2019/07/04

මහනුවර රජුගේ ආරක්ෂාව භාරව සිටි විශේෂ බලකාය ‘මහඅතපත්තුව’

මහනුවර යුගයේදී උඩරට රජු ආරක්ෂා කිරීමට විශේෂ පෞද්ගලික භට කණ්ඩායමක් පළමුවන රාජසිංහ රජුගේ සමයේ පටන් ක‍්‍රියාත්මක වූ අතර එම විශේෂ බලකාය හැදින්වූයේ මහඅතපත්තුව යන නමින්.

රජුගේ විශ්වාසවන්තම රදළයින්ගෙන් සැදුම්ලත් මේ පෞද්ගලික ආරක්ෂක බලකාය උඩරට රාජධානිය ඉංග‍්‍රීසීන් යටත් කරගන්නා තෙක්ම පැවති අතර නායාක්කාරවංශික රජවරුන් උඩරට පාලනය කරන්නට පටන්ගත් පසුව මෙම විශේෂ ඒකකය රජුගෙන් තරමක් දුරස්වූ බැව් පෙනෙයි.

උඩරට කිරීටයට අතීතයේ පටන්ම ලැදිව කටයුතු කරනු ලැබූ මොල්ලිගොඩ, ඇහැළේපොල , පිළිමතලව්වේ වැනි දිසාවන්ගේ ප‍්‍රභූ පවුල්වල ශක්තිමත් තරුණයින් මහඅතපත්තුවට ඇතුළත් වූ අතර මරුවල්ලිය සහ සුදලියේ පරම්පරාවන්ටට අයත් අංගම් සටන් ගුරුන්ගෙන් විශේෂ සටන් පුහුණුවක් ලබන්නටත් මෙම මහඅතපත්තුවට අයත් රජුගේ ශරීරාක්ෂකයින් ට හැකියාව ලැබී තිබෙනවා. 

එම නිසාම උඩරට රාජධානි සමයේ රදළ වංශික තරුණයින් තුළ මහඅතපත්තුවට ඇතුළත් වීමට මහත් තරඟයක් තිබී ඇත්තේ මහඅතපත්තුවට සීමිත සෙබළුන් ගණනක් පමණක් ඇතූලත් කරගැනීම නිසායි.

කෙසේ වෙතත් මහනුවර රාජධානියේ අවසාන භාගයේදී මෙම මහඅතපත්තුව සහ රජු අතර සම්බන්ධතාවය පළුදු වී ගොස් තිබූ අතර අවාසාන රජු වශයෙන් සැලකෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන් බි‍්‍රතාන්‍යයන් ට හැකිළි බැද ගෙන යන්නට ඉඩ පහසුව සැලසුණේත් මහඅතපත්තුවේ ආරක්ෂාව ඔහුට නොලැබුණු නිසා බවයි කියවෙන්නේ.

-ජනප‍්‍රවාද සහ ඉතිහාස ග‍්‍රන්ථ ඇසුරෙන් * 

7 comments:

  1. මහත්තයා උඩරට රදළ වංශිකයෙක්ද?

    ReplyDelete
  2. හරි අමුතු නමක්නෙ.. "මහඅතපත්තුව".

    ReplyDelete
    Replies
    1. දිසා අතපත්තුව ගැන අහලා ඇති මම හිතන්නේ.

      Delete
    2. මම දන්න එකම අතපත්තුව "මාවන් අතපත්තු"

      😂😂

      Delete
  3. අතේ තුවක්කු තියාගෙන හිටපු නිසා නේද මේ අයට අතපත්තු කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වයලීනෝ , මට ඒ ගැන කියන්න නම් දැනුමක් නෑ. නමුත් හොයලා බලන්න වටින පොයින්ට් එකක්.

      Delete