ස්වර්ණමාලී නම් රුක් දේවතාවියක් ගැන අපගේ ඉතිහාසයේ සටහන්වී තිබේ. පණ්ඩිත් අමරදේවයන් ගයන්නේ ගැමුණු රජුගේ මුවට නැගුණා යැයි සාහිත්‍යකරුවා පරිකල්පනය කරන ලද රුවන්මාලිය ගැන කතාවයි.අද මා ලියන්නේ ඒ රුවන්මාලිය ගැන නොව නූතන රුක්දේවතාවිය යැයි සැලකිය හැකි කළුඅප්‍රිකානූ ස්වර්ණමාලිය ගැනයි.
වන්ගාරි මාතායි නැඟෙනහිර සහ මධ්‍යම අප්‍රිකානු රටවල ආචාර්ය උපාධියක් ලබාගන්නා පළමු කාන්තාවයි. කෙන්යාවේ උපත ලද ඇය 2004 වසරේදී නොබෙල් ත්‍යාගය දිනා ගන්නවා.
ඒ ඇයගේ මූලිකත්වයෙන් 1977 වසරේදි ඇරැඹෙන දැවැන්ත රෝපණ ක්‍රියාවලිය වෙනුවෙන්. 2011 වසරේදී මාතායි මිය යනවිට ඇය ඇරැඹූ හරිත කලාප ව්‍යාපාරය හෙවත් Green belt movement විසින් අප්‍රිකාව පුරා රෝපණය කළ අලුත් පැළ ගණන මිලියන 30 ඉක්මවා තිබුණා. අප්‍රිකාවේ ස්වාභාවික ඓන්ද්‍රිය පරිසරය විසින් මිනිසුන්ගෙන් නිහඬව ඉල්ලා සිටි ත්‍යාගය අවශ්‍යම මොහොතක මාතායි විසින් ලබාදෙනවා. ඇය මිය යෑමට පෙර ජාත්‍යන්තර National Geographic සඟරාව සමඟ සිදුකළ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නට සිතුවේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයත් නිහඬව අපගෙන් ඉල්ලා සිටින දායාදයන් පිළිබඳව විමසිලිමත් වන අතළොස්සක් දෙනා හට උත්තේජනයක් වනු පිණිසයි.
National Geographic
අපට කියන්න කොහොමද Green belt movement එක පටන් ගන්නේ? ඒ වගේම ඇයි විශේෂයෙන් පැළ සිටුවීම වැනි දුෂ්කර කාර්යයක් අරඹන්නට කල්පනා කරන්නේ?
මාතායි -
අප්‍රිකානු සමාජයේ සාමාන්‍ය කාන්තාවන්ගේ ජීවිතයේ දුෂ්කරභාවය මම ඉතා හොඳින් දන්නවා. මට ඕන වුණා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ගේ ජීවිතයන් සැපවත් කරන්න. ඔවුන්ගේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමේදී ගස් සමඟ කිට්ටු සම්බන්ධතාවක් තියෙනවා. උයන්න පිහින්න දර ඕනෙ, ගෙවල් ෙදාරවල් - වැටදඬු හදාගන්න, අත් බෙහෙත් ලබාගන්න, සත්තුන්ගෙ ආහාර විදිහට ගස්වලින් ප්‍රයෝජන බොහොමයි. 1977 වනවිට අප්‍රිකාවේ වන ගහනය ශීඝ්‍රයෙන් පහළ බැහැලා තිබුණා. එවිට අසීරු වුණේ සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා මූලික අවශ්‍යතා සපුරා ගන්නයි.Green belt movement පටන් ගන්නෙ එලෙස අසීරුතාවට පත්වෙන සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන්.
අප්‍රිකානු සමාජයේ සාමාන්‍ය කාන්තාවන්ගේ ජීවිතයේ දුෂ්කරභාවය මම ඉතා හොඳින් දන්නවා. මට ඕන වුණා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ගේ ජීවිතයන් සැපවත් කරන්න. ඔවුන්ගේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමේදී ගස් සමඟ කිට්ටු සම්බන්ධතාවක් තියෙනවා. උයන්න පිහින්න දර ඕනෙ, ගෙවල් ෙදාරවල් - වැටදඬු හදාගන්න, අත් බෙහෙත් ලබාගන්න, සත්තුන්ගෙ ආහාර විදිහට ගස්වලින් ප්‍රයෝජන බොහොමයි. 1977 වනවිට අප්‍රිකාවේ වන ගහනය ශීඝ්‍රයෙන් පහළ බැහැලා තිබුණා. එවිට අසීරු වුණේ සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා මූලික අවශ්‍යතා සපුරා ගන්නයි.Green belt movement පටන් ගන්නෙ එලෙස අසීරුතාවට පත්වෙන සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන්.
National Geographic
ආරම්භයේ සිට වසර 30කට මඳක් වැඩි කාලයක් ගෙවී ගොස් තිබෙන මොහොතේ Green belt ව්‍යාපාරය මිලියන 30කට ආසන්න ගස් සංඛ්‍යාවක් රෝපණය කර තිබෙනවා. මේ තරම් දිගු සාර්ථක ගමනක් එන්න අප්‍රිකානු කාන්තා ප්‍රජාව ඇතුළෙ ඔබේ සංකල්පයට ඉඩක් ලබාගන්න පහසු වුණාද?
මාතායි-
අපි පළමුවැනි දවසෙ පටන් ගත්තේ පැළ 7ක් හිටවලා. ඇත්තටම මේක පැළ සිටුවීමේ ව්‍යාපාරයක් විතරක් නෙමෙයි, අපි සිටවපු පැළ බලා ගන්න ඕන, සත්කාර කරන්න ඕන. මිනිසුන් එදා තේරුම් ගත්තා. ඒක සතුටක්.අපේ කාන්තාවන්, විශේෂයෙන්ම පිටිසරබද උදවිය වටහාගත්තා මේ පැළ සිටුවීම ඔස්සේ ප්‍රතිලාභ ලැබෙන්නේ තමන්ටම බව. තමන්ගෙ බාල සහෝදරිය අද තමන් සිටුවන ගහ හෙට ප්‍රයෝජනයට ගනීවි කියන විශ්වාසය අපට පහසුවක් වුණා. මේ හැඟීම අප්‍රිකානු කාන්තාවන්ට තිබුණ නිසා අප්‍රිකාව තුළ පැළ සිටුවීමේ කාන්තා කණ්ඩායම් 6,000ක් පිහිටුවන්න අපට පුළුවන් වුණා.
National Geographic
Green belt ව්‍යාපාරය දේශපාලනික මුහුණුවරක් ගනු ලැබුවේ කොහොමද?
මාතායි -
අපට මුල පටන්ම දේශපාලනික අරමුණු තිබුණේ නෑ. නමුත් කාන්තාවන්ගේ සුබසාධනය සඳහා ඔවුන්ව සංවිධානගත කරනකොට ආණ්ඩුව නොමනා අන්දමින් ඊට මැදිහත් වුණා. ආණ්ඩුවට අවශ්‍ය වුණා අපේ සංවිධාන ව්‍යුහය ඇතුළට ඇවිත් දේශපාලනික වාසි ලබාගන්න. අපට එවැනි අරමුණු නොතිබූ නිසා අපි ඊට විරුද්ධ වුණා.
National Geographic
ඔබගේ ව්‍යාපාරයට පොලිසියේ අඩන්තේට්ටම්වලටත් ලක්වෙන්නට සිදුවුණා?
මාතායි-
අප සාමාන්‍ය අප්‍රිකානු කාන්තාවන් පමණයි. අපට ආණ්ඩුව හෝ එහි නායකත්වය වෙනස් කිරීමේ වුවමනාවක් තිබුණේ නෑ. අප කළේ අප්‍රිකානු සාම්ප්‍රදායික ගැහැනියට තම මූලික අවශ්‍යතා සාම්ප්‍රදායික විදිහටම හෝ පහසුවෙන් සපයා ගන්නට හැකි විදියේ ඓන්ද්‍රිය පරිසරයක් නිර්මාණය කරන්න.
National Geographic
පරිසර ක්‍රියාකාරිනියක වන ඔබට නොබෙල් සාම ත්‍යාගය හිමි වූවා. එය පිළිගනිමින් ඔබ කළ කතාවේ සඳහන් වූවා පරිසරය රැක ගැනීම සාමයට දිවෙන මාවතක්ය කියා..?
මාතායි -
ඔව්. මම සඳහන් කළ කාරණාව අප්‍රිකාවට පමණක් වලංගු කාරණාවක් නොවෙයි. අපට විඳගන්න සාමකාමී වාතාවරණයක් නැහැ. අපගේ පාරිසරික සම්පත් නියමාකාරයෙන් කළමනාකරණය කරගන්නට හැකියාව තිබෙන ආණ්ඩුවක් නැහැ. පරිසරය සහ සාමය අතර සම්බන්ධතාව තහවුරු වෙන්න අපි අපගේ ස්වාභාවික සම්පත් නිවැරැදිව කළමනාකරණය කරන්න ඕන. එහෙම කරන්නට සුදුසු මානව අයිතිවාසිකම් සුරකින යහපත් පාලනයක් තිබිය යුතුයි. ඒ කාරණා දෙකම සම්පූර්ණ වෙන මොහොතේ එතැන සාමය තිබේවි.
National Geographic
මේ කාරණාව තවත් ටිකක් පැහැදිලි කළොත්?
මාතායි-
අද මුළු ලෝකයම ගැටුම් වලින් පිරිලා. ස්වාභාවික පරිසරය නියමාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් විශාල විපත් ගණනාවකට මිනිසුන් මුහුණ දී සිටිනවා. පිලිපීනයේ අතිශය දරුණු ආකාරයෙන් වන විනාශය සිදු කෙරුණා. පසුගියදා ඔවුන්ට භයානක ගංවතුරකට මුහුණදීමට සිදුවුණා. මිනිසුන් දහසකට වඩා මිය ගියා. හයිටියේ ඇති වූ චණ්ඩමාරුතය (හරිකේන්) අමතක කරන්න බැහැ. හයිටියත් ගැටුම් බහුල කලාපයක්. නැටුම් මැද ස්වාභාවික පරිසරය ආරක්‍ෂා වන්නේ කොහොමද?
National Geographic
අවසාන වශයෙන් සාමාන්‍ය ගැහැනියෙක් ලෙස ඔබ පරිසරයට ආදරය කරන්නටත් එය තේරුම් ගන්නටත් උත්සාහ දරන්නේ ඇයි?
මාතායි -
මම පුංචි දැරිවියක කාලෙ පටන්ම ස්වාභාවික පරිසරය මැදිකොටගෙන වැඩුණු ගැහැනියක්. ඒ කාලයේ හාත්පසම හරිත පාටයි. පිරිසුදුයි. අපි කෙළින්ම සතුන් වගේ ගඟට මුව තියලයි වතුර බිව්වේ. නමුත් මම අප්‍රිකාවෙන් පිටත සිට නැවැත ආවට පස්සෙ මම දැක්කා කුඩා කාලෙ තිබුණු පරිසරය තවදුරටත් නැති බව. පරිසරය ඇසුරේ වැඩී එයට ආදරය කළ මිනිසකු විදිහට මා යමක් කළ යුතුව තිබුණා. මම එය කළා.
පරිසර ප්‍රශ්ණය හා දෙශපාලනය යනු දෙකක් නොව එකකි...මෙය ඒය සනාථ කෙරෙන තවත් එක අවස්ථාවකි.....සමහර විට පරිසට ප්‍රශ්ණ කතා කරන අය රට සූරා කන අයට 'රහසේ' හෝ 'නොදැනවත්ව' සේවය කරන අතර ඇතැම් විට ඔවුන් සැබවින්ම පීඩීතයා වෙනුවෙන් වැඩ කරයි....මතුපිටින් පමනක් බලා මෙය තීරනය කිරීම අපහසුය.
ReplyDeleteමේ මතය ගැන විවාදයක් නෑ මයියා. බොහෝ විට දැවැන්ත ප්‍රජා සුබසාධන පිටුපස අවස්ථාවාදී දේශපාලන හස්තයන් ගැට ගැසී තිබෙනවා. සමහර විටෙක මාතායිගේ ව්‍යාපාරය සමඟත් එවැනි සම්බන්ධතා තිබුණා විය හැකි.
Deleteමේ වගේ සාමුහික කාර්යයක් අපේ රටේ කරන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක් රතු. අපේ රට බඩගොස්තරවාදින් ගෙන් පිරිලා. පැලයක් හිටවන එකත් ගෙෂපලනය වෙලා. පැලය හිටවනවා විතරයි, අර මාතායි වගේ ඒ පැලය බලාගන්නේ නැහැ. ඒ පැලයට හෙන ගැහුවත් කමක් නැහැ.
ReplyDeleteපරිසරයට, සතා සීපාවට ආදරය කරන්න පොඩි උන්ගෙන් වත් පටන්ගන්න ඕනේ.
ඇත්තටම සාමූහිකත්වය පිළිබඳව අපේ එඉතිහාසික හැගීමට මක්වුණාද කියා සිතාගන්නටවත් බෑ. නූතන වෙළද ලෝකය ඇතුළේ එවැනු සාමූහික ක්‍රියාකාරකම් වලට ඉඩක් නෑ.
Deleteටෙලිවිශනයේ පෙන්වන වෙළද දැන්වීම් නතර කරන තුරු අනාගත පරම්පරාව ගැනත් බලාපොරොත්තු තියාගන්න බෑ.
//අද මුළු ලෝකයම නැටුම්වලින් පිරිලා.//
ReplyDeleteමෙය නැටුම්ද? ගැටුම්ද?
ඇය ශ්‍රේෂ්ට ගැහැනියක්. ලෝකේ හැම මනුස්සයෙක්ම මේ විදියට කල්පනා කරනවා නම් මේ ලෝකේ කොච්චර කොළපාට තැනක් වෙයිද? :D
කෝලම් නැටුම්..!
Deleteලිපිය නම් ඉතාමත් අගේ බව වැටහෙනවා.. ඒත් කරුමෙක මහත අකුරු මැද කොටු කොටුනේ පේන්නේ. කියවන්න මාර කට්ටක් කන්නම වෙනවා.. වෙනදා එහෙම නෑ. ඊයේ ඉදන් තමා මේ ලෙඩේ. ඔයාගේ එක ට විතරයි මෙහෙම වෙන්නේ..
ReplyDeletegreat !
ReplyDeleteඅපි වවමු... රට නගමු...!!!
ReplyDeleteසුබ අනාගතයක්....!!!
ලෝකයටම වටිනා කාන්තාවක්. අපේ රටෙත් මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කල හැකි නම් කොලපාට නැති වීමේ වේගය අඩු කරගන්න වත් පුළුවන් වෙයි. මේ කාලේ සාමාන්‍ය මිනිස්සු ගත්තොත් ඒ අයට වැටහෙන්නේ නෑ ගස් කොලන් කැපීමෙන් වෙන විනාශයේ තරම.
ReplyDeleteමාතායි නම් සොභා දහමේ පිනෙන් උපන් මාතාවක්... කව්රු කව්රුත් ආදර්ශයට ගත්තොත් හොඳයි...
ReplyDeleteDude:
ReplyDeleteමට කොස් මාමාව මතක් වුනා. (ආතර් වී දියෙස් නේද?)
අපට ජනගහනය පාලනය කරගන්න පුළුවන්නම් ඔය වැඩේ එච්චර අමාරු දෙයක් නෙවෙයි.
ReplyDeleteජනගහන පාලනය පරිසර ප්‍රශණ්යට විසදුම කිය්ලා කියන්න බෑ..ඒක සමහර විට සටන් පාඨයක් විතරයි...හරයක් නෑ
Deleteඇත්තම කථාව නම් 20% ක් උන දියුණු රටවල ඉන්න ජනගහනය 80%ක් උණු සභාවික සම්පත් පාවිච්චි කිරීමයි. ඒක පුද්ගල කාබන් විමෝචනය වැඩිම ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාවා වගේ දියුණු රටවලයි....
මේක කරන්න පුළුවන් දෙයක් කියා මගේ හිත කියනවා... ඒත් අපේ මිනිස්සු වැඩි හරිය සංවේදී තමන්ටයි තමන්ගෙ අයිතිවාසිකම්වලටයි විතරයි... ලස්සන ගෑණු ළමයි පවා බස් එකෙන් එළියට තමන්ගෙ කුණු කසල ඔක්කොම විසිකරනවා දැක්ක ම මට හැම දා ම පුදුම හිතෙනවා...
ReplyDeleteමේ දේවල් හිතට දෙන්න ඕනි අම්මල තාත්තලා.. එහෙමත් නැත්තං හෝඩියේ ඉඳන් ම ගුරුවරු ළමයිගේ හිත සොබා දහමට ළං කරන්න ඕනි.. ප්‍රායෝගික ව ම... කන්න බොන්න නැති වෙලාවක වුණත් අපේ හිත් ලෝබ නැතු ව ම සතුටු කරන ඇයට ආදරය නොකරන කෙනා ඒ වචනෙ තේරුම දන්නවද කියලවත් මට හිතා ගන්න බෑ...
දැන් ඉතිං මේ එක විදිහකටවත් කරන්න බැරි නම්, මඟ තොටට, පරිසරයට කුණු කසල විසි කරන අය ව අල්ලන් හිරේ දාලා, දඩ ගහල මිනිස්සුන් ව බය කරල මේක බලෙන් හරි කර ගන්න ඕනි...
එහෙම නැතු ව පරිසර සංවේදී මිනිස්සු හිටි ගමන් ගොඩ නඟන එක ලේසි වෙන එකක් නෑ.. [ඒකට නං අපේ ආණ්ඩුවත් බොහොම සතුටු වෙයි.. :D ]
හැම දේට ම යහ පාලනය තියෙන්න ඕන.. ඒක නැති රටේ අපි තනි තනි ව හරි පරිසරය රැක බලා ගන්න ඕනි.. ඒත් ඒකෙන් විතරක් ලොකු වෙනසක් කරන්න බෑ කියලා මම හොඳට ම දන්නවා...
මගේ පරිසරය පිළිබඳ ප්‍රදර්ශන කරන හිතවත්තු පවා පෝස්ටර් ටික අලවලා ඉතිරි කොළ කෑලි ඔහේ කොහෙට හරි විසි කරල යනවා මම දැකල තියෙනවා.. න්‍යායවාදයෙන්වත් සංකල්පවලින්වත් ඒ මත ගොඩ නැඟෙන බොරු සෝබන වැඩවලින්වත් නම් පරිසරයට කිසි ම සෙතක් වෙන් නෑ...
ඒත් පරිසරය වනසන හැටි දැක මමත් කතා කරන්න චකිතයෙන් කොච්චර නිහඬ වෙනවද?
ඉස්සර මගේ යාළුවෝ කොළ කෑලි බිම විසිකරන කොට මම ඒ ගොල්ලනට බැන බැන ඒ හැම එකක්ම මගේ බෑග් එකේ ඔබා ගත්තා... ඒත් දැන් මම එහෙම කරන්නෙ කොහොමද...?
\\\මගේ පරිසරය පිළිබඳ ප්‍රදර්ශන කරන හිතවත්තු පවා පෝස්ටර් ටික අලවලා ඉතිරි කොළ කෑලි ඔහේ කොහෙට හරි විසි කරල යනවා මම දැකල තියෙනවා..//
Deleteඇත්ත කටින් බතල කොළ හිටවලා නම් බැහැ..
@ rathu
රතු මාත් කඳුගේ අදහසයි දරන්නේ .
ගොඩක් දෙනා රැල්ලට යමක් කරනවා ඇර
වෙන නම් දෙයක් කරන්නේ නැහැ ...
ඒත් ඔබ දන්නවාද සියලුම TV , Radio නාළිකාවල
මේ ගැන දිගින් දිගට දැනුවත් කරොත් එක අවුරුද්දක
කාලයක් , සැබෑ වෙනසක් ඇති කරන්න පුළුවන් ...
( ඒත් TV , Radio යොදා ගන්නේ රෙදි හෝදන්න )
මේකට එකඟ වෙනවා. අපේ මිනිස්සු ආස රැල්ලට කරන දේවල් වලට. මේ වගේ දෙයක් ගැන කතා කලොත් කතා කරපු කෙනා විහිළුවක් බවට පත් වෙනවා.
Deleteඇය ගැන දැන ගත්තේ අද !
ReplyDeleteස්තුති ලිපියට.
ජනගහනය අධික වීම නිසා ගහක් කොළක් වවන්න ඉඩ නැති වෙන එකයි සිද්ද වෙන්නෙ. තියෙන කැලැ එලි කර කර ගොඩනැගිලි හැදෙනවා. දැන් කියවෙන විදිහට මත්තල කුරුළු ගහනයත් අහවර වෙයි වගේ.
පරිසරය ගැන හිතන මිනිස්සු අඩුයි. ඒත් ඒ පිරිසට නව ජීවයක් වෙන්න මෙහෙම ලිපි ලියවෙන එකත් ගුණයි.
අවංකවම මාත් ලියල නැහැ.
ජය !
රතු ඔබ මේ මාතෘකාව තෝරා ගැනීමේම මෙයට උත්ත්තරය තිබෙනවා. ඔබ මේ මාතෘකාව තෝරා ගන්නේ ඔබට සමීප දෙයක් මෙහි තිබෙන නිසා. ඇය මේ ව්‍යපෘතිය තෝරා ගන්නේ ඇයට දැනෙන දෙයක් එහි තිබෙන නිසා. අප්‍රිකාවේ පරිසරය ඇයට බල කරනවා මේ දේට. හේතුව මල ගම කරා යන වනගහනය. ඔබට ඔබේ හිත බල කරනවා මේක ලියන්න. හේතුව මළගම කරා යන වනගහනය. මේකෙන් කියැවෙන පරම සත්‍ය තමයි. කෙනෙකුගේ පරිසරය, යම් යම් ක්‍රියාකාරකම් සඳහා ඔවුන් පොළඹවනවා කියන එක.
ReplyDeleteමෙම සටහනට ප්‍රතිචාර ලබාදෙමි න් මා දිරිමත් කළ
ReplyDeleteපොඩි කුමාරිහාමී,
කතන්දර,
නලීන්
එම් පී පී ගුණසිංහ,
චන්දන,
චින්තක සුපුන්,
හෙන්රි,
සුමිත් නිරිඇල්ල,
මයියා,
කඳූ
සයිලන්ට් සහන්,
සුදීක,
සෑම්
මේ සියළුම සහෘදයන්ට මාගේ ස්තූතිය වේවා...
කාලෙකින් කියවන්නට ලැබුන වැදගත් කතාවක් වගේම හරවත් පණිවිඩයක් .....
ReplyDelete