2019/06/28

යට ඇදුම් මාරු කිරීමේ ප්‍රතිපත්තිය

විධායකය අවසන් කරන්නට පොරොන්දු වී පැමිණි 
 අපේක්ෂකයින් ගැන උපමා කතාව

ඇමරිකානු මැරීන් බලකායේ ලුතිනන්වරයෙක් තම කණ්ඩායම නිතර පරීක්ෂා කරන්න⁣ට පුරුදුව සිටියා. දිනක් තම කණ්ඩායම පරීක්ෂා කළ ලුතිනන්වරයා කාණ්ඩය බාර සාජන්වරයාට පැමිණිලි කලේ සෙබළුන් ගෙන් වස නරක ගඳක් දැනෙන බව පවසමින්.

''වහාම සියලුදෙනාගේම යට ඇදුම් මාරු කරන්න"

'' මම පොරොන්දු වෙනවා සර් මම යට ඇදුම් මාරුකරවන්නම් වහාම" කණ්ඩායම් සාජන් පොරොන්දු වූවා.




නමුත් තවත් දින කිහිපයකින් ලුතිනන්වරයා පැමිණ පරීක්ෂා කරනවිට අර ගඳ එලෙසමයි .

" මම සියලු දෙනාගේම යටඇදුම මාරුකෙරෙව්වා සර්, නමුත් මම නැවතත් ඉතාම වගකීමෙන් මේ කාර්‍යය කරවන්නම් " සාජන්වරයා නැවත පොරොන්දු වූවා.

තවත් දින කිහිපයකින් නැවතත් ලුතිනන්වරයා බට කාණ්ඩය පරීක්ෂා කරන විට තත්වය පරණ පුරුදු ලෙසින්ම තිබුණා. මහත් කෝපයට පත්වූ ලුතිනන්වරයා කණ්ඩායම් භාර සාජන්වරයා කැඳෙව්වා.

" තමුන්ට මේ වගේ පොඩි දෙයක්වත් කරගන්න බැරිද සාජන්. අනිත් එක තමුන් මට මේ ගැන පොරොන්දු වුණා. "

" සර් , මම පොරොන්දු වුණු විදිහටම යට ඇදුම් මාරු කෙරෙව්වා " සාජන්වරයා පිළිතුරු දුන්නා.

" මාරු කෙරෙව්වා නම් , තාමත් ගඳ ගහන්නේ කොහොමද සාජන්. මට කියනවා තමුසේ කොහොමද මේ වැඩේ කෙරෙව්වේ."

" සර්, මම ජෝන් ගේ යට ඇදුම විල්සන්ට මාරු කරා, විල්සන් ගේ එක පීටර් ට, පීටර් ගේ යට ඇදුම ස්මිත්ට අදින්නෙයි කිව්වා. ස්මිත් ගේ එක සැමුවෙල් ට, ඔන්න ඔය පිළිවෙලට හැමෝගේම ඇදුම් මාරු කෙරෙව්වා මම. "

සාජන්ගේ කතාව ඇසූ ලුතිනන්වරයා හිස අත්ගසා ගත්තා.
--------------------------------------------------------------

මේ කතාවේ යටිපෙළ අරුත, හරියට සිස්ටම් එක වෙනස් කරන්නම් කියා අපෙන් චන්දය ඉල්ලන්නට පැමිණෙන දේශපාලකයින්ගේ නිරුවත පෙන්වා දෙනවා වැනි දෙයක්. සිස්ටම් මාරු කරන්නට පැමිනෙන උන් කරන්නේ පරණ උන්ගේ යටඇදුම ඇදගෙන උන්ගේ වගේ ඉන්න එකයි. කුණු ගඳ ගැසීමේ කෙළවරක් නැහැ. අපිත් නහය වහගෙන ඉවසාගෙන ඉන්නවා.

2 comments:

  1. අපූරුයි රත්තෝ... නියමෙට ගැලපෙනවා වගේ හේහ් ?

    ReplyDelete
  2. ඇත්තටම හරියටම ගැළපෙනවා. ස්තූතියි සෙන්නා

    ReplyDelete