2012/10/06

මේ කාගේදෝ කමතා

ගමෙන් සිංඩියක් ගෙනාවෙමි. 



නිවාඩුවට ගමේ ගියත් කාලය ගතවුණේ අන්තර්ජංජාලයේය. කලෙක ගමට බෙහෙවින් ආදරය කළ මට දැන් ගම වෙත ගිය කල්හී පිටස්තරකාරී හැගීමක් දැනෙන්නේ ඇයිදැයි නොතේරේ. මට සිහිවන්නේ සේකරගේ 'ගම අමතකයි' පද්‍ය පන්තිය. 

"සිදාදියට එන්නට මට 
බුද්ධිය නුඹ තමයි එදා පාර කියාදුන්නේ.. "

කාලෙකින් සේකර කියවන්නට නොලැබිණි. දැන් කවිය මතකයෙ නැත.අන්තර්ජාලයේම නිවාඩුව ගතකළ මා ආයිත් හුදකලා නවාතැනට පැමිණියේමි. නිකන්ම නොවේ. මා හැදූ අලුත් බ්ලොග් සිංඩියකුත් සමගින්. 

මාත් සිංඩියක් හදන්න ඕනෑයැයි මට සිතුනේ සිංහල බ්ලොග් ලෝකයේ සිංඩි ගණනාවකට මගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරගැනීමට උතසාහ දරා වෙහෙස වූ කල්හිය. බලාපොරොත්තු කඩවූ කල්හිය. සිංඩි දහයකට වඩා ප්‍රමාණයකට මා අයදුම් කළ නමුත් මෑතකදී මා එක් කරගනු ලැබූයේ සිංඩි තුනකින් පමණය. ඒවා මොනවදැයි අමුතුවෙන් කියන්නට අවැසි නොවේ. මට මුලදී තල්ලුව ලැබුණේ සුමිත් නිරිඇල්ලගේ ප්‍රහාරයෙනුත්  ,රාජ්ගේ නවාතැනිනුත් ටික දවසකට පසුව හසිතගේ ආගිය කතා  සහ සිරාගේ කාමරයෙනුත්  ය. 

සිංඩියකින් බ්ලොග් අඩවියකට ලැබෙන සහයෝගය අති මහත් වෙයි. මම මෙවැනි සිංඩියක් අරඹන්නට සිතුවේම අලුතින් බ්ලොග් ලෝකයට පිවිසෙන නිර්මාණකරුවන්ට සහයෝගයක් ලබා දිය යුතුයැයි මට බලවත් සිතුවිල්ලක් තිබුණු නිසාවෙනි. හොදම උදාහරණය මචං- මාතලන්  ඔහුගේ සිංඩියෙන් අළුත් බ්ලොග් කරුවන්ට ලබාදෙන සහයෝගයයි. 

කමත ඇරඹෙන්නේ එවැනි අරමුණකිනි. 

උඹ සිංඩියක් පටන්ගන්න්ට තවම කල් වැඩියැයි මිතුරන් දෙතුන් දෙනෙක් කීවේය. එහෙත් මගේ ආශාව වඩාත් ප්‍රභල විය. මගේ බ්ලොග් අඩවිය මෙවනි කාරණා සදහා යොදාගන්නට මම අකැමැති නමුත් සිංඩිය ගැන කියන්නට වෙන මගක් නැත. 

කමතට දැනට ඇතුළ් කර ඇත්තේ මා කියවන බ්ලොග් සහ වෙබ් අඩවි කිහිපයක් පමණි. ඒවා ප්‍රවර්ග කොට බෙදා දක්වන්නට මා උත්සාහ කළේය., නමුත් එය දුෂ්කර කාරියක් විය. සමහර විට ඔබේ අඩවිය තිබිය යුතු යැයි ඔබ සිතන ප්‍රවර්ගය ගැන මට කියන්න. 

මෙතනින් කමතට ගොහින් බැත රාසි කරන්න ඇහැකි 

ඔබ සියලු දෙනාගේම සහයෝගය මට ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව සිතට හයියකි. 

31 comments:

  1. ඒකත් නරකම නෑ, හැමදේම ටික ටිකවත් කරල තියෙන්න ඕනළු නේ. මගෙනුත් සුභ පැතුම්, වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඔන්න.

    (මම නම් බ්ලොග් කියවන්න එන්නෙ සින්ඩි හරහා නෙවි. ඒත් හුඟක් අය අළුත් බ්ලොග්වලට, කලින් නොගිහිපු බ්ලොග්වලට යන්නෙ මම හිතන්නෙ සිංඩියක් හරහා, ඒ නිසා තාමත් ඒවට ලොකු ඉල්ලුමකුත් තියෙනව වගේ)

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි DDT ,,සිංඩිය පටන්ගත්තේ මුලින්ම ආසාවට. දෙවනුව මගේ පහසුවට. මොකද බ්ලොග් ලිස්ට් එකෙන් මම කියවන ඔක්කොම අඩවි ලුහුබදින්න අමාරුයි. තුන් වෙනුව අළුත් බ්ලොග් ලියන්නන්ට පොඩි ප්‍රචාරයක් දෙන්න.

      Delete
  2. වැඩේ හොදයි, මගෙනුත් සුබ පැතුම්..!

    ඒත් මහත්තයෝ අම්බරුවෙක් වෙන්න කිව්වම එයිද කට්ටිය....
    බැත රාසි කරන්න හරි, පුබ්බරුවන් සප්පායම් වෙන්ට හරි කිව්වනම් අවුලක් නෑ.

    මටනම් ජනප්‍රිය සිංඩිවලින් සහයෝගයක් නෑ.වැඩිම පිරිසක් එන්නෙ බ්ලොග්රෝල් හරහා.බුකියෙනුත් සෑහෙන සහයෝගයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කවුද කැමති අම්බරුවො වෙන්න. ඔන්න සුමිත් අයියේ ඔබ දුන්නු වචනෙම යොදාගත්තා. ස්තූතියි.

      Delete
  3. Replies
    1. අළුත් පොස්ටුව මගේ ලිස්ට් එකේ උඩම තියෙනවා තිස්ස අයියේ ..ටිකක් විතර කාර්‍යය බහුල වුණා. හිතට හයිය අයියලාගෙ සහයෝගය තමයි.

      Delete
  4. සුපිරි .......... ඔන්න අපිත් එනව ඈ !

    ReplyDelete
    Replies
    1. උඹ නොකීවත් එනවා කියලා මන් දන්නවා දිනෙල්කයෝ...

      Delete
  5. මගේ එකටනම් ඉල්ලලා තිබුනේ නෑ. එහෙම ඉල්ලුවනම් ස්පෑම් ගොඩේද දන්නෙ නෑ. මොකෝ මම ඒක චෙක් කරන්නෙම නැති නිසා. සින්ඩි කොච්චර තිබුනත් අවුලක් නෑ. මේක ජනතාව අතරට ගෙනියන එක අනිවාර්යයෙන් කළ යුතු දෙයක්..

    ReplyDelete
    Replies
    1. හරි මචං මම දැන් උඹේ සිංඩියෙ ඉන්නවානේ. ඇත්ත අපි ලියන දේවල් කියවන පිරිස වැඩි කරගැනීම අපේ වගකීමක්

      Delete
  6. එල මචන්.. සින්ඩියක් පටන්ගන්න කල් වැඩි කියල මට නම් හිතෙන්නේ නෑ. අනික සින්ඩි වැඩිවෙන තරමට හොඳයි. ඔන්න මං මගේ සින්ඩි ලිස්ට් එකේ මේ ලින්ක් එකත් දාගත්තා නොදන්න අයට දැන ගන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං, උඹේ සහයෝගය හරිම වටිනවා.

      Delete
  7. ඇත්ත බං රතු, මහෙ පරණ බ්ලොග් දෙකම ඔය සින්ඩි හුඟක දුවනවා. ඒකෙ අවුලක් නෑ. නමුත් මේ ඊයෙ පෙරේදා හදපු මගේ ඩෙනිම හුඟක් සින්ඩිවලට දාන්න බෑනෙ. මොක මගුලක් වෙලාද මන්දා. ඔන්න එකකට නම් දාලා තියෙනවා.
    සමහරු උත්තරයක්වත් එවන්නෙ නෑ, සමහර ඒවායෙ ෆෝම් එක පුරවනකොට කියනවා දැනටමත් මම ඒකෙ ඉන්නවලු. තව ඒවායින් මට එවලා තියෙන්නෙ මෆේ ඩෙනිම ඇතුලත් කරගත්තාය කියලා නෙවෙයි. වෙන කාගෙද බ්ලොග් එකක විස්තර.

    උඹේ වැඩේට ජය වේවා. මම දැන් යනවා මගේ බ්ලොග් දෙක තූනම ඕකට දාන්න.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  8. රතු,
    ඩෙනිම නම් දැනටම තියෙනවා. අනිත් දෙකේ විස්තර මම එව්වා.
    අර කමතේ ලෝගෝ එක ගන්න එක පොඩ්ඩක් අවුල් වගේ. ඒ add gadget එකට ලින්ක් එකක් හදපං එතනින් අපේ බ්ලොග් එකේ ඩිසයින් පේජ් එකේ add gadget තැනට කෙලින්ම යන්න. (උදාහරණ LinkWithin) නැතිනම් කෝඩ් එකක් හදාපන් අපිට HTML/Java Script එකේ අලවන්න පුලුවන් විදියට. ඒකත් සයිස් කීපයකින් හදන්න පුලුවන්.(ඔය අනිත් හුඟක් සින්ඩිවල තියෙනවා වගේ)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  9. Replies
    1. හරි හෙන්රි , ඔන්න මම අඩවි දෙක සිංඩියට ඇඩ් කරා. උඹ කියපු විදිහට මේකෙ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා තමයි ඇඩ් ලෝගො එක අලවනකොට ..ඉඩක් ලැබුණු හැටියෙ ඔය අවුල් ලිහලා දාන්නම් ,,මම කල්පනා කරේ සරලම විදිහට වැඩේ දුවන්න .

      Delete
    2. රතු, ඒක වෙනස් කරන්න ඕනෙ නෑ. මේ තියෙනවිදිය ලේසියි. අර මම කිව්වා වගෙ ADD GADGET > ADD PICTURE දිගේ ගියාම අලවන්න ඕනෙ නෑ ඩව්න්ලෝඩ් කරපු ලෝගෝ එක අප්ලෝඩ් කලෑකි. ලින්ක් එකත් දාන්න පුලුවන්නෙ ඒකටම. මම උඹේ ලෝගෝ එක අප්ලෝඩ් කරන්න කලින් පොඩ්ඩක් කම්ප්‍රෙස් කලා පෝඩ්ඩක් ලොකු වැඩි වගෙ පෙනුන නිසා.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  10. ඇත්තම කිව්වොත් බ්ලොග් කියවන්න ආපු මුල් කාලයේ සිංඩිවලින් බ්ලොග් කියෙව්වත් ඊට පස්සේ නම් සිංඩිවලින් බ්ලොග් කියවන්න සෙට් වුණේම නැහැ. කොහෙන් කොහෙන් හරි කියවන්න සෙට් වෙන බ්ලොග් වගේම ෆේස්බුක් එක හරහා කියවන්න ලැබෙන බ්ලොග්වලින් හොඳයි කියලා හිතෙන ඒවා මගේ බ්ලොග් එකේ බ්ලොග් රෝල් එකට දාගෙන තමා කියවන්නේ....

    …කොහොම නමුත් වැඩේට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි හසිත. ඔබේ සහයෝගය මට හැමදාමත් තිබුණා.

      Delete
  11. වෙරිගුඩ් වැඩක්, මමත් සින්ඩි කීපයකටම ඉල්ලුවත් තල්ලුවක් දුන්නේ මාතලන් හා අඹගහ යට විතරයි.අනෙක් කට්ටිය මොනවා කිව්වත් තමන්ගේ මතවාදයටෙ එරෙහි අදහස් යට කරන්න තමා බලන්නේ. අපේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආදරයෙන් පිළිගන්නවා. දිගටම එන්න.

      Delete
  12. සින්ඩි නං කොච්චර තිබුනත් කමක් නෑ බං, මාවත් කමතට දාහං ඇ

    ReplyDelete
    Replies
    1. ඊට ඉස්සර ඩිංගිත්තක් හිනාවෙලා හිටින් ...
      ...අමුතුවෙන් දාන්න දෙයක් නෑ බන් උඹ ඉන්නවා මගෙ සිංඩියෙ

      Delete
  13. අනේ ඉතිං මං නං ඔය එක සින්ඩියක වත් හිටියේ නෑ නේ... හි හි...ඔය සින්ඩි කතන්දරේ තාමත් අගක් මුලක් නැති හින්දානේ ඒ...

    ඒ උනාට මගේ පස්සෙන් ඇවිල්ලා දාගත්තා නේද මාවත් ඔයාගේ සින්ඩියට .. හොඳයි හොඳයි....

    ReplyDelete
    Replies
    1. ලෝගෝ එක මගේ බ්ලොග් එකේ කලර් තීම් එකට නියමෙට ගැලපෙනවා... හි හි...

      Delete
  14. ජැන්ඩියට හිටියොත් අනිවා මගේ සිංඩියේ ඉඩක් තියෙනවා... හිහි හිහ් හිහ් (ගැස්සි ගැස්සී සිනාසෙයි)

    ReplyDelete
  15. සින්ඩියට බ්ලොග් එක ඇඩ් කරන්න යද්දී තමා දැක්කේ මගේ බ්ලොග් එක සින්ඩියට ඇඩ් වෙලා තියෙනවා කියලා. ස්තුතියි සහෝ..

    කමත සාර්ථක වේවා!

    ReplyDelete
  16. ගොඩක් ස්තුතියි රතු රජරට...... ඔබට ජය

    ReplyDelete
  17. ඔබටත් ජයවේවා ලහිරු, මම බ්ලොගිය කියව්නවා. ඉඩ ලැබෙන විදිහට මේ පැත්තෙත් එන්න

    ReplyDelete
  18. පරක්කු උනාට සමාවෙයන්... මමත් හදවතින්ම සුභ පතනවා මේ වැඩේට... මමත් ඔන්න ඊයක් දැම්මා කමතෙ පදිංචි වෙන්න...ජය!

    ReplyDelete
  19. නියමයි අයියේ...ගොඩාක් වටිනා වැඩක්...

    ReplyDelete