2012/10/28

සංස්කෘතියට යටවුණු බුදුන්ගේ සිහිනය

සංස්කෘතියට යටවුණු බුදුන්ගේ සිහිනය 

ලංකාවේ අපි එකිනෙකට නොගැළපෙන, එමෙන්ම එකිනෙකට අතිශය ප්‍රතිවිරුධතාවයන් පෙන්වන ප්‍රපංචයන් මනාව එකිනෙක හා ගළපාගෙන කටයුතු කරන්නට අතිමහත් දක්ෂතාවයක් දක්වන පිරිසක්. මගේ මේ හැගීම තහවුරු කරන  කාරණාවක් අද හිමිදිරියේම මට සිහිපත් වුණා. ගෞතම බෝසතාණෝ බුද්ධත්වයට පත්වන්නට පූර්ව රාත්‍රීයේ දුටු සිහින අතර එක් සිහිනයක් වූයේ සිවුදිගින් පියඹා එන චතුර් වර්ණ කුරුල්ලන් සිවු දෙනෙක් තමන් වහන්සේ සමීපයට පැමිණ එකම වර්ණයකට හැරෙන ආකාරයේ සිහිනයක්. මේ සිහිනය පසුකාලීන අනුගාමිකයන්ට සිහිපත් කොට දුන් වැදගත් කාරණාව වූයේ බුදු සසුන කුලය නැමති පටු මානව බෙදීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. නමුත් පිරිසිදු බුදු දහම ආරක්ෂා වී යැයි මහත් සාඩම්බරයෙන් ලොවට හඬගා කියන අපේ රටේ පැවිදි සමාජයේ නිකාය බෙදීම් වලට තීරණාත්මක සාධකය බවට පත්කරගෙන තිබෙන්නේද කුලයයි. ලංකාවේ එක් බෞද්ධ නිකායක පැවිදි උපසම්පදා  වීමට නම් ගොවිගම කුලයේ අයෙකු වීම අනිවාර්‍යයි.මිනිසා වසලයෙකු හෝ බාහ්මණයෙකු යැයි තීරණය කරන එකම සාධකය ඔහුගේ ක්‍රියාව පමනකැයි පිළිගන්නා ආගමික ඉගැන්වීමක පුරෝගාමී අනුගාමිකයින් වන පැවිදි සමාජයම එම මූලික ඉගැන්වීම උල්ලංඝනය කරමින් එම ඉගැන්වීම් පිළිබදව බණ දේශනා කරමින් කටයුතු කිරීම සදාචාර විරෝධි වන අතර එම පරස්පරයන් එතිහාසිකව වෙනස්කිරීමට ත්‍රයිනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා කටයුතු කළ යුතුව ඇත.  

35 comments:

  1. මෙවන් සිහින කෙතරම් සොඳුරුද?

    ReplyDelete
    Replies
    1. ඒවා සිහින පමණක්ම වීමය කණගාටුව. නමුත් බුදුන්ගේ සසුනේ තම මළනුවන් වූ නන්ද කුමාරයත් සැඩොල් කුලයේ සෝපාකටත් එකට පැවිදි වීමට ඉඩකඩ තිබුණා.

      Delete
  2. මේ කතාව නම් ඇත්ත රතූ... මේවා කියන මිනිස්සු ඇත්තටම බුද්ධාගම් කාරයොද කියලත් හිතෙනවා... මේ තරම් ගොන් වැඩ කරන්නේ....

    ඇත්තටම ඔය එක කුලයක් වත් නෙවෙයි දැං ඉන්න සිවුරු දාගත්ත උන්දැලා බලන්නේ... සල්ලි තියෙනවද කියලා.. ඒකත් මඟුල් වගේ.... ඕවා අහං ඉන්න අපිටද පිස්සු මන්දා.... ෂික්....

    ReplyDelete
    Replies
    1. මෙහෙම නේ හිරු ,දැන් අපි මොනා කිව්වත් සමාජයක් විදිහට අපි ඔය සංස්ථාගත තත්වයන් පිළිඅරගෙන තියෙනවානෙ ..එවැනි තත්වයන් ප්‍රතික්ෂෙප කරන්න ට ලංකාවේ එකම දෙශපාලනික ව්‍යාපරයක්වත් කතාකරලා නෑනේ. පවතින අධිපතිවාදී කාරණා වඩාත් තහවුරු කරන්නේ මේ වගේ පුංචි පුංචි කාරනා තමයි ,

      Delete
  3. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියන කියමන මෙතනට ගැලපෙන්නෙ නැත්ද රතු? ඕකට දේශනා කරන්න තියෙන නිදහසට කරුණ මොකක් වෙයිද කියලයි මම කල්පනා කලේ
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට
      දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනී

      රණස්ගල්ලේ හාමුදුරුවන්ගෙ මේ කියමන තමා මෙතනට ගැළපෙනම එක.ඒ වුනත් හෙන්රි අයියේ ,,බලපන් මේ කවියත් ලියලා තියෙන්නේ හාමුදුරුවෝ කෙනෙක්නේ

      Delete
    2. එහෙනම් තවත් හොඳට ගැලපෙනවනෙ බං රතු. දෛවයේ සරදමක් නේ?
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. උඹේ කොමෙන්ටුවත් එක්ක දෛවයේ සරදමක් වුනා ඒක.

      Delete
  4. රටේ ඇත්ත තත්වය පෙන්නුවාට , පෙන්නලා දෙන්න හැදුවට වැඩක් නෑ . අපිට , හාමුදුරුවරුන්ට නීති පනවන්න බෑ !! ඒ නිසා දිගටම බෙදිලා ඉන්නව කියල කියයි.

    ReplyDelete
    Replies
    1. ඕනෑම ප්‍රජාවක, ආයතනයක ,සමාජයක බෙදීම් තියෙන්න පුළුවන්. නමුත් ගැටළුව වෙන්නේ ආගමික සංස්තාවන් වැනි මිනිසා ගේ ඇතුළාන්තයට සංවේදී ආයතනයන් තුළ මූලික හරය ත් සමග ගැටෙන සාධකයන් එම බෙදීම් සඳහා යොදාගැනීම.

      Delete
  5. අද සැබැ බුදු දහමක් ලංකාවේම නැති තරම් .අපි කව්ද හරියට අවම වශයෙන් පංසිල් පද පහවත් රකින්නේ.ඉතින් අද ඉන්න කවුරුත් මං ඇතුළුව කටින් බෞද්ධයෝ විතරයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නලියා, මේක ලෝකයේ ඕනෑම අගමකට පොදු තත්වයක් කියලයි.

      Delete
  6. මේ ගැන මීට වඩා කතා කරන්න ඕනේ. ඒත් මේවා කතාකරන්න ගියොත් කතාකරන එකා මිසදුටුවෙක් වෙන්න බැරි නෑ

    ReplyDelete
    Replies
    1. ලොකු, අපි ගිහි සමාජය වශයෙන් පැවිදි සමාජයේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න නොකර පිළිගන්නවා. නමුත් අපි මීට වඩා ඉදිරිගාමී විය යුතුයි. පැවිදි සමාජයේ පවතින ,,බුදුදහමේ මූලික ඉගැන්වීම් වලට පටහැනි කාරණා පිලිබදව අපිට කිසියම් සංවාදයක් ඇති කරන්න පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්

      Delete
  7. ඔය කාරණාව නම් ඉතාම කණගාටුදායකයි. පසු කාලීනව මොන පදනමින් මේ තත්ත්වය ඇති උනත් මේක බුදු දහමේ මුලික ඉගැන්වීම් වලටත් පටහැනියි නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මොන පදනමින් ඇති වුණත් මූලික හරයට පටහැනි, ගිහියන් මේ කාරනා ප්‍රශන කරන්න පටන් ගත්තොත්, පැවිදි සමාජයට ඒව්ට පිලිතුරු දෙන්න වෙනවා. එහෙම ත්ත්වයක් ඇතිකරන්න අපි තනි තනිව හෝ මහන්සි විය යුතුයි.

      Delete
  8. සංස්ථාපිත ආගම දේශපාලනයේම කොටසක්.ඒක නිසා ආගමේ බෙදීම් කියන්නෙ දේශපාලන බෙදීම්.

    ReplyDelete
    Replies
    1. මුළුමනින්ම එකගයි. මොකද මේ දෙකම සමාජ ආයතනනේ. ඉතින් සමාජ ආයතනයන්ගේ ක්‍රියාකාරිත්වයේ ලක්ෂණ මේ දෙකට පොදුයි. ඔබේ "විමල්ගේ දහතුන" මම කියෙව්වා. වෙනස් විදිහේ අපූරු ලියවිල්ලක්. ජය පතනවා. ඒ වගේම මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  9. මම හිතන්නෙ ඔය කුල ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යෑමෙ අවශ්‍යතාවය තිබෙන අය තවමත් බහුලවම ඉන්නව මේ සමාජය තුළම. ඉතිං පැවිදි සමාජයටත් එයින් මිදීමක් නැහැ, ඒත් මට තේරෙනව ඔබ කියනදේ, මෙතන ඊට වඩා තත්වය වෙනස්. බෞද්ධ දර්ශනයෙ මූලික ඉගැන්වීම්වත් පිළිපදින්නෙ නැති අති සුඛෝපභෝගීව වැඩවසන මුදලාලි චීවරදාරියොම මේ රටේ කොච්චර ඉන්නවද? වැඩිය ඕන නෑ, රටේ බහුතරයකගෙ ආගමෙ මහනායක උන්නාන්සෙලට පුළුවන්ද රටකරවන අයට නිවැරදි අනුසාසනාවක් කරන්න. මොකකට හරි හාමුදුරුවො විරුද්ධවෙන පාටක් තියෙනම් විදේශ ධර්ම දූත චාරිකාවක්, පන්සලට කාරෙකක් දීල වැඩේ කළමණාකරණය කරගන්න අදාල අය දන්නව. තමන්ට තියෙන සිවිල් බලය සමාජයෙ යහපත වෙනුවෙන් වැය නොකරන, ඕනම ජන පීඩක පාලකයෙක්ට කැමති මඟුලක් කරගන්න ඇරල එහෙයි කියන මහ නායක උන්නාන්සෙලගෙන්, උන්නාන්සෙලගෙ වර්තමාන පැවැත්මටත් තර්ජනයක් වෙන්න පුළුවන් ඔය වගේ කරුණු නිවැරදි කරගන්න පුළුවන් වෙයි කියල හිතන්නවත් පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං, මහානායක හාමුදුරුවරු ගැන උඹේ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් අපිට ඕක වෙනස් කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන මගේ අදහස මෙහෙමයි. බලපන් දැන් මම ලියලා තියෙන කාරණාව ගත්තොත් ඕක බෞද්ධ දර්ශනයේ හරයත් එක්ක බරපතළ ගැටුමක් තියෙනවානේ, නමුත් අපේ මිනිස්සු ඔය වගේ කාරණා ගැන හරිම අවිඥ්ඥානිකයි නේ ..නමුත් මේවගේ සියුම් කාරනා ගැන වැඩි වැඩියෙන් සංවාදයන් සමාජගත කළොත් මිනිස්සු අඩු තරමින් මේ ප්‍රතිවිරෝධතාවයන් ගැන යාන්තමට හරි හිතන්න පටන් ගනියි නේද ?

      Delete
  10. කථාව ඇත්ත... හාමුදුරුවරුන්ට අද ශාසනේට යන කලදවස ගැන බලනවාට වඩා.. දේශපාලකයන්ට කඩේ යන එක ලොකුයි නොවැ...ඈත පිටිසර හෝ කැළෑබදව තමයි වර්තමානයේ බුදු දහමේ නියමාකාර ඉගැන්වීම් අනුගමනය කරන පින්වත් යතිවරයානන් වහන්සේ බහුතරය වැඩ සිටින්නේ...

    ප්‍ර‍සිද්ධයි කියන සමහර දේශකයානන් වහන්සේලා ධර්ම දේශනාවටත් මිළක් නියම කරන කලියුගයක් මේක...

    ReplyDelete
    Replies
    1. මේ කතාව මාත් පිලිගන්නවා. මටත් කියන්න ඕන වුන දේ මේකේ ලියවිලා තියෙනවා.හාමුදුරුවරුත් දැන් ධර්මය උගන්වනවට වඩා සල්ලි පස්සේ යනවා.

      Delete
    2. මෙහෙමයි සිරා මගේ අදහස නම් සාශනික පරිහානිය ග්‍රාමීය හෝ නාගරික පරිසරය මත බෙදා දක්වන්න අමාරුයි කියලා ..මොකද මම දන්න කාරණා තියෙනවා සමහර පන්සල්වල ලොකු හාමුදුරුවෝ අතින් තම්න්ගෙ ගෝල හාමුදුරුවරු අපයෝජනයට ලක්වෙනවා.මේ වගේ කාරනා බොහොමයක් තියෙනවා ශාසනයේ පරිහානියට හේතුවන. මේක අඩු වැඩි වශයෙන් පිටිසර වගේම නගරවලත් දකින්න තියෙනවා.
      බුදු හාමුදුරුවෝ කිව්වේ
      චරථ භික්ඛවේ චාරිකං
      බහුජන හිතාය -බහුජන සුඛාය කියලයි.
      නමුත් අපේ හාමුදුරුවරු ධර්ම දේශනාවන්ට මිළක් නියම කරලා තියෙනවා. මූලික ඉගැන්වීම් එක්ක ගැටුමක් තිබුණත් මේ කාරණාවෙදි නම් මට බරපතළ විවේචනයක් නෑ සිරා. මොකද සියල්ල මුදල් මත තීරණය වෙන සමාජයක හාමුදුරුවරුන්ගේ සිව්පසය සපුරාගන්නටත් සිද්දවෙනවනේ, මතකද උඹ ලියපු පෝස්ටුවක අරන්තලාවේ හාමුදුරුවරු ගැන ලියල තිබුණු ටික. හැබැයි සල්ලි උපයාගැනීම ත් එක්ක භික්ෂූන් වහන්සේලා තමන්ගේ අල්පේච්ච ජීවිතය අතහැරීම ගැන නම් මට විවේචනයක් තියෙනවා.
      --ඉෂාන් මේ පිළිතුර උබටත් එක්කයි මචං. -

      Delete
  11. ඔබේ කථාව සම්පුර්ණ ඇත්ත.

    ReplyDelete
    Replies
    1. -ස්තූතියි ගයනි ,පැහැදිලි එකඟවීමක්.ඔබේ අළුත් බ්ලොගියේ ලින්කුව කොමෙන්ටුවත් එක්ක එකතුකරාට කිසිම අමනාපයක් නෑ.

      Delete
  12. "පවන" කැසට් එකේ තියන "උපාසකම්මා ඉපදුන හීන කුලේ" කියන සින්දුව මතක උනා...

    ReplyDelete
    Replies
    1. මම ළඟ ඔය සින්දුව නෑ මචං, ඊයක අමුණලා එවන්න පුළුවන්ද ?

      Delete
  13. රතු ඔය බුද්ධාගම පිළිබද අනිවාර්යයෙන් මාත් ලියනවා. මොකද අපි දැං කොරන්නේ බුදුන් දේශනා කර දේ නෙමෙයි. කාලයෙන් කාලයට කව්රුන් හෝ බලයෙන් පිට පටවපු දෙයක්. හාමුදුරුවොත් එහෙමයි. තමාගේ හිතු මනාපයට හැම දේම වෙනස් කරනවා. නිකාය ගත්තොත් ඒක බුදුන් ලජ්ජාවට පත් කිරීමක්. මේ අමනයන් බුදු දහම කියන වචනය ඇතුලේ විකාර දේ කිරීමක් තමයි තියෙන්නේ. තවදුරටත් බුදු දහම කියා දෙයක් නෑ.. සංවාදයට විවෘතයි

    ReplyDelete
    Replies
    1. ඔව්, මම හිතන්නේ බුදු දහමට එහි ඇතුළතම සිටිනා දේවදත්තයන් පවතින්නට දෙන්නේ නෑ, ඔනෑම දෙයක් කාලානුරූපීව වෙනස් වෙන්න ඉඩකඩ ඕනෑ තරම් තියෙනව. නමුත් මූලික හර පද්ධතීන් බිද වැටීමය කණගාටුවට කාරණාව.

      Delete
  14. ඔබ සිරස් තලයෙන් දක්වන ක්ෂේශ්ත්‍රය ඉතාම පුලුල්,
    නොයෙක් පැතිවලට විහිද යන්නක්,
    මගෙත් ප්‍රියතම අංශයක්,
    සාකච්ඡාව කුලයට පමනක් සීමා නොකොට
    දිගටම රැගෙන යන්නේ නම් කොපමණ හොඳද?

    ReplyDelete
    Replies
    1. අපි බලමු දයාල් ,ඉඩකඩ ලැබෙන විදිහට ලියමු.

      Delete
  15. හැමදේම දැන් සල්ලි වලට යට වෙලා.. දැනට අවුරුද්දකට විතර කලින් අපේ ගෙදර පිරිත් පිංකමක් තිබුනා.. ආරාධනා කරපු හාමුදුරුවන්ට පේන්න පිරිකරකුයි. ලියුම් කවරයක දාලා සල්ලියි දෙන්න සිද්ධ උනා. ඒත් කමක් නෑ අපි කැමති ගානක් නම්. පිංකමට අපිත් එක්ක සම්බන්ධීකරණය කරපු හාමුදුරුවන්ට 2000යි අනිත් හාමුදුරුවරුන්ට 1500යයි. ඒක හරියට පාටියකට බෑන්ඩ් එකක් ගෙන්නනව වගේ. කියන ගනන් වලට අකමැති නම් වැඩේ කරන්නෙ නෑ.

    අමරපුර නිකාය සියම් නිකාය මල්වතු, අස්ගිරි වගේ නිකායන් බිහිවුනාට මට හිතෙන හැටියට ලොකු බලපෑමක් උනේ නෑ.. ඒත් කොලොන්නාවේ සුමංගල, කිරිබත්ගොඩ ඤාණානන්නද, වගේ හාමුදුරු වරු නිසා මිනිස්සු බෙදෙනවා. තමන්ගේ ගමේ පන්සල අමතක කරලා දුර තියෙන පන්සල් වලට යනවා. දානයක් ගන්න මාස ගනන් බලන් ඉන්නවා. ඒ අස්සේ ගමේ පන්සලට තැනක් නෑ. සමහර පන්සල් අවුරුදු තුනේ හතරේ පොඩි උන් ගෙනත් මහන කරණවා.ලොකු මහණ පින්කම් තියනවා. එහෙම මහණ වෙන ගොඩක් අය කාලයක් ගිහින් උපැවිදි වෙනවා. එහෙම නැත්තම් මහණ කම විකුණගෙන කනවා. අද ගොඩක් පන්සල් වල ඉන්නෙ පන්සලට ලෝභ කමෙන් ඉන්න හමුදුරුවරු. ඒ ගෙල්ලන්ට ශාසනික දියුණුවක් වැඩක් නෑ. පන්සලේ ආදායම වැඩි වෙනවනම් එච්චරයි.

    දැන් තියෙන අලුත්ම ප්‍රවනතාවය තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවන් කරගෙන ගිය වැඩ පිලිවෙල ඉදිරියටත් කරගෙන යනවා කියලා සංවිධානයක් , පදනමක් පටන් ගැනීම. ඒ වගේ සංවිධාන ගොඩක් තියෙනවා. මම මේක පුද්ගලිකව දන්න දෙයක්. මොකද මමත් ටික දවසක් මේ වගේ සංවිධානයක වැඩ කරා. ප්‍රසිද්දියත් ආර්ථික වාසිත් බලාගෙන තමයි මේවා සිද්ධ වෙන්නේ.
    කොමෙන්ට් එක දිගවැඩිද මන්දා.. හිතට ආපු දේ ලිව්වා..
    ජය..

    ReplyDelete
    Replies
    1. ඒක හරියට පාටියකට බෑන්ඩ් එකක් ගෙන්නනව වගේ. කියන ගනන් වලට අකමැති නම් වැඩේ කරන්නෙ නෑ.
      මෙන්න මේ ටික තමයි නියම ප්‍රතිරූපෙ පෙන්නන කතාව. ඇත්තටම මේ අළුත් ප්‍රවණතාවයන් හරිම කණගාටුදායකයි.

      Delete
  16. උපාසකම්මා ඉපදුනු හීන කුලේ
    මහන කරන්ටයි යන්නේ ඇගේ කොලූ
    ඌට නිකායක් වෙන්කර තබා තිබේ
    අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ........

    -රංචාගොඩ ළමයා-
    (පවන-නන්දා මාලිනී)

    ReplyDelete
    Replies
    1. පට්ට මචං ..මට මෙ ටික මගා ඇරුණේ කොහොමද ?
      ?නවදැලිහේන අස්වැන්නෙන් සරු වෙලාද? ඇවිත් යන්න එන්නම් ඉඩක් ලැබුණු හැටියෙම.

      Delete