2012/10/29

විමල් , එව බලව අධිරාජ්‍යවාදීන් සපුගස්කන්දටත් කෙළියේය.


පින්තූරේ මෙන්න මෙතනින්. 


1969 දී ඇරඹුණු ජාතියේ අග්නි ඛීලය යැයි සැලකිය හැකි සපුගස්කන්ද තෙල් පිරිපහදුව සති තුනක කාලයකට යටත් වසා දැමුණේ ය. වසර 43 ක් තිස්සේ   නොනිවී දැල්වුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව එසේ වසාදැමුනේ පිරිපහදු කිරීමට අවශ්‍ය බොරතෙල් තොග නොමැති වීම නිසාය. ඛනිජ තෙල් සංස්ථාවම කියන පරිදි මෙම සතිතුනක කාලයට අදාළ වන පාඩුව රු: කෝටි සීයය ඉක්මවයි. සොච්චමක් නොවැ. 

 ඉස්සර අපේ ගෙවල් වල චිමිනි ලාම්පු දල්වන කාලයේ ගෙදර භූමිතෙල් නොමැති බැව් ලාම්පු දැල්වීමට සූදානම් වන මොහොතේ නිවේදනය කළහොත් අප්පච්චීගෙන් හොද බැණුමක් නොවරදී. බොරතෙල් අවසන් වන තෙක්ම තම තෙල් තොග අවසන් බව දැනගැනීමට ඛනිජ තෙල් සංස්ථාව ට නොහැකි වී තිබේ. අප්පච්චී අර කලින් සදහන් කළ මොහොතයන් හිදී "අමනයෝ" කියමින් බැණ වදී. එහෙත් ඛනිජ තෙල් සංස්ථාව මෙන් ම රටේ පාලකයන්ද අමනයෝ නොවෙන කළ මෙවනි පුවත් අරුමයකි. 

තෙල් පිරිපහදුවක් මෙරට ස්ථාපිත කරන ලද්දේ ඇයි? ඒ පිරිපහදු කල තෙල් බැරලය ක  ආනයන මිළ ,බොරතෙල් බැරලයක  ආනයන මිළට වඩා වැඩි නිසාවෙනි. දැන් ඉතිහාසයේ ප්‍රථම වතාවට රට ආශ්චර්‍යය කරා ගෙන යාමට කැස කවා බලා සිටින රාජපස්ස ආණ්ඩුව මෙතෙක් කිසිම ආණ්ඩුවක් නොකළ ආශ්චර්‍යයන් කරමින් සිටියි. දැන් ආණ්ඩුවේ කුලී කහින්නන් වන විමල් වැන්නන්ට ඩියුටියක් තිබේ. ඒ බොරතෙල් අහිමිවීමට ඇමරිකාව ඉරානයට පැනවූ සම්බාධකද අනියමින් හේතුවී ඇතැයි රාවයක් පැතිර යන නිසාවෙනි. සපුගස්කන්ද වසාදැමීමට හේතුව  අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනයක් යැයි විමල් ගොයියා නොකිව්වොත් 
විමල් ,
උඹේ කටෙත් පස්... 
මගේ කටෙත් පස් ...

50 comments:

  1. අම්මපා ඔය වීරවන්සයා කියන හැටියට අපි වැසිකිලි කැසිකිලි යන එක ඇරෙන්න හැම දේටම අධිරාජ්‍යවාදීන් වග කියන්න ඕන.නෙදකින් ඕකා.

    ReplyDelete
  2. අනේ මුගේ විකට කතා අසා මා විඳින සතුට, ඒ කාලේ ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, තුන් දෙනාගේ 'විනෝද සමය' ඇහුවාටත් වඩා රසවත්. ඇත්තටම මුව දැක්කත් මට හිනා යනවා. මූ ඇත්තටම නොදන්නවා නෙවෙයි දැන් ජෝකර් වෙලා ඉන්නේ කියලා. නමුත් එසේ කිරීමකින් තොරව මූට පැවැත්මක් නැහැනේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හරියට හරි, අර බර්ටි හොදට තෙල් ගාලා උඩට කොණ්ඩෙ පීරගෙන එනවා වගේ

      Delete
  3. මිහින් එයා එකට පිනට දෙන්න බෑ කීවම සංස්ථා සභාපති අයින් කළා මතක නැද්ද. නොදෝමකින්

    ReplyDelete
    Replies
    1. තව සැඅරයක් නොදෝඕඕඕමකින්

      Delete
  4. මිනිහා පොඩි කාලේ සෑහෙන්ඩ එක්ස් ෆයිල්ස් බලලා ඇති ඒකයි ඔය හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියලා හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවා... රැවුලා කපලා ගත්තොත් නිකන් ෆොක්ස් මෝල්ඩර්ගෙ ගතියකුත් මිනිහට තියෙන්වා වගේ .

      Delete
  5. අඩේ ඔය වගේ සීරියස් දේවල් වලට මේ අහිංසක වීරවංස පටලවා ගන්නේ කිමද රතු? පව් නේ ඒකා බොන ෂිවාස් රීගල් එකක් කරගෙන ඉන්ට ඇරපිය. ඕකා ගැන වචනයක් ලියන අපිටත් ඔක්කාරේ.

    ReplyDelete
  6. එසේයැ. ඉතිහාසයේ පළමු වතාවටයැ! ආශ්චර්යය නම් මෙය ම යැ.

    ReplyDelete
    Replies
    1. පුංචි අපට සිරි සැප දෙයි සිරිලංකා දීපේ.

      Delete
  7. දැනටමත් මහ හරක් ටික කියාගෙන එන්නෙ ඇමෙරිකාවෙ සම්බාධක හින්දයි මෙහෙම උනේ කියල.. ඉතින් අපේ එල හරක් අධිරාජ්‍යවාදීන්ට බැන බැන ඉදියි..

    ReplyDelete
  8. //උඹේ කටෙත් පස්...
    මගේ කටෙත් පස් ...// නියමයි

    ReplyDelete
  9. පේන හැටියටනම් පිරිපහදුවත් චීනෙට දෙන්න වගෙයි යන්නෙ.

    විමල් කියන්නෙ පෝස්ට් එකක් ලියන්න තරම් කෙ‍නෙක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. @ සුමිත්
      රටේ වැඩිපුරම තියෙන්නේත් අපේ හාල් වලින් හදන චයිනීස් කෑම නොවැ.
      එහෙම බැලුවොත් අද ලංකාවෙ සිද්ද්වෙන එකක්වත් පෝස්ටු ලියන්න වටින දෙවල නෙමෙයි සුමිත් අයියේ .

      Delete
  10. රටට වැඩක් වෙන දේවල් විනාශ මුඛයට! බොරු සෝබන විච්චුරණ ඉහලට!!
    මොල්වන්ස නම් ඉතින් ජෝකරයා නේ. අපේ සමහරුන්ට ඔය කෙප්ප තමයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. .කෙප්ප කියන්නේ මෙවා සුපිරිම කෙප්ප.

      Delete
  11. ඔය ගූ වංශ තාම ඇමරිකාවෙ ප්ලග් එක හොයනවලු දෙකට නැමිලා... ඡන්දෙ කාලෙ ලං වුනාම හම්බවෙච්ච මන්නාරම් ද්‍රෝණියෙ තෙල් නිධියටත් මුන් කෙලියද අප්පා... කෝ ලංකාවෙ තෙල් මේ කල්පෙට එන එකක් නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. වංශයාව අධෝ මාර්ගය පැත්තටම ඇදලා දැම්මා නෙ සිරා

      Delete
  12. මුන් වගේ ගොන් හරක් ලබන පාරත් ඇත උඩින්ම පාර්ලිමේන්තුවේ ආයේ මොන කතාද තව ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රොබිනෝ වැඩේ කියන්නේ

      Delete
  13. මේකත් හරියට අර දුගී බවේ විශමචක්‍රය වගේ තමයි . ඌ කියනව අපි අහනව හිනා වෙනව ඌට බනිනව මූ පාර්ලිමේන්තුවට ආවේ කොහොමද අහනව ..... ඒත් ඊලඟ පාරත් මූ වැඩිම මනාප අරන් පාර්ලිමේන්තුවේ ....
    හා හා වැඩිය හිතන්න දෙයක් නෑ ...................
    ආශ්චර්්‍යය සහොදරවරුනි ආශ්චර්්‍යය

    ReplyDelete
  14. ..එසේය දිනෙල්කය, එසේය

    ReplyDelete
  15. විමල් ,
    උඹේ කටෙත් පස්...
    මගේ කටෙත් පස

    මෙකතම හිනයන තැන

    ReplyDelete
    Replies
    1. අර විචාරක කියලා තියෙන විදිහට විමලා කරන කියන දේවල් වලට හිනා කාලා මැරෙනවා තමා බං

      Delete
  16. සපුගස්කන්ද වැහුවෙ නම් කාලකන්නි බාල තෙලා නිසා මෙළෝ දෙයක් බැරි බූරුවෙක් නේ.. අපේක්ෂක ලැයිස්තුවවත් හරියට හදා ගන්න බැරි උන් ඇමතිකම් කොරන රටක් නෙ මේ..

    ReplyDelete
    Replies
    1. ජනාධිපති විධායක බලය තියාගෙන ඉන්නෙ. ඒත් බලපන් අයියේ මේ මනුස්සයාට තමන්ගෙ කැබිනෙට් එකේ නැට්ටුවො නටවන්න හරියට බෙර පදේ ගහගන්න බෑ. උන් තම තමන්ට කැමති වන්නම් නටනවා .

      Delete
  17. පස් තමයි බං ඉස්සරහට කන්න වෙන්නෙ...!

    ReplyDelete
    Replies
    1. .මේ යන තාලෙට පස්වත් ඉතිරි වෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ මචෝ

      Delete
  18. ඇයි හෙජින් මගඩියේ පාඩුව :(

    ReplyDelete
  19. පරණ පෝස්ට්ස් ටික බලාගන්න තාම බ්ලොග් රෝල් එකක් දාලා නැහැ නොවැ :(

    ReplyDelete
    Replies
    1. ඔන්න බ්ලොග් රෝල් එකක් දැම්මා හසිත.

      Delete
  20. රටේ සිදුවන බොහෝ දේට වග කිව යුත්තේ ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව. මේවා මෙහෙම උනේ ඇයිද කියලා ප්‍රශ්නයේ මුලය සොයාගෙන ගියොත් අන්තිමට හම්බ වෙන්නේ මේ ව්‍යවස්ථාව. අකමැති අයව ගෙදර යවන්න බැරි ඒකේ තියෙන මනාප ක්‍රමය නිසා. මමත් විමල් ගැන පොස්ට් එකක් ලිව්වා ටික කාලෙකට කලින්

    http://awidda-paya.blogspot.com/2012/03/my-name-is-khan.html

    බලන්න. මේ බ්ලොග් එකට ජෝන් වෙන විදියක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ජෝන් නොව ජෝයින් විය යුතුයි.

      Delete
    2. හම්බ වුනා. අයියෝ ඒක තියෙන්නේ පාත බඹලොවනේ.

      Delete
    3. ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවට ආඩපාලි කීම පලක් නැති වැඩකි, ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව වෙනස් කරනවා යයි පවසමින් 1994දි චන්ද්‍රිකා බලයට පත් උනා, 2005දි මහින්ද රාජපක්ෂ බලයට පත් වුවේද ජේ.ආර් ගේ ව්‍යවස්ථාව වෙනස් කරනවා යයි රටට පොරොන්දු දීමෙන්,
      ජේ.ආර් ගේ ව්‍යවස්ථාව රටට හිතකර කිරීමට 17 වන ව්‍යවස්ථා සංසෝදනය යම් තරමකට හෝ ඉවහල් උන, එය ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වන සංසෝදනය ගෙනවිත් ඒකාදිපති ගමනකට අඩිතාලම දාගත්තේය
      ආණ්ඩුවට 3න් 2ක බලය තිබෙන මේ කාලේ ඕනේ නං ජේ.ආර්. ගේ රටට අහිතකර ව්‍යවස්තාව සංසෝදනය කිරීමට බැරි කමක් නොමැත.
      සිදුවිය යුත්තේ ජේ.ආර් ට පමණක් ගැරහීම නොව, ඒ ව්‍යවස්ථාව අනුගමනය කරන සහ කරන ලද සියළු රාජ්‍ය නායකයන් යැයි කියා ගන්න උන්ට ගැරහිමය.

      Delete
    4. ඇත්ත ,,මමත් ලොකු අයියාට එකගයි. ජේ ආර්ට දොස් කීම ඵලකට නැති වැඩක්. අපේ මිනිස්සු හැමදාම කරන්නේ ජේ ආර්ට දොස් පවරමින් එන්නා එක මිසක් එම ක්‍රමය පවත්වාගෙන යන උන්ට නියම හැන්දෙන් බෙදීම නොවෙයි.

      Delete
  21. ස්තූතියි සුදීක ,මේ පැත්තෙ ගොඩ වුනාට .

    ReplyDelete
  22. අපි හැමෝගෙම කටවල් වලට වැටෙන්නේ පස් තමයි අන්තිමට.

    ReplyDelete
  23. අද ආවේ. :) ඔය වහපු එකේ ඒ තියන රෙපෙයාර් ටික හරි කරගත්තා නම් හරි. නැත්තං ඉතිං ඒකත් නොවී තියන තෙල් ටිකටත් කෙලවගන්න පොටක් නේ වෙන්නේ.

    ReplyDelete
  24. එදා..විරවංශ tv එකේ,
    මම,
    හප්පා මු වගේ කතා කරන්න පුලුවන්නම්
    ශේහ් මුට මාර දැනුමක් තියෙනවනේ

    අද...විරවංශ tv එකේ,
    මම,
    තුහ් නොදකින් @#@@##@#@%$##
    switched off

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට.

      Delete