බණ්ඩාරනායක
භික්ෂුවක් අතින්
ඝාතනය වීම අහඹුවක්ද ?
කෘතහස්ත ලේඛකයෙක් වූ ගුනදාස ලියන්ගේ මහතා නොනිමි මෙහෙවර නමින් පොතක් ලියමින් බණ්ඩාරනායක මහතාට එල්ල කළ වෙඩිපහර හැදින්වූයේ ඉතිහාසය වෙනස් කළ වෙඩි පහරක් වශයෙනි.
බණ්ඩාරනායක මහතාගේ දුබල,ආත්මාර්ථකාමී නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ 56 විප්ලවය පිළිබදව අමරසේකර වැනි විද්වතුන් මහ ඉහළින් වර්ණනා කළද එය මෙරට සූරාගෙන කෑමට දේශීය බලපුලුවන්කාරයන්ට ලැබුණු මාහැගි අවස්තාවකි. 56 විප්ලවයෙන් අපට ලැබුණේ මොනවාද?
- තමන් ලැබූ අධ්‍යාපනය නිසාම රැකියාවක් සොයාගත නොහැකිව වල්මත්වූ උපාධිධාරීන් පිරිසකි.
- කෙසේ හෝ රැකියාවක් සොයාගෙන තම සහෝදර පොදු ජනතාවගේ පරම සතුරෙක් වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරී පැළැන්තියකි
- ජීවත්වීමේ ත්, සමුර්දිමත් වීමේත් , එකම මඟ ලෙස සිතා විදේශ ගතවන තරුණ පිරිසකි .
- .පොදුවෙ තම පෞරුෂය අහිමි කරගත් තරුණ පරපුරකි.
56 විප්ලවය සිදුවන්නට පෙර ආසියාවෙන්ම දෙවනි තැන දරාසිටියේ අපයි. අපට ඉදිරියෙන් සිටියේ ජපානය පමණක් වන අතර පිටුපසින් සිටියේ පිලිපීනයයි. ඒ කාලයේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ රට බාරගත්තේ එය ලංකාවක් කරන්නට ප්‍රතිඥා දීමෙනි. එහෙත් අද අප කොහිද සිංගප්පූරුව කොයිබද?
56 විප්ලවය ඔස්සේ බිහිවූ ආණ්ඩුව තම පොදු සතුරා වශයෙන් සිතා කටයුතු කලේ දේශීය ව්‍යාපාරික ප්‍රජාවය. ඉන්දියාවේදී මෙන් නොව ලංකාවෙ ධනවත් පංතිය උපත ලබන්නට නියමිතව තිබුනේම ඉංග්‍රීසි පාලනයේ අතුරු ඵලයක් ලෙසිනි. ඉන්දියාවේ මහාරාජාවරුන් වැනි ධනවත් සිටුවරුන් සිටියා වුවත් ලංකාවේ රජුන්ගෙන් මෙපිට එවැනි ස්වායත්ත ප්‍රාග්ධන සංචිත ගොඩනැගීමට ඉඩක් නොතිබිනි. එහෙයින්ම ප්‍රාථමික ප්‍රාග්ධන සංචිත සංකේන්ද්‍රණය වීමේ ක්‍රියාවලියට ඉඩකඩක් ලැබුණේ ඉංග්‍රීසින්ගෙ සෙවනේය. ධනවතුන් වීම පසුබිමෙහි මිෂනාරි අධ්‍යාපනය ප්‍රභල සාධකයක්ව පැවති බැවු අසත්‍යයක් නොවේ. ඒ නිසාම ජාතිවාදී හැඟීම් වලින් ඔදවැඩී සිටි 56 බලවෙග මෙරට දේශීය ධනවතුන් දෙස බැලුවේ සතුරු ආකල්පයකිනි. දේශීය ධනපති පංතිය යනු අනාගතයේ මෙරට ආර්ථික පද්ධතියේ අත්තිවාරම් තනන්නන් බැව් අවබෝධ කරගැනීමට 56 ට නොහැකි වූයේය.
අනෙක් අතට මෙම දේශීය ව්‍යවසායකයන් බහුතරයක් අසුන්ගෙන සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ අසුන්වලය. 56 විප්ලවය එක්සත් ජාතික පක්ෂයට වින කිරීමේ ආස්ථානයට පටු කරගැනීමට තරම් එහි ඉදිරිගාමින් අමනොඥ වූයේය. බණ්ඩාරනායක බලයට පත්වූ වහාම අර එජාපයේ කලු සුද්දන්ගේ දෙපල රජයට පවරා ගැනීමට කටයුතු කලේය. විප්ලවයේ උත්කෘෂ්ට අරමුණු පක්ෂ දේශපාලනයේ ක්‍රෑර පළිගැනීමට පටු විය.
දේපළ පවරා ගැනීම ඔස්සේ සිදුවූයේ එකල ළදරුවියේ වූ ගමනාගමනය, ප්‍රවාහනය, වැවිලි කර්මාන්තය ආදී කර්මාන්තවල ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පැමිනි ආයෝජකයන් වෙනත් ආයෝජන කලාප සොයා ඉගිල්ලී යාමය. හොදම උදාහරණය තේ වගාවට 56 ආණ්ඩුව එල්ල කරන ලද තර්ජන හමුවේ පිටවී ගිය ආයෝජකයන් අප වෙනුවට කෙන් යාව තෝරගැනීමයි. 1960 වනවිට ලෝක තේ වෙළද පොළට ඇතුළු වූ කෙන් යාව අද ලෝක තේ වෙළද පොළේ අධිරාජ්‍යාය.
56 විප්ලව බලමුළුව සඟ, වෙද, ගුරු, ගොවි ,කම්කරු යනුවෙන් පංචමහා බලවේගයක් වශයෙන් එකමුතුව සිටියද ඒ ඒ බලවෙගවල අති මූලික ප්‍රතිවිරෝධතා රාශියක්ම වුයේය. ඉඩම් හිමි බෞද්ධ භික්ෂු පරපුරක්ද ,,ඊට ප්‍රථිවිරුද්ධ වුවමනාවෙන් යුතු ඉඩම් ප්‍රතිසංස්කරනයක් බලාපොරොත්තුවෙන් සිටි ගොවීන්ද, ගෝත්‍රික සීමාවෙන් පිටතට පැමිණීමට නොහැකිව ළතවෙමින් සිටි දේශීය වෙද මහතුන් පිරිසක්ද, නව ලිබරල මධ්‍යම පාංතික බලාපොරොත්තු සහිත වූ ගුරුවරුන්ද, සමාජවාදී බලාපොරොත්තු සහිත වූ කම්කරුවන්ද මෙම පංචමහා බලවේගය තුල වූයේය. එකමඟ ගමන් කළත් ඊලග මොහොතේ පුපුරා යාමේ විභවයක් මේ පංචබලවේගය තුළ වූයේය. එකිනෙකට පටහැනි වුවමනාවන් සහිත මෙම බලවේග ප්‍රවේශමෙන් හසුරුවා ගැනීමට නායකත්වයට නොහැකි වුවහොත් සිදුවන්නේ නායකත්වය පෙරළා දමා එම බලවේග පෙරට පැමිණ තම පටු වුවමනාවන් ඉටු කරගැනීමට යත්න දැරීමකි. ඒ අර්තයෙන් බලන විට බණ්ඩාරනායක මහතාට භික්ෂුවක් වෙඩිතබා ඝාතනය කිරීම විස්මයක් නොවන්නේය.
අර ගුණදාස ලියන්ගේ මහතාගෙ පොතේ නම ‘නොනිමි මෙහෙවර‘ ද ‘ගමන නොනිමෙයි‘ ද? නැත්නම් නම් දෙකෙන් පොත් දෙකක් තියෙනවද? මම කියවපු පොතේ නම ගමන නොනිමෙයි. ඒ වගේම හිටපු අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගෙ අත්දැකීම් ඇසුරෙන් එතුමම ලියපු ‘අගමැතිවරුන් හත් දෙනෙකු සමඟ‘ පොතෙත් බණ්ඩාරනායක යුගය ගැන තොරතුරු ටිකක් තියෙනව.
ReplyDeleteබණ්ඩාරනායක ඝාතනය නිකම්ම නිකම් ආරාම කුමන්ත්‍රණයකටම ලඝු කරන්න පුළුවන් ද? මට හිතෙන්නෙ ඒක සිදුවීම් බොහෝ ගණනක අවසන් ප්‍රතිඵලයක් කියලයි. විශේෂයෙන් එතුමගෙ සෞඛ්‍ය ඇමතිනී විමලා විජේවර්ධනත්, බුද්ධරක්ඛිත උන්නාන්සෙත් අතර තිබුනැයි කියන අනියම් සබඳතාවෙ සිට ඔවුන්ට අයත් මහාපරිමාණ ව්‍යාපාරවලට බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් බාධා පැමිණවීම දක්වා සිදුවීමුත් එකල දේශපාලනයේ තිබුණු යම් යම් හැල හැප්පිලි නිසා පසුව නඩු විභාගයෙදිවත් එළියට නොආ තවත් රටේ ප්‍රබල පුද්ගලයොන්ගෙ සම්බන්ධතාවයත් ඒ පිටුපස තිබුණය කියල තමයි මම අහල තියෙන්නෙ. කොටින්ම දේශීය චරිත මෙහෙයවපු බළල් අත ඇමරිකාවෙ සිට ක්‍රියාත්මක වුනා කියල මතයකුත් තිබෙනව නේද? ඔවුන්ගෙ ක්‍රියාකාරකම් දිහා බැලුවහම එය විය නොහැක්කකුත් නෙවි.
මචං ,,ඔබේ අදහස් සමඟ අර්ධ වශයෙන් එකඟයි. මොකද ඒවා තර්කාන්විතයි. කලබලයේ පි පිළිතුරු බඳින්නට බැහැ. පොතේ නම නොනිමි මෙහෙවර තමයි.
ReplyDeleteඔව්. බණ්ඩාරනායක ඝාතනය හුදු ආරාම කුමන්ත්‍රණයකට ලඝු කරන්නට නොහැකිය කියන
DeleteDDT ගේ මතය මම පිළිගන්නවා. ඒ නිසාම එම කොටස මගේ පෝස්ටුවෙන් ඉවත් කරනවා. එය පෙන්වාදීම ගැන DDT මගේ ස්තූතිය.
මටත් කලින් සඳහන් කරන්න බැරිවුණා. සිංහල පමණක් කියන අමනෝඥ තීරණය නිසාත් යම් තරමකට එය සමනය කිරීමට ඔහු ගත් උත්සාහය, බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම බලපෑම් හමුවෙ ඔහු විසින්ම ප්‍රසිද්ධියේ ඉරාදමනු ලැබීමෙන්ම අළුයට තිබූ ගිනි පුපුරු උඩට ආ බව සිතිය හැකියි. 58 ජාතිවාදී කොළාහලවලින් ඇරඹි එහි තීරණාත්මක අවසානයක් (?) පසුගිය සිවිල් යුද්ධයෙදි සිදුවුනා. (අනෙක් අතට ගමින් ගමට මහා විද්‍යාල ඇරඹී පොදු ජනයාට සිංහලෙන් හෝ අධ්‍යාපනය ලබා නොදුන්නා නම් සල්ලිකාරයොන්ට පමණක් විවෘත වී තිබුණු ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා අපේ අද දවස කුමනාකාර වේද කියා සිතා ගැනීම අපහසුයි) සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ සිට ජනසතු ව්‍යාපාර දක්වා වූ සිදුවීම්වලින් ඔහු ආමන්ත්‍රණය කළේ රටේ ග්‍රාමීය ජනතාවගෙ හදවත්වලට. අඩසියවසකටත් පසු මේ නූතන ලෝකෙ අදත් නැවත ක්‍රියාත්මකවන්නෙ එයමයි, කොයි තරම් හාස්‍යයක් ද? ඇත්තෙන්ම ශ්‍රිලනිපයෙ ශක්තිය අදටත් ඔවුන්. 1970 දි උනත් සිරිමා බලයට පත්වෙන්න ප්‍රබලම හේතුව බණ්ඩාරනායකගෙ මේ ප්‍රතිපත්ති. ඒත් හාල් පොලු මිරිස් පොලුවල සිට පෝළිම් යුගයක් දක්වාත් (71 දි ඇති වුන කැරැල්ලත් එතෙක් ග්‍රාමීය මිනිස්සු දැක නොතිබූ අයුරු මිලිටරි බලයකින් එය මැඩපැවැත් වූ අයුරුත්) රට මෙහෙයවපු ඇයගෙ දක්‍ෂතාවය නිසාම තවත් අර්ධ ඒකාධිපතියෙකු වුන ජේ. ආර්. පප්පට 77 දි සුපිරි බලයක් ලැබෙනව. අපරාදෙ කියන්නෙ එයා කොට්ට උරේ කනපිට ගැහැව්ව වගේ ඔක්කොම ආපස්සට හරවනව. අද අපි විඳින විඳවන බොහෝ දේවල මූලාරම්භය එය. ඒ අතින් බැලුවම මේ සිදුවීම් දාමයෙ ඇරඹුම, බණ්ඩාරනායක ඝාතනය ප්‍රබල පුරුකක්. එය එසේ නොවූවානම් අද රටේ අනාගතය කොයි වගේද කියල හිතාගැනීම ටිකක් අසීරුයි.
Deleteඑකග නොවෙමි. ඉඩක් ලද විගස පිළිතුරක් දෙන්නම්.
Deleteලිපියේ සමස්ථය එක්ක එකග වෙන්න බැරිවුනත් මේ ඔබ මෙතෙක් ලියූ හොදම පෝස්ටුවයි.
ReplyDeleteමට කියන්න ඔන හරිය එහෙමපිට්න්ම වගේ D D T කියල තියෙන නිසා දීර්ඝ කමෙන්ටුවක් දාන්න අදහසක් නෑ.
"බණ්ඩාරනායක ප්‍රතිපත්ති" ගැන ඔහු ළගින්ම හිටි සිසිර කුමාර මානික්කආරච්චි ලියූ "සාගරයක් මැද අමන රටක් ඇත" පොතේ පැහැදිළිව තියෙනවා. ඔයා කිවලත් ඇති.
බොහෝම ස්තූතියි සුමිත් අයියේ. ඔබ DDT සමඟ එක පෙළට සිටින නිසා දෙදෙනාටම එක පිළිතුරක් දෙන්නම්. මානික්කාඅරච්චිගේ කවි කියවා තිබුණත් ඔහුගේ මේ පොත තවම කියවා නැහැ. කොහොමද හොයාගන්නට පුළුවන් ?
Deleteසඳකඩ ප්‍රකාශනයක් විදියට මීට අවුරුදු කීපයකට කලින් දෙවෙනි මුද්‍රණයක් කරලා තිබුණා. හොයලා බලන්න, ගොඩගේ එකෙත් සමහරවිට ඇති.
Delete.හොයලා බලන්නම් ස්තූති.
Deleteහොඳ පොස්ටුවක්.. අදමයි ආවේ, ආයෙත් එන්න පාර මතක තියා ගත්ත. ජයවේවා!!
ReplyDeleteබොහෝම ස්තූතියි චන්දන. අනිවාර්යෙන්ම ආයෙත් එන්නැයි ආරාධනා කරනවා.
Deleteබණ්ඩාරනායක චින්තනය ඉදිරියට ගියා නම් රටක් විදියට අපි යම් තරමකට ස්වයංපෝෂිතයි කියලයි මට හිතෙන්නෙ... උදාහරණයකට ඉන්දියාව බලන්න ඔවුන් ඉලෙක්ට්‍රොනික උපකරණ වල සිට චන්ද්‍රිකා දක්වා සියලුම නිෂ්පාදන දේශීය සම්පත් හා දැනුම යොදා ගෙන නිපදවනවා... 1977 බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන එක් වරම ආර්ථිකය විවෘත කිරීමෙන් පණ ගසා නැගිටිමින් පැවති දේශීය කර්මාන්ත ඇදන් වැටුනා... බහු ජාතික සමාගම් මෙහි පැළපදියම් වුනා... විවෘත ආර්ථිකයට අප යන්න තිබුනෙ ටිකෙන් ටික. එහෙම කලා නම් පිටරට ගුණත්වයටම නිෂ්පාදන කරන්න අපේ නිෂ්පාදකයන්ටත් සිදුවෙනවා... ඒ අභියෝගය නිසාම වඩා උසස් නිෂ්පාදන ලංකාවෙන්ම බිහි කරගන්න තිබුනා... එසේ නොවීමෙන් අපේ විදේශ විනිමය අධික ලෙස පිටරටට ගලා යනවා...
ReplyDeleteහැබැයි දැඩි සීමා පනවලා සිරිමාවෝ රජයෙන් දේශීය නිෂ්පාදකයන් නගා සිටුවන්න ගත්ත තීරණ එක්කත් මට එකග වෙන්න බෑ... හාල් පෝලිම්,මිරිස් පෝලිම් ගැන අපේ පැරැන්නො තවමත් කථා වෙනවා...ඒ කාලෙ මිනිස්සු පුදුම දුකක් විදලා තියෙන්නෙ... ජේ.ආර් ට ඒ පීඩනය නිසාම වෙන්න ඇති විවෘත ආර්ථිකයට එක් වරම ලංකාව යොමු කලේ...
@Sumith Niriella
ReplyDelete@සිරාගෙ කාමරේ
@DDT
ඔබ තිදෙනාටම එකම පිළිතුරක් ලබා දීමට කල්පනා කලේ තිදෙනාම බණ්ඩාරනායක ප්‍රතිපත්තීන් සාධනීය ලෙස සලකමින් මත පළකර තිබූ නිසාවෙනි. මතුපිටින් බලන විට 56 ප්‍රතිපත්තීන් සාධනීය එවා ලෙස පෙනීගියත් වඩාත් ගැඹුරින් විග්‍රහ කරගන්නා විට තවත් දේශීය බමුණු කුලයක් ගොඩනැගීමට අවශ්‍ය කරන පසුබිම සකසා දෙන්නට 56 කටයුතු කර ඇති ආකාරය පැහැදිලිව පෙනේ. DDT පවසන පරිදි ගමින් ගමට මහා විද්‍යාල ඇර්ඹෙන්නේ 56 නිසා නොව කන්නන්ගර ප්‍රතිපත්තීන නිසාය ..නිදහස් අද්‍යාපන පනත් සම්මත්වන්නේ 1944 දීය. 56 දී සිදුවූයේ එතෙක් කල් මුලික විශයක්ව තිබූ ඉංග්‍රිසිය පසෙකට ඇද දමා සිංහලෙන් උගන්වන්නට පටන්ගැනීමයි. එයින් සිදු වූයේ වර්ත්මානය වන විට ඉංග්‍රීසි ශාක්‍යතාවයෙන් වැඩි පිරිස අතර නව බමුණු කුලයක් බිහිවීමයි. සිංහල පමණක් ගමට පමණක් සීමාවූ ප්‍රතිපත්තියක් වූ අතර නාගරික ධනපතීන් විදේශ වලට යවා හෝ තම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දුන්නේය.56 දේශීයි ව්‍යවසායකයන්ට සලකන ලද ආකාරය පෝස්ටුවේ පැහැදිලි කොට ඇති නිසා නැවත පැහැදිලි කිරීම අනවශ්‍යය යැයි සිතමි .
// DDT පවසන පරිදි ගමින් ගමට මහා විද්‍යාල ඇර්ඹෙන්නේ 56 නිසා නොව කන්නන්ගර ප්‍රතිපත්තීන නිසාය //
ReplyDeleteඔව්, මේ මාතෘකාව සම්බන්ධව කතා කළ හැකි බොහෝ දේ මඟහැර තමයි මම ඔය උඩ තියෙන කමෙන්ට් දෙක දැම්මෙ, කමෙන්ට් එක ඕනවට වඩා දික් වෙන එක වලක්වන්න. කන්නන්ගර මහත්තය නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න කටයුතු කරපු බව හැබෑව, ඒත් නිදහසින් පස්සෙ බිහිවුන සේනානායක රජයන්වත්, කොතලාවල රජයවත් එහි නියම ප්‍රතිඵල ග්‍රාමීය ස්ථරයට ලබාදීමට කටයුතු කරන්නෙ නැහැ. ගමින් ගමට මහා විද්‍යාල ඇරඹිල ග්‍රාමීය දරුවන්ට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දුන්නා කියල ඔබ හිතනවද? මම කියන්නෙ කන්නන්ගර මහත්තයගෙ නිදහස් අධ්‍යාපනය වඩා අර්ථවත් වෙන්නෙ 56 බණ්ඩාරනායක ප්‍රතිපත්ති නිසා කියල. ඇත්තෙන්ම හතු පිපෙන්න වගේ මහා විද්‍යාල අරඹන්නෙත් බණ්ඩාරනායක රජය. නමුත් මම ඉහතත් සඳහන් කළා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම අමනෝඥ තීරණයක් කියල. සත්‍ය වශයෙන්ම එය දූරදර්ශී නායකයකු විසින් නොකල යුතුව තිබූ එහෙත් පටු දේශපාලන වාසි තකා කළ ක්‍රියාවක්. ඔහු කළ යුතුව තිබුණෙ අධ්‍යාපනය ග්‍රාමීය මට්ටමින් ව්‍යාප්ත කරමින් බේදයකින් තොරව සියල්ලන්ටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම. (අමතක කළ යුතු නැහැ, මේක ප්‍රායෝගිකව අසීරු කටයුත්තක් කියල, වසර 50 කටත් පසු අද දවසෙ තත්වය අනුවත් එදා තත්වය සිතාගත හැකියි. ඒ වෙනුවෙන් විශාල මිලක් ගෙවන්න පසු කාලිනව රටට සිදුවුනත් ඔහු ඒ තරමින්වත් අධ්‍යාපනය ගමට නොගිනිච්ච නම් ‘නිදහස් අධ්‍යාපන පනතක්‘ රටේ තියෙද්දිම ග්‍රාමීය දරුවන්ට මොනම විදියකවත් සාක්‍ෂරතාවයක් නොලැබීයන්නට තිබුණ. ව්‍යවස්ථාවෙන් රටේ සාමාන්‍ය ජනයාට ලබාදී ඇති වරප්‍රසාද තුට්ටුවකට මායිම් නොකරන පාලකයොන්ට සම්මත වෙච්ච පනතකින් ඇති වැඩේ මොකක්ද? ඒ නිසා නොවිය යුතු දෙයක් වුනත් සිදුවුනු දෙයින් අපිත් යම් ප්‍රයෝජනයක් ලැබූ නිසා ඒ වෙනුවෙන් කෘතවේදීත්වයක් දැක්වීමට තරම්වත් කුහක නොවිය යුතුයි කියල මම හිතනව) ඒ වගේම ඔබ සිතන අයුරු මම කිසිම විටක බණ්ඩාරනායක ප්‍රතිපත්ති සමඟ 100 % එකඟවීමක් නැහැ. පසුකාලීනව රට මුහුණ දුන් දැවැන්ත අර්බුධ කිහිපයකටම අඩිතාලම වැටුනෙ 56 රජයෙ ක්‍රියාකාරකම් නිසා, එහි කිසිම තර්කයක් නැහැ. මම සඳහන් කළේ බණ්ඩාරනායක ඝාතනය රටේ අනාගත දේශපාලනය උඩුයටිකුරු කළ සිදුවීමක් කියල විතරයි.
// සිංහල පමණක් ගමට පමණක් සීමාවූ ප්‍රතිපත්තියක් වූ අතර නාගරික ධනපතීන් විදේශ වලට යවා හෝ තම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දුන්නේය //
මේව ගැන කොච්චර ලියන්න පුළුවන් වුනත් වැඩක් නැහැ බං. එදාය අදය කියල ඒකෙ වෙනසක් නැහැ. (නිදහස් අධ්‍යාපනයට ඔය වලව්කාරයො, සල්ලිකාරයො පුළුවන්තරම් අකුල් හෙළුව, ඒත් කපන්න බැරි අත ඉඹින්නැහෙ අන්තිමට උන් ඒකට රටට පේන්න එකඟවෙල ඒක වලපල්ලට යන තැනට වැඩ කරනව.) සමස්තය දිහා බැලුවම හැමෝගෙම කිල්ලෝටවල හුනු ටික ටික තියෙනව, රටේ ඉන්න නොම්මර එකේ දේශ ප්‍රේමීන්ගෙ දරුවො ඉගෙනගන්නෙ බටහිර රටවල. නොම්මර එකේ අධිරාජ්‍ය විරෝධී වාමාංශිකයොන්ගෙ දරුවො ඉගෙන ගන්නෙ ඒ අධිරාජ්‍යවාදී රටවල්වල. පීඩිත පන්තිය වෙනුවෙන් ගිරිය පුප්පන් කෑගහපු සමහර නායකයො, පක්‍ෂ කාර්යාලෙට නොගිහින් තමන්ගෙ මන්දිරයට වැරදිලවත් හදිසියෙන් ආපු ගමේ බයියෙක් එක්ක කතාකරන්නෙ එළියෙ පිලේ වාඩිවෙල, අර මිනිහ ගේ ඇතුලෙ පුටුවකින් වාඩිවෙයි කියල බයට. එදාය අදය කියල වෙනසක් නෑ බං, ඕකුන් ඔක්කොම එකයි.
ඔබේ දීර්ඝ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතියි, ස්මස්තයක් වශයෙන් ඔබේ මෙම මත පලකිරීම ගැන මම එකඟයි. එදා අද වෙනසක් නොමැතිව ලාංකීය ඉහළ සමාජ ස්ථරයන් කටයුතු කරන්නේ එකම රිද්මයකට. පසුකාලීනව යම් යම් සමාජ ,,දේශපාලනික විපර්‍යාසයන් ඔස්සේ ඉහළ පන්තියට පා නැගූ පීඩිත පංති නියෝජිතයන් පවා තම ප්‍රවේණී කාර්‍යයන් අමතක කොට දමා කටයුතු කරන ආකාරය පැහැදිලි සත්‍යයකි.
Deleteමේකේ තියන අතිශය බහුතරයක් කරුණු එක්ක මම එකග නෑ සහෝ... ලිපියෙ හැම කරුණකටම වගේ විවේචන තිබුනට. පෝස්ට් එක දික් වෙන නිසා කීපයක් තෝරා ගත්තා.
ReplyDelete1.//56 විප්ලවයෙන් අපට ලැබුණේ මොනවාද?// කියල ඔබ කියන කරුණු බණ්ඩාරනායක ප්‍රතිපත්ති එක්ක මුහු වෙන්නෙ කොහොමද කියල මට තෙරෙන්නෙ නෑ.
උපාධිදාරීන් වල්මත් වෙලා තියෙන්නෙ, අදාල පාඨමාලා වල දුර්වලතාව නිසා. අනික් අතට ඕනෑම රාජ්‍ය නිළදාරී පැළැන්තියක් ක්‍රියාත්මක වෙන්නෙ මහජනතාව සූරාගෙන කාලා. ඒක ක්‍රමය , සමාජවාදී උනත්, ධනවාදී උනත් වෙන දෙයක්.
2.//...ගණිතය සමත්වීමේ ප්‍රතිශතය 4% කි .ඉංග්‍රීසි සමත් වන්නේ 5% කි. මේ 56 විප්ලවයෙන් සිංහල රාජ්‍ය භාශාව කිරීමේ පලවිපාකයි// සිංහලය රාජ්‍ය භාශාව වූ පමණින් සිසුන් ගණිතය අසමත් වන්නේ කෙසේද?? ගණිතය යනු මවු භාශාවෙන් ස්වායත්ත භාශාවක්. මූලික ගණිත සංකල්ප වටහා ගැනීම සිදුකල හැක්කේ තම මවු භාශාවෙන් පමණයි.
3.දේපොළ පවරා ගැනීම, ව්‍යාපාර ජනසතු කිරීම සම්භන්ධව - තමන්ගෙ රටේ තෙල් නිධි ජනසතු කරපු "සැල්වදොර් අයියන්දේ" ල අපට වීරයො උනාට, ධනපතියන්ගෙ දේපල ජනතාවට දීපු "ක්‍රස්‍තෝ"ල වීරයෝ උනාට, අපට අපේ රටේ මිනිහා වටින්නෙ නෑ. එච්චරයි ඒකට...
හැමෝම වීරයෝ විදිහට සලකන මිනිස්සු දිහා කණ්නාඩි ගලවල බලන්න මමත් කැමතියි. සමහර කරුණු වලදි බණ්ඩාරනායක මගේ වීරයෙක් නෙවේ. ඒත් සිංහල රාජාවලියෙන් පස්සෙ ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච වටිනාම පාලකයා ඔහු.
හොද අදහසක් මචං, බොහෝම ස්තූතියි මේ පැතතට ගොඩ වැදුනාට ,,පිළිතුරක් පසුව එකතු කරන්නම්.
ReplyDeleteඔබේ ලිපි කියවන්න විවේක ලැබුණේ අද . කමෙන්ට් නොලිව්වත් මේ ලිපියට යමක් ලිවිය යුතුයි කියලා හිතුනා
ReplyDeleteමීට අවුරුදු 10 කට විතර කලින් 56 උත්කර්ෂවත් ලෙස හිතුවත් මම අද වෙනකොට ඒ මතයෙන් බැහැර වෙලා ඉන්නවා
56 තුල තියෙන්න බහුතර බලාපොරොත්තු නියෝජනය පමනයි. ඒතුල නැහැ විවිධත්වයෙන් පිරුණ ජාති ආගම් සහිත මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවීම . ඒ වගෙම 56 අලුත් බමුණු කුලයක් හදනවා ඒ ඉන්ග්‍රිසි උගත් හා ඉන්ග්‍රිසි නූගත් කියලා . අඩුම තරමේ කන්නන්ගර දරුවන්ට ඉන්ග්‍රිසි බසින් තව කාලයක් ඉගෙන ගන්න තිබුණ නම් සාමාන්‍ය මිනිසුන්ගේ දරුවන්ට ලෝකෙට විවර වෙන්න ඉඩ වැඩියි . අපි දැන් ඒකෙ විපාක භුක්ති විඳිනවා තවදුරටත් ලාන්කික පරිපාලන හා විදේශ සේවයේ හිටි කීර්තිමත් පරිපාලන චරිත අපිට දැන් නැහැ . 56 ගැමි පදනමක තිබ්බත් ඊට නාගරික හෝ අර්ධ නාගරික පදනම් එකතු වුනේ නෑ නමුත් ඔවුන් බැහැර කරලා ඉදිරියට යන්න නොහැකියි
ඒ වගෙම 56 තුල තිබුණ තද බල බහුතර වාදී දැක්ම නිසා රජයට නිතරම හාමුදුරුවරුන්ගේ අනිසි බලපෑම් එල්ල වුනා ඒ තුල රාජ්‍ය පාලනය තුල පවා යම් ප්‍රතිපත්තිමය තීරණ වෙනස් කරන්න වුනා .
නමුත් ඔක්ෆෝර්ඩ් උගතෙක් වුන බණ්ඩාරනායක මේව නොදැන කලා නොවෙයි . මම හිතන්නේ ඉක්මනින් යූ ඇන් පිය පෙරලලා බලේට එන්න ඔහු ගැහුව තුරුම්පුව මේ සින්හල බෞද්ද පදනම වෙන්න ඕනේ . ඒකට උත්ප්‍රෙරකය වුන අනික් දේ තමයි කාලයක්ම අපි යටත්විජිතයක් වෙලා ඉඳලා බහුතර ගැමි ජනතාව පීඩාවට පත් වෙලා ඉන්දීම හා ඔවුන්ට ක්ශ්ණිකව අවදිවෙන්න දේශප්‍රෙමයක් ඇවැසි වී තිබීම .එහෙම නොවී ඔහුගේ ඔක්ස්ෆෝර්ඩ් මොලේ ටිකක් පාවිච්චි කලා නම් තව කාලයක් යනවා බලේට එන්න .නමුත් දැක්මක් තිබ්බ නායකයෙක් විදියට ඔහුට තව කාලයක් ජීවත් වෙන්න හා රටට යමක් කරන්න තිබ්බ එහෙම වුනා නම්