2019/04/22

ආදරණීය තම්බියා , මගේ අනෙක් පංගුව

මහ සිකුරාදා රාත‍්‍රියේ නිදාගන්නට යනවිටත්, ඊට පසු සෙනසුරාදා දවසේත්.., මගේ අසල්වැසියා මගේ මුස්ලිම් සහෝදරයා වූයේය....,
නමුත් දැන් මගේ සිතුවිලි සන්තානය වෙනස් වී ගොස් ඇති බැව් නොකියා බැරිය. කලින් මගේ සහෝදරයා දැන් මොකාදැයි මෙහි සටහන් කළ නොහැකිය.
සිංහල අප කවදත් මුස්ලිම්වරුන් වෙත සුහදත්වයේ දෑත් දිගු කරමින් ඔවුන් අපේ අනෙක් පංගුව ලෙසින් පිළිගනිමින් කටයුතු කළේය.
 

කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහි දිගු වෙහෙසකර සටනේදී , සටනේ මහ සෙනෙවියන් සමඟ උරෙනුර ගැටුණු කර්නල් මුතාලිෆ් ගේ නාමය සිංහල මහා සමාජයේ හද ගැහෙන තැන සැමදාම රැදුණේ ය.
 

වෙසක් මල්  පිපෙන වෙසක් මාසයේ බෙග් මාස්ටර් බුද්ධං සරණං ගච්ජාමී යැයි ගයන ලවුඞ්ස්පීකර් ගැට නොගැසුණේ මොන පන්සලේද, මොන තොරණ අසලද ?
 

ෆර්වේස් මහරුෆ් හත්වෙනි , අටවෙනි කඩුල්ල ලෙස පැමිණ හයේ ඒවා නෙළනවිට විසිල් වැදුණේ මූ තම්බියා යැයි සිතා නොවේ.
 

මත්කුඩු මාෆියාව වළදමන්නට නම් ලතීෆ් නැවත කැඳවිය යුතුයැයි විවාදයකින් තොරව සිංහල මහ සමාජය එහෙම පිටින්ම පිළිගත්තේය.
 

මහරගම පිළිකා රොහලට පෙට් ස්කෑනරය ගන්නට මුල්වූ මොහමඞ් මහතා ට තවමත් අපේ ගරු බුහුමන්වලින් අඩුවක් නොමැත්තේ ය.
 

සිංහලේ යැයි වාහන ස්ටිකරයක් ඇලවෙන විට මුලින්ම සිත රිදුණේ අපගේය. 

මගේ මුස්ලිම් මිතුරෙකු සමග ගමනක යෙදෙන විට සිංහලේ ස්ටිකරය මේකා දුටුවහොත් මට මාර අවුල් නොවේදැයි සිතමින් වින්ද අපහසුව ...?
 

මොහොමඞ්, රාම්සාන්, රිම්සාන්, යාසීන්, රිස්වාන් යෙහියා, නයිරූස්, මින්හාන්, අජ්මීර්, හබීබ්  මගේ සහෝදරයනි,
නුඹලා විරිත්තන විටත්, සූරන විටත්, කොනිත්තන විටත්, මිරිකන විටත්, හපන විටත් අප නිශ්ශබ්දව සියලූ වේදනා දරා සිටියේ ඇයිදැයි යාන්තමින්වත් සිතුවාද..ඒ නුඹලා අපගේ අනෙක් පංගුව නිසයි.
නැතිව එය අපේ යටහත් පහත්කම හෝ බයාදුකම නොවෙයි.
එය අපගේ ශක්තිවන්තකමයි. දරා සිටීමේ හැකියාවයි. අවසානයේදී නුඹලාට තිබූ ආදරයයි.

නමුත් දැන් නුඹලා මරන්නට ත්  පටන්ගෙන තිබේ.

දැන් අප කළයුත්තේ කුමක්ද.....?
මේ සියල්ල කරන්නේ සුළුතරයක් බව නුඹලා පවසාවී. නමුත් ඒ සුළුතරය සිටින්නේ නුඹලා අතරය.
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ඇදෙන යතුරුපැදියකට දඩ කොළයක් දෙනවිට,    සියගණනින් රැුස්වී පොලිස් නිලධාරීන්ට පවා පහරදෙන්නට උත්සාහ කරන නුඹලාට අර මිලෙච්ජ නීචයන්ට විරුද්ධ වන්නට එසේ එක්රැුස් වන්නට නොහැක්කේ ඇයි...?
 

මොට්ටකිලි සාරිය වෙනුවට බුර්කාව පළදින මිනිසුන්ට විරුද්ධ වීම ඇරඹිය යුත්තේ අප නොවේ නුඹලා යි.
මඩකලපු සරොම සහ තම්බි තොප්පිය වෙනුවට මුළු සිරුරම වැසෙන ජම්පරයන්ට විරුද්ධ විය යුත්තේ අප නොවේ නුඹලායි.
ඉස්සර අපේ ගෙවල් වලින් බත් කන්නට පෙර හලාල් ගැන නොවිමසූ බව නුඹලාගේ දරුවන්ට ඉගැන්විය යුත්තේ අප නොවේ නුඹලා යි.
සිකුරාදා පල්ලි දවසට පාරේ එක පැත්තක වීනීතව ගමන් කිරීමට පුරුදු විය යුත්තේ අප නොවේ නුඹලායි.
නිවෙස් ගාණේ කාණ්ඩ වශයෙන් ගොස් රටේ මහසමාජය සමඟ සංස්කෘතික සම්ප‍්‍රදායන් රැකගෙන ජීවත්විය යුත්තේ කෙසේදැයි ඉගැන්විය යුත්තේ නුඹලා යි. 

සිංහලේ, බොදුබල සේනා , රාවණා බලය එනවිට උගුර ලේ රහවෙනකම් කෑ ගසා ඒවාට විරුද්ධ වූයේ අප මිස තොපි නොවේ.., ඒ අපේ ඉත්තෑවෙක් දිවූ නිසා නොව තොපි ගැන තිබූ කැක්කුමයි.
දැන් තව්හිද් ජමාද්ලා සිටී නම් ඉන්න තැනකින් උන් සොයා පාරේ ඇදගෙන ආ යුත්තේ අප නොවේ නුඹලායි.
මේ බුදුන්ගේ දේශයයි.
අසල්වැසියා ට පේ‍්‍රම කරන්නයි කියනා මිනිසුන් ඉන්නා රට යි.
මේ පුංචි රටෙ මාෂා අල්ලාහ් යැයි බෝඞ්ගසා ගත්තාට අපේ තරහක් නැත.
නමුත්,
පේ‍්‍රමය දී  මරණය වැළදගන්නට ද අපේ කැමැත්තක් නැත.
එතැනදී මරණය වෙනුවට යුද්ධය තෝරාගන්නට අපේ කැමැත්තක් ඇත.

3 comments:

  1. නමුත්,
    පේ‍්‍රමය දී මරණය වැළදගන්නට ද අපේ කැමැත්තක් නැත.
    එතැනදී මරණය වෙනුවට යුද්ධය තෝරාගන්නට අපේ කැමැත්තක් ඇත.

    නියම කියමන (y)

    ReplyDelete
  2. "නමුත්,
    පේ‍්‍රමය දී මරණය වැළදගන්නට ද අපේ කැමැත්තක් නැත.
    එතැනදී මරණය වෙනුවට යුද්ධය තෝරාගන්නට අපේ කැමැත්තක් ඇත."

    කොටින්ටත් තේරුම් ගන්න බැරුව ගියේ ඔය යථාර්තය තමා. තමන්ගේ අන්තවාදීන්ව පාලනය කර ගැනිම එම ජාතියේම වගකීමක්. සහජීවනය යනු එක් ජන වර්ගයක පමණක් ඉවසීම නොවේ.

    ReplyDelete
  3. අප දෙතුන් වතාවක්ම සිතිය යුතු තැන මෙතැනය. කිසිම හේතුවකින් අප යුද්ධය තෝරා ගත යුතු නැත. මන්ද ඔවුන්ට ඕනෑකර තිබෙන්නේ එය බැවිණි. එසේ කළහොත් අඬන්න ඉන්න මිනිහාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ විය හැකිය.

    ReplyDelete