2012/07/29

සෙන් කතාවක්

ආගම්වාදීන් වෙන්න ඕනෙද ? 


මම හතර පෝයටම පන්සල් නොගියත් මගෙ ආගම ගැන හුගක් අඩ්ම්බරවෙන කෙනෙක් ..බෞද්ධයෙක් වීම නිසා මට මගේ ජීවිතයට ගොඩාක් දේවල් ලැබිලා තියෙනවා ..නමුත් මම කවදාවත් කැමති නැහැ තවත් ආගමකට අපහාස කරනවට ..ඔයාලත් එහෙම වෙන්න ඇති කියල මන් හිතනවා ..බුදු දහම මොනතරම් සහජීවනාත්මක ධර්මයක්ද කියලා පෙන්විය හැකි අපූර්ව සෙන්  කතාවක් කියවන්න ලැබුණා ..ඒ පර්සි ජයමාන්න මහත්තයා ලියල තියෙන ""සෙන් බොදු කතා ""කියන පොතේ තිබිලා ..පර්සි ජයමාන්න කියන්නෙ විශිශ්ට පුවත්පත් කලාවේදියෙක් ,,පරිවර්තකයෙක් කියල අමුතුවෙන් කියන්න ඔනෙ නැහැ..මේ පොත මට දුන්නෙ අපේ කරු මහත්තයා ....අගුලානෙ සරසවි මුද්ර්ණාලයේ අධිපතියා ..හරි සරල මනුස්සයෙක්, එයා ගැන පස්සෙ කියන්නම් ..දන් අර කතාව අහමුකො .

තරුණ සෙන් සිසුවෙක් ගසාන් කියන සුප්‍රකට සෙන් ගුරුවරයා හමුවෙන්න දවසක් ගියා ..ඔහු ගියේ බයිබලයකුත් අරගෙන ..ගිහින් මෙහෙම ඇහුවා .
"."ඔබතුම බයිබලය කියවලා තියෙනවාද ?"

"නෑ ......කෝ කියවමු බලන්න මට ඇහෙන්න  ." ගසාන් ගුරුතුමා කිව්වා .

සිසුවා එහි කොටසක් කියෙව්වා .
"."ඇයි නුබ පලකට නැති වස්ත්‍රයක් ගැන තැවෙන්නෙ ? තැන්නේ වැවෙන ලිලී මල් දෙස බලාපන් .ඒවා මතුවෙන්න වද විදින්නේ නෑ ,,ඇම්බරෙන්නේ නෑ ..ඒ වගෙ මම නුබට කියන්නේ හෙටක් ගැන හිතන්න එපා ..හෙට හෙට ගැන බලාගනීවි ."

."අපූරුයි ."."අතිශයින් සතුටට පත්වූ ගසාන් ගුරුතුමා මෙසේ කීවා ."."මේ වචන කවුරුන් කීවත් ඔහු ප්‍රබුද්ධ අයෙක් ."
."සිසුවා දිගටම කියවාගෙන ගියා .

"ඉල්ලන්න ,,එය ලැබේවි ..සොයන්න එය නුබට සොයගත හැකිවෙවි ..තට්ටු කරන්න .එය ..." 

"ඉතා අනර්ඝයි ..ඒ වදන් කවුරුන් කීවත් ඔහු බුද්ධත්වයට ලන්වූ කෙනෙක් වෙන්න ඕනේ ."."ගසාන් ඒ බයිබල් පාඨ ගැන අදහස් දක්වූයේ එහෙමයි .



.කතාව ඉවරයි ..මේ ක්‍රිස්තියානි බයිබලය ගැන බෞද්ධ සෙන් භික්සුවකගේ වචන.. ඒ වචන ඔස්සේ හිතා බලන්න කියල විතරයි ම්න් කියන්නේ .





4 comments:

  1. සුබ පැතුම් - සහෝදරයා......!!!

    සෙන් කතානම් හරිම අපූරුයි තමයි....

    දිගටම ලියන්න...

    කොමන්ට් වැරිෆිකේෂන් අයින් කළොත් හොදයි නේද...?

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි සුමිත් අයියේ ..මෙ රතුරජරටට ලැබුනු පළමුවෙනි කොමෙන්ටුව ..හැමදාටම මතක තියගන්නම් .

    ReplyDelete
  3. අනිවාර්යයෙන්ම. ලෝකයේ සියලුම ආගම්වල ශාස්තෲවරුන් එක් ස්ථානයකට එකතු කළොත් එතන හොඳම නිහඬතාවය පවතීවි කියලා කියනවා. මොකද ඒ හැමෝම යමක් අවබෝධ කරගත්තු අය නිසා

    ReplyDelete
  4. ඇත්තටම එහෙම වෙයි, ඒත් අනුගාමිකයන් ඔවුන්ගේ මග නොගැනීම ගැනයි කනගාටුව.

    ReplyDelete