2013/02/13

ගඟන බාල්කයක තත්පර කිහිපයක්.



රතු රජරටේ කලින් පළවූ අදිසි හාදුව  ගැන කතාවට මා බලාපොරොත්තු වූ තරම් ප්‍රතිචාර ලැබී තිබුණේ නෑ. හේතුව හාදුවට මුවා වී තිබූ කතාව බොහෝ දෙනා ඊට කලින් කියවා තිබීමයි. කොහොම වුණත් පෝසටුවත් ලැබුණු ප්‍රතිචාරත් නිසා ලෝකයේ ජනප්‍රියම ජායාරූප සහ පෝස්ටර් පිටුපස සැගවුණු පසුබිම් කතා සොයා යන්නට මා තීරණය කළා. මේ එලෙස මා කුතුහලකාරී අශාවෙන් සොයා ගිය අපූර්ව පින්තූර කිහිපයකින් එකක පසුබිම් කතාවස්තුවක්. 




අන්තර්ජාලයෙන් මේ පින්තූරය ඇසගැටුණු මොහොතේ මගේ සිතට පළමුවෙන්ම නැගුණු සිතුවිල්ල වූයේ මේ නම් සැබෑ පින්තූරයක් විය නොහැකි බවයි. ඇස රවටන කිසියම් ඉන්ද්‍රජාලික මායවක් මේ ලොමු දැහැගැන්වෙන පින්තූරය පිටුපස ඇතැයි මට සිතුණා. නමුත් පින්තූරය ගෙන තිබුණේ 1932 තරම් ඈත දවසක. ඒ නිසාම මේ නම් කොම්පියුටර් ජිල්මාට් එකක් විය නොහැකියැයි මගේ සිත පිළිගත්තා. වර්තමානයේ GE බිල්ඩින්ග් වශයෙන් හැදින්වෙන ඇමරිකාවේ නිව්යෝර්ක්හි පිහිටා තිබෙන ගොඩනැගිල්ල ඉදිකරමින් තිබූ වකවානුවේ හරියටම පැවසුවහොත් එහි වැඩ නිමාවෙමින් තිබූ අවසන් මාසයේ තම තේ විවේකයේදී ගොඩනැගිල්ලේ 69 මහලේ  ගගන චුම්බිතයක් මතට නැගී සිනා සපිරි මුවෙන් සල්ලාපයේ පසුවන කම්කරුවන් එකොළොස්දෙනෙක් මේ පින්තූරයට හසුකරගත්තේ මෙවැනි බියජනක,,සිත ගත කිළිපොලා යන පින්තූර ගැනීමේ සමතෙක් වූ චාර්ල්ස් ඊබට් නම් ජායාරූප ශිල්පියා විසින්. නමුත් 1932 ඔක්තෝම්බර් මාසයේ 2 වැනි දින නිවුයෝර්ක් හැරල්ඩ් ට්‍රිබියුන් පුවත්පතේ මෙම ජායාරූපය පළවූවත් එය නාදුනන ඇනෝවරයෙක් විසින් ගනුලැබූ පින්තූරයක් වශයෙනුයි සැලකුණේ. චාර්ල්ස් ඊබට් එම පින්තූරය තම එකක් බවට සහතික කරනු ලැබූවේ 2003 වසරේදීයි. 


මේ පින්තූරයට ඉදිරිපත්ව සිටින්නේ ගොඩනැගිල්ල ඉදිකිරීමට හවුල් වූ සැබෑම කම්කරුවන්. ඔවුන් බොහෝ දෙනෙකු එකම පවුලක පරම්පරා කිහිපයකට අයත් සාමාජිකයන් වශයෙන් සැලකෙනවා..පින්තූරයේ ගගන බාල්කයේ වම් කෙළවරෙහි අන්තිමයා බලන්න. වගේ වගක් නොමැතිව සුරුට්ටුවක් දල්වන ඔහු මැට් ඕ ශොග්නෙසී. දකුණු කෙළවරෙහි අන්තයේ සිටින්නේ පැට්‍රික් ග්ලයින්. ඔවුන් දෙදෙනාම අයර්ලන්තයේ සිට සෞභාග්‍යය සොයා එක්සත් ජනපදයට පැමිණියවුන්.දකුණු කෙළවරේ අන්තිමයාගේ සිට සිව්වැන්නා නොහොත් කඩල ගොට්ටක් වැනි යමක් අතේ තබාගෙන සිටින්නා ෆ්රැන්සිස් මයිකල් රැෆ්ර්ටි. ඔහුගේ දකුණු පසින් සිටින්නේ ෆ්රැන්සිස්ගේ දිගුකාලීන යාවජීව මිත්‍රයා වූ ස්ට්‍රෙච් ඩොන්හු.  ඔවුන් දෙදෙනා මීට පෙරද මෙවැනිම බාල්කයක නිදාසිටියදී චාර්ල්ස් ඊබට් විසින් ඦයාරූපයට නගා තිබෙනවා. 

කෙසේ වෙතත් මෙ පින්තූරයේ සිටින සියල්ලන්ම එකිනෙකා කවුරුන්දැයි තවමත් හදුනාගෙන නැහැ. සමහර විටෙක කිසි දිනයක හදුනාගන්නා එකකුදු නැහැ. කෙසේ වෙතත් ඔවුන් සියල්ලෝම අභීත හදවත් ඇත්තවුන් පිරිසක් බවට නම් සැකයක් නැහැ. 

38 comments:

  1. රත්තෝ නියම විස්තරය.... හිතාගන්නත් අමාරුයි මේ තරම් උසක මේ විදියට සැහැල්ලුවෙන් මේ විදියට ඉන්න හැකිද කියන එක. ඔබ මෙවැන්නක් අප වෙත ගෙනෙන්නට ගත් වෙහෙසට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලියා. අතිශයින් කාර්‍යබහුලයි.

      Delete
  2. ඇත්ත බං. මමත් ඕක දැකල තියෙනවා ඉංගිරිසි බ්ලොග් එකක. එතන එකෙක් ප්‍රතිචාරයක් දාල තිබුනා adjusted to the prevailing conditions කියලා.. මටත් හිතෙන්නේ එහෙම තමා බං, දැං බලපං මම පහුගිය දවසක ආදාහනාගාරේ අළු මුට්ටියක් ගේන්න ගියාම, ඒකේ හාදයා කෑම එකත් අතින් අරගෙන දොර ඇරගෙන ඇතුලට ඇවිල්ල මම හරි එක ගන්නකං පාඩුවේ බර්නර් එකට හේත්තු වෙලා කෑම එක කෑවා.. ඉතිං ඕවත් ඒ වගේ.. උන්ට ඒක නිර්භිත කමක් නෙමෙයි.. සාමාන්‍ය දෙයක්. මොනා උනත් සුපිරිම පොටෝවක් තමා..

    ආ.. කලින් එක බැලුවේ නැත්තේ ඒ පොටෝ එක දැක්කම ඒ ගැන කියවල තියෙන ප්‍රමාණය ඇතිය කියල හිතුන නිසා...

    ReplyDelete
    Replies
    1. තෑන්කු වේවා මචං ප්‍රතිචාරයට.

      Delete
  3. අම්මෝ... මං එහෙම නම් කලන්තේ දාලම එළොව යනවා.... එයාලට ඒ තරම් පුරුදු ඇති ඔය තරම් උසක වැඩ කරලා..

    මං මේ කල්පනා කළේ අර අපේ වල් රජා එහෙම මෙහෙම ෆොටෝ එකක් ගත්ත නම් තව කාලෙකට පස්සේ කියයි නේද අ‌ෙඩ් අර වල් රජා මොනාද කරගත්තේ මේ බිල්ඩින් එක හදද්දි නේද කියලා... හි හි... ( රජා මේක දැක්කෙ නැත්තම් හොඳයි හි හි)

    ReplyDelete
    Replies
    1. මට හොරෙන් කමෙන්ට් දාන්න... ඒවා හදේ තමයි ;)

      අපේ සයිට් එකේ එහෙම මෙහෙම එකක් ගත්තනම් එවෙලෙම ගෙදර ඈහැකි කැමරාවත් වන වන :)

      Delete
    2. හැමදාමත් ඇවිත් යනවට ස්තූතියි හිරුවෝ.

      Delete
  4. භය කියන දේ අදුනන්නෙත් නැති මිනිස්සු...මට නම් ඔහොම තැනක ඉදන් පහළ බැලුවාම ඇති...සුලුදිය පහ වෙනවා ෂුවර්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් පහළ නොබලා හිටපන්.

      Delete
  5. මට නම් දැක්කමත් කකුල් වෙව්ලන සයිස්. කොහොම හයියක් තියෙන්න ඕනෙද ගානක් නැතුව ඔහොම ඉන්න. හම්බෝ ..

    ReplyDelete
    Replies
    1. හම්බෝ ? හප්පේ..... යන එනවට ස්තූතියි බණ්ඩා.

      Delete
  6. තවත් අපූරු ලිපියක් රතු.. මේ ලිපි දෙකටම මම උපරිමයෙන් කැමතියි.. පින්තූරය පිටු පස තියන කතාව තමයි හැම වෙලේම රසවත් වෙන්නෙ.. තව මේ වගේ අපූර්ව පින්තූර ගැන හොයලා පල කරනන් කියලා ඉල්ලා සිටිනවා..

    මේක දැක්කමත් මගේ ඇඟ හිරි වැටෙනවා.. ඔවුන් වගේ වගක් නැතුව හිටියට.. කොච්චර නිර්භීත කමක් තියෙන්නෙ ඕනාද ඔය වැඩේට..

    ඉස්සර සේෆ්ටි කතන්දර මුකුත්ම තිබිලා නෑනෙ.. දැන් කාලෙනම් ඔය ජාතියෙ පින්තූර ගන්න හම්බෙන්නෙ නෑ.. ඇමෙරිකාවෙදිනම්.. සමහර විට අප්‍රිකාවෙදි වගේ පුලුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙදි තාම පුළුවන්. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

      Delete
    2. අනිවාර්යෙන්ම මේ වගේ නොද්න්නා දේ ගැන රසවත් ලිපි කියවන්න මමත් බොහෝම කැමතියි සෙන්නා.

      Delete
  7. මේක නිර්භීතකමක් නෙවෙයි. එකක් කවුද කලින් කිවා වගේ පරිසරයට අනුවර්තනය වීම. අනෙක වෙන විකල්පයක් නැති කම (කෑම එකත් අරගෙන තට්ටු ගාණක් පහළ බහින්නද කියන්නේ) තුන්වැනි එක සංශුද්ධ මෝඩකම. එදා විතරක් නෙවෙයි අදත් කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලා මේ වගේ ගොන් කම් කරනවා. WTC එකේ තිස් වෙනි මහලේ වීදුරු ගලවලා අළුතින් දාන හැටි බලාගෙන ඉඳලා මගේ ඇඟේ ලේ වතුර වුණා. කිසිම ආරක්ෂාවක් නැතුන - නැති කමට නෙවෙයි කම්මැලි කමට. දසමයක් එහා මෙහා වුණා නම් බඩු බනිස් තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව... අ‌ෙප් අයගේ සේෆ්ටි එක වෙනුවෙන් කම්පැණි එකෙන් දුන්න හෙල්මට්, ජැකට්, බූට්, හරියට පාවිච්චි කරනවද කියලා බලන්න වෙනම ඔෆිසර් කෙනෙක් දාන්න උනා කියලා අපේ තාත්තා කියලා තියෙනවා... ඒවා දුන්නත් කම්මැලිකමට පාවිච්චි කරන්‌ෙන් නෑ.... ලේසියට පරිස්සමක් නැතුව වැඩකරලා අනතුරු උනාම කම්පැණි වලට බනිනවා...

      Delete
    2. අපේ දඩය 5000යි.. අහුඋනාම වදින්නේ නැති ටික විතරයි!

      Delete
    3. දැන්නං ඔය රජාල සයිට් එක ක්ලින් කරන්නත් කලිං ගහන්නේ මොකක්දි, සේෆ්ටි ෆස්ට් කියන දඩ බෝඩ් එක.. නේද රජෝ..

      Delete
  8. උන්ට පුරුදුයි බං...

    මට පලංචි සෙට් දෙකක් උඩට නැග්ගමත් නිකන් මොකද්ද මොකද්ද වගේ... ටවර් ක්‍රේන් එකටවත් නැග්ගෙ නැති එකානේ..මෙතෙන්ට ගියානම් පපුවේ අමාරුව හැදිලා මැරෙන්නේ. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete


  9. තට්ටු 50, 100 ඒවා නැති උනාට මචන් මේ වගේ කොච්චර
    අවදානම් ඇති තැන් වලට අපේ මිනිස්සු රු 500 හොයන්න
    යනවද ? රිප්ලීස් බිලීවිට් එකෙත් මන් දැක්ක ඔය වැඩසටන්
    ගැන ලොකු දෙයක් ..

    ( මිහින්තලේ මුදුනට තාම නැගපු නැති එකෙක් මන් :D )

    ReplyDelete
    Replies
    1. ඔයත් හරියට විමල් වීරවංස වගේ... හෙහ් හෙහ්..

      Delete
    2. පේනවා නේද විජාතික බලවේග වචනයක්
      වරදින්න බැහැ :D

      Delete
  10. මම එහෙම ඔකේ හිටියා නම් කකුල් දෙක වෙව්ලලා බිමට වැටිලා මෙලහකට මැරිලා.

    ReplyDelete
  11. මම නම් දකින්නෙ Safety Standards වලින් අද ලෝකෙ කොයි තරම් ඉස්සරහට ගිහින්ද කියලා. මේක මෝඩ කමම නෙවෙයි. එදා තිබිච්ච ආකල්ප. මතකනෙ හෙල්මට් සීට් බෙල්ට් එයා බෑග් එන්න කලිනුත් මිනිස්සු නිකම්ම වාහන පැදෙව්වා. ඒ මෝඩ කමට නෙවෙයිනෙ. එදා තිබ්බ දැනුම.

    ReplyDelete
  12. මේ ෆොටෝ එක ජංජාලෙදිම මමත් කලින් දැකල තියෙනව, ඒත් ඒ ගැන විස්තර මොකුත් දැනගෙන හිටියෙ නෑ, ඇත්තෙන්ම මම හිතුවෙත් පස්සෙ කාලෙක කවුරුහරි හදපු එකක් වෙන්න ඇති කියල.

    ඇතත්ටම මටත් උඩකට නැග්ගම කකුල් වෙවුලනව. කොටින්ම ගෙදර වහලෙ උළු කැටයක්වත් මාරුකරන්න මම උඩ නගින්නෙ නෑ, ඒකට ඉතිං එක හේතුවක් අපේ අම්ම කියන්නෙ උඹ නැග්ගොත් උඹේ බරට හොඳට තියෙන උළුත් ආයිත් දාන්න වෙයි කියල.

    ReplyDelete
  13. අපේ අත්දැකීම් එක්ක මේවා රජ වැඩ වුනාට, මේවා එයාලට ටොයිස් වැඩ. මම සහතික කරලා කියනවා එයාලගේ රාජකාරිය මීට වඩා අවදානම් කියලා. මේක දැක්කම මතක් වෙන දෙයක් තමයි
    "ලිප ගිණි මෙළවෙන තෙක් දිය සැලියේ - සැපයක් යයි කකුළුවා දිය කෙලියේ" කියන ප්‍රසිද්ධ කවි ප්‍රස්ථා පිරුල.

    ReplyDelete
  14. අම්මෝ සිගා එකක් ගහන්න ගියපු තැන, මුන් එකෙක්වත් වැටිලා නෑද්ද කියල හොයල බැලුවේ නෑද්ද

    ReplyDelete
  15. මගේ අම්මෝ මටනම් ඔච්චර උඩකට යන්න බයයිලු.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔය කැමරාව විසි කරහන්. බලහම්කො ඒ දවස්වල කැමරාමන්ලා.

      Delete
  16. හිතේ සැහැල්ලුවෙන්, බය නැතුව ඉන්නවා නම් මේක එච්චර ගේමක් නෙමේ වගේ :D

    ReplyDelete
  17. හිත බය නැති මිනිස්සු. මං නම් ෆොටෝ එක බා ගත්ත. හැකි වෙලාවට මේ වගේ විස්තර දාමු තව.

    ReplyDelete
    Replies
    1. හැකි හැම වෙලාවකම චන්දන.

      Delete
  18. Replies
    1. දැන් මේ ලංකාවෙ පොලිටිකල් නෑ මචං.

      Delete
  19. මාද මෙම ඡායා රූපය පෙර දැක තිබෙනවා. පෙර සිතුවේ කොම්පුටර් ජිල්මාට් වැනි වැඩක් දෝ කියා. නමුත්, අද එහි යට ගියාව දැන ගැනීමට ලැබුණි. කොහොමත් කම්කරුවා මරණයත් සතුටත් අතර ජීවත්වන බව ඡායාරූපයෙන් පෙනෙනවා.

    ReplyDelete
  20. මගෙ අම්මෝ............ එක්කෙනෙක්වත් බිමට වැටුනේ නෑ කියල ෂුවර්ද...?

    ReplyDelete
  21. එල එල නොදන්නා යමක් දැන ගත්තා

    ReplyDelete
  22. බුදු අම්මෝ.. මේක දැකලා මගේ කකුල් දෙක වෙව්ලනවා වගේ

    ReplyDelete