2014/08/14

මොහුගේ කට හඩට පිටුපා යා නොහැක


විල්සන් හෑගොඩ කොළඹ කවි යුගය එකළු කළ අපූර්ව කවීත්වයක් හිමිව තිබූ කවියෙකි."කවි කොළ කාරයා' යනු ඔහු විසින් පබදින ලද එවැනි  කවි පන්තියකි.එකල සමාජයේ කවි කොළ කාරයාට හිමිව තිබු තැන පිළිබදව් සමාජ විද්‍යාත්මක ගවේෂණයකට අවැසි තොරතුරු උවද ඔහුගේ මෙම කවි පන්තියෙන් උකහා ගන්නට පුළුවන. කොළඹ කවි කියවා රසවිදින්නට කැමැති වර්තමාන බ්ලොග් කියවන්නන්ගේ පහන් රසවින්දනය උදෙසා එය මෙලෙස ඉදිරිපත් කරන්නෙමි.


වම් අත කණේ- කවි කොළ ටික දකුණු         අත 
හක්කේ බුලත් විට හපවී ඉවර                 නැත
නෙත් සැර වරින් වර යවමින් සෙනග         වෙත  
හඩදී ගිරිය පාදා කවි කියනු                   ඇත 

ගෙදරින් තරුණියක ගෙනගිය පුවත      හොරෙන් 
බිහිසුණු මිනීමැරුමක වග රුහුණු           ක-රෙන් 
රිය අනතුරක සැණකෙළියක පැසුළු       දොරෙන් 
තොරතුරු ඇදී එයි මොහු වෙත විදුලි      සැරෙන් 

සුළු පුවතක් නමුදු ගණනට ගත           නොහෙන 
ඔපයක් අමුතුවෙන් දී නව පණ              ගැහෙන 
කවි වැලකට ගොතා ගෙන නව නළු රස   වැහෙන 
කියවයි ගැඹුරු හඬකින් ඈතට              ඇහෙන 

පිංකම් පොළක -ගම්බඳ වෙළදම්            පොළක 
බස් නැවතුම් පොළක හෝ මහ මං            කඩක 
කඩ මන්ඩියක් රුක් සෙවණක් වැනි           තැනක 
මොහුගේ කට හඩට පිටුපා යා              නොහැක 

කිසි මඟියකුට මුණ නොගැහී සිටිනු             බැරී 
එළිමහනකම හඬ දෙන විට කොතැන           හරි 
ආරංචියේ උණුසුම් කම අනුව                    හැරී 
මොහු වට කොට බලා ඇත මහ සෙනඟ         පිරී 

මොහු පළ කරන කවි කොළ එකිනෙක         දේට 
රසවත් වී තිබේ ,පොදු     ගම්              වැසියාට 
එක ශත දහය ගණනේ මිළ                 තිබුණාට 
විකිණෙයි දහස් ගණනින්                 සමහර දාට 


34 comments:

  1. ස්තූතියි බෙදාගත්තාට සහ සන්තෝසයි උඹ ආයි ලියන්න ගත්තු එකට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඉන්දික , ඔබේ මේ කොමෙන්ටුව ලියන්නට බොහෝම වටින උත්තේජකයක්.

      Delete
    2. මචෝ, මතවාදීව අපි ඉන්නෙ එකම තැන වෙන්නත් ඇහැකි නොවෙන්නත් ඇහැකි. ඒක තිරනය වෙන්නෙ අදාල ලිපියෙදි විතරයි. ඒත් "රහට" ලියන එකෙ මෙහෙම කැලේ පැන්නම ඒක ගැන ඌ එක්ක අම්බානෙට තරහයි. ආවම පුදුම සතුටුයි.

      Delete
  2. හම්මේ දැක්ක කල්.. මව්බිම වැහුවද බං මොට අපිව මතක් උනේ.. කෝම උනත් මේ විස්තරේට ස්තුතියි. කව් ලස්සනට දාන්න හොද ක්‍රමයක් අපේ කව්ද මල්ලි කෙනෙක් දීලා තිබුනා. බ්ලොග් එකට නං පහසුම ක්‍රමය තමා වර්ඩ් වල ටේබල් එකක ගහල කොපි කරන එක.. ජය...

    ReplyDelete
    Replies
    1. මගේ පරණම් මිත්‍රයෙක් නෙ .මේ පැත්තට ආයෙත් අවාට බොහෝම ස්තූතියි.

      Delete
  3. බොහොම කාලෙකින්... රතුවෝ... කවි කාරයට හෙන ගැහෙද්දෙන්.. උඹ ආයෙත් ලියන්ඩ ගත්තු එකම මදෑ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ....... බලමු බලමු සෙන්නා. ආයෙමත් ලියන්නා ඕන කියන අදහසින් තමයි මේ පටන් ගත්තේ.

      Delete
  4. රත්තෝ දන්නවද විල්සන් හැගොඩ සුරින්ගේ පුත්‍රයා ලාල් හැගොඩ.එයත් හොඳ ජායාරුප ශිල්පියෙක් වගේම කවියෙක්. ඒත් එයත් දැන් පැරලයිස් වෙලා ඉන්නේ. මේ ළගදි දවසක මහ හමුවුණා බෙහොම අමාරුවෙන් අත්වාරුවට කෙනෙකුත් එක්ක ප්‍රදර්ශනයක් බලන්න ඇවිත් සිටිද්දි.

    ReplyDelete
    Replies
    1. කණගාටුදායක පුවතක්. දන්න විදියට හොඳ කොන්දක් තිබ්බ වටින මනුස්සයෙක්

      Delete
    2. ඔව් නලින් අයියේ, ලාල් හෑගොඩ කියන්නේ දක්ෂ කවියෙක්. තාත්තා සදැස් කවි ලිව්වට ලාල රිදමයාන්විත නිදහස් කවි බොහෝ ගණනක් ලියලා තියෙනවා.ඇත්ත දැන් ඔහු ටිකක් අසනීප තත්වයෙන් තමා ඉන්නෙ.

      Delete
    3. ලාල් හෑගොඩට එච්චර වයසක් නෑ කියලයි මම හිතං හිටියෙ.

      Delete
  5. බ්ලොගියෙ මකුළු දැල් ටික කඩල යන්න ආවැයි.. :D
    ඔය හෑගොඩ පවුලෙම ඉන්නෙ බොහොම හොඳ කලාකරුවන්..
    විල්සන් හෑගොඩයන්ගෙ පුත් ලාල් හෑගොඩ සර්ගෙ බුළු ගහ යට, මා මිනිසෙක් ඔබ ගඟක් නිසා වගේ ඒවත් මරු කවි..
    මකුළු දැල් බැඳෙන්න දෙන්නැතුව දිගටම ලියාන්...

    ReplyDelete
    Replies
    1. සෑහෙන මකුළු දැල් තොගයක් තිබුණා තමයි සංචාරකයෝ.ඔය හෑගොඩ පවුලෙ ඉන්න අනුර හෑගොඩ ත් දක්ෂ තීරු ලිපි රචකයෙක්.ඔහු ගැන ලිපියක් මගේ මේ බ්ලොගියෙම මීට කලින් පළවුනා.බොහෝම ස්තූතියි මේ පැත්තට ගොඩවුණාට.

      Delete
  6. ලඟදී දිනක පාටියක බයිලාවක් අසා සිටිද්දී මේ බ්ලොගය සිහිවිය.

    හැබැයි එහි කියවුනේ "රතු රටකජු" කියා බව පසුව වැටහුණි.

    ReplyDelete
    Replies
    1. කකා මේ පැත්තට පැමිණීමම ලොකු සතුටක්.අප එවැනි මතකයක් ඉතිරි කර තිබීම ලොකු ආඩම්බරයක්.

      Delete
    2. රතු රට කජු සුදු රට කජු එකට උයාලා
      රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා
      සමරේ අයියගේ සරමේ සමර ගෑවිලා
      ඒව අනේ හෝද ගන්න වතුර මදිවෙලා

      චූටි ටීවගේ ටෝවී එකෙ බැටරිය බැහැලා
      අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරළිලා
      කෙහෙල්බද්දරින් තරගෙට බයිල ඇහෙනවා
      කිඹුල බනිස් වගේ ඒව නැගලම යනවා

      රම්පෙට පොරි හැලෙයි දෙල්ගහේ පොල් හැදෙයි
      දොම්පෙට හරි දුරයි වියදම් කෝටියයි
      දෙල්කඳ පොළෙන් ගොනා හොඳ කිරි අළුවා
      වාගෙ සින්දු ගොතා කියල බැලුවා

      මේ වගේ සින්දු ගොතා කියල බැලුවා
      එංගලන්තෙ මහ රැජිනට බයිලා කියනවා
      විලියම් කුමරුට ඩොලැක්කි ගහමු කියනවා
      ආනමාලු අරන් ගිහින් බෙකම්ට දෙනවා

      ලන්ඩන්වල පාරෙ මැද්දෙ කොකිස් බඳිනවා
      සාරි ගප්පි අරං ගිහින් සාරි මහනවා
      වයිට් හවුස් කුලියට ගෙන කඩේ දානවා
      සාරි කඩේ වැඩ කරන්න මධුරි ගේනවා
      අතුගාන්න ෂාරුක් හට එන්න කියනවා

      Delete
  7. මදෑ උඹට බ්ලොග් එකක් තිබුන කියල මතක්වුනා

    ReplyDelete
    Replies
    1. රාජ්.....,රාජ්......රාජ්.......! උබේ ගොඩවැදිම..සතුටක් පරණම පාඨකයෙනේ......

      Delete
  8. බොහොම ස්තුතියි මල්ලි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුර අයියා ඔබටත්.....මෙහි ගොඩවැදුණාට.

      Delete
  9. කවි කොළ "කාරයෝ",කරත්ත "කාරයෝ",පාරු"කාරයෝ" වගේ සමහරක් "කාරයෝ"සමාජයෙන් ශේෂ වෙලා යන කොට මංකොල්ල"කාරයෝ"වැඩි වෙලා,බඩු"කාරයෝ"ඇති වෙලා,වැඩ"කාරයෝ"ත් නැති වෙන්න අරන් යන කාලයක් මේ.
    අපුරු කවි ටික.කවදාවත් අහලා තිබුණේ නැති කවි ටිකක්.ඉදිරියට තවත් දේ මෙහි නැවත ලියවේවී කියා බලපොරෝත්තු වෙනවා රතුවෝ.

    ReplyDelete
    Replies
    1. කොහොමද මනෝජ්? ඇත්තටම වැඩිපුර ප්‍රකට නොවුණු බොහොම අපූර්ව කොළඹ කවි ගණනාවක්ම තිබෙනවා.ඉදිරියට ඒවත් හැකි අවස්ථාවල බෙදා ගන්නට බලාපොරොත්තුවෙන් ඉන්න්නෙ. සතුටුයි මෙහි ආවට.

      Delete
    2. සිංහල බ්ලොග් වල කතන්දරකාරයාද වැඩකාරයෙකි.

      සතුටුටක් රතුව දැකීමත්.

      Delete
  10. මදෑ...!
    පණිවිඩ දෙක තුනක් තිබ්බ
    අනේ තාම ආවේ නෑනේ
    ආවේ නෑනේ ආවේ නෑනේ
    කිය කිය ඉන්නකොට
    මෙන්න ඇවිල්ල!
    සතුටුයි - හරි කාලය ආගමනයට!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් තිස්ස අයියේ, මම දැක්කා ඒ ඔබගේ හෘදයාංගම විපරම් .බොහෝම ස්තූතියි මෙහි ගොඩවැදුණට.

      Delete
  11. රතු රජ රට නිහඬ ඇයිදැයි සිතුතැවුලෙන් අප හැම සිටි බව පේනවා නේද මේ නැවත පටන්ගත් තැන හරිම වටිනා එකක් . සුබපතනවා රතුරජරටට

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මගේ ළබැඳි මිත්‍රයා.ඔබලාගේ මේ ළබැදියාව තමයි බ්ලොගියට අපව බැඳ තබන සියුම් හුය .

      Delete
  12. උඹ ඉන්නවද? මම හිතුවා වකුගඩු රෝගේ හැදිලා මලාවත්ද කියලා...

    ReplyDelete
    Replies
    1. ඒවට බෙහෙත් දීලා තියෙන්නේ 'ම' පියා.

      Delete
  13. නැවත දැකීම සතුටක් රතු...මෙදා පොටේවත් දිගටම අල්ලගෙන ඉදහං...තාම අර පත්තරේ නේද වැඩ....ඒ පුවත්පතටම ආවේණික අකුරු රටාවක් (Font) තමයි මම කවි පෙලේ දැක්කෙ. කවි රහ වින්දා හොදට....

    ReplyDelete
    Replies
    1. කොහොමද සිරා? ඇත්තටම උබව දැකීම බොහෝම සතුටක් සිරා. මම දැක්කා කාමරේ අරින කතාවක් ගහලා තිබුණා බොගේ බ්ලොග් එකේ? මොකද්ද බොල ඒ හරුපේ තේරුම?

      Delete
    2. අරිනවා කිව්වො දොර බං...අපේ දේශකයා තමයි අරින කථාව මට යෝජනා කලේ.

      Delete
    3. අනේ සිරෝ උඹත් කනවනෙ ඔය දේශකයගෙ ලණු. :D

      Delete