2012/08/11

ගාමිණීගේ පරසතුමල් --සිනමා

"පරසතු මල්"ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයක් නොවෙයිද ?

ඊයේ පෙරේදා දවසක පත්තරේ වැඩකට ප්‍රවීන නාට්‍යවේදියෙකු සමග දොඩමළු වෙන්නට අවස්තාවක් හිමිවිණ. ලන්කාවේ වේදිකා නාට්‍ය කලාවෙන් පටන් ගත් ඔහු අපේ රටේ දේශපාලන, සමාජ හා සන්ස්කෘතික ජරාජීර්ණභාවය පිළිබදව ප්‍රශ්න කරමින් කතා කලේය. බලය තියන එකාට ඕනෑම දෙයක් කරන්නට පුලුවන් මල්ලී කිවූ ඔහු කතාවේ එක තැනකදී මෙසේ කීවෙ මා සසල කරවමිනි .

"මට සැකයක් තියෙනවා මල්ලී ඇත්ත්ටම පරසතු මල් හැදුවේ ගාමිනී ෆොන්සේකාමද කියලත් ?"

 මගේ ඇස් උඩ ඉන්දුනේ ඒ කතාවටය. අනතුරුව ඔහු මෙසේද කීවෙය. 
""මල්ලී උබ මේක පත්තරේට එහෙම ලියන්නට එපා. "
පත්තරේට නොලිව්වත් මේ කාරණාව හිතේ තෙරපාගෙන සිටින්නට මට බොහෝ දුශ්කර ක්‍රියා කරන්නට සිදුවිය. අවසානයේදී මගේ බ්ලොගයට ලියමින් මැදුම් පිළිවෙත අනුගමනය කරන්නටා මා තීරණය කළේය. මේ සටහන ලියවෙන්නේ එහෙමය. 

මෙහිදී අවදාරණාත්මකව කිව යුත්තේ පරසතුමල් චිත්‍රපටය ගාමිණී ෆොන්සේකා මහතාගේ අධ්‍යක්ෂනයක් නොවේ යැයි කියන්නට මට අවැසිතාවයක් නොවෙන බවය .නමුත් එය විමසා බැලීමට කුතුහලය වඩවන කාරණාවකි. අනෙක් අතින් එවැනි මතයන් පැවතීම ඔස්සේ අපේ කලා-සිනමා ලොකයේ නොපෙනෙන යථාර්තයන් ගැන අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබේ. 

මතුපිට සමාජය තුළ සාකච්ජා නොවූවත් සිනමා හා කලා ලෝකය තුල පරසතුමල් චිත්‍රපටය නිපදවූ දා සිටම එය ගාමිණි ෆොන්සේකා විසින්ම අධ්‍යක්ෂනය කළ එකක්දැයි කසු කුසුවක් පැවතුනු බව මගේ හිතවත් නාට්‍යවේදියාගේ කතාවෙන් ඉගිකලේය. එවැනි කසු කුසුවක් ගොඩනැගීමට හේතුව කුමක්දැයි මම ඔහුගෙන් විමසුවෙමි. 

""මේකනේ මල්ලි ,ගාමිනී පරසතුමල් කළේ 66දි .එතකොට එයාට අවුරුදු 30යි .ඒක තමයි එයාගේ පළමුවෙනි අධ්‍යක්ෂණය. ඊටපස්සෙත් ගාමිනී මහත්තයා චිත්‍රපට අධ්‍යක්ෂනය කළා. නමුත් පළමුවෙනි චිත්‍රපටයෙදි ඔහු පෙන්වපු ප්‍රතිභාවය කොයිද  ඔහුගේ අනෙක් චිත්‍රපටිවල ?"

වයසින් හා අත්දැකීම් වලින් පරිණත වත්දී වඩ වඩාත් හොද නිර්මාණ බිහිවිය යුතුය යන්න පිළිගත හැකි තර්කයකි .ගාමිනී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කරන ලද අනෙක් චිත්‍රපට මා පහත දක්වන්නේ එම සිතුවම්පට සමග පරසතුමල් සන්සන්දනාත්මකව විමසා බලන්නට ඉඩකඩ ලබාදෙනු පිණිසය. 
1966- පරසතු මල් 
1980- උතුමාණෙනි 
1981- සාගරයක් මැද 
1981- බාදුරා මල් 
1986- කොටිවලිගය 
1994- නොමියන මිනිසුන් 
1998- අන්තිම රැය 

සම්මුඛ සාකච්ජාව අවසන් කොට මා ආපසු එන්නට හැරෙද්දී ප්‍රවීන නාට්‍යවේදියා මෙසේ කීවේය. 
""ඇත්ත නැත්ත මමත් හරියටම දන්නේ නෑ මල්ලී. ,නමුත් කුප්‍රකට කතාවක් තියෙනවා ,පරසතුමල්වල මුල් භාගෙ ලෙස්ටර් හරි සුමිත්‍රා හරි ඩිරෙක්ට් කරයි කියලා .ඒකට හේතුවකුත් තියෙනවා චිත්‍රපටියේ මුල් කොටසේ පෙන්වන පෙන්වන සිනමාත්මක ගුණය අවසන් හරියෙ දකින්නට නෑ. "

එහෙත් සහතික ලෙසම පරසතුමල් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ගාමිණී ෆොන්සේකා නොවේයැයි තහවුරු කොට කියන්නට මෙම කටකතා ප්‍රමාණවත් නොවේ. නමුත් කටකතා වලින් මතු කෙරෙන ,පහසුවෙන් මගහැර යා නොහැකි සමාජ යථාර්තයන් කිහිපයක් මෙහිදී දැක ගත හැකිවේ. ඒ මොනවාදැයි ඇගිල්ලෙන් ඇන පෙන්වීමට මම නොවෙහෙසෙන්නේ වචනාර්ථයන් තේරුම් කරදීම හැගීම් දැල්වීමට ප්‍රමාණවත් නොවන නිසාය. 




8 comments:

  1. හැබෑවක් වෙන්නත් ඉ‍ඩනැතුවාම නෙවෙයි ...... රංගනයට දක්ෂයෙක් වූ පලියට දක්ෂ අද්‍යක්ෂක කෙනෙක් වෙන්න බෑ !!!

    ReplyDelete
  2. ඒ ගැන කියන්න දන්නෙ නෑ.තහවුරු කරගන්න විදිහක් නෑ. අනිත් එක ඇත්තටම මේක ඩිරෙක්ට් කරේ ගාමිණී මහත්තයා නම් එහෙම කියන එක ඔහුට කරන අසාධාරණයක්.

    ReplyDelete
  3. ඉතාම සාමාන්‍ය සෙබලෙකු වූ හසලක ගාමිණී කුලරත්න තම ජීවිතයේ එක් මොහොතකදී සාමාන්‍ය මිනිසුන්ට අදහා ගත නොහැකි ක්‍රියාවක් සිදුකර මිය යයි.ගාමිණී පොන්සේකා පරසතුමල් උදෙසා තම මුළු නිර්මාණ හැකියාවම කැපකලා විය නොහැකිද?

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කය ඇතැම් විටෙක නිවැරදි වෙන්නත් පුළුවන් ..මට කියන්නට අවශ්‍ය වූයේ ගාමිණී මහතා මෙය අධ්‍යක්ෂණය නොකලා කියා නොවෙයි. එවැනි කට කතාවක් ඇති බැව් පමනයි.

      Delete
  4. පොඩි ප්‍රශ්නයක් ලෙස්ටර් හෝ සුමිත්‍රා නම් අධ්‍යක්ෂණය කලේ එයාලා දර්ශන තලයට එන්නේ නැතුවද ඒ වැඩේ කළේ ??

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හසිත මම ඒ ගැන කියන්නට දන්නේ නැහැ. ක්ෂෙත්‍රයේ එවැනි කුප්‍රකට කට කතාවක් තිබෙනවා. එය සත්‍යක් නම් චිත්‍රපටයේ සැබෑ නිර්මාණකරුවාට සිදුව ඇත්තේ කොපමණ අසාධාරණයක්. එමෙන්ම එම කටකතාව අසත්‍යක් නම් ගාමිණී ෆොන්සේකා මත්මයාට එය අසාධාරණයක් ..මට අවැසි වුනේ කිසියම් සන්වාදයක් ගොඩනගන්න. නමුත් තවමත් අළුත් මගේ බ්ලොග් පිටුවේ එය පහසු කටයුත්තක් වූයේ නෑ.

      Delete
    2. මේ blog එක සින්ඩිවලට එකතු කරලාද තියෙන්නේ ?

      Delete
  5. Lester thawa film karala thiyenawa oya kale...eka nisa thama eyage nam dagena naththe ,,wenaneethimaya karunakuth thiyenawa..namuth mehi atham darshana Gamini karapu ewa

    ReplyDelete