2012/11/22

සජීවීකරණයේ ජපන් විස්මිතය


           සජීවීකරණයේ ජපන් විස්මිතය



ඒ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ජපානය අළු දූලි ගසා නැඟිටිමින් සිටි සමයයි. 1965 දී ජපානයේ ‘තෝයි’ නම් සජීවීකරණ චිත්‍රපට සමාගම “සඳෙන් එපිටට ගලිවර්ගේ චාරිකානමින් සජීවීකරණ චිත්‍රපටයක් නිපදවමින් සිටියා. නමුත් චිත්‍රපට කතාවේ අවසානය සහ යොදාගෙන තිබූ චිත්‍ර රූප පිළිබඳව ගැටලුවක් නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය පමා කෙරෙමිනුයි තිබුණේ. සඳෙන් එපිටට ගලිවර්ව කැඳවාගෙන යෑමට ගොස් බලාපොරොත්තු බිඳගෙන සිටි ‘තෝයි’ සමාගමේ පිහිටට පැමිණියේ එවකට එහි ආධුනික රසායානාගාර සේවකයකු වශයෙන් කටයුතු කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයෙක්. ඔහු චිත්‍රපටයේ කතාවට ආකර්ෂණීය නිමාවක් ලබාදෙමින්, ‘මන්ගා’ නම් පාරම්පරික ජපන් කාටුන් චිත්‍ර යොදාගනිමින් ගලිවර් හට සඳෙන් එපිටට සුවිසැරියක යෙදීමට අවස්ථාව ලබාදෙනවා. ඉන් වසර 40කට පසුව ‘හයාඕ මියසාකි’ නම් මෙම තරුණයා ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් ලෝකය සසැලවූ මිනිසුන් 100 දෙනා අතරටද එක්කර ගන්නවා.

ජාත්‍යන්තරව දැවැන්ත ලෙස ව්‍යාප්ත වූ ජපන් සජීවීකරණ චිත්‍රපට හා ටෙලි නිමැවුම් ලෝකයේ සැබෑම ගලිවරයෙක් වන “හයාඕ මියසාකි” කෘතහස්ත ජපන් ‘මන්ගා’ හෙවත් පාරම්පරික ජපන් කාටූන් චිත්‍ර ශිල්පියෙක්. එපමණක් නොවෙයි ඔහු සජීවීකරණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. විකිපීඩියා අන්තර්ජාල අඩවියට අනුව නම් මියසාකි සජීවීකරණ චිත්‍රපට හා ටෙලි නිපැයුම් ලෝකයේ අප්පොච්චි යැයි සැලකිය හැකි වෝල්ටර් ඩිස්නි සහ නික් පාර්ක්, රොබර්ට් ෂෙමෙස්කි යන පුරෝගාමීන් අතරෙහි සමතැන් තැබිය හැකි නිර්මාණකරුවෙක්.


එහෙත් ජපන් සජීවීකරණ හා ටෙලි නිපැයුම් ලෝකයේ පූර්වගාමියා මියසාකි නොවේ. මාස්ටර් ‘බසමු තෙසුකා’  වැනි පහසුවෙන් මතකයෙන් මැකී නොයන, පසු කලෙක සම්ප්‍රදායක් බවට පත්වූ විශාල බෝල වැනි ඇස් ඇති, ඉත්තෑකූරු හිස්කෙස් සහිත කාටුන් චරිත බිහිකරමින් ජපන් සජීවීකරණ ටෙලි සහ චිත්‍රපට නිමැවුම් ලෝකයේ සමාරම්භකයා වුවත් ජපන් සජීවීකරණ කලාවේ ජගත් මුද්‍රාව බවට පත්වූයේ ‘හයාඕ මියසාකි’ ය.


ඔහු විස්මයාකාර, නිර්මාණශීලී කතා ප්‍රබන්ධකයෙක්. ඔහුගේ නිර්මාණවල දක්නට ලැබෙන විශ්වාස කළ නොහැකි බොහෝ දෑ අපි අත්‍යයන්තයෙන්ම විශ්වාස කරනවා “the anime encyclopediea” හි සම සංස්කාරක ජොනතන් ක්ලෙමන්ට්ස් මියසාකිව වර්ණනා කරමින් පවසනවා.


1963 ‘තෝයි’ චිත්‍රපට සමාගමේ සේවයට බැඳුණු මියසාකි වසර පහක ඇවෑමෙන් එහි ප්‍රධාන සජීවීකරණ ශිල්පියා බවට පත්වන්නේ තමා සැබෑ වැඩකාරයෙක් බැව් තහවුරු කොට පෙන්වන නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙමින්. ලෝක සජීවීකරණ සිනමාවේ විශිෂ්ට සංකේතයක් වශයෙන් සැලකිය හැකි holsi prince of the sun   නම් චිත්‍රපටයට මියසාකි අංශ කිහිපයකින්ම දායකත්වය සැපැයුවා. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘ඉසාඕ තකහාටා’ මියසාකි සජීවීකරණ විෂය ක්‍ෂේත්‍රයේ දක්වනු ලැබූ බුහුටිත්වය පිළිබඳව කොපමණ සෑහීමකට පත්වූවාද යත් අනතුරුව එළැඹුණ දශක හතර පුරාම ඔහුගේ නිර්මාණ සගයා වූයේ මියසාකියි.


එපමණක් නොවෙයි(1969), Flying Pbantom ship (1969), Animal Terasure isaland (1971), Ali baba and the forty thieves (1971)
ආදී චිත්‍රපට ගණනාවක සජීවීකරණ ශිල්පියා වශයෙන් කටයුතු කරන “හයාඕ මියසාකි” තමන්ගේ ප්‍රථම චිත්‍රපටය වන Nausioa of the valley of the wind  චිත්‍රපටය 1984 දී නිපදවන්නේ තම නිර්මාණ සගයා වූ තකහාටා විසින් ආරම්භ කරන ලද ගිබ්ලි චිත්‍රාගාරයේදී. ගිබ්ලි චිත්‍රාගාරය හා ‘හයාඕ මියසාකි’ ගහට පොත්ත මෙන් ඇලුණු සුසංයෝගයක් වනවා. මියසාකි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Spirited away චිත්‍රපටය නිපදවෙන්නේ ගිබ්ලි චිත්‍රාගාරයේ වන අතර 2001 වසරේදී හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා එම චිත්‍රපටය ඇකඩමි සම්මානය දිනාගනු ලබනවා. අනතුරුව 2004 වසරේදීත් මියසාකිගේ how's moving gastle චිත්‍රපටය ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වනවා.

බොහෝ විට කුඩා දරුවන්ගේ වික්‍රමයන් කේන්ද්‍ර කොටගෙන නිපදවෙන මියසාකිගේ චිත්‍රපටවල ඇවිදයන බලකොටු, පියාඹන යන්ත්‍ර, බස් රථ බවට පත්වූ බළලුන් සහ කතා කරන ඉදිබුවන් දැකගන්නට අපහසු නැහැ. එහෙත් විශේෂත්වය වන්නේ මියසාකි මවනා ඉන්ද්‍රජාලික මායාකාරී ලෝකය යථාර්ථ ලෝක ස්වභාවයන් මත ක්‍රියා කිරීමයි.

ඇමෙරිකානු ලේඛිකාවක් වන “උර්සුලා කේ. ලී ගුවේන්” ගෙන් earth sea  නම් කෘතිය ප්‍රමුඛ අනෙක් බොහෝ කෘතින් කියැවීමට මියසාකි අසීමාන්තික කෑදරකමකින් පෙළෙනවා. තම සිනමා නිර්මාණ සඳහා උර්සුලාගේ බලපෑම නොමඳව ලැබී ඇති බැව් මියසාකි ද නිහතමානීව පිළිගන්නවා.

සජීවීකරණ ටෙලි සහ චිත්‍රපට නිපැයීම උදෙසා පරිගණකයේ බරසාර කර්තව්‍යය ආගමනය වන්නට පෙර රූප රාමුවෙන් රාමුවට අතින් පැන්සල උපයෝගී කොට ගනිමින් සජීවීකරණ නිපැයුම් මැවූ මියසාකි අතීත හුරුකම් පරිගණක මවුසය වෙතට හුවමාරු කරගනිමින් තවමත් ඔහුගේ මනසේ ඇඳෙන විස්මයාකාර නිර්මාණශීලී ප්‍රබන්ධයන් සජීවීකරණ ටෙලි හා චිත්‍රපට නිර්මාණ බවට පත්කරමින් සිටිනවා.

14 comments:

  1. ම්ම්ම්....

    ////විශාල බෝල වැනි ඇස් ඇති, ඉත්තෑකූරු හිස්කෙස් සහිත කාටුන් චරිත////

    කියලා වැඩක් නෑ.. මං නං මාර ආසාවක් තිබ්බේ ඒහෙම ඇඳපු කාටූන් කොල්ලන්ට ඉස්සර.. ලස්සන කාටූන් එකක් තිබ්බා අප්පා ඒ වගේ කොල්ලෝ තුන්දෙනක් ඉන්න.. මට දැං ඒකේ නම මතක නෑ.. ඒකේ කඩු දෙකකින් ෆයිට් කරන එකාට තමයි මම ආසම..හි හි...

    මේ විස්තරේ නම් අදමයි දැනගත්තේ.. විකිපීඩියා පැත්තේ ගිහින් බලන්න ඕනේ තව ටිකක්....

    ReplyDelete
  2. අප්පේ සෑහෙන කාලෙකින් වැඩ අල්ලල තියෙන්නේ. කොහේද මකබෑ වෙලා හිටියේ. උඹෙන් පොඩි විස්තරයක් හොයාගන්නත් තියෙනවා. මම පස්සේ මේල් කරන්නං.. ජය

    ReplyDelete
  3. මටත් අලුත් තොරතුරු ටිකක් මේක නම්. ගලිවර්ගේ චාරිකා නම් කියවල තියනවා.
    සෑහෙන කාලෙකින් නේද

    ReplyDelete
    Replies
    1. කොල්ල මොඩ් වෙලා එහෙනං..

      Delete
    2. හික් හික්.. හෙට අනිද්දා ලෝක විනාසේත් එනවලු. ආයේ කවද කියල කරන්නද...

      Delete
  4. රතු සෑහෙන දවසකට පස්සෙ නැවතත් ලිවීම ගැන සතුටුයි... මේ චරිතය ගැන මම කලින් දැන සිටියෙ නෑ... අද තමා දැනගත්තෙ... ස්තූතියි තොරතුරු වලට...

    ReplyDelete
  5. රතු රජරට හුඟ දවසකින්.

    මේක නම් මට අළුත් මාතෘකාවක්, ජපන් සජීවීකරණ චිත්‍රපට බලල තිබුණට ඒ ගැන මම මෙහෙම විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. හුඟක් වෙලාවට ඔය අංශෙන් අපි කතාකරන්නෙ ඇමරිකාව ගැන යුරෝපා රටවල් ගැන විතරනේ. ආසියාව පැත්තෙත් වැඩකරුවො ඉන්න බව අපිට මතක් වෙන්නෙ පහුවෙල. මෑතක ඉඳන් ඉන්දියාවත් සජීවීකරණය පැත්තෙන් සීඝ්‍ර දියුණුවක් ලබමින් සිටිනව, කොහොමටත් මම හිතන්නෙ ඔය ඇමරිකානු යුරෝපියානු සිනමා සමාගම්වල ඉන්දියානුවො ජපන්නු චීන්නු දෑමෙන ප්‍රමාණයක් ඉන්නව.

    සජීවීකරණ චිත්‍රපට බොහෝ විට මගේ ෆේවරිට් ලිස්ට් එකේ ඉහලින්ම ඉන්නව.

    ReplyDelete
  6. මෙතෙක් කොමෙන්ට් කළ මගේ ප්‍රිය මිතුරන් සියළු දෙනාටම බොහෝමත් ස්තූතියි. වෙන වෙනම් ප්‍රතිචාර ලීවීමට නොහැකි වුණාට අමනාප වෙන්න එපා. ඇත්තටම මේ දිනවල කිව නොහැකි තරම් කාර්‍යය බහුලයි. පත්තරය වෙනුවෙන් වගේම මගේ හීනයක් වුණු සිනමාපටයක් නිර්මානය කිරීමේ කටයුත්තේ මූලික වැඩකටයුතු වලට හිරවෙලයි ඉන්නේ. ඉතින් ඒ අතරේ දින කිහිපයක නිවාඩුවක් අද රැයින් ඇරඹෙනවා. මම අද ගමේ යන්නයි සූදානම. පොළොන්නරුවට. ඉතින් ගමට මේ වතාවේ යන විට කොමෙන්ටු වලට ප්‍රති පිළිතුරු ලියන්න ඉඩකඩක් ලැබෙන එකක් නෑ. ඒ ගැන සමාවෙන්න.

    මේ ලිපිය ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ ..මම මෙය පත්තරේට ලියපු ලිපියක්. බ්ලොගය පාළුවට යන්නට් ඉඩදෙන්න බැරි නිසා ඒ ලිපිය මෙහි පළකෙරුවා. ස්තූතියි.
    මම
    චින්තක ටිකිරිබණ්ඩාර.

    ReplyDelete
    Replies
    1. එල..
      සිනමා පටයේ වැඩත් අනෙක් සියලු වැඩත් සාර්ථක වේවා!!

      Delete
    2. අපිට චරිතයක් රගපාන්න බැරි වෙයිද ඒකෙ... ජය වේවා!

      Delete
  7. අර කරන්න යන නිර්මානය ගැන අප්ඩේට් එකක් දෙන්න . සුබපතනවා

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
  8. අලුත් වැඩේට සුබ පැතුම්.....!

    කොච්චර කාර්යබහුල වුනත් කමක් නෑ.එතන තමයි ජීවිතය.

    ReplyDelete
  9. අහල දැකල නං නෑ.

    ReplyDelete