ජිවිතය කෙතරම් විවිධාකාරද?
සෑම මිනිත්තුවක්ම පළමු මිනිත්තුවෙන් වෙනස් ය.
බ්ලොග් පෝස්ටුවක් ලියන්නට පිවිසෙන සෑම මොහොතකම මේ ලිවිය යුතුදැයි මට සිතේ.
බලපන් උබේ බ්ලොගියෙ නම.
'රතුරජරට.'
උඹ ලියන්න ඕනෑ පොලිටිකල් විතරයි.
මා සිත මට කියයි.
සමහර බ්ලොග් රසිකයන්ද එවැනි මතයන් ඉස්මතු කරවන කොමෙන්ටු කොටයි.
මා සිත බැඳගත් ගීතයක් ,කවියක් ,පින්තූරයක් ගැන ලියූ හනික
"මොකෝ බන් උඹට වෙලා තියෙන්නේ? " යැයි විමසයි.
එහෙත් මගේ සිත දවන., තවන., රිදවන., සනසන දේ ගැන නොලියා සිටින්නේ කෙසේද?
රතු රජරට මගේ දේශපාලනය නොව
මගේ සිතයි..,
මගේ හදයි.
මෙරට පළමු නිදහස් කවියා වූ ජීබී සේනානායකගේ 'පළිගැනීමෙහි' එන මේ කවිය ට මා හැමදාමත් ප්‍රිය කළේය. ඒ නිසා එය මෙහි ලියමි.
බුද්ධිය මිත්‍රයෙකුයි සිතූ මම
දිනක් මග රැක සිට ,
මගෙ දෙවියන්
මරා හෙළිමි.
දැවැන්තයකු වන බුද්ධිය
අඳුරෙහි මග අඩි තබමින්
මා පිටුපසින් එනු
මට ඇසෙයි.
දැන් මට සැක හැර ගමන් කළ නොහැක.
මම උමතු සිනමා රසිකයෙක් වෙමි . ඒ මගේ අම්මාගේ ආභාශයෙනි. තරුණ වියේදී චිත්‍රපට බොහෝ ගණනක් නරඹා තිබූ ඇය කුඩා කාලයේදී මට ඒ සිනමා කතා කියා දුන්නේය.කතා දුසිම් ගණනක්. ඔව් කර්කශ වියැළි සුළං හමා යන රාත්‍රීන් ගණනාවකදී මා ගැටවර තරුණයෙක් වනතුරු මම අම්මාගේ සිනමා කතා ඇසීය. ඒ අතරින් මට අමතක නොවෙනම කතාන්දරයක් වූයේ මාතලං චිත්‍රපටයේ කතාවයි. ඊට හේතු වන්නට ඇත්තේ එහි අඩංගු වූ ගීත වන්නට ඇත. හොඳ ගායිකාවක වූ අම්මා චිත්‍රපටයේ ඇතුළත් වූ ගීත සියල්ල ප්‍රතිගායනා කළාය. කෙසේ වෙතත් අම්මාගේ සෙනෙහෙබර තුරුල්ලෙන් මිදී දොරට වඩින විට මා උන්මාදනීය සිනමා ලෝලියෙක් වී හමාරය.
මා දමිළ චිත්‍රපට නරඹන්නට පටන්ගත්තේ මහාරාජා ට පින්සිදුවන්නටය. ශක්ති චැනලයේ සෑම දිනයකම විකාශය වූ කොලිවුඩ් චිත්‍රපට බොහෝ ගණනක් මා නරඹා තිබේ. අන්තර්ජාලයට පින්සිදුවන්නට දැන් මා තවත් දෙමළ චිත්‍රපට තොගයක් නරඹා ඇත. දෙමළ චිත්‍රපට නිසාම යාන්තමින් දෙමළ කතාකරන්නට ඉගෙනගැනීමටද හැකිවිය.
මා දෙමළ චිත්‍රපටවලට ලැදි වූයේ ඇයි?
1.බොහෝ දෙමළ චිත්‍රපටවල තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ දුගී ජීවිතය විග්‍රහ කරන නිසාය.
2.දෙමළ චිත්‍රපට නරඹන විට අපේ කමක් දැනෙන නිසාය.
3.කොලිවුඩයේ චිත්තාකර්ශනීය සරල නරතනයන් නිසාය.
කමල්හසන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් පසෙක තිබේවා , ඔහු මගේ ප්‍රියතම නළුවෙකි. අද මේ බ්ලොග් පෝස්ටුව ලිවීමට හේතු වූයේත් ඔහු රගපෑ විශිෂ්ට සිනමා පටයක් වූ 'අන්බේ සිවම් 'හෙවත් 'දයාව නම් දෙවියන් වෙ' යන චිත්‍රපටය නැවත නැරඹීමෙන් ඇතිවූ ප්‍රකම්පනයයි.
2003 වසරේදී නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය එක් පසෙකින් උත්තර මානවවාදී ඉසව්වක් කරා අප කැදවා යන අතර අනෙක් පසින් තියුණු දේශපාලනයක් සාකච්ජා කරයි. විශේෂ්යෙන්ම නූතන ලෝකය තුළ ධනවාදයේ සහ සමාජවාදයේ ගැටුම 'අන්බේ සිවම්' තුළින් මනාව නිරූපණය කරයි. මීට දශකයකට එපිටින් නිපදවුණු මෙම චිත්‍රපටය වර්තමානයේ එකිනෙකා කෙරෙහි ද්වේශයෙන්, වෛරයෙන් සහ සැකයෙන් බලන්නට හුරුකොට තිබෙන මෙරට සමාජයට පාඩම් ගණනාවක් කියාදෙන්නට සමත් වේ යැයි මට සිතේ. ලෝක සනාතනයන් ඔප්පු කොට පෙන්වයි. හදවත් අවදි කරවයි.
'අන්බේ සිවම්' චිත්‍රපටයේ තේමා ගීතය මුළු සිනමා නිර්මාණයම එක් පිඩකට කැටි කොට ඇත්තාක් මෙනි. එහි සිංහල අරුත් මෙහි පළකරන්නේ චිත්‍රපටය නරඹා නැති ඔබට කිසියම් අදහසක් ගැනීමටය. (බොහෝ දෙනා එය නරඹා ඇතැයි සිතමි.)
දෙවියන් යනු කවුරුන්ද?
ඔබම සහ මා දෙවියන් වේ.
ජීවිතය භාවනාවක්මැය,
දෙවියන්ගේ දයාවෙන් ලැබුණු .
හැමවිටෙකම දයාව දෙවියන්වෙ.
හැමතැනකම දයාව දෙවියන්වේ.
හදවත ලොවුතුරු නම් දැවෙන ගිනි එය වනසනු ඇත.
හදවත දයාවෙ මෙවලමක් නම් ,එය මරණයද අභිබවනු ඇත.
දෙවියන් යනු ඔබම සහ මම ම වෙයි.
ප්‍රෙමයේ මගට පිළිපන් ඔබට ,එමග කිසිදා නොනිමේ.
ඔබේ සිතුවිලි හි දිග, පළල, සීමා
ජීවිතයේ දිග, පළල, නිමාව වේ.
විද්‍යාසාගර්ගේ සංගීතයෙන් හැඩවුණු අන්බේ සිවම් තේමා ගීතය රසවිදින්න.
ජීවිතයේ සැබෑ යතාර්ථය පසුපස හලාල් සහ හරාම් වන්නේ මොනවාදැයි සැඟව තිබේ.
අයියෝ සිම්පල් නේ. බොට ඕන දෙයක් ලියපං. උඹ හදාගත්ත එකනේ. එකක් ඉතිං පොලිටිකල් නං මට ඇලජික් හින්දා මේවා අති ඉස්තරම්... වටිනවා.. මටත් ඒ දවස් වල කවි ලියද්දී ජීබීගේ ආභාෂය සෑහෙන්න බලපෑවා. හිටපංකෝ පස්සේ වෙලාවක ඒවා ටිකක් කල එළි බස්සන්න. උඹට හිතෙන දේ ලියපං වද නොවී කව්රුවත් කියන ඒවා ගැන
ReplyDeleteජීබී තමයි මා කියැවූ පුරෝගාමී නිදහස් කවියා. ඔහුගේ රුබයියාට් විශිෂ්ට පරිවර්තනයක්. ඛයියාම්ගේ කවි වුවත් ජීබී තමන්ගේ පරිවර්තනයෙන් ඒවාට ආවේණිකතාවයක් ලබා දුන්නා.
Deleteපුරවන්න සුරාවෙන්
මගෙ කාලය පා යටින් පලා යනු දැනද
එය යළිත් කිව යුතුද?
අද දවස නම් මිහිරි නම්
හෙට දවස නූපන් බව
ගිය දවස මළ බව
දැනද
නූපන් දවස හා මළ දවස ගැන වෙහෙසිය යුතුද?
--රුබයියාට් /ජීබී සේනානායක.-
-පස්ස්ට නොදා උඹේ කවි ටිකත දොරට දමපන්. ඉඩ ලැබුණි හැටියය කියවන්න අපිට පුළුවනි නොවැ එතකොට
Deleteඅනේ තෝගේ කියවිල්ල..
DeleteThis comment has been removed by the author.
Deleteවැඩේ මාට්ටුයි නේ?
Deleteරතු මම නං වඩාත්ම කැමති රතු ගේ හිත යට සිටින රතු කලාකරුවාටයි. අවදි කරන්න එම කලාකරුවාත් මේ බ්ලොගය තුළින්ම. එය වඩා රසවත් අද්දැකීමක් වේවි.. දේශපාලනය දැන් හැමෝටම එපා වෙලා තියෙන්නේ...ඒත් කලාකරුවා තවමත් ජීවමානයි.
ReplyDeleteඅපි හැමෝම ඇතුළෙ කලාකරුවෙක් හැංගිලා ඉන්නවානේ නලින් අයියේ. නැත්නම් කොහොමද හේනේ කුඹුරෙ වැඩකරන පතල් වල ජීවීතේ ගෙවන මිනිස්සු මේ තරම් ලස්සන ජනකවි සාහිත්‍යයක් ගොඩනගන්නේ.
Deleteසින්දු සිව් පදයි තැන තැන ඉද කියනා
බින්දු දහඩියයි නළලේ තොර නොවෙනා
පෙර කළ අකුසලෙන් ගල්කූර උගුලනා
ළන්දු සොද රුවයි හේනේ මදු නෙළනා
හැබැයි මේ කවිය ඇතුළෙ දේශාපාලනයකුත් තියෙනවා නලින් අයියේ.
//රතු මම නං වඩාත්ම කැමති රතු ගේ හිත යට සිටින රතු කලාකරුවාටයි.//
Deleteඔව් රතු.. මාත් අන්න ඒකට බොහොම මනාපයි.
හැමෝම එකම දේට කැමති නෑනේ. එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස්...මම නම් ගොඩක් ආස සාහිත්‍ය නිර්මාණ වලට. දේශපාලනය මට දිරවන මාතෘකාවක් නෙමෙයි.
ReplyDeleteඅමු අමුවෙන් දේශපාලනේ කතාකරනකොට නම් මටත් ඒක තිත්තයි තමයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගම්පෙරළියේ දේශපාලනේ කතා කරලා තියෙන විදිහට මම කැමතියි. නමුත් ඒකෙම දිගුවක් වෙච්ච කලියුගය සහ යුගාන්තෙ දේශපාලනය අප්පිරියයි.
Deleteමමනං දේශපාලන කතා වැඩිය බලන්නේ නැත. :)
ReplyDeleteඑක රාමුවකට කොටු වෙලා ඉන්නේ නැතුව හැමදේම ලියහන් බං
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම රාමුවකට කොටුකරලා මේ හිත තියාගන්නත් බෑ මචං. හැමතැනම දුවනවා.
Deleteජයවේවා...
ඉතින් ලියන්නකෝ පනේ.. ඔයා අසම සෝ එකත් මගේ සෝ එකනේ. ඒක නම් මගේ බොග නිසාම වෙන්න ඕනෑ...
ReplyDeleteටැමිල් සෝ වල තියෙන්නේ අපේ ගම. කසියා ගහනවා, පොඩ්ඩ එකා මෙහා උන ගමන් කැත්ත ගත්තා, කැපුවා බෙල්ල, ගස් අස්සෙ ගල් අස්සෙ පෙම් කෙලීම්, මම ආස මනිරත්නම් ගේ සෝ වලට, ඒවා වල තියෙන් සින්දු කරන්නේ දෙවිවරු මයෙ හිතේ... කාදලන්ටත් පට්ට මනාපයි..
Delete=මග බල බලා සිටිය මගෙ සුදා... =
Deleteඋඹ කිව්වේ මචං මාතලං පික්චැර් එක ගැනද? මම ඒක කවදාවත්ම බලලා නෑ.... ඒත් මාතලං කියනකොටම මට මතක් වුණේ උඹේ බොග තමයි.
මනිරත්නම්ගෙ සිනිමාවට මාත් පට්ට ලයික්. ඒත් රාවන් නම් එපාම වුණා. ඔව් මචං සංගීතය ගැන නම් කියන්න වචන නැහැ. කෙළින්ම පාරාදීසයෙන් එනවා වගේ ..මා ගාව තියෙනවා පට්ට කලෙක්ෂන් එකක්.
සීමා වෙන්න එපා අයියා. හැමදේම ලියන්න. හැමදේම සමබරව
ReplyDeleteඅනිවාර්‍යයෙන්ම හසිත. කොහොමද එහෙම සීමාවෙලා?
Deleteසිනමාව හෝ වෙනත් කලා කෘතියක් දේශපාලනිකම විය යුතු නැහැ. නමුත් එය යතාර්ථවාදී විය යුතුයි. බොහෝ විට එතනදී දේශපාලනය ගෑවෙනවා. එපමණක්ද නොව හොඳ අර්ථවත් කලා කෘතියකට මිනිසුන් යම් හැඩගැස්වීමකට ලක් කළ හැකියි.
ReplyDeleteදේශපාලනය කියන්නේ සංස්කෘතිය වගේ කාරණාවක්. මිනිසා සමාජ සත්වයෙක් වූයේ කවදාද එතැන් සිට ඔහු දේශපාලනිකයි. ඉතින් ඔහු විසින් බිහිකරන කලා නිර්මාණත් නිතැතින්ම දේශපාලනිකයි.
Deleteමම නම් කැමතියි නිර්මලා, සිනමාවෙන් යතාර්තයට වඩා මායාව පෙන්වනවනම්. යතාර්තය අපි දන්නවනේ. දැන් බලන්න හින්දි සින්දුවක් කොතරම් සුන්දරද. ඊටත් වඩා සැවෝයි එකේ පෙන්නන පොඩි උන්ගේ ත්‍රිමාන සෝ එකක්, සැබෑ ළෝකයේදි කවදා දකින්නද..?
Deleteමායාවට මිනිසුන් කොයිතරම් කැමතිද කියලා ලෝර්ඩ් ඔෆ් ද රින්ග්, හොබ්බිට්, හැරී පෝටර් වැනි චිත්‍රපටවලට ලැබුණු ප්‍රේක්ශක ප්‍රතිචාරවලින් සිතාගත හැකියි. මමත් පෞද්ගලිකව මේ ශානරයේ චිත්‍රපටවලට කැමතියි. ඒ වගේම හිස්ටොරිකල් තේමාව යටතේ නිර්මාණය වුනු චිත්‍රපටවලට ත් බොහෝම කැමතියි. හැබයි ලංකාවේ අබා, මහින්දාගමනයට හෙම නෙමෙයි.
Deleteඅර කිව්වත් වගේ එකම ජාතියකට සීමා වෙන්න එපා මන් වගේ හිතට එන විකාර ලියපන් මිනිස්සුන්ට යමක දෙන විදියට(ඒක ලොරි ටෝකක්).
ReplyDeleteඅන්බේ ශිවම් චිත්‍රපටිය ගැන කියනවා නම් මට මතකේ තියෙන දර්ශනේ කමල් හසන් නොන්ඩි ගගහ ඈතට ඇවිදගෙන යනවා...ඒ අතරේ තීම ගීතයේ අන්බේ ශිවම් කොටස ගැයෙනවා.
(මිනිහෙක් ජීවිතේ කොච්චර අසරණ වෙන්න පුලුවන්ද?)
අහ්හ් මම තව ආසම තැනක් තමයි අර කෙල්ලගේ තාත්තා (දුෂ්ටයා) දැක්ක ගමන කමල් හසන්ට මැවෙන්නේ පොරව නැටේව්වොත් කොහොමද කියලා
ඇයි උඹට මතක නැතිද කමල් හසන් එක්ක බල්ලෙකුත් ඉන්නවා තනියට.
Deleteඒ බල්ලා නිසා තමයි පොරට අර අනතුර වෙන්නේ...
Deleteමාරම මනුස්සකමක් ගෑවිච්ච චිත්‍රපටියක්....
කාටවත් ඕනෙ එක ලියල හරියන්නෙ නෑ..උඹේ හිත ලියපන්
ReplyDeleteඅනිවාර්යෙන්ම මචං.
Deleteරතු රජරට
මගේ සිතයි..,
මගේ හදයි.
ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත
මොකද්ද බං මේ?
Deleteරතු, මමත් සංගීතය, කවිය, ගද්‍ය සාහිත්‍ය වගේම බොහොම පරය කරන දෙයක් තමයි චිත්‍රපටිය. අපි තරුණ කාලේ කෙටි චිත්‍රපටියක් හදන්න නොගත් උත්සහයක් නැහැ. නමුත් මුදල් ප්‍රශ්නය නිසා එක එතනම යට ගියා. ඒ දවස් වල දැන් වගේ ඩිජිටල් තාක්ෂනය තිබුනේ නැහැ නේ.
ReplyDeleteඒ කෙසේ උනත් මම නම් දමිල චිත්‍රපට වලට කොහෙත්ම ආස නැහැ, මට ඒ බසේ ඉතාම කටුක බවක් දැනෙනවා. ඒ නිසාම මම කිසිම දිනක දමිල චිත්‍රපට බැලීම හෝ සංගීතයට ඇහුන්කම් දෙන්නේ නැහැ.
කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම මගෙත් සිහිනයක්. නමුත් අයිලාෂ් මටත් තව කාලයකින් ඔබේ මේ කතාවම කියන්න වේවිද දන්නේ නැහැ.
Delete-අපි තරුණ කාලේ කෙටි චිත්‍රපටියක් හදන්න නොගත් උත්සහයක් නැහැ. නමුත් මුදල් ප්‍රශ්නය නිසා එක එතනම යට ගියා.-
කොහොම වුණත් කලාකාමී මිනෙසෙක් හදුනා ගැනීමට ලැබීම සතුටක්.
කෙටි චිත්‍රපටයක් නිර්මාණය පිලිබඳ සිහිනය සැබෑ කරගන්න ලැබේවා කියලා පතනවා.
Deleteදැන් ඉස්සරවගේ නෙවේ නේ රතු, ඩිජිටල් තාක්ෂනය නිසාම සමහර වියදම් ගොඩක් අඩු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට. ඉස්සර ෆිල්ම් රෝල් නේ ඉතින් පොඩ්ඩක් හරි වැරදුනොත් ඔක් දැනගන්න වෙන්නේ ප්‍රොසෙස් කරා පස්සේ, ඉතින් එතකොට අපහු ලොකේෂන් එක, නළුවන් ඔය හැම දේම සකස් කරන්න වෙනවා. නමුත් අද ඒ වගේ ගැටළු නැහැ.
රතු වැඩේ පටන් ගත්තොත් මාව දැනුවත් කරන්න හොඳ තත්වයේ DV cam එකක් නොමිලයේ හොයාගන්න පුළුවන්.
නියමයි. ඒ වචනයත් ඇති. අනිවාර්යෙන්ම අයිලාශ්ට කියන්නම්.
DeleteAyilas A ඔබ දමිළ චිත්‍රපටි කියා හැදින්වූයේ හින්දි චිත්‍රපටි මෙන් දැකිය හැකි චරිත 5 හේ (පෙම්වතා, පෙම්වතිය, මිතුරා, සතුරා, ජෝකර්) චිත්‍රපට විය යුතුය.
Deleteඇත්තම කිව්වොත් බං රතු, උඹ දේශපාලන පෝස්ට් එකක් නොලිව්ව දවසට තමයි මම නම් උඹේ බ්ලොග කෙමැත්තෙන් බලන්නෙ.
ReplyDeleteමම කොහොමත් ඉන්දියානු සිනමාව හෝ සංගීතය ප්‍රිය කරන්නේ නෑ කවදත්. ඒ වුනාට උඹ පෝස්ට් එකක් ලිව්වාම කියවනවා. හැමෝගෙම රුචිකත්වය එකම වෙන්න ඕනෙ නෑනෙ. නැද්ද?
මටත් ඔය ජාති තුනම අරහන් අප්පා...
Deleteදේශපාලනය නම් අරහං කියමුකෝ. ඒත් හෙන්රි අයියේ කොහොමද විශ්වාස කරන්නේ ඉන්දියානු සිනමාවට කොහොම වෙතත් සංගීතයට කැමති නැති එකෙක් ඉන්නවයි කියලා.
Deleteඉන්නවා නේන්නම්.. මෙ අපේ සෙන්නත් ඉන්නේ.
අනේ උඹට පෙරලි පෙරලි වදින්නම් දේශපාලු පෝස්ට්නම් ලියන්න එපා.. ඊට වැඩිය හොඳයි අර පින්තූර ටිකක් දාපන්.. අම්මපා.
ReplyDeleteපෙරළි පෙරළි අපි වැන්දා
Deleteඅපේ බුදුන් අපි වැන්දා
කැමරා කාච වලින් කියන පසුබිම් කතන්දර කියවන්න මමත් බොහෝම ප්‍රිය කරනවා සෙන්නා.
මම නම් දේශපාලනයට වැඩිය කැමති නැති හන්දා(වැඩිය නෙවෙයි කොහොමත් කැමති නෑ)මේ වගේ පෝස්ට් ඉතාම කැමැත්තෙන් කියවනවා. ඒත් ඉතින් සාහිත්‍ය නිර්මානවලට දේශපාලනය ගෑවෙනවනම් ඒකත් එපා වෙනවා.
ReplyDeleteමොනා උනත් ඉතින් තමන්ගේ බ්ලොග් එක තියෙන්නේ තමන්ට කැමති දෙයක් ලියන්නනේ. කියවන්න කැමති අය කියවාවි.අකමැති අය නිකා ඉදීවි. :D
දේශපාලනයෙන් තොර සාහිත්‍යයක් තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මෙතනදි ආයෙමත් මතුවෙනවා. කොහොම වුණත් එහෙම දේවලුත් තියෙන්න පුළුවනි කියන එක පිළිගන්නත් වෙනවා. අරුන්දතී මේ පිටුවට ආව මුල්වතාව නේද?
Deleteමම ඔබේ බ්ලොග්පිටුව කියවනවා. ඒත් කොමෙන්ට් කරපු පළවෙනි වතාව තමයි මේ.. :)
Deleteඔබ මගේ බ්ලොග් පිටුව කියවන කෙනෙක් නම් ඒක බොහෝමත් සතුටක් මට.
Deleteහෙහ් හෙහ්.. බලාගෙන ගියාම අනිත් කීප දෙනෙක්ට ම හිතුනේ දේ මටත් හිතිලා නේ. දේශපාලන පෝස්ට් දාපුවාම සමහර වෙලාවට මං නම් කමෙන්ට් එකක් දාන්න ගිහින් කොර වෙනවා. ඉතින් කියවල යනවා යන්න කමෙන්ට් නොකරම. ඒවත් ලියන්න ඕන තමයි. ඒ අතරම මෙන්න මෙහෙම ඒවාත් දාමු බං..
ReplyDeleteශක්ති එකේ යන ෆිල්ම් මාත් බලනවා ඉඩ ලැබෙන වෙලාවට. ඒ ෆිල්ම් වඩා තාත්ත්විකයි කියලයි මට හිතෙන්නේ.
ඇත්ත තමයි. සමහර වෙලාවට දේශපාලනය කියන්නේ හරීම නීරස මාතෘකාවක් තමයි. නමුත් ඒක වඩාත් නීරස වෙන්නේ සමහර දේශපාලන බ්ලොග්කරුවන් යැයි කියන අයගේ ඔක්කොම ජුවල් වර්ගයේ පෝස්ට් දැක්කාමයි. ඒ වගේම ඉතාම දක්ෂ දේශපාලන ලියුම්කරුවන් කිහිපදෙනෙකුත් ඉන්නවා. ඒ අය කවුරුන්දැයි වෙන වෙනම නොකියන්නේ නම නොකියවෙන අය අමනාපවෙන නිසයි.
Deleteදැන් නම් ශක්ති චැනලයේ විකාශය වෙන චිත්‍රපට නරඹන්නට වේලාවක් ලැබෙන්නේම නැති තරම් මචං.
ඔයා බෝල රකින්න ඕනේ රත්තො ,
ReplyDeleteනෑ එක්කෝ බෝල දාන්න රතු ,
නෑ නෑ එක්කෝ බැට් කරන්න ,
නෑ ඔයා අන්ෆයර් කරන්න ඕනේ!
අනේ ඕන එකක් කරපන් මචෝ..රට්ටුන්ට ඕනේ ඕනේ
ඒවා කරලා බැහැ ..අපිට ඕනේ ඒවයි අපි කරන්න ඕනේ...
( මේ කමෙන්ටුව මේ පෝස්ටුව සඳහා පමණක් වලංගු වේ )
මම මේ කොමෙන්ටුවට බොහෝම කැමතියි. සිත්ගන්නා සුළු කොමෙන්ටුවක්. තැන්කිව් මචෝ...
ReplyDelete