2015/12/23

ජේම්ස් ට එරෙහිව කේකේ...

කි‍්‍රෂ්ණකුමාර් කුන්නත් හෙවත් කේකේ ගැන දැැනගන්න කලින් මම ඔහුගේ ගීත ගණනාවක් අහලා තිබුණා.ඇත්තටම ජේම්ස් නිසා තමයි කේකේ ගැන හොයන්න පෙළඹුනෙත්.එතකොට මම මුලින්ම කියන්න  ඕනේ ජේම්ස් ගැන නේ.මම හිතන්නේ සාක් ආසියාවේ ඉන්න හොදම රොක් ගායකයා ඔහු කියලයි.ඔබ තමුන්නාසේලා ට තව වෙනත් අදහස් තිබෙන්න පුළුවන්.මේක මගේ පුද්ගලික අදහස විතරයි.

එකවරම ජේම්ස් කියන රොක් ගායකයා හිතට නොඑන්න පුළුවන්.නමුත් මෙහෙම කිව්වොත් මතක් වේවි.අර ගැන්ග්ස්ටර් චිත‍්‍රපටයේ බිගි-බිගි බිගි ගීතය ගායනා කරන්නේ ඔහු.දැැන් මතකයි මම හිතන්නේ.මේ බංගලි ජාතික ගායකයා ගේ හඩ පෞරුෂය හොදින්ම පැහැදිලි වෙන තවත් ගීතයක් තමයි life in metro චිත‍්‍රපටයේ එන අල්විදා ගීතය. 

අල්විදා ගීතය තමයි මෙම පෝසටුවේ වර්තන ලක්ෂ්‍යය  මොකද කියනවා නම්, කි‍්‍රෂ්ණකුමාර් කුන්නත් හෙවත් කේ.කේ මේ පෝස්ටුවට සම්බන්ධ වෙන්නේ අල්විදා ගීතය හරහා.ඒ චිත‍්‍රපටයේ අල්විදා ගීතය ජේම්ස් වගේම කේකේ ත් ගායනා කරනවා.


ගායානාව සහ ප‍්‍රතිගායනාව එකිනෙකට නොපරදින තරම් තියුණුයි.ජේම්ස් වැඩි වශයෙන් බොලිවුඞ් ගායනා කරලා නොතිබුනා වුවත් ඔහුගේ ගායනාවන් කිහිපය අතිවිශිෂ්ටයි. ඒ වගේම කේකේ ට ඇත්තේ තියුණු මෘදු පිරිමි හඩක්.ගායනාවේ ඇතැම් තැන්වලදී ඔහුගේ උස් තානයන් අසමසමයි.




මේ ගායනාවන් දෙකම වෙන වෙනම ඇසූවා නම් මේ කාරණා වඩාත් හොදින් ප‍්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වේවි. 



6 comments:

  1. Replies
    1. හායි මෙයා...

      (මෙම කොමෙන්ට්ටුව පෝස්ටුවට අදාල නොවන වග සලකන්න)

      Delete
    2. ප්‍රසන්න,

      උඹ පොස්ට් එකට අදාල කමෙන්ට් එක දාන්න හිතන් ඉන්නේ කවදා දිහාට විතරද ??

      Delete
    3. පොඩ්ඩක් හිටිං හෙට දිහාට දාන්නං.

      Delete
  2. දෙන්නා ගැනම ඇහුවෙ අදයි ඕන්...

    ReplyDelete
  3. මම කේ.කේ. ගේ එක මුළින් ඇහුවා. ජෙම්ස්ගේ එක ඇහුවේ පස්සේ. කේ.කේ. ගේ හඬේ තියෙන තීව්‍රතාවය ප්‍රබලයි. මට ඒ නිසා ජේම්ස්ගේ ගීතය ඩුප්ලිකේට් වගේ දැනුණා.

    ReplyDelete