Google+ Followers

2013/03/10

අවසන් පරපුරද මඩ සොදාගන්නට පෙර..... ,

ශාන්ති දිසානායකගේ 'පරඬැල් '   කියවා අවසන් කොට මා හුන්නේ නොසන්සුන් සිතිනි. ඈත රජරට සිට ගොවිජනපද කේන්ද්‍රකොටගත් වස්තුබිජයන්ගෙන්  සාහිත්‍ය වියමන් කරන ශාන්තිගේ නවකතා කියවන්නට මා මගබලා සිටින්නේ මමද ගොවිජනපදයක උපන් දරුවෙක් හෙයිනි.

එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමී දේශපාලන ව්‍යාපාරයක් වූ ගොවිජනපද පිහිටු වීමේ ක්‍රියාවලිය මෙරට භූගෝලීය, දේශපාලනික මෙන්ම ආර්ථික පද්ධතීන් වෙනස් කිරීමේ කඩයිම් ක්‍රියාවලියක් වූවේය. නමුත් එදා මෙදාතුර ඉතිහාසයේ කවර දිනයකවත් එය නිසියාකාර ඇගයීමකට ලක්වූයේ නැත. 48 නිදහස දිනාගැනීමෙන් පසුව පිහිටුවා ගත් ඩී ඇස් සේනානායකයන්ගේ රජය විසින් එකල වනාන්තරවලින් වැසී ගිය රජරට සහ නුවරකලාවිය යෝධ ඉඩහසර ගොවිජනපද පිහිටුවීමට තෝරාගත්තේය. වනාන්තරයන්ගෙන් වැසී තිබුණු මෙම පළාත් ගැන කැලෑ ජෝන් නමින් සේනානායක පවුලේ නම් දැරූ  ඩී.ඇස්ට මනා අවබෝධයක් තිබූ බව 'මෙරට දේශපාලනයේ කුලය හා පවුල'' යන කෘතියේ වික්ටර් අයිවන් සඳහන් කර තිබුණා මට මතකය. මහවැලි ව්‍යාපාරයට අරාදිමින් තිබූ එම කාලයේ උඩරට , මහවැලියෙන් යටවීමට ඉඩකඩ තිබූ පවුල්වලට ඉඩම් සපයාදීමද ඩී.ඇස් රජයට තිබූ තවත් වගකීමක් විය. ඒ නිසාම මෙරට මුල්ම ගොවිජනපදවල පදිංචි කෙරවූ අයගෙන් බහුතර ප්‍රතිශතයක් උඩරැටියන් වූයේය. නමුත් ඩී එස් රජය කිසිම විටෙක උඩරට ප්‍රදේශවල පදිංචිව සිටි ඉන්දියානු වතු කම්කරුවන් මෙම ගොවිජනපද ව්‍යාපාරවල පදිංචි නොකෙරවීමට ප්‍රවේශම් වූයේය.


ඩී ඇස් රජය විසින් ඇරඹූ මුල්ම ජනපද ව්‍යාපාර භූගෝලීය වශයෙන් පමණක් වෙනස් වූ අතර සමාජයීය සහ සංස්කෘතික වශයෙන් සම්පූර්ණයෙන්ම එය උඩරට සමාජයේ පිළිබිඹුවක් වූයේය. නම්ගම්, කුලගොත්, සිරිත් විරිත් කතාබහ සියල්ලම එපරිද්දෙන්ම විය. විශේෂයෙන්ම අදට පවා මා උපන් ගොවිජනපදවල කුලගොත් ගැන සැලකීම ප්‍රධාන වශයෙන් බලපැවැත්වෙ . මා ලංකාවේ කුලක්‍රමය පිළිබඳව සමාජ විද්‍යාත්මක විශයයක් වශයෙන් හදාරන්නට පෙළඹෙන්නෙද ඒ බලපෑමෙනි. නමුත් මෙරට බොහෝ දෙනා ඒ ගැන සාකච්චා කරන්නට මැලිවනවා පමණක් නොව එහි නූතන අවභාවිතයන් අවබෝධකරගන්නටද නොවෙහෙසෙති. විශේෂයෙන්ම තමන් නූතන ලෝකයේ ඉදිරිගාමීන් යැයි කියාගන්නා බ්ලොග්කරුවන්ද මෙරට කුලක්‍රමය පිළිබදව සාකච්චා සහ එහි නියැළෙන්නන් හඳුන්වන්නේ ගෝත්‍රික මානසිකත්වයට එම ක්‍රියාකාරම් ලඝු කරමිනි.

මෙරට ගොවිජනපද ජීවිතය වෙනම කතාබහට ගතයුතු මාතෘකාවක් වන අතර මෙම පෝස්ටුව ලිවීමේ අරමුණ එම ක්‍රියාවලියේ දේශපාලනික,ආර්ථික සහ සමාජයීය වටිනාකම් නූතන ලංකාවේ භාවිතාවට වැදගත් වන ආකාරය ගැන කතිකාවතකට මුල පිරීමයි. වර්තමානය වනවිට එදා එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටවූ ජනපද ව්‍යාපාරයන් රටටම බත සපයන කේන්ද්‍රීය මර්මස්ථාන බවට පත්වී තිබේ. හිකුරක්ගොඩ, මින්නේරිය, ගල් ඔය, සහ අනුරාධපුරයට අයත් ගොවිජනපද මෙන්ම ගාමිණී දිසානායකගේ මූලිකත්වයෙන් කටයුතු සිදුවූ මහවැලි 'බී' සහ 'සී' කලාපයන් යන ජනපද එකක් හෝ අහිමි වුවහොත් සිදුවන ආර්ථික හා සමාජයීය විපර්‍යාසයයන් සිතාගැනීමටත් දුෂ්කර වනු ඇත. නමුත් මෙම ජනපද පිහිටවීමෙන් පසුව එදා මෙදා තුර කාලයේ මෙම ජනපද ව්‍යවසායික වැදගත්කමක් ඇතැයි සලකමින් දියුණු කරන්නට කිසිඳු ආණ්ඩුවක් පියවර නොගත්තේය. සමගි පෙරමුණු රජය විසින් මෙම ජනපද කේන්ද්‍ර කොටගෙන ගොඩනගන ලද වී අලෙවි මණ්ඩලය වැනි ආයතන සුදු අලින් බවට පත්විණි. වී අලෙවි මණ්ඩලයට අයත් පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේ පිහිටි යෝධ ගොඩනැගිලි සංකීර්ණය අද බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කර්මාන්තශාලාවක් බවට පත්වී තිබේ. ස්වාධීන නිවහල් ජීවිත ගතකරන්නට හිමිකම් තිබෙන රජරට ගොවි දරුවන් එම ඇගළුම් කම්හලේ කුලියට රෙදි වියයි. අදටත් ජයවර්ධන ආණ්ඩුවේ විවෘත වෙළඳපළ ක්‍රමයට අම්මා මෝ නැතිවෙන්නට කියන වීදී අර්ථ ශාස්ත්‍රඥයන්ට අවබෝධ නොවූ කාරණාව වන්නේ රටක ආර්ථික පද්ධතිය දියුණු කිරීමට අටුවන් බැස ගිය, රෝද පුටුවලින් යන මහා රාජ්‍ය නායකත්වයක් ගැන විශ්වාස තබන සීනී, අල ,පරිප්පු,පත්තර ඇමතිලා රොත්තකට නොහැකි බවයි. 

16 comments:

  1. අයෙ කීයටවත් ලංකාවට කෘෂි කර්මෙන් ගොඩ ඒමක් නැහැ වගේ රජෝ !

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. ගොවිතැනේ ගොක්කොළ පෙනෙන්න පටන් අරන් වගේ තමයි.

      Delete
  2. උඹ බ්ලොග් කරුවෝ කුලගොත් ගැන කිව්වාම දරන මතය ගැන සඳහනක් කරලා තිබ්බ නිසා මම ගිහින් ඒ පරන පෝස්ට් දෙකත් කියවලා ආවා.

    ඔය මහවැලි සිස්ටම් සී එකේ මම උගන්නලා තියෙනවා බං අවුරුදු පහක්ම. ඒ මිනිස්සුන් ගැන සෑහෙන්න අවබෝධයක් ලැබුනා ඒකෙන්. අනිත් පුද්ගලයා රවි.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි අයියේ, උඹ දෙහිඅත්තකණ්ඩියේ හෝ ගිරාදුරුකෝට්ටේ උගන්නපු වග උඹේ පෝස්ට් කියවලා මම දැනගෙන හිටියා. රවියා කිව්වට පැහැදිලි නෑ මචං. ලින්ක් එක දාපන් තරහා නැතුව.

      අපේ බ්ලොග් අයියලා ඔය ගැන අදහස් පළකෙරුවෙ මගේ ලිපිදෙක ඇතුළෙ නෙමෙයි මචං. මම වෙන තැන්වල කොමෙනට් කරානකොට ඇනොනොමස් ඇවිදින් මූ කුලවාදියෙක් කියමින්.

      Delete
    2. රවි කිව්වෙ මලයො නිදහස් සිතුවිලි සම කතෘ. ඒකෙ රන්දිල් සහ රවි දෙන්නම ලියනවා. රවි මහවැලියේ වැඩ කරපු නිළධාරියෙක් වගේම. මම හිතන්නෙ සිස්ටම් බී.

      මේ තියෙන්නෙ ලින්ක් එක.

      http://ranrandil.blogspot.com/2013/03/167.html

      Delete
  3. වී ගොවිතැන තව දුරටත් ආර්ථික බෝගයක් නොවේ. මහින්ද මහත්තයා හැම චන්දෙම ජය ගන්නේ ඔය පොහොර සහනාධාරේ නිසා. ඒකත් නත්නම් බත් කෑම කෙසේ වෙතත් වස පානයනම් ස්තිරයි. ළෝකයත් සමඟ වෙනස් විය හැකි ගෝවියා අදත් දිණුම්. වී ගොවිතැන වෙනුවට ආර්ථික භෝග වගාකරනා ගෝවියෝ සුන්දර ජීවිත ගත කරන අතර, සම්ප්‍රදාය කරේ තියාගෙන යන ගොවියා අන්ත අසරණ ජීවිත ගතකරයි, සත්‍ය මෙයයි.

    ReplyDelete
    Replies
    1. -වී ගොවිතැන තව දුරටත් ආර්ථික බෝගයක් නොවේ-
      වී ආර්ථික බෝගයක් බවට හරවාගන්නට තරම් ප්‍රාග්ධන ශක්තියක් ගොවියාට හිමිකරදෙන්නට ආණ්ඩුව කැමති නැත.(වී වගාවට බැංකු ණය ලබාදීමේ පටිපාටිය පිරික්සන්න. ) පොහොර සහනාධාරය නිසා කිසිම ආකාරයෙන් වී වගාවේ සංවර්ධනයට දායකත්වයක් ලැබුණේ ද නැත. ඒ බව ගොවියන් නොදන්නවා ද නොවේ. නමුත් ඔවුන් කොඳු කඩාදැමූ ප්‍රජාවක් බවට පත් කරන්නට එදා මෙදාතුර දියවන්නාවේ උන් කටයුතු කොට තිබේ.

      -ළෝකයත් සමඟ වෙනස් විය හැකි ගෝවියා අදත් දිණුම්. වී ගොවිතැන වෙනුවට ආර්ථික භෝග වගාකරනා ගෝවියෝ සුන්දර ජීවිත ගත කරන අතර-
      --මෙන්න මේ කතාවට කොන්දේසි විරහිතව එකඟයි. මගේ එකම අනාගත බලාපොරොත්තුවත් ලෝකයත් සමග වෙනස් වූ ව්‍යවසායික මට්ටමේ වී ගොවිතැන් ක්‍රමවේදයක් මෙරට බිහිකිරීමයි.

      Delete
    2. ඒකට වී ගොවිතැන නම් හරියන්නෙ නෑ. හැම මලදානෙම රජයෙන් දෙනකන් බලා ගෙන ඉන්න උන්ට නම් ඉත සිතින් අබ සරණ පතනවා හැර වෙන කල කිසිම දෙයක් නැත. තව ටික කාලයකින්. ගෑණි සමග සංසර්ගයේ යෙදෙන එකත් නවත්තලා ආන්ඩුවේ කවුරු හරි ඇවිත් ඒ වැඩේ කරලා යනකන් බලාගෙන ඉඳිවී. කොහොමත් " දේ ආ සිට් ඔන් නතින් " කස්ටියනේ..

      Delete
  4. කෘෂි කර්මාන්තයෙන් ස්වයං පෝෂිත ලංකාවක් කියන්නෙ හීනයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. සිහින සැබෑ කරගත හැක්කේ කැපවීමෙනි.

      Delete
  5. //නමුත් මෙම ජනපද පිහිටවීමෙන් පසුව එදා මෙදා තුර කාලයේ මෙම ජනපද ව්‍යවසායික වැදගත්කමක් ඇතැයි සලකමින් දියුණු කරන්නට කිසිඳු ආණ්ඩුවක් පියවර නොගත්තේය//

    මට ඉලෙක්ෂන් ඩියුටි යන්න ලැබුන මහවැලි කලාපයක. ඒ මිනිස්සු තාම ඡන්දෙ දෙන්නෙ තමන්ට ඉඩම දුන්න පක්ෂයට.

    මාතලන් කියල තියන කතාව හරි. වෙනස්වීම්වලට ඔරොත්තු දෙන ගොවියන් ගොඩ. අනිත් අය හැමදාම මඩේ. කොහොම උනත් ගොවියන් වෙනුවෙන් ආණ්ඩුවට කරන්න පුළුවන් දේවලුත් තියනව. උඹ දන්නව ඇති දැන් බීජ වර්ග වෙනුවෙන් මැලේසියාවට ඇදීයන ධනස්කන්ධය.

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව ඇත්ත රාජ්. ගොවිජනපදවල මුල් පරම්පරාව එහෙම් පිටින්ම තද යූඇන්පී කාරයෝ .මීට දශක දෙකකට හෝ තුනකට පෙර තමන්කඩුවේ සමහර ගොවි ගම්මාන හැදින්වූයේ ඩී ඇස් ගේ ආසනය වූ දැදිගම සිහිපත්කරමින් පුංචි දැදිගම නමින්. මට මතකයි අපේ අත්තම්මා ඩීඇස් ගේ සහ ඩඩ්ලිගේ පින්තූර් දෙකක් ඇය මියයන තුරම බිත්තියේ අලවාගෙන හිටියා. වැන්දෙ නැති ටික විතරයි.

      Delete
  6. වී ගොවිතැන අඩුවෙලා යනවා කියන එක නම් දකින්න තියනවා. මෙහෙ නම් මාරුවෙන් මාරුවට දාන්නේ හුඟක් දුරට. එක වතාවක් එළවලු. ඊළඟ වතාවේ වී.. ඔය අතර පොඩි පොඩි කුඹුරු කාලයක් පුරන් වෙවී තිබිලා පස්සේ ගොඩ කරනවත් දකින්න තියනවා

    ReplyDelete
    Replies
    1. චන්දන ඉන්න ප්‍රදේශය ගැන මම හරියටම දන්නේ නෑ. නමුත් බොහෝ වේලාවට වාරි ජල පහසුකම් නොමැතිව වී ගොවිතැන් කරන පළාත්වල: ඒ කිව්වේ වැහි දියෙන් කුඹුරු කරන පළාත්වල එක් කන්නයක විතරයි වී ගොවිතැන කෙරෙන්නේ. මාස් කන්නය තමයි මෝසම් වර්ෂාවෙන් වැස්ස ලැබෙන කාලය, ඒ කාලයට වී වගාව. යල් කන්නයට තදින් පායනවා. එතකොට වී ගොවිතැන් කරන්න බැහැ. එතකොට වෙනත් බෝගයක් වගා කරනවා. මම හිතන්නේ මාරුවෙන් මාරුවට වී දාන්න හේතුව ඕකයි.

      Delete
  7. කුළ ක්‍රමය ගැන අම කථා කළ යුතුය. එය අඩුවක් ලෙස මාද දකිනවා. මා වසර කිහිපයකට පෙර සකස්කළ නිබන්ධනයක් සුදුසු පරිදි ගොනුකර පල කිරීමට අදහස් කරමින් සිටී.

    ReplyDelete
    Replies
    1. ඔබේ නිබන්ධනය කියවීමට ඉතාමත් කැමැත්තෙන් සිටිනවා. ලියන්න නිර්මලා. අපට පුළුවන් හොඳ සංවාදයක් ගොඩනගන්න. බොහොමත් ස්තූතියි රතු රජරටට පැමිණෙනවට.

      Delete