2013/04/29

තාත්තාගේ තුවක්කුව වෙනුවට චෙලෝවට පෙම් බැඳීම


හෘදයාංගම භක්තියකින් "චෙලෝව" වැලැඳ සිටින ඔහු දකිත්ම ඔහුගේ වග වාසගම් මනාව දන්නා ඕනෑම අයෙක් අසන ප්‍රශ්නය වන්නේ "ඇයි තාත්තා වගේ නළුවෙක් නොවුණේ?" යන්නයි. මිනිසාගේ අතීත මානව පූර්වජයන්ගේ පටන් පැවැත එන "තාත්තා කළ දේ පුතා කිරීමේ සම්ප්‍රදාය" කුඩුපට්ටම් කොට දැමූ ඔහු කයිල් ඊස්ට්වුඩ් (Kyle Eastwood) නම් වෙයි.වඩාත් පැහැදිලිව කීවොත් සර්ජියෝ ලියෝන්ගේ ''dollars'' චිත්‍රපට මාලාව හරහා හොලිවුඩයේ අසහාය ගොපලු වීරයා වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ පුත්‍රරත්නය ඔහුයි


. නමුත් තාත්තාගේ යෝධ ප්‍රතිරූපයේ පිහිටෙන් පහසුවෙන්ම යා හැකි වූ "සිනමා සරණ" පසෙකට කළ මේ පුත්‍රයා තමා කුඩා කල පටන් ලාලසාහී වූ ජෑස් සංගීතය ජීවිතය කොට ගත්තා. අද ඔහු සුප්‍රකට ජෑස් සංගීතඥයෙක්. නොබෝදා කයිල් ඊස්ට්වුඩ්ගේ "The view from here" නම් නවතම සංගීත ඇල්බමය නිකුත් වූවා.

එහිදීත් බොහෝ මාධ්‍යවේදීන් තම සන්තෘප්ත නොවූ කුතුහලකාරී ආශාවෙන් කයිල්ගෙන් විමසුවේ පහසුවෙන්ම සිනමා තාරකාවක් වීමේ වාසනාවට පස්ස හැරවූයේ ඇයි යන සුපුරුදු සරල පැනයයි. තම නව සංගීත ඇල්බමය ගැන කරුණු කියන්නට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ කයිල්ට සිදුවූයේ තමන් ජෑස් සංගීතය තෝරාගත්තේ ඇයි දැයි පැහැදිලි කිරීමටය.




කයිල් ජෑස් සංගීතයට ඇලුම් කරන්නට පටන්ගත්තේ ඔහු 8 වැනි වියේදී නරඹන්නට ගිය ජෑස් සංගීත සන්දර්ශනයක් නිසාය. අට වැනි වියේදී ඔහු ලද එම දීප්තිමත් අත්දැකීම කයිල්ගේ ජීවිතය වෙනස් මඟකට හැරවූවා. අනෙක් අතට ස්වභාවයෙන්ම වඩාත් නිවැරැදිව පවසතොත් ප්‍රවේණියෙන්ම සංගීතයට ළබැඳි ස්වභාවයක් කයිල් ඊස්ට්වුඩ් හට හිමිව තිබුණා. ඔහුගේ මිත්තණිය "ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ" හඬ පුහුණු කිරීමේ ගුරුවරියක්. කයිල්ගේ මව මැගී දක්‍ෂ පියානෝ වාදන ශිල්පිනියක්. ඔහුගේ සුප්‍රකට පියා වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් පවා ජෑස් සංගීතයට ආදරය කළ පියානෝ වාදනයේ සුරුබුහුටිකම් ඇත්තෙක්.

"මගේ මුළු පවුලම සංගීත ලෝලියෝ. විශේෂයෙන්ම තාත්තයි, අම්මයි දෙන්නම ජෑස් සංගීතයට ලොකු කැමැත්තක් තිබුණා. ඒ කාලේ ඒ දෙන්නා මාවත් වඩාගෙන ජෑස් අහන්න යනවා. එතකොට අපි හිටියේ කැලිෆෝනියාවල. ඉතින් අපිට හරිම ළඟයි මොන්ටියෙරි ජෑස් සන්දර්ශනයට. මම බොහොම වාසනාවන්ත වුණා ජෑස් සංගීතයේ රජවරු වෙච්ච ස්ටෑන් ගෙට්ස්, ඇලන් ෆිට්ගෙරල්ඩ්, සාරා වෝහන්, ෆිල් එවන්ස් සහ බඩී රිච් වගේ අය සජීවීව වාදනය කරනවා දකින්න"

ඊස්ට්වුඩ් පවුලට පියානෝව කෙතරම් සමීපව තිබුණා වුවත් ජෑස් සංගීතයට ආසක්ත වන කයිල් ළංවන්නේ ද්විත්ව තත් චෙලෝවටයි. එය සුවිශේෂී කාරණාවක්. ඔහුගේ නවතම සංගීත ඇල්බමයෙහිත් එම "ද්විත්ව තත් චෙලොව" ඉතාමත් කෘතහස්ත ආකාරයෙන් යොදාගෙන ඇති ආකාරය from rio to havana  නම් නිර්මාණයෙන් පෙනෙනවා. එය සීමාසහිත කම් යටතේ අන්තර්ජාලයෙන් රසවිඳින්නට හැකියි.

ඊස්ට්වුඩ්ගේ නවතම ඇල්බමයේ ටයිටලය "The view from here" යන්න ඔහුගේ පළමු ඇල්බමය වූ "There to here" යන්න සමඟ කුමක්දෝ නෑදෑකමක් පෙන්වනවා. එකිනෙකාට වෙනස් සංස්කෘතීන් ගණනාවක් අතර සංචාරය කරමින් කයිල් ඊස්ට්වුඩ් නිර්මාණය කොට ඇති බැව් පෙනෙන මෙම නව සංගීත ඇල්බමය තම ප්‍රථම ඇල්බමයේ පරිපූර්ණ අවසානය යැයි කයිල් කියා සිටියා.

"The view from here" හි උතුරු සහ බටහිර අප්‍රිකානු සංගීත ආරයන් ගණනාවක් මුසුව තිබෙනවා. 2009 වර්ෂය පුරාම මම දකුණු අප්‍රිකාවේ සිටිමින් අප්‍රිකානු මහද්වීපයේ සාම්ප්‍රදායික සංගීත සම්ප්‍රදායන් ගැන පර්යේෂණ කළා. එම හැදෑරීම නිසා මට පුළුවන් වුණා Art Blakey සහDuke Ellington(සම්මාන ලාභී ජෑස් සංගීතඥයන් දෙදෙනෙකි) වැනි අප්‍රිකානු මුල් තියෙන සංගීතඥයන් දෙදෙනාගේ මියුසික් වෙනදාට නොඅසන තත්ත්වයකින් අහන්න" විසිවැනි ශතවර්ෂයේ දකුණු එක්සත් ජනපද කළු ජාතික ප්‍රජාවන් තමන් ඇසුරු කළ යුරෝපීය සමාජයන්ගේ සංගීත සම්ප්‍රදායන් සහ ස්වකීය අප්‍රිකානු සංගීත ආරයන් ඇසුරින් බිහිකරගත් ජෑස් සංගීත සම්ප්‍රදාය පිළිබඳව කයිල් ඊස්ට්වුඩ්ගේ මෙම පර්යේෂණාත්මක එළැඹුම අමෙරිකානු ජනප්‍රිය සංස්කෘතියේ "ජෑස්" සම්ප්‍රදායේ නව දිශානතියක් සනිටුහන් කරනු ඇතැයි විචාරකයන් විශ්වාස කරනවා.

කෙසේ වෙතත් රජුගේ පුතා රජකමටත්, නළුවාගේ පුතා නළුකමටත්, ගොවියාගේ පුතා ගොවිකමටත් යන ලෝකයේ තහවුරු වූ මහා සම්ප්‍රදාය වෙනස් කළ කයිල් ඊස්ට්වුඩ් අද ඔහුගේ ප්‍රියතම ජෑස් පුරෝගාමීන් වූ ආර්ට් බ්ලෙකී සහ ඩියුක් එලිංග්ටන් අනුව යමින් යුරෝපයේ පිළිගත් ජෑස් සංගීතඥයෙක්. එපමණක් නොවෙයි ඔහු තම පියා අධ්‍යක්‍ෂණය කළ, නිෂ්පාදනය කළ සහ රඟපෑ චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්‍ෂණය කළා. ඒ අතුරින්The Rookie (1990), Mystic River (2002), Million Dollar baby (2004), Flags of our Fathers (2006) සහ Gran Torino (2008) අමතක කළ නොහැකි චිත්‍රපට. ඒ වගේම 2006 වසරේදී චිකාගෝ සිනමා විචාරක සංසදයේ සම්මාන උළෙලේදී Letters from lwo jima චිත්‍රපටයේ සම සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් කයිල් නාමයෝජනා වූවා.

නමුත් කයිල් බැබළුණේ තාත්තගේ රැස්වළල්ලේ පිහිටෙන් නොවේ. කුඩා කල සිට තමන් ළබැඳි වූ විෂයෙහි සතත අභ්‍යාසයේ දිගින් දිගටම පිහිටමින්. මාධ්‍යවේදීන් තමන්ගෙන් නිතර නඟන සුලබ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කයිල් වරෙක මෙලෙස පැවැසුවා.

"තාත්තා මට බොහොම කිට්ටුයි. නමුත් ඒ ඔබ දන්නා ක්ලින්ට් ඊස්ට්වුඩ් නම් තාරකාව නොවෙයි. ඔහු මගේ තාත්තායි. මගේ ජෑස් උමතුවට ඔහු උදවු කළා. ඒ ක්ලින්ට් ඊස්ට්වුඩ් ලෙසින් නොවෙයි, මගේ තාත්තා වශයෙන්"

පසු සටහන්. 
මෙම ලිපිය මා මව්බිම පුවත්පතෙහි කලා අතිරේකයට ලියන 'වින්දන' කොලම වෙනුවෙන් රචනා කරන ලද්දක්. බක්මාසයේදී බ්ලොගිය පාළුවී යාමට ඉඩනොදීම පිණිස එය මෙහි පළකරන ලද බැව් කරුණාවෙන් සලකන්න.

34 comments:

  1. රත්තෝ නියම ලිපියක්. අදනේ දන්නේ හරියටම ඔබ කවුද යන වග..මවුබිමේ ඉන්නේ ඉතින් අපේ සගයෝ ටිකක් නේ..

    ReplyDelete
    Replies
    1. උඹව මුණගැහෙන්න ආශාවෙන් ඉන්නේ නලින් අයියේ. වෙලාවක එන්නම් බේරේ ගෙදරට. ස්තූතියි ඇගයීමට

      Delete
  2. යකෝ පත්තරෙන්ම හොයාගෙන ආඩම්බරෙන් කියවන්න ඕන..

    බ්ලොගර් කෙනෙක්ගෙ ලිපියක් නොවැ :)

    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං.
      අපි සිංහල බ්ලොගර්ස්ලා වශයෙන් ආඩම්බර විය තැනකට තවම ඇවිත් නෑ.

      Delete
  3. පත්තරේ හොයන් කියවන්න ඕන එතකොට රතුරටරජ කවුද කියලත් දැනගන්න පුළුවන්නේ :)

    ReplyDelete
    Replies
    1. මම හැංගිලා නෑ නිශාන් මල්ලි.
      ඔන්න උඩින්ම තියෙනවා මගේ නම.

      Delete
  4. මම හිතුවා උඹේ ලිවිල්ලෙන්, උඹ පොරක් කියලා... බොහොම පින් මේ වගේ ළිපි බ්ලොග් එකේ දානවට.. පත්තර කියවන එක බොහොම අඩුයි නොවැ දැන්.. පත්තරයක් ගන්න සල්ලි මදි.. කන්නම සෑහෙන ගානක් යනවනේ.. සල්ලිවලට ගන්නේ රාවය විතරමයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචං අගය කිරීම ගැන .
      .ඇත්තම කීවොත් රාවය විතරයි කියවන්න රසවිදින්න යමක් තියෙන පත්තරේ. ඒක පිළිගන්න ඕනෙ කාරණාවක්.

      Delete
  5. මම Jazz සංගීතයට නම් එතරම් ඇල්මක් දක්වන්නේ නෑ.
    නමුත් තාත්තා නොකරපු දේ නිකරන එකා නොට්ටිගේපුතා කියන මතයට පහරක් එල්ල වෙච්ච අවස්ථාවක් අපේ ඇහැට එඟිල්ලෙන් ඇනලම පෙන්නලා දීලා තියෙනවා.
    ක්ලින් ඊස්ට්වූඩ්න මගේ ප්‍රියතම නලුවෙක් තමයි. දැන් ඊස්ට්වුඩ් වැඩිපුරම කරන්නේ අධ්‍යක්ෂණය මම දන්න විදියට.

    මම නම් දන්නවා රත්තා ඔය පත්තරේ වැඩ කරන බව, මොකද කලින් පෝස්ට් එකක ඒ පි‍ටුවකට ලින්ක් එකක් හෙම දීලා තිබ්බේ, අර සම්මුඛ පරීක්ෂණයක් ගැන.

    ReplyDelete
    Replies
    1. ක්ලින්ට් ඊස්ට්වුඩ් හෙවත් නමක් නැති මිනිසා මගේත් ප්‍රියතම නළුවෙක්. ඇත්තටම කෛයිල් ඊස්ට්වුඩ් ගැන කියවන්නට පෙළඹුනේත් ඔහුගේ වාසගමේ හුරුපුරුදු කම නිසාමයි. ඔහු අධ්‍යක්ෂණය කළ ලෙටර් ෆ්රොම් ඉවොජිමා ඔස්කාර් නාමයෝජනා සඳහා ඉදිරිපත්වූවා. ඔහු ඊයේ ටෙලිග්‍රාප් පුවත්පතට කියා තිබුණා තමන් වයස අවුරුදු 105 දීත් චිත්‍රපටවල වැඩකරන්නට කැමති බව.

      ස්තූතියි හෙන්රි අයියේ.

      Delete
  6. මටනම් ඔය ක්ෂේත්‍රය ගැන තියන දැනුම මදි.. හැබයි එකක්, ඔහු අපේ ගොඩක් පුත්‍රයන්ට හොඳ ආදර්ශයක්..

    ලියන ලිවිල්ලෙන් අපි දැනගෙන හිටියා රතූ කියන්නෙ හොඳ ලියන්නෙක් තමා කියලා.. අද තමා කවුද, කොහෙද කියලා හරියටම දැනගත්තෙ..

    ජය !!

    ReplyDelete
    Replies
    1. http://www.mawbima.lk/48-21872-news-detail.html

      me thiyenne senna...

      Delete
    2. ඇත්තටම මචං අපේ පුත්තරයලා කෙළින පිස්සුවල හැටියට කෛයිල් ඊස්ට්වුඩ් අදහන්න වටින මිනිහෙක් සෙන්නෝ.

      --සහන්.-
      ස්තූතියි මචං ලින්කුවට

      Delete
    3. ස්තූතියි සහන්, ඔන්න මව්බිමත් බුක්මාර්ක් කරගත්තා..

      Delete
  7. නොදත් කරුණු ගොඩක් දැනගත්තා.

    ReplyDelete
  8. නොට්ටිගේ පුතාලට හොද යමක් ගන්න පුලුවන් ලියුමක්....
    බොහෝම ස්තුතියි,අළුත් දෙයක් බෙදා ගත්තාට.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං මේ පැත්තට ගොඩවුණාට.
      උඹෙ අයිපීඑල් කතාව නම් මම කලින්ම කියෙව්වා.

      Delete
  9. ඇයි රතු...චිත්තියත් ටිකක් ඒ වගේ නේද...අම්මා තාත්තා ඔරියෙන්ටල් කලාට ඌ ඊට හාත්පසින්ම වෙනස් වෙස්ටර්න් හාඩ් රොක් නේ කරන්නේ...ඇයි එතකොට ජේ ආර්ගේ පුතා රවි.....මිනිහත් සැහෙන්න වෙනස්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත චිත්තියත් ඒ වගේ පොරක්. හිතහන් ඌ පිටරට ගිගින් හාඩ් රොක් වල හදවත කියන්න පුළුව්න් ජර්මනියේ සින්ග් කරනවායි කිව්වම සෙල්ල්ම් කෙරුවාවක්ද?
      මට රවී ජයවර්දන ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ මයියෝ.

      Delete
    2. රවී ජයවර්ධන නේද STF එකේ නිර්මාතෘ.. මයියා කියන්න හදන්නෙ එයා දැන් හැදෙන පුත්‍රයලා වගේ තාත්තගේ බලයෙන් දේශපාලනේ කොරන්නැතුව..ස්වාධීනව වෙනම ගමනක් ගිය එක ගැන වෙන්න ඇති..

      Delete
  10. බොහොම සතුටුයි රතු ...මම කිව්වේ දවසක්
    ඔයා කැමති විදිහට සෙල්ලම් කරන්න ...
    අපි ආසයි බලන් ඉන්න ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ ..මට මතකයි උබේ ඒ කොමෙන්ට් එක.

      ---------------ඔයා බෝල රකින්න ඕනේ රත්තො ,
      නෑ එක්කෝ බෝල දාන්න රතු ,
      නෑ නෑ එක්කෝ බැට් කරන්න ,
      නෑ ඔයා අන්ෆයර් කරන්න ඕනේ!



      අනේ ඕන එකක් කරපන් මචෝ..රට්ටුන්ට ඕනේ ඕනේ
      ඒවා කරලා බැහැ ..අපිට ඕනේ ඒවයි අපි කරන්න ඕනේ...-------------

      Delete
  11. පියාගේ අඩි පාරේ යමින් පියාගේ නමෙන් බැබළෙනවාට වඩා තමන්ගේ පාරේ ස්වාධීනව ගමන් කරන එක වටිනවා. ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ පුතා කයිල් ඊස්ට්වුඩ් කියනවාටත් වඩා කයිල් ඊස්ට්වුඩ්ගේ තාත්තා ක්ලින්ට් ඊස්ට්වුඩ් කියලා මිනිසුන්ගේ හිතේ රඳවන්න ඔහු සමත් වේවි :)

    ReplyDelete
    Replies
    1. ඒ කාරණාව ඇත්ත හසිත. මම අහවල් තාත්තාගේ පුතා කියනවාට වඩා මේ අහවල් පුතාගේ තාත්තා කියන එක කොයිතරම් නම් හොඳයිද?

      Delete
  12. හොඳ පුත්‍රයෙක්.. පියෙකුට ආභරණයක් වුනු පුත්‍රයෙක්.. ලිපියට ස්තුතියි රතු..!

    ReplyDelete
  13. හොඳ පුත්‍රයෙක්.. පියෙකුට ආභරණයක් වුනු පුත්‍රයෙක්.. ලිපියට ස්තුතියි රතු..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං. මේ පැත්තට ගොඩවුණාට.

      Delete
  14. පෝස්ට් එක පරන උනත් අදයි කියවන්න ලැබුනෙ.ක්ලින්ට් ඊස්ට්වුඩ් ගෙ පුතා ගැන නොදත් දෙයක් කියෙව්වා. එයා ‍තෝරගෙන තියෙන්නෙ අමාරු පාරයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොමත් ස්තූතියි නිල් නෙළුම් අක්කේ.

      Delete
  15. අපිට කියන්න බැහැ බුදු හාමුදුරුවෝ කියන කෙනා දන්නවා කියලා.එයත් කාගේ හරි අතකොළුවක් වෙන්න පුළුවන්.බුඩිස්ට් කියන අය ගැන නම් පිළිකුල්.බුදු හාමුදුරුවෝ කියන කෙනත් රස්සාවක් නැතුව කාල බීලා ඉන්න සිස්ටම් එක හදත්තා.මිනිස්සු රැවටිලා ඉන්නවා.ජොබ් එක නොකර කන්න පුළුවන් බුඩිස්ට් අයට.යෝනිය කියන්නේ වැජයිනා එක නේද සිංහලන්?හැම වෙලේම යෝනියෙන් නේද බලන්න කියන්නේ බුඩිස්ට්.ජරා කෙනෙක් බුඩිස්ට්.ඔය කතාව බ්ලොග් එකක මන් දැක්කේ.ඔයාලම පිළිගන්නවා ඔයාලගේ ආගම ජරා කියලා.

    ඇයි බන් මයියා ලියල තියෙන්නේ බුදු හාමුදුරුවෝ යෝනිය ගැන කියන්න ගිහින් අනාගත්ත කියල ලිපියක්. ඒක ගැන වෙන්න ඇති මේකා කියන්නේ.
    http://maiyyagelokaya.blogspot.sg/2013/05/whither-buddhism-on-feminism.html


    නොදකින් මේ වගේ සක්කිලි හැත්ත.මුන් හිතන් ඉන්නේ පොඩ්ඩක් දැනගත්තම පක්කු කියලා.මුන්ට වැහි නැති හෙණ වදින්න ඕනේ බෞද්ධාගමට අපහාස කරනවට.අම්මෙක්ගේ කුසෙන් ජාතක උනා නම් ඔය වගේ බලු පෝස්ට් දාන්නේ නැහැ.උගේ ගෑණිගේ යෝනිය ගන්න බැරිද දන්නේ නැහැ පැය දෙකකට.


    රවී කියන වේසිගෙ පුතා තමයි වැඩේ දීලා තියෙන්නේ.බලපන් උගේ කමෙන්ට් එක.
    රවිගේ බලු කමෙන්ට් එක

    \\\\\ප්‍රශ්නයක් දිහාවෙ යෝනියෝමනසිකාරයෙන් බලන්න කියලයි එතුමා කිව්වෙ...ඉතිං මොකක්ද ඒ කියන්නෙ?...ඕනම ප්‍රශ්නයක් දිහා යෝනිය හිතේ තියාගෙන බලන්න නිවැරදි පිළිතුර ලැබෙන්නෙ එතකොට කියලයි ඒ කිව්වෙ..\\\\\\

    නොදකින් මේ වගේ ගස් බල්ලෝ.

    නැහැ රතු රජරට මෙතන බලු වැඩේ කරලා තියෙන්නේ මයියා රවී කියන වසලයෝ දෙන්නා.අපි ඉවත් කරන්න ඕනේ උන්ගේ බලු පෝස්ට්.නැතුව මේ මුල් කමෙන්ට් එක දාපු කෙනා පළි නැහැ.බලපන් කෙළින්ම යෝනිය සහ බුදු හාමුදුරුවෝ සමාන කරලා පෝස්ට් එකක් දාල.තව මොනවද.ආගමට දහමට ගරහන වසලයෝ.

    ඇයි මකන්නේ ඔයාලා බුඩිස්ට් කරන ජරා කවර් කරනවා.බුඩිස්ට් ජරා කෙනෙක්.

    ReplyDelete
  16. ස්තූතියි, මාව හොයාගෙන ඇවිත් මං සළකුණු තිබ්බ නිසා මේ පැත්තෙ ආවෙ. ඔබෙන් කියවා දැනගන්න බොහෝ ඇති බව පෙනේ. දිගටම එන්නම්.

    ReplyDelete
  17. චෙලොව යනු කුමක් ද

    ReplyDelete