කළු සිදුහත්.
දෙවැනි දිගැහැරුම.
01.අග්නි හුලක් අතින් ගත් නිසාශාරිකයා.
අද එතැන් සිට ,
මෙතෙක් මොහොතක් අඳුරේ නිහඩව ගලා යන නදී ප්‍රවාහය දෙස බලා සිටි මඟියා සෙමෙන් හිස හැරවූවා සිදුහත් සම්මුඛයට. දෙදෙනාගේම අදුරේ දිළෙන කණනීකා එකිනෙක් පැටළුනේ එකම ඇසිල්ලේ. තවත් මොහොතක් දෙකක් දෙදෙනා උනුන් දෙස අනිමිස ලෝචනයෙන් බලා හුන්නා. පූර්වයෙන් දෑස් ඉම වෙනස් කළේ සිදුහත්. ආගන්තුක මගියාගේ අග්නිඛීල දීප්තියෙන් දිදුළන දෙනේත්‍රයෙහි කුමක්දෝ වශීකරවන ඉන්ද්‍රජාලික බලයක් ඇතැයි සිදුහත් ට සිතුණා. දැන් දැන් මේ නිශා සාරිකයා ගැන තවත් යමක් දැනගත යුතුම යැයි සිදුහත් සිතුවා.
"ඔබ කවුද?"
එසේ සිතුවේ සිදුහත් වුවත් ඇසූවේ ආගන්තුක මගියා.
"මම සිදුහත්."
"සිදුහත්?"
මඟියා එයම ප්‍රතිරාවය කළා. ආයිමත් කාලමාත්‍රයකට දෙදෙනාගේම මුව හඩ ගොළුවූවා. ඒ සුවදායී නිහැඩියාව බිදින්නට සිදුහත් මැළිවූවා. දැන් දැන් ,අග්නි හුලක් හස්තගතව පැමිණි මේ මනුශ්‍ය ප්‍රාණියා මගහැර යාමේ ලාලසාවක් සිදුහත් සිත් කැනැත්තේ නළියන්නට වූවා.
"සිදුහත්, ඔබ කොහි යන ගමනක්ද මේ ගඟබඩ අස හුදකලාව "
ආගන්තුක මඟියාගේ පැණයට පිළිවදන් බෙණන්නට පූර්වයෙන් සිදුහත් වහා නැග ආ සැකයක ඦයාමාත්‍රයකින් ආගන්තුකයා දෙස මොහොතක් බලා හුන්නා.
"සබඳ, ඔබ නේරංජනාවෙන් එතෙරවීමට මගක් සොයනවා. මා මේ සංසාර ඕඝයෙන් එගොඩවීමට මඟක් සොයනවා"
"අපූරුයි"
මගියා එලෙස තෙපළුයේ ආහ්ලාදජනක ස්වරයකින්. එම ස්වරයේ ගර්භව තිබුණා නිර්ව්‍යාජයීය සංතුෂ්ටියක්. ආගන්තුක මගියාගේ සප්‍රීතිකර චිත්ත ප්‍රවේග ප්‍රවාහය සිදුහත්ටද දැණුනා. හැගුණා. සංජානනය වූවා.
"සිදුහත් සබඳ, මා ප්‍රීති වූයේ ඔබේ හුදකලාව නිසයි.සංසාර විමුක්තිය සොයා යන හුදකලා ප්‍රාණියෙක් මුණගැසීම දුර්ලභයි."
හුදකලාව ශාන්තයි. සුවයි. සැනසුම් සහගතයි. ඒ බැව් සමූහ සංඝනිකායේ ඇලී, වෙලී, ගැලී ගෙවූ පූර්ව ජීවිතය අතික්‍රමණය කිරීමෙන් පසුව හුදකලාව අත්විදීමෙන්ම සිදුහත් පසක් කරගෙන සිටියා. එහෙත් විමුක්ති සුව සොයා යන්නට ස්ව හුදකලා ආරම්මණය, බුද්ධි ඥානය සහ අත්දැකීම් ප්‍රමාණවත් දැයි සිදුහත් චිත්තයේ සැකයක් මෝදුවෙමින් තිබුණා.
"ඔබට වැරදීමක් සබඳ. මා හුදකලා විමුක්ති ගවේශකයෙකු නොවේ .තවමත් මා ඊට සුදුස්සෙකු නොවේ යැයි මා සිත මට පවසනවා. "
සිදුහත් දෙඩූයේ මන්ද්‍ර ස්වරයකින්. අන්ධකාර සහන් ආලෝකය මැද කදෝකිමි ආලෝක ඛීලයන් දෙකක් ලෙස බැබළෙන දෙනේත්‍රය සිදුහත් වෙත යොමාලමින් ආගන්තුක මඟියා දීර්ඝ කාලමාත්‍රයක් නොසෙලී බලා සිටියා.
""එසේ නම් ඔබ......? "
අනතුරුව සන්සුන් ස්වරයෙන් ඔහු විමසූවා.
දුහුනු මා ගුරුවරයෙක් අභිමුඛ විය යුතුයි"
මගියාගේ සන්සුන් ස්වර මාත්‍රයටම ගැළපෙන ලෙසින් සිදුහත් තෙපළුවා.
දඹදිව ගුරුවරුන්ගේ මණ්ඩපයක් බවට පත් වෙමිනුයි තිබුණේ. ඒ නිසාම තම ලාලසාවන් මිදුන් පමුණුවා ගන්නට පණ පිඹින ගුරුවරයෙක් සොයාගැනීම අපහසු ව්‍යායාමයක් නොවනු ඇතැයි සිදුහත් සිත දරාගෙන උන්නා. එවැන්නෙක් පිළිබදව නාමමත්‍රික සිතුවිල්ලක් ඔහු සතුවූවා.
"දඹදිව ගුරුවරුන් බොහෝමයි"
සිදුහත් හැගූ සිතුවිලිම ආගන්තුක මගියා වචන වලට පෙරළුවා. ද්වීපය සිසාරා ,අසාර සංසාරයේ සාර ක්ෂේම විමුක්තිය සොයා යන්නන්ට පූර්වගාමීන් වන්නට බ්‍රාහ්මණ, පරිබ්‍රාජක,ආජීවක, උපාධ්‍යයන් බොහෝමයි.
"සැබෑව "
"සබඳ සිදුහත් ,ගණ සංගණිකායෙහි බැඳී සංසාර චක්‍රයෙන් මිදීමේ මඟ සොයා යෑම නිෂ්ඵලයි. අවැඩදායකයි. අහේතුකයි. ඔබට ඔබේ සැබෑ ආරම්මණයන් අතපසුව යාවි"
"මා සොයන්නේ හුදකලා තපස්වරයෙක්."
සිදුහත් කීවා.
ගණසංගනිකායෙහි ගිලී දිවිසැරීම තමන්ට තරම් නොවේ. පුරා දින තුනක් නේරංජනීය ඉස්මත්තේ මේ වනස්පති සෙවණ ගර්භයේ ධවල වැලිතලාව යහන කොටගෙන ගෙවූ හුදකලා සුවදායී කාලය අතැර යාමේ තෘෂ්ණාවෙනුයි සිදුහත් හුන්නේ. නිසි අහර පායාසයක් නොලැබූවත් හුදකලා ජීවීතයකට නිරාමිශ නිදහස් සුවය බිණිය නොහැකි තරම්.
"කවුද ඔහු? ඔබ සොයා යන හුදකලා මගපෙන්වන්නා? "
ආගන්තුක මගියා ඇසූවේ සිදුහත් පවසන ඒ හුදකලා උපාධ්‍යායවරයා කවුරුන්දැයි අනුමාන කොට හඟිමින්. සහස් සංඛ්‍යාත ශිෂ්‍යයන් පිරිවරන ලද ගුරුවරයන් සෙවණේ මොක්සුව සොයා යන්නට නිෂ්ඵල වීර්‍ය නොවඩා සිදුහත් තෝරාගෙන ඇති මඟ පිළිබදව සූක්ෂ්ම ප්‍රීතියක් මඟියා සිත්තුළ ඇතිවී නැතිවී ගියා.
"ඔහුගේ නම ආලාර"
"ආලාර? කෘෂ්ණ ආලාර නොහොත් ආලාර කාලාම නොවෙද?"
"ඔව් ඔබ දන්නවා එහෙනම් ඔහුව"
සිදුහත් කීවෙ විස්මයාවහ ස්වරයෙන්.සියුම් ප්‍රිතියකුත් පැටළී තිබුණා එහි.
"ඔව් මා හොදි අඳුනනවා ඔහුව. ආලාර තුමන් සංසාර විමුක්තිය ලබා ගැනීමෙහිලා අරූප ධ්‍යාන සතක් උපදවාගත් හුදකලාව සැරිසරන තපස්වරයෙක්. ඔබට ඔහුව සොයාගැන්ම නම් අසීරු ව්‍යායාමයක් වේවි.
""ඒ ඇයි?"
තම අරමුණ සඵල කරගන්නට නොහැකිවේදෝ යි බියක් සිදුහත් ට දැණුනා. සිදුහත්ගේ හඩ ස්වරයෙන්ම මඟියා අදුනාගත්තා අපේක්ෂිතයාගේ හද සැල්ම. සංසාර ප්‍රවාහය තරණය කිරීමෙහි ලා මහත් ආරම්මණයන් පෙරදැරිව සිටින සිදුහත් කෙරෙහි උපන් අනුකම්පාවෙන් මගියා මෙසේ පැවසුවා.
"සිදුහත් හදබිය පළවා හරින්න. මා ආලාරකාලාමයන් අතැර එනවිට ඔහු මහහිමයට වදින්නට සැරසෙමිනුයි උන්නේ.ඔබට හැකිවේවි..... "
මගියාට සිය තෙපුළ් අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නෑ.
"සබද, ඔබ ආලාරයන් අතැර ආ බැව් කීයේ මන්ද?"
සිදුහත් ඇසුවා.
""සිදුහත් ,,මා එතුමාගේ අභිමුව දුහුනෙකුව උන්නා. හෙට උදාවන අරුණෝදයේම පිටත්වන්න. කොසොල් රට කප්පසිකා වනයේ කෘෂ්ණ ආලාරයන් තවත් දිනක් හෝ දෙකක් රැදී සිටීවි. සීග්‍ර වුවහොත් එතුමන් ව මුණගැසෙන්නට ඔබට හැකිවෙනවා නිසැකයි. සසර දිග් විජයට ඔහුගේ ඇසුර අවැසිමයි. මා ඔහු ඇතැර් ආවේ ඇයි දැයි අසන්නට එපා. "
ආලාර කාලාමයන් ඇතැර ආ සිසුවෙක්. ඔහුගේ සංසාර මෝක්ෂ ඵල ලබාගැනීමට ආලාරයන්ගේ ඇසුරෙහි වටිනාකම තහවුරු කරන ආගන්තුක මගියෙක්. දෙදෙනාම එක් අයෙක්. බොහෝ පැණයන් ලියැලුවා සිදුහත්ගේ මනසේ. එහෙත් දීර්ඝ සුසුමක් හෙළමින් ඔහු නිහඩ වූවා පමණයි.
රාත්‍රීය මැදියම පසුකර යමින් තිබුණා. නේරංජනා නදියට ඉහළින් අහසේ කප්කෙළ සහස් ගණනක් තාරකා දිදුළන අසිරිය මනමෝහනීය කළා සිදුහත්ව. ඒ නිරාමිස මනෝරංජනය මගියාද විදිනු ඇතැයි සිදුහත් සිතූයේ තරු එළියෙන් පැතිර යන සහන් ආලෝකයේ පිහිටෙන් ආකාශය දෙසට හරවාගත් හිසින් යුතුව ඔහු සිටිනු දැකීමෙන්. හාත්පස නිහඩයි. සමීපයෙන් ඇදී යන නදී ඕඝයේ ඕංකාර තරංගයත් ,සවන්පත්ලෙන් මතුව ඇසෙන ගීතවත් සංධ්වනියක් බඳු නිසාසැරි රැහැයියන්ගේ සංනාදයත් ඒ නිහැඩියාවේම සහජාත උරුමයන් ලෙසයි සිදුහත්ට දැණුනේ. හැගුණේ.
කොපමණ මොහොතක් එලෙස ගෙවී ගියාදැයි සිදුහත්ගේත් මගියාගේත් උභය සිතට සවිඥානය වූයේ නැහැ. රාත්‍රීයේ සොදුරු සෞන්දර්‍යයෙන් දෙදෙනාම සම්මෝහනයි වී උන්නා. එහෙත් ඒ ආවේශය බොහෝ වේලාවක් පැවතුණේ නෑ. එක්වනම උච්ච තාරතාවයකින් නැගුණු වැළපුමක් හාත්පස වෙළාගෙන තිබූ සන්සුන් නිහැඩියාව බිඳ දැම්මා. එහෙත් ඒ එකම නිමේශයකට පමණයි. දැන් සියල්ල ආයෙමත් පෙර පරිදිමයි. මගියාත් සිදුහතුත් උනුන් දෑස් පැටළුවා. එක් ඇසිල්ලකදී නිහැඩියාව විසුණු කොට ඒ ඇසිල්ල්ලේම නිහැඩියාවේ ගිලීගිය ඒ හඩ කාගේද?
ඕන්න! ආයිමත් ඒ ත්‍රීවුර වැළපුම. එහෙත් මෙවර එය ඇසුණේ පෙරට වඩා දුර්වල ස්වරයකින්. විලාපය ඇදී ආවේ නේරංජනාව දෙසින්. බලාපොරොත්තු විය නොහැකි බුහුටි කඩිසරකමකින් මගියා නැගී සිටියා. අර වැළපුම ආයිමත් මතුවූවා වඩාත් පැහැදිලි ලෙසින්.
"සිදුහත් ! කවුරුන් හෝ දියේ ගිලෙමින් සිටිනවා. "
එසේ කියමින් හිස සඟවා ගත් පොරෝනාවත් සහිතවම මගියා නදී ඉවුර වෙත දිවගියා.
-චින්තක ටිකිරිබණ්ඩාර.-

හ්ම්ම්.....
ReplyDeleteහ්ම්ම්ම්ම්....
Deleteමේ අපි දන්න සිදුහත් ගැනමද නැත්නම් වෙන සිදුහත් කෙනෙක් ගැනද ? පිළිතුරු අනවශ්‍යයි..කියවලම දැන ගමු.. මොක වුනත් හොඳ කතාවක් වග පේන්ඩ තියනවා..
ReplyDeleteඋඹ දිගටම කියවන්න ඒවියැයි බලාපොරොත්ටුවෙන් ඉන්නවා.
Deleteඔබ සිදුහත් ගැන ලියන්නට අරගෙන තියෙනවා දැක්කාම සතුටක් දැනුනා. ඔබේ ලිපි නොදැකම මමත් බවතරණය ගැන ලිපියක් ලිව්වා විතරයි.:)
ReplyDeletehttp://thapasgekoloma.blogspot.com/2013/03/blog-post.html
අසාමාන්‍ය වර්ණනාවලින් පුරවා, බුදුන් වහන්සේ දෙවියෙකු, ඊශ්වරයෙකු කළ බුද්ධ චරිත වර්තමානයට ගැලපෙන්නේ නැහැ.ඒවා ලියවුණු කාලවල ජනතාවගේ දැනුම, බුද්ධිය, අවබෝධය ට ගැලපෙන ලෙස මේ වර්ණනා ලියවුණා වෙන්නට ඇති. නමුත් වර්තමානයට ගැලපෙන්නට වඩා යථාර්තවාදීව, විශ්වාසනීයව බුද්ධ චරිතය ලියවෙනවානම් වටිනවා.සිදුහත් චරිතය ගැන නිර්මාණශීලී, නැවුම් කියැවීමක් කරන්නට ඔබ ගන්නා උත්සහයට සුබ පතමි.
ඇත්තටම තපස් මම ඔබේ ලිපිය කියෙව්වා, දෙතුන් වතාවක්ම ප්‍රතිචාරයක් දමන්න පිවිසුණත් ආයෙමත් නිහඩ වුණේ එවිට මගේ කතාව ගැනත් කියන්න සිදුවෙන නිසයි. මම ඔබේ අදහස් සමඟ විවාදයක් නැතිවම එකඟයි.
Deleteකියවමින්
ReplyDeleteහෙටත්.....?
Deleteමීළඟ සටහනත්, ඊට පසු සටහනත් වශයෙන් ලිපි පෙළ අවසන් වෙන තෙක්ම :)
Deleteඉතාම ආසාවෙන් මීළඟ කොටස එනකම්
ReplyDeleteබලන් ඉන්නවා රතු...උපරිමයි...
බොහෝම ස්තූතියි සහන්. උඹලාගේ දිරිගැන්වීම් මහත් උත්තේජනයක්.
Deleteකියවන්න පටන් ගන්නකොටම කතාව ඉවරයිනේ බං. මොනව කරන්නද, කාල වෙලාව තියෙන හැටියටනේ ලියන්නෙ. දිගටම ලියන් යමුකෝ.
ReplyDeleteසමස්ථයෙන් සුළු කොටසක් අරගෙන ඒ ගැන මොකුත් කියන්න උත්සාහ කරනවට වඩා දිගටම කියවගෙන යන එක හොඳයි වගේ, මට කලින් හිතුන දේ නම් වැරදියි වගේ. බලමු ඉස්සරහට, හදිසියෙ කමෙන්ට් එකක් එහෙම නොදැම්මත් මම මේ කතාව නම් අනිවාර්යෙන් දිගටම කියවනව.
ඔව් මචං. බ්ලොග් ලිවීම සදහා කාලවේලාව ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. උඹලාගේ පැමිණීමම මට සතුටක් වගේම ශක්තියක්.
Deleteකතාව දිග මදි ගතියක් දැනුනා. එක දිගට කියවගෙන යන්ට පුලුවන් හන්දා වෙන්ට ඇති.:)
ReplyDeleteසිදුහත්, අපි ලඟම ඉන්න කෙනෙක් විදියට මේ කතාවෙන් නිර්මාණය වෙලා තියනවා. බුද්ධ චරිතයේ විස්තර වෙන කෙනාට වඩා හාත් පසින් වෙනස් පුද්ගලයෙක්.
ඇත්තටම මේක කියවීමට තරම් දිගු පෝස්ටුවක් නොවේ තමයි. මොනා කරන්නද පොඩ්ඩි. ලියන්න ලැබෙන්නේ බොහෝම සීමා සහිත වේලාවක්.
Deleteඒ කොටසත් බොහොම කැමැත්තෙන් කියෙව්වා.. //ලාලසාවක්// මේ වචනයේ තේරුම මිකක් ද රතු..?
ReplyDeleteලාලසාව කියන්නේ කැමැත්ත, ආශාව වගේ තේරුමක් තියෙන වචනයක් මචං.
Delete