2013/06/05

හරිත මිහිතලයක් උදෙසා පුටාර් එකට ගොඩවීම

මුළුමහත් ලෝකයේම මෙන්ම අපේ රටේද පරිසරය හා සබැඳුණු සන්දර්භයන් වඩවඩාත් සංකීර්ණ වෙමින් පවතිනවා. තවදුරටත් පරිසරය යනු ගහකොළ, වාතය, ජලය සහ සතුන්ට පමණක් සීමා වූ පටු විෂයය ක්ෂේත්‍රයක් වන්නේ නැහැ. පරිසරය හා බැඳුණු විෂයය සීමාවන් ක්‍රමයෙන් පළල් වෙමින් පවතින අතර තවදුරටත් ලෝකයේ ස්වාභාවික පරිසරය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමේ උනන්දුව සහ උදේ‍යාගය සහිත පරිසර ක්‍රියාකාරීන් මේ නව විෂයය ක්ෂේත්‍රය වෙත තම අවධානය යොමු කරමින් කටයුතු කරනවා.



ලෝකයේ සතර දිගන්තයේ වෙසෙන පරිසර ක්‍රියාධරයන් අතරෙහි 'හරිත මිහිතලයක්' වෙනුවෙන් අලුතින්ම මතුව එන පාරිසරික ප්‍රවර්ධන වැඩසටහන වී තිබෙන්නේ හරිත ලෝකයක් වෙනුවෙන් පාපැදියට ගොඩවීමයි. වඩාත් පැහැදිලිව සඳහන් කරනවා නම් ලෝකයේ වාහනවලින් සිදු කෙරෙන කාබන් විමෝචනය අවම කරලීමේ පරමාර්ථයෙන් හැකි සෑම අවස්ථාවකම පාපැදි භාවිතාව සඳහා මහජනයා යොමු කිරීමේ සහ උනන්දු කිරීමේ වැඩසටහන් ලෝකය පුරාම ක්‍රියාත්මක වනවා. මෙවැනි විෂයය ක්ෂේත්‍රයන් තුන්වැනි ලෝකයේ රටවල් වන අපට නුහුරු, ආගන්තුක සහ ඇතැම්විට විජ්ජාකාරී දේවල් වශයෙන් පෙනී යා හැකි වූවත් අනාගතයේ එළැඹෙන නුදුරු දවසකදී රටට ඔරොත්තු නොදෙන තරමේ වාහන කන්දරාවකින් සිදු කෙරෙන කාබනික විමෝචනය මඟහැර යා නොහැකි ගැටලුවක් වනවා නොඅනුමානයි.

ඇමෙරිකානු පාපැදිකරුවන්ගේ සංගමය ඇරඹුණේ 1880 තරම් දුර කාලයකදී. ඒ හුදු විනෝදය සඳහා බයිසිකල් පැදයන කිහිප දෙනකුගේ එකතුවෙන්. වර්තමානය වන විට 20,000ක පමණ සෘජු දායකත්වයක් දරන තවත් 300කට ආසන්න සංවිධාන ගණනාවක් සාමාජිකත්වයක් ගෙන සිටින මෙම සංගමය විනෝදය පිණිස නොව හරිත ලෝකයක් වෙනුවෙන් පාපැදියට ගොඩවෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ දේශගුණික විපර්යාසයන් සඳහා සෘජුවම බලපාන සාධකයක් වන්නේ වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යෑමයි. ලෝකයේ කර්මාන්තශාලාවලින් මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය පමණක් දෙවැනි වන්නේ මෝටර් රථවාහනවලින් සිදු කෙරෙන කාබනික විමෝචනයයි. ඒ අතරිනුත් පෙරමුණේම සිටින්නේ ඇමෙරිකාවේ අධික තදබදය සහිත නගර කිහිපයක්.

බොහෝ ඇමෙරිකානු නගරවල දක්නට ලැබෙන අධික වාහන තදබදයට හොඳම විසඳුම වශයෙන් ඇමෙරිකානු පාපැදි ලීගය තම  වැඩසටහන යෝජනා කර සිටිනවා. බොහෝ ඇමෙරිකානුවන් මිනිත්තු පහකින් හෝ දහයකින් නිමකළ හැකි කෙටි ගමන් බිමන් සඳහාද තම මෝටර් රථවාහන යොදා ගන්නට පුරුදුව සිටිනවා. එය පාරිසරික තත්ත්වයන්ට බලපාන ක්ෂුද්‍ර මට්ටමේ සාධකයක් පමණක් නෙවෙයි, ආර්ථික හා සමාජමය ගැටලුද මතු කරවන තත්ත්වයක්. ඇමෙරිකානු පාපැදි ලීගය බොහෝ ඇමෙරිකානු ප්‍රාන්ත නගර කරා එම පණිවුඩය රැගෙන ගියා. මුලින්ම ඔවුන් පෙන්වා දුන්නේ මෝටර් රථ වාහන මඟින් නිකුත් කෙරෙන කාබනික වායු විමෝචනය ඔස්සේ සිදුවන අති දැවැන්ත පාරිසරික දූෂණයයි. දෙවැනිව ඔවුන් මෝටර් රථ වාහන වෙනුවට නව විකල්පය යෝජනා කර සිටියා. "මිනිසුන් අපට අවධානය යොමු කරන්නට පටන් ගත්තේ ඉන් පසුවයි. මෝටර් රථවාහන වෙනුවට අපගේ විකල්පය ඔවුන්ව උත්තේජනය කරනු ලැබුවා" ඇන්ඩි ක්ලාර්ක් ඇමෙරිකානු පාපැදි ලීගයේ විකල්ප වැඩසටහන ගැන පැහැදිලි කරමින් කියනවා.

"එය ඉතාම සරලයි. ඇමෙරිකාවේ වාහන තදබදය ඉතා අධික සෑම නගරයක් පාසාම පාපැදි ලීගය විසින් ඉතා සුළු මුදලක් ගෙවා පාපැදියක් කුලියට ගත හැකි මධ්‍යස්ථාන පිහිටුවනු ලැබුවා. තම මෝටර් රථය නගරයේ ගාල් කොට තමන්ට යා යුතු වෙනත් ස්ථානවලට යෑම සඳහා පාපැදියක් ගැනීමට දැන් ඇමෙරිකානුවන් පුරුදුව සිටිනවා. ඒ වගේම ඇමෙරිකානු මංමාවත්ද පාපැදිකරුවන් සඳහාම වෙන්වූ මංතීරු වෙන් කරනු ලැබුවා. වැඩසටහන දියත් කොට පළමු වසර තුළදී ඇමෙරිකාව පුරාම පිහිටුවා තිබූ බයිසිකල් හුවමාරු මධ්‍යස්ථානවලින් හුවමාරු වී තිබූ බයිසිකල් ගණන මිලියනයක්. නමුත් එහි දෙවැනි මිලියනය වෙත ළඟාවන්නට ගතව තිබුණේ මාස හයක් පමණයි. හරිත ලෝකයක් වෙනුවෙන් ඇමෙරිකානු බයිසිකල් ලීගය ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන නිසා 2025 වන විට ඇමෙරිකාවේ මෝටර් රථවාහනවලින් සිදු කෙරෙන කාබනික විමෝචනය 4%කින් අඩු කරලන්නට ඉවහල් වනු ඇතැයි සංවිධායකයන් විශ්වාසය පළ කරනවා.

25 comments:

  1. හොද ආරම්භයක්. හැබැයි සිඝ්‍රගාමි වැඩ පිළිවෙලක් ලොව පුරාම අත්‍යාවශයි

    ReplyDelete
    Replies
    1. එහෙම සීග්‍රගාමී වැඩපිලිවෙලක් ලෝකය පුරාම පැතිරෙයිද කියන එක ගැන විශ්වාසයක් තබන්න නම් අමාරුයි.

      Delete
  2. \\\\"එය ඉතාම සරලයි. ඇමෙරිකාවේ වාහන තදබදය ඉතා අධික සෑම නගරයක් පාසාම පාපැදි ලීගය විසින් ඉතා සුළු මුදලක් ගෙවා පාපැදියක් කුලියට ගත හැකි මධ්‍යස්ථාන පිහිටුවනු ලැබුවා.\\\

    මෙන්න මේ වගේ දේවලුයි කරන්න ඕනේ රතු...සරළ දේවල් තුළිනුයි මිනිස්සු අතරට යන්න පුළුවන්..නැතුව එක පාරට අක්කර දාස් ගානේ වන වගා කරන්න බැහැ සහ මිනිස්සු එන්න නැහැ..

    මේ ඒක නෙවේ අර කතාව ලියහන්කෝ රතු..අඩුම තරමේ පත්තරේට වත් දාපන්කෝ ඒක...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි සහන්, නමුත් මචං අපේ රටේ ක්‍රමය තමයි මෙ වගේ වැඩසටහන් පටන් ගත්තත් ඒවා උපන් ගෙයිම මැරෙන එක.

      කළු සිදුහත් ලගදීම් පොතක් විදිහට එළියට එනවා මචං.

      Delete
  3. අමෙරිකාව රජයක් වශයෙන් කාබන් විමෝචනය සීමා කිරීමට කිසිදු ප්‍රයෝගික වැඩ පිලිවලකට යන්නේ නෑ...ඒ සදහා තිබෙන අන්තර්ජාතික සම්මුතින් වලටවත් කිසිදු එකඟතාවයක් ඇත්තේ නෑ.මේකට හේතුව මට නම් පේන විදිහට මේකට ප්‍රධාන හේතුව ඇමෙරිකානු රජය යනු ව්‍යාපාරිකයන් සතු‍ටු කරවන, ස්වෝත්තමවාදී ආන්ඩුවක් වීමයි...

    ප්‍රතිපත්තිමය වශයෙන් ඇමෙරිකන රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තත්, පරිසර හිතකාමීන් ස්වෙච්චාවෙන් ගනු ලබන මෙවන් ක්‍රියාමාර්ග පැසසුම් කටයුතුයි...

    ස්කැන්ඩිනේවියන් රටවල් ඇතුලු බොහෝ යුරෝපා රටවල් මෙවන් සංකල්ප වලින් ගොඩක් ඉදිරියෙන් සිටිනවා.....ඇත්තේන්ම ඇතැම් යුරෝපා නගර වල ඇතැම් පාරවල් බයිසිකල්කරුවන් පමනක් යා හැකි විදියහට නීතී හෝ ඉදීකිරීම් කර අති බව මා කියවා තිබෙනවා...

    බයිසිකල් මගින් වැඩ කරන ස්ථානයට යෑමට ඕස්ට්‍රලියාව පහසුකම් සපයා තිබෙන්වා...උදාහරනයක් ලෙස බොහෝ රක්ෂා ස්ථාන වල හොද ස්නානාගාරයක් මෙන්ම බයිසිකල් ගාල් කර තැබීමට විදිමත් පහසුකම් සපයා තිබෙනවා....එමගින් දුර සිට බයිසිකලයෙන් වැඩට එන් පුද්ගලයා හොදට නා පිරිසිදු වී රක්ශා ස්ථානයේ ප්‍රබෝධමත්ව වැඩ කල හැකියි...එමගින් කාබන් විමෝචනය අඩු වීමක් මෙන්මා බයිසිකල් කරුවාගේ කොලෝස්ටොරෝල් ද අඩුවන නිසා මෙය එක්තරා ආකරයක් වින් වින් සි‍ටුවේශන් එකක්....

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දාල ඉවර උනාම මට හිතුනා මම ස්වෝත්තමවාදී ආන්ඩුවක් කියලා තියෙන එක එච්චර පැහැදිලි නෑ කියලා....මම මේකේන් අදහස් කරේ සාමාන්‍ය අමෙරිකානු චින්තනය තමයි ඇමෙරිකාව තමයි පොර කියන සංකල්පය....( ගොඩක් වෙලාවට ඇමෙරිකාවට යන අපේ කට්ටියට්ත් ඔය උණ එනවා නේද :))......ඉතින් ඇමෙරිකාව කාබන් විමෝචනය සම්භන්දයෙනුත් ඕය වගේ ආකල්පයක් තමයි ඉන්නේ.....ලෝක පරිසර විනාශය නැවැත්වීමට කාබන් විමෝචනය අඩු කල යුතු නම් ...එසේ කල යුතු අවසාන රට තමන් කියලා ඒ ගොල්ලෝ හිතන් ඉන්නවා....වෙනත් විදිහකට කියන නම් ස්භාවික ස්ම්පත් පරිබෝජනයේ ලොකුම හා හොදම කෑල්ල ඇමෙරිකාව හිමි විය යුතුයි කියන ස්ථාවරයක ඇමෙරිකාව ඉන්නවා....

      Delete
    2. ඇමරිකාව ගැන ඔබේ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි මයියා. ඒ වගේම ඇමරිකාව වගේ ලිබරල් ධනවාදී රාජ්‍යකින් ඊට වඩා දෙයක් අපට බලාපොරොත්තු වෙන්නත් බෑ. හැබැයි මේ මොන විදිහට ගත්තත් ඇමරිකාවේ මිනිහකුගේ සීමාවන් සහ හිමිකම් බොහෝම පළල්. රාජ්‍යක් විදිහට ඇමරිකාව කටයුතු කරන ආකාරය ගැන එහි ජනතාවට --ඒ කිව්වේ ඉන්දියානු ජන්මයක් සහිත ඇමරිකන් පුරවැසියෙකුට වුණත් විවෙචනය කිරීමේ සහ විරෝධය පෑමේ ඉඩහසර බොහෝම වැඩියි. මෙන්න මේ දේ නම් මාර වටිනවා.

      Delete
  4. මම නම් ඉතිං කොහොමටත් ඔය අරහෙට මෙහෙට යන්නෙ පුටාර් එක පැදගෙන. එකතැන වාඩි වෙල දවසම ඉන්න එකේ ටිකක් හරි මහන්සි වෙන්න කරන්නෙ ඒක විතරයි. මම දැක්කා ඔය ස්කැන්ඩිනේවියානු රටවල්වල එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් පාර්ලිමේන්තුවට යන්නෙ පුටාර් එකෙන්ය කියල පලවෙල තිබුනු ලිපි. අපේ එටේ නම් හුගක් මිනිස්සු රථවාහන පාවිච්චි කරන්නෙ තමන්ගෙ මහන්තත්තෙ පෙන්නන්නත් එක්ක. බයිසිකලයක් පැදගෙන යන එක ඒ මිනිස්සුන්ට මදිකමක්. නොමේරූ මනසක කරුමෙ නොවැ.

    ReplyDelete
    Replies
    1. ඩීඩීටී මතුකරලා තියෙන කාරණාව තමයි මෙතන මතුකරගතයුතු වටිනාම කොටස. ඒ තමයි මිනිස්සුන්ගේ ආකල්පමය වෙනස. අපි වාහන හෝ වෙනත් ඔනෑම දෙයක් භාවිතා කළ යුත්තේ අවැසි ප්‍රයෝජනය වෙනුවෙන් මිසක් තත්වය පෙන්නීමට නොවෙයි. නමුත් බොහෝ වෙලාවට සිද්ද වෙන්නේ ඕකෙ අනිත් පැත්ත.

      Delete
  5. මේ පැට්‍රොල් ගණන් යන හැටි බලපුවහම ඉදිරියේදී පුටාර් තමයි රතු. එහෙම උනත් හරිත වීප්ලවයත් නම් ළඟ පාතක පෙනෙන්න නැහැ වගේ නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් අයිලාශ් අයියේ, මම හිතන්නේ ආයිමත් ලෝකයට හරිත විප්ලවයක් කියන දේ නම් සිහිනයක්ම වෙයි. මම දැක්කා සහන් කොහේ හරි තැනක කියලා තියෙනවා තව අවුරුදු 150කින් විතර ඛණිජ තෙල් ඉවර වෙනව්යි කියලා එතකොට ඉතින් පුටාර් තමයි. මට නම් පුරුදුයි.

      Delete
  6. රතුවා කාලෙකට පස්සෙ...

    ලෝකෙ හුඟක් රටවල ඔය ක්‍රමේ ජනප්‍රිය වෙනවා දැන් දැන්.. මම මේ ලඟදි සමුදුරෙත් කියෙව්වා ඔය ගැන ලිය වෙච්ච් ලිපියක්...

    ලංකාවෙ ආකල්ප වෙනස් කරන්නනම් සෑහෙන්න දගලන්න වේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං, ඉස්පාසුවක් තිබුණෙ නෑ මේ ටිකේ. මට කියන්නේ උඹත් මොකුත් ලියලා තිබ්බේ නෑ නොවැ.

      මේ වගේ වැඩපිළිවෙල් ලංකාවට ගැළපෙන විදිහට ප්‍රවර්තනය කරගන්න තරම් දක්ෂ නිලධාරීන් අපට නැහැ.

      Delete
    2. කකුළු තියරිය..කකුළු තියරිය.. හැහ් හැහ්... :D දැන්නම් එකක් හිමීට ලියාගෙන යනවා බන්, තව ටික දවසක් යයි..

      Delete
  7. අපිට ඕක කරන්න තියෙන බාදාව තමයි, වාහන පිරුණු නැතිනම් අධික වේගයෙන් වාහන ගමන් කරන පාරක බයිසිකල් පැදීමෙන් සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා දූශිත වායුව ආශ්වාස කිරීම සහ භයානක කම. සයිකල් ලේන් වල වටිනාකම තියෙන්නේ අන්න ඒ වෙලාවටයි

    ReplyDelete
    Replies
    1. හෙන්රි කියලා තියෙන්නේ අවධානය යොමුවියම් යුතු කාරණාවක්. මේ වගේ වැඩසටහන් ගෙඩිය පිටින්ම අපේ රටට ඇප්ලයි කරගන්න නම් බැහැ තමයි.නමුත් මේක ආදර්ශ ව්‍යාපෘතියක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්.

      Delete
  8. චීනෙට පස්සෙ ඇමරිකාව තමයි පරිසර දූෂණය වැඩියෙන්ම සිඳුවන රට. මේබා නිකං ප්‍රචාරක වැඩ සටහන්. ඒත් ඕන ගෙදරක බයිසිකල් දෙක ත්නක් තියෙනවා. අපේ නම් ඇල්ටෝ එක නැතුව රෙන්න යන්නත් බැරි සයිස් එකක් ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇල්ටෝ එක නැතුව කක්කුස්සියට යන්න බැරි එක ගැළපෙන්නේ අර උඩින්ම කියලා තියෙන ආකල්පමය වෙනස කියන කතාව එක්කයි. ඇමරිකාව තමයි හරිතාගාර වායූන් වායුගෝලයට වැඩිපුරම මුදාහරින රට ..ඒකෙ විවාදයක් නැහැ. නමුත් සැගවුණු ප්‍රචාරකවාදී අදහස් තිබුණා වුණත් මේ වගේ වැඩසටහන් වල තිබෙන වටිනාකම අඩුවෙන්නේ නම් නැහැ.

      Delete
  9. මාතලන්ගෙ කථාවට මමත් එකගයි...ඕසෝන් ස්ථරයට වැඩිම හානිය කරන රටවල් වලින් එකක් තමයි ඇමරිකාව...මේ බයිසිකල් කරුවන්ගෙ උත්සාහය අගය කල යුතුයි...නමුත් ඔවුන්ගේ මේ වැඩපිළිවෙලින් ඕසෝන් වියනට වන හානියට කිති කවන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තමයි සිරෝ. උන් රොත්ත ඕසෝන් විය හූරගෙන කන විදිහට මේ වගේ වැඩපිළිවෙලවල් නිකන් පොඩි ළමයින්ගේ සෙල්ලම් වගේ තමයි. නමුත් මචං එවැනි ක්ෂුද්‍ර උත්සාහයන් හරි බොහෝම වටිනවා.

      Delete
  10. මේ දේ අපේ රටේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක්ද..?
    දෙෂපාලුවෝ තමන්ගේ පරිවාර රථ එක්ක ඉගිල්ලෙන කොට පාපැදිකරුවන්ට දෙයියන්ගේම පිහිට තමයි...

    මේක හැබැයි අධික තරබාරුව,කොරස්ට්‍රෝල් වගේ ඒවාට කියාපු බෙහෙත..

    ReplyDelete
    Replies
    1. මම උඩින් හෙන්රියාට කියලා තියෙනවා වගේම මනෝජ් මේ වගේ වැඩසටහන් එහෙම පිටින්ම අපේ රටට ගන්න නම් බැහැ. ඊට කලින් කළ යුතු කටයුතු ගනණාවක් තිබෙනවා.

      Delete
  11. මාතලන්ට යටින් කොටපු මගේ කමෙන්ටුව අතුරුදහන් වෙලානෙ බන්...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටින් ස්පෑම් ගොඩේ තිබිලා ඇදලා ගන්නත් එපෑයැ. ඕන්න එහෙනම්. ඔය තියෙන්නේ බැබළි බැබැළි.

      Delete
  12. මගෙ යාලුවෙක් ඉන්නවා Belgium වල. එයාලත් අවුටින්ං යන්නෙ බය්සිකල් වල.පරිසරය carbon dioxide වලින් බේර ගන්න අපේ රටේ නම් කිසිම උත්සාහයක් නැ.

    ReplyDelete