2012/09/29

සිහින හොරු අරන්...


සිහින හොරු අරන්... 

නිමිත්ත 
නියඟයට අසුව ,දා ගිය කුඹුරු යාය දෙස බලා 
සොව සඟවා සිනාසෙන්නට වෙර දරන තාත්තේ ......


කිමිඳ නයනේ අනෝතප්තේ කළඹනා කල දිළිහෙනා.. 
කොපුල මත වැගිරෙන්න අකැමැති කදුළු උල්පත හමුවුණා 

විසුළ මුතු ඇට තරම් බිජුවට බොල්ව ගිය කල වියළිලා 
වපුළ සිනහව නෙළාගන්නෙ කොහොමදැයි මා සැනසිලා 

දෙපය පිරිමැද නැගුණු කරගැට සතපවන්නට නොවපමා 
සිදුණු දියවර ඇළවේලි මග සුළඟ සමගින් ඇවිදලා 

අහස නෙත්විද වැහි වළාකුළු ඉසව්වක ඉව සොය සොයා 
ගමන නොනිමූ බයිසිකලයේ ඉකිය මතකයේ තැවරුණා 

හිතක පොදි බැඳි පැතුම් අහුළා පොතක තැන්පත් කර තියා 
දිනෙක පීදෙන මහරු අස්වනු නෙළාගන්නට මගබලා 

ඇමති මැතිවරු ළබැදි සිත්පා සඳ ද තරුකැට බිම තියා 
සිහින පොදියෙන් ඔබේ සිහිනේ ටිකින් ටික හොරකම් කළා ..

12 comments:

  1. ජාතියට බත සපයන අපේ පියවරුන්ට මෙදා පොටේ වෙච්ච දේ ගැන අපිටත් දුකයි...

    ReplyDelete
    Replies
    1. මෙදා පොටෙ විතරක් නෙවෙයි සිරා හැමදාම හැම පාලකයෙක්ම ගොවියන්ව ගොනාට ඇන්දුවා. වෙනසකට තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව නිර්ලජ්ජිත සහ නිරදය විදිහට ඒක කරපු එකයි.

      Delete
  2. මේ blog එකට බ්ලොග් රෝල් එකක් එකතු කරනවා නම් කියවන්නන්ට ඒක ලොකු පහසුවක් වේවි

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත, ඒක හොද යොජනාවක්

      Delete
  3. \\ඇමති මැතිවරු ළබැදි සිත්පා සඳ ද තරුකැට බිම තියා
    සිහින පොදියෙන් ඔබේ සිහිනේ ටිකින් ටික හොරකම් කළා ..//

    ඕක තමයි ඉතින් හුගක් දුරට සිද්ධ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන, උන් පොදු ජනතාවගේ සිහින හොරකම් කරගනිමින් තමන්ගේ සිහින ඉටු කරගන්නවා....

      Delete
  4. නියමයි මචං. මට අපේ තාත්ත මතක් උනා.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා....
      ඒක තමයි රාජ්.. මට මේ පෝස්ටුවට ලැබුණු කොමෙන්ටු අතරේ වඩාත් හර්දයාංගම කොමෙන්ටුව.

      Delete