේ නෑ. මම ඔබට අත තිබ්බෙ වත් නෑ.
ජෙරාර්දෝ 
 ඒක බොරුවක්. මාව කඳවුරට ගෙනිච්ච දවසෙ ජුලියන් කියන කෙනා එතැන හිටිය බව මට හොඳටම විශ්වාසයි. කුංග් ෆු අඩු තරමින් මට දෙපාරක් වත් වධ දුන්නා. එයා මගේ බඩ තුවාල කළා. මට පළවෙනි දවසෙ වධ දුන්නෙ ජුලියන් කියන කෙනා. අනික් වතාවලත් එයා එහාට නිතර ආව.
සිමොන් 
ඇයි මාව මෙහෙම තියාගෙන ඉන්නෙ?
ජෙරාර්දෝ 
 ඔබව මෙහෙම තියාගන්න එක තමයි වඩා හොඳ කියල හිතන අයට ඔබ නිහඬව තවදුරටත්      තබාගැනීම අවශ්‍යයි.
සිමොන් 
 ඒක වැරදියි. මම ඒ ආයතනයටයි වැඩ කළේ. මම ඒ මිනිස්සුන්ට වැඩ කළේ නෑ.
ජෙරාර්දෝ 
 ව්‍යවස්ථාවට අනුව නම් පොලීසියයි හමුදාවයි මහජනයාට සේවය කරන්න ඕන. මිනිස්සුන්ට වධහිංසා කිරීම හරි, මිනිස්සු අමු අමුවෙ මරා දාන එක හරි, ඒ මිනිස්සුන්ගේ දේවල් හොරකම් කිරීම නෙවෙයි කරන්න ඕන.
සිමොන් 
 නෑ නෑ. මම කරපු දේවල් නීත්‍යනුකූලයි.
ජෙරාර්දෝ 
 ඒත් ඒ කාලෙ මේ රට පාලනය කළේ පොලීසියයි හමුදාවයි.
සිමොන් 
 මම සේවය කළේ මධ්‍යම ආරක්ෂක අංශයේ.
ජෙරාර්දෝ 
 උඹල ඒ කාලෙ අපිට කිව්වෙ අපි අතරින් හිටිගමන් අතුරුදහන් වුණ අය වෙන රටවලට ගිහින් කියලයි. ඒත් උඹල අපිත් එක්ක හිටිය ගොඩක් අයව ප්ලේන් එකෙන් ගෙනෙද්දි ඒකෙන් එළියට ඇදලා දැම්මා.
අතීත වේදනාවෙන් ජෙරාර්දෝ      හැඟීම්බර වුණේය.
සිමොන් 
 ඔබ තාම හැඟීම්බරයි. ඒ නිසා දැන් අපිට කතා කරන්න අමාරුයි.
ජෙරාර්දෝ 
 නැහැ. උඹයි මායි මේ කතා කරන්නෙ ඉතිහාසෙ වුණ ඇත්ත සිද්ධි ගැන.
සිමොන් 
 හොඳයි අපි කතා කරමු.
ජෙරාර්දෝ බෘසෙසිට සිත සන්සුන් කර ගැනීමට විනාඩි කිහිපයක් ගත විය.
ජෙරාර්දෝ 
 ඔබ ඒ මුළු කාලය පුරාම අපිව නිරුවත් කරල තිබ්බා. මගේ අතපයවලට මාංචු දාලා තිබුණේ. ඒ මුළු කාලය පුරාම මට තිබුණු එකම ඇඳුම වුණේ මගේ ඇස් දෙක බැඳල තිබ්බ රෙදි පටිය විතරයි. කෑම්ප් එකේදි මට නම් තුනක් මතක තිබුණ. ජුලියන් සිමොන්, කොලෝරෙස් සහ කුංග් ෆු. මම මේ කියන්නේ මට වධ දෙන වෙලාවෙ එතන හිටිය අය ගැන. ඔබත් මට වධහිංසා කළා.
සිමොන් 
 නෑ නෑ මම වධ දුන්නෙ නෑ. මම ප්‍රශ්න නම් ඇහුවා.
ජෙරාර්දෝ 
 මාව ඒ කෑම්ප් එකට ගෙනිච්ච මොහොතෙම මගේ අනන්‍යතාවය නැති වුණා. මට මගේ නම නැතුව ගියා. මට ලැබුණෙ අංකයක්. මට මතකයි මාව කෑම්ප් එකට ගෙනිච්ච පළමු රෑම මට පයින් පහර දුන්නා. කුංග් ෆු අනෙක් අයට කිව්වා මාව ගැට ගහන්න කියලා. ඊට පස්සෙ එයා මට කරාටේ පාරවල් දුන්නා. මගෙන් එයාලට ගන්න තොරතුරක් තිබුණෙ නැහැ. ඊට පස්සෙ දවසක එයා මාව මේසය උඩ වාඩි කරල ආයෙත් කරාටේ පාරවල් දුන්නා. මාව නිදහස් කළාට පස්සෙ මට ඔපරේෂන් ගාණක් කරන්න සිද්ධ වුණා. මට ලිංගික අතවර කළා. තමුන්ට කරන්න ඕන වුණ හැමදේම කළා. ඒත් ඔයාලට මගෙන් එක වචනයක්වත් ගන්න බැරි වුණා.
සිමොන් 
නෑ නෑ. මම විශ්වාස කරන් නෑ ඔබට ලිංගික වධහිංසා කරපු බව.
ජෙරාර්දෝ 
 මේ අහන්න. ඔබලා මගේ ගුද මාර්ගයට කෝටු දැම්මා. මම කොමියුනිස්ට් සෙබළෙක් කියල මාස හයක් වධ දුන්නා. මම නෑ කිව්වා. ඒක තමයි ඇත්ත. මම කවදාවත් කොමියුනිස්ට්වාදියෙක් වෙලා හිටියෙ නෑ. මම සෙබළෙකුත් නෙවෙයි. ඔබලා මිනිස්සුන්ට වධ දෙන්න යොදා ගත්ත බුද්ධි තොරතුරු වැරදියි. ඒක ජන ඝාතනයක්.
සිමොන් 
 එහෙ කිසිම බුද්ධි තොරතුරු අංශයක් තිබුණෙ නෑ.
ජෙරාර්දෝ 
 අපිට කෑමයි බොන්න වතුර බාල්දියි ගෙනාපු එක බැල්ලිගෙ පුතෙක් හිටියා. මට මතකයි ඌ ඒ බාල්දිවලට චූ  කරන්නයි කෙළ ගහන්නයි පුරුදු වෙලා හිටියා. ඒවා මතක නෑ කියල කියන එක මානසිකව ඒව සිද්ධ වුණේ නැහැයි කියල හිතා ගැනීමක්.
සිමොන් 
නෑ නෑ. මම එතන හිටියෙ නෑ.
ජෙරාර්දෝ 
 මට සිද්ධ වුණා එක පාරක් ඔයාලගේ කෙනෙක් එක්ක කතා කරන්න. මට එයාගෙ නම මතකයි. ඒත් මට කවදාවත් එයාගෙ මූණ දකින්න බැරි වුණා.
සිමොන් 
 අපි කවුරුවත් තමන්ගේ මූණ පෙන්නුවේ නෑ. අනික මම කවදාවත් හිරකාරයන්ගෙන් ප්‍රශ්න කළේ නෑ.
ජෙරාර්දෝ 
ඒත් මට හැම වෙලාවෙම වධහිංසා කළා.
සිමොන් 
 හරි. ඒත් මම කියන්නෙ ඒක මට අදාළ නෑ. ඒත් මේ හිතුවක්කාර මිලිටරි නායකයො හිතුවෙ එයාල ඉතිහාසෙ අයිතිකාරයෝ කියලා.
ජෙරාර්දෝ බෘසෙසි එක්වරම සිනාසෙමින්ම උත්තර දෙන්න පටන් ගත්තේය.
ජෙරාර්දෝ 
හරි පුදුමයි. හරිම පුදුමයි. ජීවිතේ කොයිතරම් හාස්‍යජනක ද? මොකද දැන් ඔබව ප්‍රශ්න කරන්නා මමයි. අවුරුදු විසි හයකට කලින් ඔබ මගෙන් ප්‍රශ්න කළා. මම ඔබෙන් ආයෙත් අහනවා. කොලෝරෙස් සහ කුංග් ෆු කියන්නෙ කවුද? මොකක්ද ඔබට ඔවුන් සමඟ තිබුණ සම්බන්ධය?
සිමොන් 
මම දන්නෙ නෑ. මම දන්නෙ නෑ.
ජෙරාර්දෝ  
 ඔබ බන්කෝ කඳවුරේ වැඩ කළා. ඒක ඔප්පු කරන්න දහස් ගාණක් සාක්ෂිකාරයෝ ඉන්නවා. ඒක නැහැ කියන්න එපා.
සිමොන් 
 හොඳයි. ඔබ සිතනවා නම් මම බන්කෝවල වැඩ කළා කියලා, මම එහෙ වැඩ කළා තමයි. වෙන මොනවා කියන්න ද?
ජෙරාර්දෝ 
 අන්න හරි. මට දැන් දැන ගන්න ඕන දේ පහුගිය අවුරුදු විසි පහ තිස්සෙම මට දිවා රෑ වධ දුන්නා. ඇයි උඹලා මට එහෙම කළේ? ඇයි අන්තිමට මාව මැරුවෙ නැත්තෙ?
සිමොන් 
 මම කවදාවත් බන්කො කෑම්ප් එකේ වැඩ කළේ නෑ.
ජෙරාර්දෝ 
 මම අවුරුදු විසි පහක් ඒ වේදනාව දරාගෙන හිටියා. ඒ ගත වුණ හැම දවසකම හිතුවා ඔබව හම්බ වුණාම මම ඔබෙන් පළි ගන්නවා, මට කළ දෙයම ඔබටත් කරනවා, ඉන් පසුව ඔබව මරනවා කියල. මම කරාටේ පුරුදු වුණා. බර ඉසිලීම පුරුදු වුණා.
සිමොන් 
 ඕක මානසික තත්ත්වයක්.
ජෙරාර්දෝ 
 අන්තිමේ මට ඔබව හම්බ වුණා. ඒත් මම මෙහාට ආ වෙලාවේ මට තේරුම් ගියා පලිගැනීම තේරුමක් නැති දෙයක් කියලා. මට ශාරීරිකව හරි මානසිකව හරි පලිගන්න ඕනෙ නැහැ. මට ඕන වුණා මාව ශාරීරිකවයි මානසිකවයි විනාශ කරන්න හදපු අය ආයෙ වතාවක් මූණට මූණ හම්බ වෙන්න. මට ඕන වුණේ ඔයාලට මාව විනාශ කරන්න බැරි වුණා කියල පෙන්නන්නයි. ඔබලා මාව ශක්තිමත් කළා.
සිමොන් 
 ඔබට මගෙන් එයාලගෙ නම් දැනගන්න ඕනෙද?

ජෙරාර්දෝ බෘසෙසි උත්සාහ කරන්නේ සිමොන් මාර්ගයෙන් තමන්ට වධහිංසා කළ අනෙක් නිලධාරීන් වූ කොලෝරෙස් සහ කුංග් ෆුගේ සැබෑ නම් හෙළිදරව් කරගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි. ඒත් ඊට ඔහුට ලැබී තිබෙන කාලය ඉතා සීමිතයි. කිලුටු සටනින් වසර විසි පහකට පසුත් තමාගේ ක්‍රියාව සාධාරණීකරණය කරන සිමොන් වැන්නෙකුගෙන් හිංසනයට පත් වූවෙකුට සාධාරණයක් ඉටුවේවි ද?

දීර්ඝ copy -paste කිරීමක් බව සලකන්න. අන්තර්ගතයේ වැදගත්කම සලකා උපුටා පළකර්න ලදී

25 comments:

  1. අම්මට සිරි .......... මෙන්න මචෝ මේවට තමයි රැඩිකල් පෝස්ට් කියන්නේ ........... අර සම්මාන වලින් රැඩිකල් එක හරියන්නේ උඹට ............

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දිනෙල්කයා මේක සෑහෙන තර්මට උපුටා පළකිරීමක්. ලියන්න ආසයි මේ වගේ දීර්ඝ පෝස්ටු, නමුත් කාලය තමයි ගැටළුව..ස්තූතියි උඹට

      Delete
    2. පෝස්ටුවේ පහත සටහන එකතු කරනු ලැබූවේ දිනෙල්ක හෙවත් විල්ක්කුවාගේ කොමෙන්ටුවට පසුවය. මෙය උපුටා පළකිරීමක් වශයෙන් ඔහු නොදැන සිටියේය.

      Delete
  2. මම දන්නේ නැහැ, මට මතක නැහැ ඔන්න පොදු උත්තරේ :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත, අපි හැමෝටම අමතක වෙලා...

      Delete
  3. සිරා පොස්ට් එකක් මචන් මේක..

    ReplyDelete
    Replies
    1. කියවා ,ඔබේ අදහස් මතවාද සමඟ සංසංදනය කොට බැලුවා නම් සතුටුයි ඇත්තටම.

      Delete
  4. වෙනත් රටක මේ වගේ සිදුවීමක් ගැන අහපු ගමන් අපිට මතක් වෙන්නෙ ලංකාවටත් මෙහෙම අතීතයක් තිබුණ කියල, අදාල දේශපාලනික කාරණාවලින් වෙනස් වුවත් මනුෂ්‍යත්වයට එරෙහිව කරපු අපරාධ සම්බන්ධයෙන් නම් මේවයෙ වැඩි වෙනසක් නෑ. වසර 20 කට එහා අතීතයෙ සිදුවීම්වලට අණ දුන්නු, සම්බන්ධ වුනු සමහරුන්ට ස්වභාවධර්මය විසින් දඬුවම් කරපු හැටි මුළු රටම දැක්කා. ඒවට ක්‍රියාවෙන්ම සම්බන්ධ වුනු සමහරු නම් ඇතුලාන්තයෙන් දැවෙමින් තම හෘදසාක්‍ෂියෙන් ගැලවීගත නොහැකිව මැරි මැරි ඉපදෙමින් තවමත් ජීවත්වෙනව ඇති. ලිපියෙ එක තැනක තිබුණු සඳහනක් නිසා මට තවත් බොහෝ දේවල් ලිවීමට සිත් වුවත් මම සම්පූර්ණයෙන්ම ඇනෝවෙක් නොවන නිසා මෝඩ නිර්භීතකමට වඩා බියසුළුකම හොඳයි කියල නිහඬ වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබෙ ඔනෑම අදහසකට මගේ ඉඩකඩ විවුර්තයි DDT ..ඔබේ විචාරාත්මක ප්‍රතිචාර හැමදාම අගය කරනවා මොනතරම් විසංවාදයන් ඒ අදහස් වල තිබුනත්, ස්තූතියි.

      Delete
  5. රතු රජරට ඔබේ අදහස් අගය කරමි. නමුත් අවංකව කියන්න කවුරුවත් කියන දෙයක් නෙමෙයි ඔබට හිතෙන දේ කියන්න. අවංක විචාරයකි. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබව ඉතාමත් සාදරයෙන් මේ පැත්තට පිළිගන්නවා.
      ඒ වගේම මෙම පෝස්ටුව මම පළකරනේනේ මෙහි අන්තර්ගතය සහ මතවාදයන් සමගින් 100% එකඟ වෙමින් බවත් කියන්න ඔනෑ. නොවක් තුති මෙහි ගොඩවැදුනාට.

      Delete
    2. අගේය. අගේය. ප්‍රකාශන අයිතියට ගරු කරන්නා විශිෂ්ටයෙකි. (මීට කලින් මේ ස්පෝගන් එක කව්රුවත් කියල නැතිනං ‍දේශකයගේ කොපි රයිට් එකක් හොදේ. ස්තුතියි පිළිගැනුමට

      Delete
  6. ආවේ අදනේ මේ පැත්තට... පරණ ලිපිත් කියවලා බලලා යමක් කියන්න වෙනවා.. මොකද මේ වගේ දේකට හා හූ කියන්න තරම් මට තේරුමක් නෑ.....

    සංවාදය කියවගෙන යද්දි තේරෙනවා කටින් අල්ලගන්න හදන්නේ කියලා.. ඒක නම් තේරුනා....

    ReplyDelete
    Replies
    1. ස්තූති හිරු මේ පැත්තට ගොඩ වැදුනට. මෙයට සමාන්තර දේවල් අපේ රටෙත් සිදුවුණා. සුමිත් නිරිඇල්ල එවැනි සිදුවීම් ගැන ලියමින් ඉන්නවා. අපි යම් තරමකට හෝ එවැනි දේ සම්බන්ධයෙනුත් සැලකිලිමත් විය යුතුයි තමයි.

      Delete
    2. සුමිත් නිරිඇල්ල පාලුගෙදර වලන් බිදිමින් සිට දැන් ඇත නිහඩ වෙලා.

      Delete
  7. ඔබේ අදහස් රැඩිකල්.
    මේ වගේ පෝස්ට් එකක් ඔබත් නිර්මාණය කරා නම්?

    ReplyDelete
    Replies
    1. ඔව් දීර්ඝව බරසාරව ලියන්න නම් ආසයි තමයි ,නමුත් ප්‍රශ්නය තිබෙන්නේ කාල වේලාව සම්බන්දයෙන් ,ස්තූතියි නිශාන්.

      Delete
  8. ශෙහ්... උපරිමයි මේ පෝස්ටුව :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හුහ් .,.,මෙන්න රජත් ඇවිත් රාජ පුරුෂයකුගෙ කෙරුවාව කියවන්න.
      සුබම වේවා... මේව්වා සම්පත් ලැබේවා...

      Delete
  9. අදමයි ආවෙ. ගොඩක් ආසාවෙන් කියෙවුවා. ඔබට ජය!!!!!

    ReplyDelete
  10. තැන්කු වේවා හොදේ....

    ReplyDelete
  11. ප්‍රේමදාස උඩුගම්පොල, ඩග්ලස් පීරිස්, සිරිසේන කුරේ වැන්නෝ මත කාලයේදී පුවත්පත් සමග කල සාකච්ඡා කියවුවිට මට සිතුනේ මොවුන් කොතරම් අහිංසක ධාර්මික පිරිසක්ද යන්නය.එකල ගංගාවල පාවී ගිය මෙන්ම මහමග දැවුණු මළසිරුරු මා දුටු සිහිනයක් වියයුතුය.ඔබ විසින් නොලියා ඇති කරුණක් කියමි විප්ලවය වෙනුවෙන් මිනීමැරූ චේ ගෙවාරා සහ ෆිදෙල් ක්‍රස්ත්‍රෝ වැන්නන්ට පවා චෝදනා කලයුතුය.රෝහණ විජේවීරටද එම චෝදනාවම නැගිය හැකිය.

    ReplyDelete
  12. ඉතිහාසික වීරයන් අතර සද්ගුණවත් උපාසකලා නැති බැව් මම හොදින් දනිමි. දුටුගැමුණුගේ පටන් රාජපක්ෂ දක්වාම ලංකාවේත් ,ගාන්ධිගේ පටන් හසාරේ දක්වා ඉන්දියාවේත් ඉතිහාසයන් ලියවී ඇත්තේ මිනිස් ලේ ගංගා මතින් වෙයි.

    ReplyDelete