2012/09/23

පිලිපීනයේ ආඩම්බරකාර තාත්තා...


පිලිපීනයේ ආඩම්බරකාර තාත්තා... 

වෘත්තියෙන් නීතිඥයකු වූ ෆර්ඩිනන්ඩ් මාකෝස් 1965 වසරේ බලයට පත්වූයේ පිලිපීනය යලි අත්තිවාරමේ සිට ගොඩනගන බවට ජනතාව ඉදිරියේ ශපත කරමිනි.ඔහුගේ මැතිවරන ව්‍යාපාරයේ මුඛය පාඨය වූයේ යහ පාලනය නම් මල් දමින් සරසා පිලිපීනය ආසියාවේ මිණිකිරුල බවට පත් කරන බවය.

 ඇමෙරිකාවට අතිශය ගැති පිලිවෙතක වූ මාකෝස් බලයට පත්වූ විගස ලෝකයේ හතර අතින් ඩොලර් කෝටි ප්‍රකෝටි ගනනින් ණයට ගත් අතර ඒවා යෙදවූයේ සෘජු ප්‍රතිලාභ නොමැති මුත් කොමිස් ගැසීමට කප් රුකක් වන්වූ අධිවේගී මාර්ග තැනීම හා බල ශක්ති වයාපෘති සදහාය.ඒ අනුව කි.මි 15000 අධිවේගී මාර්ග නිමකල අතර ප්‍රදේශ 16ක ජලවිදුලි සහ ගල් අගුරු බලාගාර තනා විවිධාකාරයේ මාධ්‍ය සංදර්ශන තබමින් ජන මාධ්‍ය හරහා එයම යලි යලිත් අතිශයොක්තියට නැංවීය. නමුත් විදේශයන්ගෙන් ගත් ණය ගෙවීම සදහා වූ සහන කාලසීමා අවසන්ව එය මුහුකුරා යත්ම ණය අඝාධයක රාජ්‍ය සිරවී තිබුනි.ඒ අනුව ණය පියවීමට තවත් ණය ගත් අතර ආයෝජනය හා අත්‍යවශ්‍ය සේවා සැපයීමට ඉදිරියේ භාන්ඩාගාරය හිස්ව තිබුනි.

මුදල් සෙවීමට විකල්පයක් ලෙස සංචාරක ව්‍යාපාරයට අත ගැසූ මාකෝස් පිලිපීන රජය සතුවූ වටිනා ඉඩම් කුනුකොල්ලයට විදේශිකයන්වෙත විකිනීම ඇරඹීය.ඉන්පසු පිලිපීන් දූපත සමූහය පුරාවට සංචාරක හෝටල,තට්‍ටු නිවාස,ලොව විශාලතම සුපිරි වෙලද සංකීර්න ,කැසිනෝ මාලිග ගොඩනැගුනු අතර බුරුතු පිටින් විදෙශිකයන් පිලිපීනය වෙත ආකර්ශනය විය.ගනිකා වෘත්තිය නිදහසේ කරගෙන යාහැකි තවත් එක් වෘත්තියක් ලෙසට පිලිපීන් දූපත් පුරා ක්‍රියාත්මක විය. පාතාල මැහෙයුම් හා මත්කුඩු ජාවාරමේ තිප්පොලක් බවට පිලිපීනය පත්විය. ආදායම් බෙදීයාමේ විශම භාවය තුල අග්‍රස්ථානය පිලිපීනයට හිමිව තිබුනි. 

ජනතාව පියවි සිහියට පැමිනියේ එකල්හිය නමුත් ඒ වනවිට ඔවුන් බොහෝ ප්‍රමාදය. ඒ වනවිට රට ගොඩ ඒමට නොහැකි ණය උගුලක සිරවී තිබූඅතර මාකෝස්ගේ නෑ හිතවතුන් හා අන්ඩුවේ කොටස්කරුවන් ධන කුවේරයන් බවට පත්ව තිබුනි. ජනතාව දුගීබවේ පත්ලටම ගොස් තිබුනි.අධිකරනය, සෙනෙට් සභිකයන්, ජනමාද්‍ය මාකෝස්ගේ අතකොලු බවට පත්ව තිබුනි. දුක් විදින ජනතාව වෙනුවෙන් හඩ නැගීමට කිසිවකු නොවීය.එහි කෙලවර වූයේ ලොව දූෂිතම පලකයකු සේ ගැනෙන මාකෝස් 20 වසරක් පුරාවට රටේ සාරය උරා බී එහි අනාගත පරපුරද බෙලහීන අනාථයන් පිරිසක් බවට පත් කිරීමය. රටේ නීතිය සහ සදාචාරය මිය යාමය. මේ යහ පාලනය නම් මල් දමින් සරසා පිලිපීනයආසියාවේ මිණිකිරුල බවට පත් කරන බව කියු රාජ්‍ය නායකයෙකුගේ කෙරුවාවය.
(කරුණාකර දේශයට සාපේක්ෂව නොකියවන්න. )

         පසු සටහන. 

මාකෝස්ගේ දුෂනයට හා භීෂනයට එරෙහිව පලමුව නැගී සිටියේ එරට විශ්ව විද්යාල සිසුන්යනමුත් ලෙයින් සහ යකඩින් සිසුඋද්ගෝෂන යටපත් කල මාකෝස් රජයට එරෙහිව නැග එන ජනබලය මැඩලීම සදහා ඔහුගේ ආරක්ෂක ලේකම් වූ අර්න්ස්ටො මාටා යටතේ වෙනමම ඒකකයක් පිහිටුවා තිබුනිරටක විශ්ව විද්යාල සිසුන් යනු හුදෙක් කවර හෝ දේශපාලන පක්ෂයක රූකඩ සමූහයක්නොව අනාගතය පිලිබද හොද ඉවක් ඇති පිරිසකි

උපුටා ගැනීමකි. 

15 comments:

  1. පිලිපීන මිනිස්සු උදේ හවා මුණ ගැහෙනව
    තමන්ගෙ කියල කිසි හරයක් නෑ ඒ මිනිස්සුන්ගේ
    සුදු ටීෂර්ට් එකයි ඩෙනිමයි සන්ග්ලාසස් දෙකයි සිගරට් එකයි - ඒ ඇති - ඉතිරි ටිකෙන් ඇමරිකන් කාරයෙක් වාගේ පෙනෙන්න ජීවත් වුණාම ජීවිතේම ගොඩ
    ඒක තමා ඔය හැමෝම එක්කහු වෙලා ඒ රටට කරපු ලොකුම අවුල

    [දේෂයට සාපේක්ෂව නොකියවීමි ;-) ]

    ReplyDelete
    Replies
    1. හරයක්, සංස්කෘතියක් නැතිව ඔන්න ඔය කියපු විදිහටම පිට දේශෙක අපේ උනුත් ඇවිදන් යද්දි කවුරු හරි බ්ලොග් රචකයෙක් අපේ මිනිස්සුන්ටත් ඔහොම කියන් දවස්ක් ඒවිද තිස්ස අයියේ... ?

      Delete
  2. අපේ රටෙත් තත්වය මේකම වෙයි කියලා මට නිකමට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ පිලීපීනේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...

      Delete
  3. අපි '80 දශකයේදී නම් මාකෝස්ට ආදේශයෙන් ප්‍රේමදාස කියෙව්වා. දැන් ඉතින් එපා කියන හින්දා මාකෝස්ට ආදේශයෙන්.....---...නොකියවමි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම හේතුව එයද නැතිනම් දේශපාලන කුහක කමද?

      Delete
    2. සුමිත් අයියේ නිතරම යාළුවත් පිටිපස්සෙන්ම ඉන්නවා වගේ... මගේ පෞද්ගලික මතය නම් ප්‍රේමදාස ජනාධිපතිවරයා තම සතුරන් කෙරෙහි කුමනාකාරයෙන් කටයුතු කලත් ඔහු රට විකුනාගෙන කෑමට උත්සාහ නොදරන ලද බවයි.

      Delete
  4. ආදේශ කලා ටක්කෙටම හරි.

    ReplyDelete
  5. ලංකාවටත් මේ දේමද වෙන්න යන්නෙ ?

    ReplyDelete
    Replies
    1. සිරාටත් දෙන්නට තිබෙන්නේ මඩිස්සේ නිශනයාට දුන් පිළිතුරම තමයි.
      මඩිස්සලේ නිශාන්September 23, 2012 7:08 AM

      Delete
  6. මම මෙහේ ආපු පළවෙනි දවසද මන්ද.

    මම මේ ළඟකදිත් කාගෙ හරි බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්මා, මාකෝස් බලයෙන් පහ වුනාම ඉමෙල්ඩා මාකෝස්ගෙ සෙරෙප්පු කුට්ටම් කලෙක්ෂන් එකේ ඉඳලම එළියට ආපු හැටි කියල. මට එතනදි කියන්න ඕන වුනේ අපේ රටේත් හිරි වැටිල තියෙන සමාජයට අවසානයෙ ඉතිරි වෙන්නෙ මාකෝස්ගෙන් පසු ඉතිරිවුනු පිලිපීනයක්ම තමයි කියන්න. ඇත්තෙන්ම මාකෝස්ගෙ ජාතියෙ අය ලෝකෙ හුඟක් රටවල හිටියා, ඉන්නවා, ඉඳීවි. ඔවුන් හැමෝගෙම මොන විදියෙ වෙනස්කම් තිබුණත් කෙරුවාවනම් එකමයි. තමන්ගෙ සඟයෙක් වුනු දේශපාලන විරුද්ධවාදියව, බෙනිග්නෝ ඇකියිනෝ වසර ගණනාවක් අඳුරු කාමරයක හුදකලාව සිරගතකොට පසුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රටින් පිටව යන්න නිදහස් කරල, නැවත සියරටට එද්දි ගුවන් තොටුපලේදිම හමුදාව මෙහෙයවල වෙඩිතියල මරා දාන්ට තරම් වුනු ජඩයෙක් මාකෝස්. කොහොම වුනත් පිලිපීනුවන්ට එතරම් මිලක් ගෙවන්ට වුවත් එයයි අවසානයේ ආරම්භය. ඉතිං අපිට .......

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.. මම හිතන්නේ ඔබ මෙහි ගොඩ වැදුනු පලවෙනි අවස්තාව. කතාව ඒක තමයි. එයයි අවසානයක ආරම්භය...

      Delete
  7. අපේ රට නම් මේ අහලකින් වත් තියන්නට බැරිය.
    කියවා පසුව ආදේශ කරමින්....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.

      Delete