Google+ Followers

2013/02/04

එහි ලේ, කදුළු සහ යකඩ, ගින්දර නොමැති වුවත්......


අද පෙබරවාරි 4 ජාතික නිදහස් දිනයයි. ගැටවර වියේදී මා අපේ නිදහස් දිනයට වඩා ඉන්දියානුවන්ගේ නිදහස් දිනයට ඇළුම් කළේය. හේතුව සරල එකකි. ඒ භාරත නිදහස් දිනයේදී අපේ රටේ රූපවාහිනී නාලිකාවලින් ඉන්දියානු නිදහස් සටන ඇසුරින් නිපැදවුණු බොලිවුඩ් චිත්‍රපට නරඹන්නට හැකියාව ලැබෙන නිසාය. එකල අද මෙන් පහසුවෙන් එවැනි චිත්‍රපට නැරඹීමේ අවස්ථාවන් නොවීය. එකල මා නැරඹූ the legend of baghath singh වැනි චිත්‍රපට ඉන්දියානු නිදහස් සටනට ඇළුම් කිරීමේ මගේ ගැටවර බොළද සිතුවිල්ල උත්කර්ෂය ට  නැංවූයේය. ඉන්දියානු නිදහස් සටන ලෙයින් කදුළින් සහ යකඩින් ඔපවත් වී තිබුණත් අපේ නිදහස ලේ බිදකුදු නොසොල්වා ලබා ගෙන තිබීම මගේ ගැටවර සිතට මහා මදිකමක් විය. අපේ ජාතික නායකයන් සුද්දන්ගේ දෙපරන්ද අස්සේ රිංගමින් මොන කෙහෙල්මලක් කළාදැයි මගේ සිත නිතර නිතර ප්‍රශ්න කළේය.

එදා මට හැගුණු සිතුවිල්ලෙන් යුතුව නිදහස සමරනා ඇත්තන්ගෙන් අඩුවක් අදටද නැත. නමුත් සත්‍යය නම් ලේ ගංඟාවන් මතින් පිහිනමින් නිදහස ලබා නොගත්තත් අපට නිදහස ලැබුණේ දේශපාලනික මතවාදී අරගලයකින් පසුවය යන්නයි. එම ක්‍රියාවලියේ යම් යම් අඩුපාඬු දුර්වලතා පැවතියා වුවත් එය අභිමානවත් අරගලයක් ය යන්න බැහැර කළ නොහැකි සත්‍යයකි. ඩොමීනියන් තත්වයේ නිදහස ලබාගැනීම දක්වාම අපේ පූර්වගාමීන් පැමිණියේ දුශ්කර ගමන් මාර්ගයකය.

නිදහස යනු වචනාර්ථය ඉක්මවා යන සත්‍යයකි. එයට එක් එක් අයගේ දේශපාලනික චින්තනය මත විවිධ අර්ථකතනයන් දිය හැකි වුවත් 48 සුද්දන්ගෙන් නිදහස ලබාගැනීම යන්න මහා සම්ප්‍රදායක වෙනස් වීමකට පාරකැපූ හැරවුම් ලක්ෂ්‍යයකි. ලෙනාඩ් වුල්ෆ්ගේ village in tha jungle නවකතාවේ යටිපෙළින් කියවෙන්නේ කුමක්ද? ඒ බ්‍රිතාන්‍යය නිදහස් ධනවාදී පරිපාලන ක්‍රමය ලංකාවේ දෙදහස් වසරක් තිස්සේ ක්‍රමිකව ගලා ආ වැඩවසම් සමාජක්‍රමය සමග ඉතාමත් සහජීවනයෙන් කටයුතු කරමින් පැවත ආ ආකාරයයි. 48 නිදහස ලබාගැනීම යනු මේ නිර්දය දේශපාලනික හා සමාජ සභාගය පෙරළා දමන්නට තැබූ පළමු පියවරයි. නිදහස ලබාගැනීමෙන් පසුව වසර 65ක් ගෙවී තිබෙන තැන ඉහත සදහන් කරන ලද වැඩවසම් සම්ප්‍රදායේ සහ ධනවාදී පරිපාලනයේ සෙවණැලි සම්පූර්ණයෙන්ම පරාජය කළ නොහැකිව තිබුණා වුවත් අද අප කිසියම් වූ දේශපාලනික ආර්තික සහ සාමාජික නිදහසක් බුක්ති විදිනු ලබන්නේ අපගේ පූර්වගාමීන් ලේ කදුළු සහ යකඩ ගින්දර නොමැතිව වුවත් බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබා ගැනීමට අරගල කළ නිසාවෙනි. ඔවුන් එවැනි අරගලයක්වත් නොකළා නම් නිදහස තවත් පසුපසට ඇදෙන අතරම වර්තමානයේ සමාජයක් වශයෙන් අපට සිටින්නට සිදුවන්නේද පසුගාමී තත්වයකය.

නිදහස ලබාගැනීමට පෙර සහ පසු සිදු වූ ක්‍රියාකාරකම් වල යම් යම් සීමාසහිතතා තිබියදී වුවත් එක් සිදුවීමක් වශයෙන් ගතහොත් 48 නිදහස ලබාගැනීම නිශේධාත්මක සිදුවීමක් වශයෙන් තර්ක කරන්නට බැරි බව මගේ අදහසයි. එය ඉතිහාසය විසින් ඔප්පු කොට තහවුරු කොට තිබේ. විශේෂයෙන්ම දේශීය සුළු ධනේශ්වරයේ ක්‍රියාකාරකම් දිගින් දිගටම නිවරදි තත්වයේ වූවා නම් අද රටක් වශයෙන් අප මුහුණ දෙන අභියෝගයන් පහසුවෙන් ජයගැනීමට හැකි වාතාවරණයන් ගොඩනගා ගැනීමට අපට සෑහෙන ඉඩකඩක් ඉතුරුව තිබෙනවා සහතිකය. කෙසේ වෙතත් ගිය හකුරට අඩා වැටීමෙන් පලක් නොමැත. සමාජමය වශයෙන් තීරණාතම ක සංධිස්ථානවලදී නිවරදී ආස්ථානයන් වෙත සිවිල් සමාජය පෙළගැස්වීම සදහා තම තමන්ගේ ක්ෂුද්‍ර දායකත්වයක් හෝ ලබා දීමට උත්සාහ දැරීමෙන් නිදහස් සැමරුම අර්තවත් කිරීමට අපි උත්සාහ ගනිමු.

37 comments:

  1. අනිවා.. මං එකඟයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසිත්. එකඟවීමට නොවෙයි ප්‍රතිචාරයට.

      Delete
  2. //මාජමය වශයෙන් තීරණාතම ක සංධිස්ථානවලදී නිවරදී ආස්ථානයන් වෙත සිවිල් සමාජය පෙළගැස්වීම සදහා තම තමන්ගේ ක්ෂුද්‍ර දායකත්වයක් හෝ ලබා දීමට උත්සාහ දැරීමෙන් නිදහස් සැමරුම අර්තවත් කිරීමට අපි උත්සාහ ගනිමු.//

    එකෙන්ම...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. එහෙමලු අපේ ඇත්තෝ රජවරුන්ට කතාකෙරුවෙ.

      Delete
  3. Replies
    1. ඔබේ පැමිණීම සතුටක් නලියා.

      Delete
  4. සිරාවටම...
    //විශේෂයෙන්ම දේශීය සුළු ධනේශ්වරයේ ක්‍රියාකාරකම් දිගින් දිගටම නිවරදි තත්වයේ වූවා නම් අද රටක් වශයෙන් අප මුහුණ දෙන අභියෝගයන් පහසුවෙන් ජයගැනීමට හැකි වාතාවරණයන් ගොඩනගා ගැනීමට අපට සෑහෙන ඉඩකඩක් ඉතුරුව තිබෙනවා සහතිකය.//
    හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. සිරාවටම තමා මචෝ. මුන්ටික හරියට තමන්ගෙ පාර්ට් එක කෙරුවෙ නෑ.

      Delete
  5. මගේ නම් අදහස අපට නිදහස ලැබීමෙන් අපේ නිදහස අහිමි වූ බවයි.

    ReplyDelete
    Replies
    1. මට නම් ඒක විකාර අදහසක් මචං. මොකද සුද්දන් ඔය කියන තරමට අපේ වැඩවසම්වාදී පාලකයන්ගෙන් වෙනස් වුණේ නැහැ. කවුරු හරි කියනවා නම් සුද්දන් අපේ රටේ වැඩවසම් පරිපාලන ක්‍රමය වෙනස් කෙරුවා කියලා මම කියනවා නෑ උන් ලංකාවෙ පැවති වැඅඩවසම් ක්‍රමය එක්ක අත්වැල් බැඳගත්තා කියලා.
      1. වැඩවසම් ක්‍රමය යටතේ රටේ භූමිය අයිති වුණේ රජුට. බ්‍රිතාන්‍ය පාලකයෝත් මහජනයා වාසය කළ හා වගාකාරමින් සිටි ඉඩම් හැර අනික් සියළුම ඉඩම් රජයට පවරා ගත්තා.
      2.වැවිලි ආර්ථිකයක් ගොඩනැගූවත් ඊට අවශ්‍ය කම්කරු ශ්‍රමය ඉන්දියාවෙන් ආනයනය කරන්නට සිදුවූවේ ඇයි? සුද්දන් එතෙක් කාලයක් පැවති රාජකාරී ක්‍රමය අහෝසි නොකර පවත්වාගෙන යාමට අනුබල දුන් නිසයි.
      3.පාර්ලිමේන්තුව, මැතිවරණ ආදී පරිපාලණ යාන්ත්‍රණ ක්‍රමවේදයන් සුද්දන් විසින් අපට හදුන්වා දුන් මුත් ඔවුන් විසින්ම ඉතාමත් විස්මයාකාර ලෙස ඒවා පැරණි වැඩවසක් ක්‍රමවේදයේ කුල ධූරාවලිය සමග අවියෝජනීය ලෙස සම්බන්ධ කර තිබුණා. පොලීසිය, ගම්සබාපති වැනි තන්තුරුවලට මුල්කාලීනව බදවා ගත්තේ කුල ධූරාවලියේ ඉහළින්ම සිටි පවුල්වල සාමාජිකයින්.
      4.4.පැරණි ප්‍රභූ රදළයාගේ භූමිකාවට සමාන වන ඒජන්තහාමුදුරුවරු ලද්දේද මාතලං විසින් යටත්ව සිටීමට කැමති සුදු පරිපාලනය විසින්ම බව අමතක කළ යුතු නැහැ.
      ""ආණ්ඩුවේ ඒජන්තවරයා යනු ඔවුන්ගේ දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස නිර්මාණය කරන ලද ආයතනයක් පමණි." --මතක වස්ත්‍ර- ඥාණවිපුල
      . ඒ වගේම අපරාදේ සුද්දන්ගෙන් නිදහස් වුණේ යනුවෙන් සුසුම් හෙලන ඔබ වැන්නන් අමතක නොකළ යුතු කාරණාවන් වන්නේ ඔවුන් මේ රට පාලනය කරන විට ඒ සමයේ අපේ කැලෑ ගම්මානවල පැවති අති දුශ්කර තත්වයන් පිළිබඳවයි. ඒ ගම්මාන මාර්ටීන් විකරම්සිංහයන් සඳහන් කරන අපේ ගම තරම් සුන්දර නැත.බැද්දේගම තුළ ලෙනාඩ් වුල්ෆ් නිවරදිව සටහන් කළ මැලේරියාවෙන් පීඩා විදින, සාගින්නේන් දරුවන් මියයන. වැඩවසම්වාදයෙන් උපරිමයෙන් පීඩා විදි ගම්මානයි. එම තත්වයන් වෙනස් කිරීමට ඔබේ සුද්දන්ට එදත් උවමනාවක් තිබුණේ නැත. ,
      මේ උදාහරණ කිහිපයක් පමණයි. මොන සීමාසහිතකම් යටතේ වුණත් නිදහස දිනාගැනීමෙන් පස්සේ පැරණි වැඩවසම් ක්‍රමයේ වියගහෙන් ගැලවීමේ අවස්ථාවන් තෝරාගැනීමට හා නිර්මාණය කරගැනීමට අපට හැකියාවක් ලැබුණා. ඒවා කොයි තරම් ප්‍රයෝජනයට ගත්තාද නැද්ද කියන එක වෙනම කාරණාවක්.

      Delete
    2. රතු ඔබ කතා කරන්නේ දේශීය පොත් පත්වල තිබෙන මනස්ගාත. අනෙක කුලබේදයක් හිතේ මවාගත් කෙනෙකුට එයින් පිට කිසිවක් පෙනෙන්නේ නෑ. ඔබ අප යම් තරමින් හෝ විඳින්නාවූ නිදහස හා සාමාන්‍ය ජනයාටත් තම ස්වශක්තියෙන් නැගී සිටීමට ඉඩ ප්‍රස්ථා ලැබුනේ සුද්දා නිසයි. අනෙක සුද්දා ගියා කියලා මොන ලබ්බක්ද අපේ උන් කරලා තියෙන්නේ. මේ මෑතකදි තමයි පාරක් වත් හැදුවේ මැලේරියා අදත් තියෙනවා. මැලේරියා නෙමෙයි අගනගරේ මිනිස්සු මියයනවා ඩෙංගුවලින්. පාර පුරා කෙල ගහනවා, හිතුන තැන චූ කරනවා. කෙසේ හෝ ඔබ වැනි අයට සතුටු විය හැකි යුගයක් තමයි මේ උදාවී තියෙන්නේ. නැවත් ගල් යුගයට ගමන් කිරීම.

      Delete
    3. සුද්දන්ට ලංකාවේ පාරවල් පෙන්වන උඹ වැනි තමන්ගේ රට ජාතිය ගැන හීනමානයක් තියාගෙන ඉන්න අයෙකුගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මා කතාකරන්නේ සමාජවිද්‍යාත්මක කාරණාවන් මත පදනම්වයි. කුලබේදය ගැන කතා කළ පමණින් ඒකා කුලවාදියෙකු කරනා ඔබ වැනි අය සමග කවර නම් සමාජවිද්‍යාවන්ද? මම කරුණු කාරණා සහිතව පෙන්වා දී තිබෙන දේවල් නිකන්ම නිකන් දේශීය පොත් පත්වල මනස්ගාත කරන ඔබ වැන්නන් සමග වචන හරඹ කිරීමේ තෙරුමක් නැහැ.

      Delete
    4. 1. හරි හම්බ කර ගත්ත මනුස්සයෙකුට තම ඉඩමේ අයිතිය ලබා දී ඔප්පුවක් ප්‍රදානය කලේ සුද්දාය. එතෙක් ඉඩම් හිමිව තිබුනේ රජුට හා පන්සලටයි. තම ඉඩමේ අස්වැන්න පන්සලට හා රජුට නොදි තම බුක්තියට ගැනිමේ නිදහස ලබා දුන්නේ ඔවුන්ය.
      2. රාජකාරී ක්‍රමේ නෙමෙයි. අපේ උන්ගේ කාලකන්නි කම. අපේ උන්ට සීතල පරිසරයක වැඩ කරන්න කොහොමත් බෑ. හිරිකඩ වැටුනත් රෙද්දක් පෙරවගෙන හීතලයි කියන ජාතියකට හීතලේ ඉන්න බැරි නිසා නිවාස සමග පවුල් පිටින් රැකියාවක් දෙන නිසා උන් මෙහේ ආවා. හරියට දැන් අපේ උන් ඔට්ටේලියාවේ මයිග්ග්‍රේට් කරනවා වගේ.
      3. පොලිසීයට එසේ බඳවා ගත්තේ ඇයිද යන්න අද සිඳුවන් දෙයින් පෙනෙනවා. මුල් කාලයේ එසේ වූවත් පසු කාලිනව උගත් දුප්පත් වැදගත් පිරිසටත් එම අවස්ථා හිමි උනා. ඒ නිසා තමයි අලුත් ප්‍රභූන් පිරිසක් බිහි වන්නේ.
      4. ඔබ ඔය උඩ දාගෙන නටන බැද්දේගම වගේම, කඩුල්ල ටෙලි නාට්ටියද නරබන්න. ඒ හැර මාටින් වික්‍රමසිංහගේ පත පොතද කියවන්න.

      බැද්දේගම අදටත් දුෂ්කර ගම්මානයක්. එහෙත් සුද්දා සිටියානම් අද හොංකොං දේශය පරාද වනු ඇත. කෙසේ වූවද ඔබ සිතනා ආකාරයෙන්ම සිතන පතන නායකයන් පිරිසක් බිහිව තිබීම ඔබේ සතුටට මෙන්ම අපේ දුකටද හේතු වන්නේය. රතු වෙන්න එපා රතු. අපි සාඛච්චා කරමු. එක්විය හැකි තැන් තියෙනවානේ....

      Delete
    5. මාතලං,
      1. ලංකාවේ පළමු වරට ඉඩම් ආඥා පනත ගෙන එමින් ඉඩම් සඳහා ඔප්පු ප්‍රදානය කිරීම සඳහා මුල් පියවර තැබුවේ සුද්දා නොවෙයි. ඒ ලංකාවේ ප්‍රතිසංස්කරණවාදීන්ගේ අවශ්‍යතාවයට 1917 දී තමයි මුල්වරට සිදුව්ණේ. ඒ සඳහා පෙරමුන ගෙන ක්‍රියා කරනු ලැබුවේ ජී. ඒ විතාන නම් ලංකාවේ නීතීඥයකු විසින්. සුද්දන් එතෙක් කාලයක් කරනු ලැබූවේ මා මුලින්ම සඳහන් කර ඇති පරිදි ලංකාව පුරාම ඉඩම් රජයට පවරාගෙන ඔවුන්ගේ ආයෝජකයන්ට විකිණීමයි. ලංකාවේ වතු අයිතිකාරුවන් බෝ කර්නු ලැබූවේ සුද්දන් විසින්. සුද්දන් කර්නු ලැබූවේ තමන්ගේ රටට ආර්ථික ප්‍රතිලාබ ලබාදීමට ඊනියා වැවිලි ආර්ථිකයක් හඳුන්වා දෙමින් මෙරට භූමියෙන් උපයාගත් දේවල් වලින් ලන්ඩනය සුඛිත මුදිත කිරීමයි.
      2. රාජකාරී ක්‍රමය යනු කුමක්දැයි නොදැන මැත දොඩන්නට එපා මචං. ලංකාවේ මිනිසුන් හට රාජකාරී ක්‍රමය සමඟ මොනතරම් බද්ධ වීමක් තිබෙනවාදැයි කියා දැනගන්නට අවශ්‍ය නම් මහාචාර්‍යය විමලදාස මෙත්තිගොඩ විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙනුවෙන් ලියන ලද උඩරට රාජකාරී ක්‍රමය සහ බ්‍රිතාන්‍යයන් යන නිබන්ධනය කියවන්න. සමහරවිට මෙයත් ඔබ ඉහත කියා ඇති පරිදිම මනස්ගාත දේශීය පොතක් විය හැකියි.
      3. ලංකාවේ කුල ධූරාවලිය තවදුරටත් තහවුරු කිරීමට සුද්දන් තමන්ගේ පරිපාලන යාන්තරණය යොදාගත්තා යැයි මම කියන විට මොනවාද ඔබ මේ කියන්නේ? අද සිදුවන දේවල් වලින් එදා සිදුවූ ක්‍රියාවලිය නිරූපණය වෙනවා යැයි කියන්නේ කොහොමද? කරුණාකර තර්කානුකූල වන්න. කොහොම වෙතත් ඔබ කියන එක් දෙයක් ගැන මම එකගයි ..ඒ පසුකලෙක උගත් දුප්පත් පිරිසට අවස්ථාවන් හිමි වීම ගැන කතාවට. නමුත් ඒ අවස්ථාවන් හිමි වූයේ සුද්දාගේ පාලන කාලය තුළ නොවෙයි නිදහස දිනා ගත් පසුවයි.
      4.මිත්‍රයා, මම බැද්දේගම ගැන සඳහන් කෙරුවේ සංකේතාත්මක අදහස් දැක්වීමකට. එය ඔබට තේරුම් ගැනීමට බැරිවී ඇති හැඩයි. කඩුල්ල ගැන කියනවා නම් එය ටෙලියක් වීමට කලින් ගුවන් විදුලි නාට්‍යයක්. එහි නිර්මාපකයා වූ තිලක් ජයරත්න මහත්මයා සමඟ රජරට සේවයේ වසරක් වැනි කෙටි කාලයක් කටයුතු කරන්නට මට ඉඩ ලැබුණා. ඔහුගේ තවත් බොහෝ නිර්මාණ වලින් විශද වූ කාරණාවක් වූයේ සුද්දන් විසින් මෙහි වපුරා ගිය සමාජ ආර්ථික් දේශපාලනික විපර්‍යයාසකාරකයන් මෙරට වැඩවසම් සමාජ ක්‍රමය ඉදිරියට ගෙන යාමට ඉවහල් වී ඇති ආකාරයයි.
      ඔබ වික්‍රමසිංහයන් ගැන කියන විට මට සිනහා නැගුණා. ලංකාවේ කුලක්‍රමය ගැන පෝස්ටුවක් ලියූ මා කුලවාදියෙක් ලෙස ඔබට පෙනෙන විට වික්‍රමසිංහයන් ගැන ඔබ දරන අදහසයි. මක්නිසාද යත් ඔහුගේ සිංහල ලකුණ පොතේ දෙවන පරිච්ජේදය සම්පූර්ණයෙන්ම වෙන්කොට ඇත්තේ කුලවාදය ගැන සාකච්ජා කිරීමටයි. කුලවාදය සහ විද්‍යාව එහි නමයි. ඔබ නිතර වික්‍රමසිංහයන් කියවන බව පෙනෙන නිසා ඔබ මේ කොටස කියවා ඇති බවට සැකයක් නැහැ.

      අවසාන වශයෙන් මා සිතනා පරිදි සිතනා නායකන් මෙරට බිහිවී සිටිනවා නම් ඇත්තෙන්ම එය සතුටක්. නමුත් කණගාටුව එලෙස නොවීමයි. ඔව් සාකච්ජා කරමු. ඔවු සාකච්ජා කරමු. එය සතුටක්.

      Delete
  6. රතු, යුරෝපීයයන්ගෙන් ගැලවිච්ච එකත් සමරන්න වටිනවා තමයි. නමුත් මොන එකක්ද මන්දා ඊට කලින් හිටපු රජවරුන්ගෙන් ගැලවෙච්ච එකත් හොඳයි කියලා මට හිතෙනවා බං. උඹ රොබට් නොක්ස්ගේ එදා හෙල දිව කියවලා ඇතිනෙ. කොහොමද උඹට දැනුනේ ඒක කියවනකොට. මට නම් ඒ රජාලා මිනිස්සුන්ට සලකපු හැටියි, අපේ මිනිස්සු රජ්ජුරුවන්ට පෙන්නපු බියගුලු නිවට භාවයයි ගැන කියවනකොට මාරයා වැහුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි අයියේ. එදා හෙළදිව වගේම ස්පිට්ල්ගෙ සුදු වැද්දා සහ සුදු ගෝනා පොත් දෙකෙනුත් ඔය විස්තර අපූරුවට ඉදිරිපත් කරනවා. ඒකාධිපතිපාලනයන් හැමදාමත් සාමාන්‍ය සමාජය පාගාගෙන තදකරගෙනයි හිටියේ.

      Delete
  7. මටනම් මේ නිදහස් සැමරීම විකාරයක්.. ඒකෙන් අපි ව්‍යංගයෙන් නැවත නැවතත් පෙන්වනවා අපි යටත් වෙලා හිටිය බව.. අපේ ඉදිරි පරම්පරාවල් වලටත් කාවද්දනවා අපි යටත් වෙලා හිටපු බව..අපි සුද්දන්ව ගහලා විනාශ කරලා එළවලා දැම්මනම් සැමරුවට කමක් නෑ.. එතකොට අපි යටත් වෙලා හිටියා හැබැයි අපි ආයෙ උන්ව ගහලා එලෙව්වා කියන්න පුලුවන්.. ඒත් අපිට තාම අද වෙනකම්වත් සුද්දන්ව එලෝ ගන්න ලැබිලා තියනවද..?? එහෙනම් මොන කෙහෙම්මලක්ද මේ නිදහස සැමරිල්ල.. ඕක තවත් එක දේශපාලන සංදර්ශනයක් විතරයි..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ දැන් දැන් ඒක වඩාමත් පැහැදිලි වෙමින් පවතිනවය කියල. අපි පොඩි කාලෙ නිදහස් දවසට ටීවී එකේ ගියපු ඒ වෙනුවෙන් හදපු වාර්තා වැඩසටහන්වල රූප රාමුයි, දැන් දැන් නිදහස් දවසට ටීවී එකේ යන රූපරාමුයි දිහා බැලුවම නිදහස උත්කර්ෂවත්ව සැමරීමේ දැඩි අවශ්‍යතාවය බලධාරීන්ට ඇතිවෙල තියෙන්නෙ ඇයි කියන එක නියමාකාරයෙන්ම හැඟීයනව.

      Delete
    2. නිදහස සැමරීම නම් එක දේශපාලනික විජ්ජාවක් විතරයි කියන එක නම් මමත් පිළිගන්නවා සෙන්නා. හැබැයි මෙතනදී සුද්දා එළවලා දැම්මේ කොහොමද කියන එක වැදගත් නෑ. ඉන්දියාවට වුණත් සුද්දන්ගෙන් නිදහස ලැබුණේ උන්ගෙ සංග්‍රාමික අරගල නිසා නොවෙයි. දේශපාලනික බලපෑම් සහ ඒ මොහොතේ පැවති ලෝක දේශපාලනික තත්වයන් නිසයි. ඒ වගේම අපි යටත් වෙලා හිටපු ජාතියක් ය කියන හැගීම ගැන කතාකරනවා නම් ඒක ලෝකයේ බොහෝ ජාතීන්ට තියෙනවා. ජපානයට, බොහෝ ලතින් ඇමරිකානු රටවලට අප්‍රිකානු රටවලට ඒ හැඟීම පොදුයි නේද?

      Delete
  8. "ගිය හකුරට නාඩන්නේ..." ඔබේ අදහස ඉතා පැහැදිලියි... මම ද ඊට එකඟ වෙමි..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චින්තක ඔබේ ප්‍රතිචාරයට.

      Delete
  9. තවමත් ඉතිරිවෙලා තියෙන වැඩ වසම් නෂ්ටාවශේෂ මිනිසුන් පෙලන හැටි දැක්කාම, සුද්දා විසින් එය (වැඩවසම් ක්‍රමය)බිඳ නොදැම්මෙ නම් අපි අද ඉන්න තැන හිතා ගන්නත් බැරි තරම්.

    දෙවෙනි ලෝක යුද්ධයෙන් මහා බ්‍රිතාන්‍යය ලාන්තරස් වෙලා ගියේ නැත්නම් ලැබිච්ච ඩොමීනියන් තත්ත්වය වත් අපට ඔය ඉක්මනින් ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුමිත් අයියේ මගේ අදහස නම් සුද්දා වැඩවසම් ක්‍රමය බිදදාන්නට කරපු කෙංගෙඩියක් නෑ. උන් ඒකත් එක්ක බොහොම අපූරුවට පෑහිලා හිටියා මම උඩ මාතලංට දීලා තියෙන උත්තරේ සුමිත අයියාටත් වලංගුයි.
      ඒ වගේම අපට ඩොමීනියන් තත්වය ලැබීමට දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිපලයත් බලපෑවාය කියන කතාව මම පිළිගන්නවා.

      Delete
  10. සමාවෙන්න රතූ, ඔයාගෙ අහිසක හැඟීම්වලට බලාපොරොත්තුවලට මම බාධා කරන්නෙ නෑ. ඒත් අද දවසෙ පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ට ඔය චූන් එක තියෙනවද? ඔබ වැනි රටේ බහුතරයක් දේශාභිමානයෙන් මත්වෙල නිදහස ගැන කතාකරද්දි තවත් පිරිසක් ඒ වෙනුවෙන් පෙනී හිටින්නෙ ඇයි කියන එක ඔබට නොපෙනීයන්න හේතුවක් නෑ. දේශාභිමානයෙන් මත්වුනු බහුතරය ඒ තත්ත්වයෙන් තබා ගැනීම යුගයේ අවශ්‍යතාවක් තරමට ම වර්ධනය වෙලා තියෙන අතරම ඒක වැරදි විදියට යෙදවීමේ අවශ්‍යතාවය ඇති බලවේගත් කිහිපයක්ම අද දවසෙ හිසඔසවල/ ඔසොවමින් තිබෙනව.

    // අපගේ පූර්වගාමීන් ලේ කදුළු සහ යකඩ ගින්දර නොමැතිව වුවත් බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබා ගැනීමට අරගල කළ නිසාවෙනි. //

    නිදහස වෙනුවෙන් මේ රටේ මිනිස්සු ලේ දහඩිය කඳුලු හෙලුවෙ නැහැ කියන එක අර්ධ සත්‍යයක්නේද, අවසන් ප්‍රතිඵලය ලැබුනෙ කොහොම උනත් මේ රටේ මිනිස්සු සිය දහස් ගණනක් නිදහසේ සිහිනය නිසා විනාශ වෙලා ගියානේ. ඇයි ඔබ ඒ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ඨ නොකරන්නෙ. කෙනෙක්ට කියන්න පුළුවන් ඔවුන් ජීවිත පරිත්‍යාග කළේ නිකරුනේ කියල. ඒ මිනිස්සුන්ගෙ පයට පෑගුන දූවිල්ලක් තරම් නොවටින උන් නිදහස ගැන දෙසාබාන උජාරු කතා අහන් ඉන්න වීම තරම් අවාසනාවක් අද දවසෙ ඉන්න උන්ට තියෙනවද රතූ. නැවතත් සමාවෙන්න, මම කතාකරන්නෙ ඔබ කතාකරපු දේ ගැන නෙවි, අද දවසෙ අපේ ‘නිදහස‘ ගැන.

    ReplyDelete
    Replies
    1. නිදහස ගැන කතාකිරීම දේශාභිමානයෙන් මත්වීමක් නම් ඒක එහෙම වුණාවෙ මචං. අද දේශාභිමානය කිඅය එක අර්ථවත් වෙන හැටිත් වෙනම කතාවක්. නිදහස ලබාගැනීමෙන් පස්සේ රට නිවරදි දිශාවකට යොමුවුණේ නැහැ කියන කතාව මම පිළිගන්නවා. නමුත් මම මෙතනදි කතාකරේ නිදහස ලබාගැනීමට පෙර තිබූ දේශපාලනික පරිපාලනය දිගින් දිගටම පැවතියා නම් අද අපට මුහුණපාන්නට වෙන තත්වයන් ගැනයි. පසුකාලයකදී පරිපාලන ක්‍රමවේදයන් විකෘති වීම කියන්නෙත් වෙනම කතාවක්. ඒ කියන්නේ ඒක එහෙම වීම මම පිළිගන්නවා කියන එක නෙමෙයි. කොහොම වුණත් අන්තිමට කියලා තියෙනවා වගේ උඹ කතාකරන්නේ මම කතාකරපු දේ ගැන නෙවී.

      උඹ ආවෙ බොහොම කාලෙකින්.

      Delete
  11. මම ඔබත් එක්ක එකඟයි රතු.

    නමුත් දැන් නම් මේ නිදහස කියන එකත් වානිජ්‍ය කරණය වෙලා.අද වෙනකොට හැමෝම කරන්නේ නිදහස විකුණන එක. පාරේ අහින්ද්සක මිනිස්සු කියක් හරි හොයාගන්න හිතාගෙන ජාතික කොඩි විකුනනවා, මාධ්‍යය නිදසහ ගජරාමෙට විකුනනවා. පාලකයෝ තමන්ගේ හැකි උපරිම ශක්තිය යොදවමින් ඉහලම උත්සව ගන්නේ නිදහස විකුණා තමන්ගේ බලය පෙන්නන්නයි. මේ ඔක්කොම මාර්කටින් කියලා තමයි මට හිතෙන්නේ රතු.

    මේකත් හරියටම මැයි දින සංකල්පය වගේ, ලෝක කම්කරුවනි එක්වෙව් කියමින් පුළුවන් තරම් බෙදෙනවා, පලකයොත් මයි දිනය සමරනවා අනේ මන් දන්නේ නැහැ.

    මුලික සංකල්පය ගිලිහිලා ගිහින් වෙනත් වටිනාකම් ඒ දේවල් වලට ආදේශ වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයිලාශ්, මැයි දිනය වගේම නිදහස් දිනයත් එහි සංකල්පීය අගයෙන් වියුක්තව බොහෝ දුර ගමන් කර ඇතැයි කීම බොරුවක් නොවෙයි. එය මාත් පිළිගන්නවා.

      Delete
  12. ඔබේ ලිපිය බොහෝ දෙනකුගේ වටිනා අදහස් රාශියක් දැක ගැනීමට ඉඩ සැලසූ ලියවිල්ලක් බව පෙනී යාම කෙතර් අගනේ ද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි .මිත්‍රයා. .

      Delete
  13. ඔවුන් එවැනි අරගලයක්වත් නොකළා නම් නිදහස තවත් පසුපසට ඇදෙන අතරම වර්තමානයේ සමාජයක් වශයෙන් අපට සිටින්නට සිදුවන්නේද පසුගාමී තත්වයකය.

    අපිට පස්සෙ නිදහස ලබපු ගොඩක් රටවල් ( ආසන්න උදා හරනය හොංකොං) ඔබේ මතය පිළිගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියා,
      මට කියන්න ඕනෙ වුණේ අපට නිදහස ලබාගැනීමට ප්‍රමාද වුණා නම් අපේ ආර්ථික ශක්තිය තවත් පහළට වැටෙයි කියන එක නෙමෙයි. සමස්ත සමාජ, සංස්කෘතික සහ ආර්තික පරිහානිය මීටත් වඩා වැඩිවෙයි කියලයි.

      Delete
  14. නිදහස සමරනවා කියලා මොකක්ද බන් හැමදාම කරන්නෙ...රට ජාතිය බේරගන්න දිවා රෑ නොබලා සටන් වැදුනු රණ විරුවන් ගිණි අව්වෙ දවස් ගානක් පෙර පහුණුවීම් නමින් කර කරලා...රජයෙ හොර නඩය සැප පහසුවේ ඉන්දවලා කරන විගඩමක්...හමුදාවෙ එක එක අංශ, සන්නද්ධ රථ, මේවා හැමදාම අපි දකිනවා...රට කරවන අයත් බොරු පොරොන්දු...දෙනවා...නමුත් රටක් ලෙස අපට අත්වී ඇති සෙත කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචං මම කියලා තියෙන්නේ නිදහස අර්ථවත් විදිහට සමරමු කියලා.

      Delete
  15. නිදහස කියන්නේ සැබෑ නිදහසයි. ඒකට සුද්දගෙන්ද බල්ලගෙන්ද කියන එක වැදගත් නෑ.. නිදහස සමරන්න පුළුවන් නං හොදයි... මට නං තාම බෑ

    ReplyDelete
    Replies
    1. උඹට විතරක් නෙමෙයි මම හිතන්නේ අපි කාටත් බෑ.

      Delete
  16. 48 ලබා ගත් නිදහස මේ වෙනකොට අඩු වෙලා වගෙයි මට නම් දැනෙන්නේ. සෘජුව යම් ජාතියකට රටකට අපි යටත් නොවුනට අපේ රට වක්‍රව වෙනත් රට වලට නතු වෙලා. ඒවායින් යම් තරමකට හෝ මිදෙන්න නම් රටක් වශයෙන් ආර්ථික අතින් ශක්තිමත් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.
    එදා නිදහස දිනා ගන්න කැප වුනු අය සිහිපත් කරන එක හොඳ දෙයක් උනත් ඔවුන්ට දක්වන්න පුළුවන් ගෞරවය නම් ඒ නිදහස නියම නිදහසක් කරන එකයි.
    (මොකද ලින්ක් එක වෙනස් වෙලා... )

    ReplyDelete
  17. ලින්ක් එක වෙනස් වීම පොඩි පහේ අත්වරදීමක් මචෝ.
    මට කොමෙන්ට් කරන්නට බැරි වුණාට උඹේ පැත්තට ගොඩවුණා පහුගිය දොහක.

    ReplyDelete