2015/12/31

පරම්පරාවක අහිමි වූ උරුමය රකින්නී...

මොරටුව පරණ පාරේ එමෙස් සිනමා ශාලාව ඉදිරියෙන් වැටුණු පාරේ අයිනක දුප්පත් ලෑලි තට්ටුවක කීර වෙළදාම් කරමින් හිටිය මහලු ආච්චි කෙනෙක් ළග බයික් එක නතර වුණේ අහම්බෙන් වගේ. අපේ පාරම්පරික තාක්ෂණික පරස්පරතාවයන් පසෙකට වීසි කරදමමින්, ඒ වගේ්ම මාව ප්‍රමුදිත කරමින් ඈ ජංගම දුරකථනයක්  කණ තබාගෙන හුන්නා.

මා යතුරු පැදියෙන් බැස ඈ වෙත  වඩාත් ළං වුණේ ඇයගේ සංවාදය තේරුම් ගැනීමේ අරමුණෙන්.
" පුතේ කීර ඔක්කොම වගේ ඉවරයි.මිටි පහ පහ වගේ දාලා විජහට එවපන්කො පුතේ"


ආච්චි ඇණවුම් කරන්නේ මොබයිල් දුරකතනයෙන් .ඉබි ගමනින් පරිවර්තනය වෙමින් තිබුනු අපේ සමාජය මොබයිල් දුරකථන යේ ආගමනයත් සමගින් විදුලි වේගයෙන් වෙනස් වෙන්නට පටන් ගත්තා.තරුණ පරම්පරාව මේ සීග්‍ර වෙනස්වීමට  ඔරොත්තු දෙමින් මොබයිල් දුරකථනය සුවච කීකරු මෙවලමක් බවට පත්කරගත් නමුත් අපේ වැඩිහිටි පරම්පරාවට ඊට ඔරොත්තු  දෙන ලෙස හැඩගැසීම දුෂ්කර කාර්යයක් වූවා .නමුත් අනුවර්තනය වීමේ දක්ෂයින් ,නූතන නවීන සමාජයට උවමනා ලෙසට හැඩගැසෙන්නට අපොහොසත් වූවහොත් තමන් පරාජයට පත්වන බැව් අවබෝධ කරගෙන නවීන තාක්ෂණික මෙවලම් හැසිරවීමට ඉගෙන ගත්තා .


මොරටුවේ කීර විකුණන  මේ ආච්ච් අම්මාත් එවැන්නියක්.මෙවැනි ගැහැණුන් සහ මිනිසුන් දකින සෑම අවස්ථාවකම මගේ හදවත තුළ ඔවුන් ගැන උපදින්නේ අපමණ ගෞරවයක්.පරම්පරාවන් දෙකක පරතරය යා කරගත් ඔවුන්ට අපේ ගෞරවය හිමිවිය යුතුමයි

7 comments:

  1. මේ විදිහට, අපේ වයසේ ඉන්න පරපුර, අද සමාජය සමග අනුබද්ධවීම ලොකු සතුටක්. බැහැයි කියලා දෙයක් නැත කියලා හිතන අයට, මේ දිරිය ගැහැණිය ආදර්ශයක්.

    ReplyDelete
  2. එකෙන්ම ඇය උඩු ගං බලා පිහිනන්නියක්... අනේ අපිට මොන පෝන්ද කියලා පටන්ගන්නත් කලින් පරාජය බාර ගන්න වැඩිහිටි සමාජයක ඇය සුපිරි ව්‍යතිරේඛයක්...

    නොදන්නා ඇයටත්, රතුවටත් සුබ නව වසරක් වෙවා !!

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා !
    දැන් ගොඩක් වෙලාවට ඔය පරපුරේ අය මේ පරපුරේ දේවල් එක්ක ගැළපෙන්න ජීවත් වෙනවා . එයාලා ගොඩක් වෙලාවට හිතන්නේ ඒවා අනුගමනය කරන්නේ නැත්නම් එයාලා කොන් වෙනවා කියලා . ඒක ඇත්ත . මේවා ඒ අයත් පරිහරණය කරනකොට එයාලටත් අනිත් අය අතරේම ජීවත් වෙන්න පුළුවන් .
    ඒ ආත්තම්මාගේ ව්‍යාපාරත් තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

    ReplyDelete
  4. මරු අච්චියෙක් බං.. මෙන්න ඒ දිරිය ගැහැණියට මගේ උපහාරය !!

    සුබ නව වසරක් වේවා !!!!

    ReplyDelete
  5. නියමයි. අලුත් දෑට හුරු නොවෙන කට්ටියට වෙන්නෙ වඳවෙලා යන්න තමයි.
    රතූට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  6. බොහොම සංවේදී ලිපියක් රතූ

    ReplyDelete
  7. ඒ අපේ ජීවයයි - ඒ අපේ ශක්තියයි
    වන්දනා කරන්නේ - වන්දනා ලබන්නේ

    ReplyDelete