2014/12/09

එකක් කඩතොළු මකන්නට ගොස් .....

'එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට, තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය. තෝ බඩගා යමින් තාගේ ජීවිතයේ සියලු දවස් වලම ධූලි කන්නෙහිය.' -ශුද්ධ බයිබලය



ලංකාවට සර්වජන ඡන්ද අයිතිය හිමිවූයේ ආසියාව තුළ  ඕස්ටේ‍්‍රලියාවටත් ප‍්‍රථමයෙන් බැව් මැතිවරණ කොමසාරිස්වරයා සිහිපත් කරදුන්නේය. එනමුදු වර්තමානයේ දී ජාතියක් සහ රටක් වශයෙන් අප පිළිබිඹු කරමින් සිටින්නේ ඒ පරිණතභාවය නොවේ. කඩතුරාවකින් වසාහෙළන්නට නොහැකි සංස්කෘතික සහජත්වයෙන්ම උරුමව තිබෙන ගෝති‍්‍රක මිලෙජ්චත්වය පරසුද්දන්ගේ නීතියෙන් හෝ දේශපාලනික ඉගැන්වීම් වලින් නවත්වන්නට ඉඩදෙන්නේ කොහොමද ?
ඇසට ඇසක්, දතට දතක්, මහලේකම් වරයෙක්ට මහලේකම්වරයෙක්. රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ සාමය හා ඒකීයභාවය දිනාදෙන්නට පෙරමුණ ගත්තාක් මෙන්ම රටේ දේශපාලනික පක්ෂ කීතු කීතු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිංදුවටම ඇද දමන්නට ද එලෙසම පෙරමුණ ගත් බවට ඉතිහාසය සාක්ෂි දරනු ඇත. අපට නම් වැටහෙන්නේ එකක් කඩතොළු මකාලන්නට දරන උත්සාහයන්ගේ දී සියක් කඩතොළු සාදා ගන්නා බවයි.

9 comments:

  1. ඇත්තටම මං හිතුව මහින්ද මාමිට ටිකක් හරි මොලේ ඇති කියල කොහෙද
    මාමි මීම වෙලා
    කතාවක් තියේ නෙව
    බලේ ඇතිවිට මොළේ නැත මොළේ ඇතිවිට බලේ නැති කියල

    ReplyDelete
    Replies
    1. මාමා මීමා වුනත් හරියට කෙවිට පාවිච්චි කෙරුවොත් මීමා අම්බම් කරගත හැකියි.වෙලා තියෙන්නේ බං කෙවිට අතේ තියෙන අපිත් මීම්මු වගේ කටයුතු කරන එකයි.

      Delete
  2. විධායකය කියන්න් මේකටද?

    ReplyDelete
  3. Q- //ජනතාව කැමැත්තෙන්ම ..........................දායක වෙන්නේ ඇයිද කියන එක අපගේ පර්යේෂණයට ලක් විය යුත්තක්. //

    Answers :-
    අපිට ප්‍රජාතන්ත්‍රවාදී ස්වයංපාලන නිදහස ලැබුනේ බහුතර ජනතාව එයට සූදානම් නැති ( අද්යාපන, සංස්කෘතික, දේශපාලනමය හා මානසික වශයෙන් ) තරම් කලින් නිසා? ඉන්ගලන්තයේ අවු 900 – 1000 කාලයක් තුල ඉතා හිමින් වර්ධනය වූ දේශපාලන ක්‍රමයක් වැඩවසම් මානසිකත්වයෙන් ඉවත් නොවූ ජනතාවකට ඉබේම හදිසියේ ලැබීම නිසා? තමන් පත් කරගන්නා ජනතා නියෝජිතයන් තමන්ට පුරුදු රජවරු හා රජුන් විසින් පත් කරන නිලමෙවරු, රටේ මහත්තයා, කෝරාල, ආරච්චි ආදීන්ට වෙනස් වියයුතු බව තේරුම් ගැනීමට තරම් දියුණු නොවීම?
    එලෙස වැරදි විදිහට ජනතා සූදානමක් හෝ සුදුසුකමක් නොමැතිව පටන්ගත් නිසා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ගොඩ නොනැගීම?

    (ඔය මං බ්ලොග් තුනක විතර පේස්ට් කල පරණ කොමෙන්ට් එකක්.
    මිනිස්සු දේශපාලකයන්ට බනින කොට මට ඔය ඉහත කරුණු නිසා හිනා යනව)


    ReplyDelete
  4. මේ ජනතාව විසුරුවා හැර නව ජනතාවක් පත් කර ගත යුතුව තිබේ.

    ReplyDelete
  5. නව ජනතාවක් ලැබෙන තුරු සියලු දේම වර්ජනය කරමු. :D:D

    ReplyDelete
  6. දුකයි නේද?

    ReplyDelete
  7. තිස්ස තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කෙරුවා කියලා කිව්වාට ලේඛම්ට,ලේඛම් කෙනෙක් ගන්න එක කජ්ජක් නෙමේ කියලා කියපු කතාවෙන්ම හෘද සාක්ෂිය ගණුදෙනුවක් බව පේනවා.

    ReplyDelete
  8. මොකක් දෝ ඒක්ක තරහා වෙලා මොකක් දෝ ඒකක් කපා ගන්නවා කියන්නේ ඔ්කට තමයි............

    ReplyDelete