2012/08/06

නටබුන්පල්ලාගේ කතා වස්තුව

වී .ඇම් .ධර්මරත්න හෙවත් 
නටබුන්පල්ලාගේ කතා වස්තුව 

මීට වසර හතකට හෝ අටකට කලින් මම පොලොන්නරුවේ පලුගස්දමන මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ තිබුනු උපහාර උත්සවයක් මට තාමත් මතකයි .උත්සවය සන්විධානය කරලා තිබුනේ පොලොන්නරුවේ ගුරුලුගෝමි කුලකය විසින්. ඒ පොලොන්නරුවේ පුරාවස්තූන් රැකබලාගැනීම වෙනුවෙන් වචනයෙන් කිව නොහැකි සේවාවක් ඉටුකල කම්කරුවෙක් වගේම මුරකරුවෙකුත් වූ වී ඇම් ධර්මරත්න වෙනුවෙන් .අද වන විට මම  ධර්මරත්න අයියා පිලිබදව වග තුග කිසිවක් නොදන්නා නමුත් ඔහු හා ඔහුගේ පරම්පරාව පොලොන්නරුවේ පුරාවිද්‍යා නටබුන් අනාගත පරම්පරාවන්ට ඉතිරිකරදීමට දැක්වූ වෙහෙස කැපවීම් සහ පරිත්‍යාගයන් ලියා තැබිය යුතුමයි. මේ ලිපිය ඒ නිසාමයි .

පොලොන්නරුවේ නටබුන් ගුවනින් ගත් ජායාරූපයක් 
ඔහුගේ සම්පූරණ නම චිත්‍ර විචිත්‍ර විනේකබාහු විසේන්ද්‍රි පටබැදිලාගේ මතෙශ්හාමිලාගේ ධර්මරත්න නම් වෙයි. ඔහුගේ සීයා, බාප්පලා ,මාමලා ආදි කවුරුනුත් පුරාවිද්‍යා කැණීම්බිම්වල කම්කරුවන් විදිහට කටයුතු කල අය .1968 අවුරුද්දේ ධර්මරත්නත් පුරාවිද්‍යා කම්කරුවෙක් විදිහට සේවයට එක් වෙනවා .එතැන් පටන් පොලොන්නරුවෙ නටබුන් රැක බලා ගැනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතුකල ධර්මරත්නයන් ගේ ජීවිතකතාව ඉතාමත් අපූරුයි. එදා ගුරුලුගෝමී කුලකය අමතා මේ කම්කරුවා කල කතාවත් අකුරක් නෑර මට තවමත් මතකයි .ඒ මතකය ක්ශයවී යාමට පෙර මේ උත්තුන්ග මිනිසා මෙරට නටබුන් රැකබලා ගැනීම වෙනුවෙන් කල සෙවාව වෙනුවෙන් ඔහු එදා කල කතාව ඇසුරින් නවකථාමය ස්වරූපයෙන් සටහනක් ලියා තබන්නට මම කල්පනා කරනවා. මේ පෝස්ටුව කියවන ඔබ සැමගේම අදහස් මේ පිලිබදව බලාපොරොත්තුවනවා.
චින්තක ටිකිරිබණ්ඩාර. 

5 comments:

  1. හරි! ලියමුකො බලන්න එහෙනං.

    ReplyDelete
  2. ඒක හොද වැඩක්

    බ්ලොග් එකකට වෙනස් විදියෙ ප්‍රවේශයක්....

    .....අපෙන් සුබ පැතුම්....!!!

    ReplyDelete
  3. රාජ් ,සුමිත් අයියෙ බොහොමත් ස්තුතියි දිරිගැන්වීම් වලට

    ReplyDelete
  4. දැන් කාලේ නටබුන් වනසන, නටබුන් විකුණන මිනිස්සු ඉන්න කාලේ ධර්මරත්න කියන්නේ නියම මහත්මයෙක් බව තේරෙනවා...

    ReplyDelete
  5. ඇත්තටම නියම මහත්මයෙක්.. ඔහු ගැන කියන්න වචන නැහැ.

    ReplyDelete