2012/08/08

නිදහස් අධ්‍යාපනය

ගස්බැලයන්ට අධ්‍යාපනේ දුන්නම,
 අපේ පොල් කඩන්නේ කවුද? 

නොයනා හිරු රැස් සිදුගැබ පතුළත 
අගනා මිණිරැස අදුරෙම සැගවෙත 
පිපෙනා වනයෙහි කුසුමන් නිම නැත 
හමනා සුළගින් වනයෙම පරවෙත 

මේ කවිය මම උපුටා ගන්නේ ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව වේදිකා නාට්‍ය පිටපතෙන් ..එම තෝරාගැනීමට විශේෂ හේතු දෙකක් තියෙනවා ..පළමු හේතුව තමයි ඉහත කවිය ඉතිහාසික වටිනාකමකින් යුක්තවීම ..දෙවැන්න තමයි එම කවිය ඔස්සේ මතු කෙරෙන පණිවිඩය සදාතනික ඛේදාන්තයක් වශයෙන් දිගින් දිගටම අපේ සමාජය තුල පැවතීම .

ඉතිහාසික වටිනාකම 
මේ සින්හල කවිය තෝමස් ග්‍රේ කියන ඉන්ග්‍රීසි කවියාගේ නිර්මානයක සින්හල පරිවර්තනයයි ..1944 මැයි 30 වනදා  නිදහස් අධ්‍යාපනයේ පියා විදිහට සලකෙන කන්නන්ගර ශ්‍රීමතාණන් අධ්‍යාපන සන්ශෝධන පනත ඔස්සේ 
නිදහස් අධ්‍යාපනය පිලිබද යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තෝමස් ග්‍රේ ගෙ ඉහත ඉන්ග්‍රීසි කවිය ගායනා කරනු ලැබුවා ..හිතාබලන්න එය මොනතරම් අපූරු ගැලපීමක්ද? නිදහස් අධ්‍යාපනයේ සැබෑ නිර්ව්යාජ අරමුනු සමග එම පැදිපෙළ දක්වන අතිශය සමීප සම්බන්ධතාවය කොතරම්ද? අද නිදහස් අධ්‍යාපනය සමග කණාබල්ලන් ගසන හිටපු ටියුශන්කාරයෙක්ටත් --මුකවාඩම් බැදිය යුතු කටවාචාලයෙකුටත් නිදහස් අධ්‍යාපනයේ උත්තුන්ග අරමුණු පිලිබදව සන්වේදීතාවයක් නොවීම ගැන අප පුදුම විය යුතු නැත .

නිදහස් අධ්‍යාපනය .පිළිබදව තවතවත් පැහැදිලි කරමින් කන්නන්ගර ශ්‍රිමතාණන් රාජ්‍ය මණ්ත්‍රන සභාව අමතනු ලැබුවේ මෙසේය 

.ගරු රාජ්‍ය මන්ත්‍රන සභාවේ සභිකවරුනි ,
,එදා මහා ඔගස්ටස් පුරසාරම් දෙඩුවා, මා එන විට තිබූ ගඩොලින් බැදි රෝමය වෙනුවට ඉතිරිකර ආවේ කිරිගරුඩ රෝමයකි කියා. එපරිද්දෙන්ම අප යන විටද මිල අධික අධ්‍යාපනයේ මිළ බැස්සුවාය ,,වසා මුද්‍රා තබන ලද පොතක් මෙන් වූ අධ්‍යාපනය විව්ර්ත ලිපියක් බවට පත් කළාය, ධනවතුන්ගේ වරප්‍රසාදයක් වූ අධ්‍යාපනය දිළින්දන්ගේ දයාදයක් බවට පත් කළාය යනුවෙන් උදම් අනන්නට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකිවුවහොත් එය කොතරම් අගේද ?

එලෙස සම්මතකරගත් නිදහස් අධ්‍යාපනය ඊට වසර 60 ක් ගෙවී යමින් තිබෙන සමයක ආපසු හැරවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙනට තිබේ ..දිළින්දන්ගේ දායාදයක් වූ අධ්‍යාපනය වරප්‍රසාද ලද්දවුන්ගේ අයිතියක් පමනක් කරන්නට එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදීම මේ යෝජනාව ගෙන එන ලැබූ අවස්තාවේදීම උත්සාහ දැරූ ජාතික වීරවරයන් සිටි බැවු රහසක් නොවේ ..ඒ ගස්බැලයන්ට අධ්‍යාපනේ දුන්නාම අපේ වතුවල පොල් කඩන්නේ කවුදැයි අසමිනි .
.වර්තමානයේදී ඒ ජාතික වීරවරයන්ගෙ පරම්පරාවේ දේශපාලනික දරු මුනුබුරන් එක්ව නව ප්‍රවේශයකින් නිදහස් අධ්‍යාපනයට වැට කඩොලු බදින්නට උත්සාහ දරමින් සිටියි ..එම ප්‍රයත්නයන්ට ඉඩකඩ ලබාදී කරබාගෙන බලාසිටිනවාද යන්න ඔබ අප හමුවේ ඇති ප්‍රශ්නයකි .
(මූලාශ්‍රය --ගුරුතරුව වේදිකා නාට්‍ය)

චින්තක ටිකිරිබණ්ඩාර. 

4 comments:

  1. ගැටළුව පැහැදිලී !!!! ඒත් බං ඕක මට පැහැදිලි වුනාය කියල කරන්න පුළවන් මගුලක් නැතිඑක ගැනයි දුක........ කවුරැ කොහොම මොනව කිව්වත් අපි මේ පහුකරන්නේ නිදහස් අධ්‍යාපනයේ අන්තිම හුස්ම වැටෙන කාලේ බව ප්‍රසිද්ද රහසක්

    ReplyDelete
  2. කමෙන්ට් කොටන්න තියෙන විදිය වෙනස් ‍කරහන් බං මෙහෙම තියෙන එක කරදරයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි ඔන්න එහෙනම් උබේ ඉල්ලීම ඉටු කලා...

      Delete
  3. ස්තූතියි මචන්, එතකොට උබ කියන්නේ කරන්න පුලුවන් මගුලක් නැහැයි කියලා අපි බකන් නිලාගෙන ඉන්න ඕනෙද ... සයිබර් එකේවත් කුරුටු නොගා?

    ReplyDelete