මම නිදන්නට ආවේ මොහොතකට පෙරයි. අසල තට්ටු බිල්ඩිමෙන් යාන්තමට විහිදී ඇසෙන අපූරු ගීයක් මට නිදන්නට ඉඩකඩක් ලබා නොදුන්නේය. ගීය ජෝතිගේ සහ ඇන්ජිගේය.
ගීතයත් සමඟ සිතේ නැගුණු සිතිවිලි ගොන්න අකුරු නොකර නිදන්නට නොසිතේ. පුංචිම පුංචි පෝස්ටුවක් ලියනවා කියමින් නිදිමතට ලෙන්ගතු යටි සිතට පොරොන්දු වෙමින් යතුරු පුවරුව මත අතැගිලි තබාගත්තෙමි.
ඇන්ජි හෙවත් ඇන්ජලීන් ගුණතිලක මගේ ප්‍රියතම හඬ ස්වරය වූයේය. එහෙත් අම්මාගේ ෆේවරිට් වූයේ ගී රැජින ලතා ය. මගේ සාහිත්‍ය ගුරුතුමිය වූ යාපා ටීචර් නම් එකෙන්ම සුජාතා අත්තනායකගේ බැතිබර රසිකාවියක් වූවාය.
මේ තිදෙනාම හැත්තෑව දශකයේ මෙරට ගීත ලෝකයේ ඔටුනු නොපළන් රැජිනියන් වූවාය. මේ තිදෙනා අතරින් වඩා දක්ෂයා කවුදැයි තෝරන්නට ගොස් මමත් අම්මාත් වාද කරගත් අවස්ථා බොහෝ ය ..මම හැම විටෙකම මගේ ඇන්ජිව එක කරන්නට පෙනී සිටියෙමි. මේ දැනුත් එහි වෙනසක් නොමැත. ඇන්ජිගේ ""මා ප්‍රාර්ථනා ආශාවෝ " මගේ ප්‍රියතම ගීතය විය. තවමත් එසේමය. .එහෙත් ලතා විශිෂ්ටයි කියන්නට අම්මා ඈ ගැයූ ගීත ගොන්නක් මතක් කරමින් ගයන්නට වෙයි. සුජාතා මේ අතරින් නොම්බර එක යැයි කියන්නට යාපා ටීචර් උදාහරණයට ගත්තේ ඈ පරසතු මල් චිත්‍රපටයට ගැයූ පරවුණු මල්වල සුවද අතීතෙට ගීතයයි. සැබවින්ම එය විශිෂ්ට ගීතයක් හා ගායනාවක්ම විය.
පත්තරය වෙනුවෙන් සුජාතා අත්තනායක හමුවන්නට ගිය දවසක මම මේ ගීතය ගැන ඇයගෙන් විමසන්නට අමතක නොකළෙමි.
මම
පරසතු මල් චිත්‍රපටයට ගැයූ පරවුණු මල්වල සුවද අතීතෙට ගීතය ඔබේ ගායන දිවියේ කූටප්‍රාප්තිය බවට විවාදයක් නෑ. එම ගීතමය ජවනිකාවේ ප්රාණීය ගුණය ද්විගුණ කරන්නේ ඔබේ ගායනාවයි. නමුත් එම ගීතය නිසි ඇගයුමකට ලක්වුණාද යන්න ගැටළුවක් ..එවකට සිටි සුවිශේෂම සිනමා විචාරකයා ලෙස සැලකුණු ජයවිලාල් විලේගොඩ ඒ ගීතය සලකන්නේ මහගම සේකර ලියූ තවත් දරු නැළවිල්ලක් ලෙස පමණයි .
සුජාතා අත්තනායක
ඒ පිළිබද සදාකාලික කණස්සල්ලක් මටත තියෙනවා. මට ඒ ගායනාවට සරසවි සම්මාන ලැබුණා. නමුත් මම එය ගන්න ගියේ නෑ. මොකද එහි සංගීත අධ්‍යක්ෂණය කළ ලයනල් අල්ගම හට ඔහුට ලැබිය යුතු සම්මානය ලැබුණේ නැහැ. අල්ගමයන් වාර ගණනාවක් එවැනි අසාධාරණයන්ට ලක් වුණා.
කොහොම වුවත් අදටත් මගේ ප්‍රියතම ගායිකාව නම් ඇන්ජලීන්ම තමයි. දෙවියනේ එවැනි හැගීම්බර හඩක් ..ඇන්ජලීන්, ලතා,සුජාතා අතරින් වඩා විශිෂ්ටයා කවුදැයි මම හැමදාමත් කල්පනා කරන ප්‍රශ්නයක් ..සමහර විටෙක එවැනි ප්‍රශ්නයක් අසාධාරණ විය හැකි වුවත් අදටත් හැත්තෑවේ සිනමා ගීත පිළිබද දොඩමළුවකදී ඔය ප්රශ්නය මම අනිවාර්යෙන්ම මඩිස්ස්ලෙන් එළියට ගන්නවා. ඒ විතරක් නොවෙයි මගේ මේ කුතුහලකාරී පැනය මම සුජාතා අත්තනායකටත් යොමු කරන්නට අමතක කළේ නෑ. එහිදී ඈ දුන් පිළිතුර නම් ඇයගේ නිහතමානී ගුණය අපූරුවට පැහැදිලි කළ ඒකක්.
සුජාතා අත්තනායක
ඇන්ජලීන් සහ මම එකම කාලයේ ක්ෂෙත්රයට පිවිසුණා වුවත් ලතා අපට වඩා ජෙෂ්ටයි. අපි අතරේ තරඟයක් තිබුණා තමයි .නමුත ඒ තරගය ජයගන්න උත්සාහ කලේ දක්ෂකම් වලින්ම පමණයි. දක්ෂම කවුද....? ම්ම්ම්ම්ම්... (සිනාසෙමින් )ඒක පිළිතුරු දෙන්න අපහසු ප්‍රශ්නයක්. අප තිදෙනාටම අනන්‍ය වූ ආවේණිකතා තිබුණා. ඒ නිසාම දක්ශයා කවුදැයි කියන්නට අපහසුයි.
ඇත්තටම මමත් ඇයගේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් තවමත් මගේ ප්‍රියතම නම් ඇන්ජලීන් ම තමයි. ඔබේ අදහසුත් කියන්න.
සුජාතා අත්තනායක සමග මගේ දොඩමළුව කියවන්න මෙතනින් ගිහින් 2012 ජනවාරි 23 E PAPER එකේ අක්ෂරය (08) පිටුව පෙරළන්න. .
උත්තර නැති ප්‍රශ්න අහන්න එපා බං... :)
ReplyDeleteඋඹ බැහැයි කිය කියා දෙන මේ උත්තරේම සැබෑ පිළිතුර හැංගිලා තියෙනවනෙ අයියේ.
Deleteඋඹ මේ පැත්තට මුලින්ම ගොඩ වුනා දැක්කේ අදයි. සතුටින් පිළිගන්නවා අයියේ .
කොච්චර කොහොම අලුත් සිනදු ආවත් තවමත් පරණ ගීත බොහොම ඉහල තැනක තියෙනවා. මම නම් කැමතිම ක්ලැරන්ස් විජේවර්ධනයන්ට. ජෝති, ලතා, ඇන්ජලින්, සුජාතා, MS,CT,මිල්ටන් දෙපල මෙකී නොකී හැමෝටම බොහොම කැමතියි.
ReplyDelete.ඇත්ත ඒ පරණ රහට වයින් හදන්න කොයිතරම් අළුත් කට්ටිය ට්‍රයි කරත් සාර්ථක නැත්තෙ මොකෝ ?
Deleteඒ වයින් තාම පරණ මදි එකත් හේතුවක් වෙයිද......
Deleteමමත් පැරණි ගීත වලට ගොඩක් කැමතියි.. මේ තුන් දෙනාගෙන් නම් වැඩිය කැමති.... එහෙම තෝරන්න බෑ බං.. සින්දු මතක් කරගෙන යනකොට ඔක්කොටොම කැමතියි. නිදහසේ රස විඳින්න පුළුවන් ගීත..E Paper එකත් කියෙව්වා..
ReplyDeleteඑක වගේ කුරුල්ලො එක අත්තෙ වහනවාලු. ස්තූතියි උඹට.
Deleteමොනව අහනවද මන්ද !!!!!! මට නම් සේරම එකයි වගේ ! :D
ReplyDeleteයකෝ සේරම එක වගේ කියන්නේ එකක්වත් හොද නැහැයි කියලවත්ද ?
Deleteතුන් දෙනාගෙම සමහරක් ගීත වලට කැමතියි. ලතා ඇන්ටිට කැමති එයා නවකයන්ට ආදරෙයි, අනිත් දෙන්නා හරි කුහකයි ඒ අතින්. ඒක පොදු දෙයක්. හිඟන මානසිකත්වයක්. හැමදාම එයාලා ඉන්න ඕන කියලා හිතා ගෙන ඉන්නේ. ඒකනේ හිටපු ගමන් ප්‍රසංග එහෙම තියන්නේ. ලතා ඇන්ටි ටී එම් එක්ක ගායනා කරන මාල ගිරා ගීතයේ ලතා ඇන්ට් හම් කරනවා විතරයි කෝමද ඒක. ඇන්ජී හිනා වෙවි කියන් සින්දු එකෙකුටවත් කියන්න බෑ. සුජාතා අක්කගේ ගීත් නැත්නම් නවකයන්ට කියන්න සින්දු නෑ. ඔය කවුරු හිටියත් හඬ අනුව මම කැමති ඉන්ද්‍රානි පෙරේරා, චද්රලේඛා, නන්දා මාලනී, මරියසෙල්.
ReplyDelete?වෙනමම තේරීමක්. කොහොම වුනත් අර කුහකයි කියපු කතාව මම අත්දැකලා තියෙනවා. අපේ සමහර ගායිකාවෝ මුණගැහිලා කතා කරලා තියෙන නිසා. ඒක ඇත්ත, නමුත් අයියේ ඕක හැමතැනම ඔහොමයි, බලප්න්කො අපේ බ්ලොග් ලෝකෙ දිහා. අර උඹ කියපු ටී එම් එක්ක කියන සිංදුව මේ දැන් ඇහුවා. ඒක කියලා වැඩක්,නෑ,මචං ..ඉස්තරම් රත්තරන්. GOLDEN HITS
Deleteමාල ගිරාගේ ගිතය කියන්නේ අමුතුම එකක්... ඒකේ මුල්ම සින්දුවේ කිසිම වාදනයක් නෑ... හම් එක විතරයි.... මට මතක විදියට...
Deleteමමත් පැරණි ගී රසවිඳින්න ආසයි. මම නම් ගොඩක්ම වෙලාවට කරන්නෙ සද්දබද්ද අඩු රෑ වෙලාවක ඔය සිංදු ටිකක් තෝරල සවුන්ඩ් තරමක් අඩුකරල ප්ලේ කරල කාමරේ ලයිට් එක ඕෆ් කරල ජනේලේ අයිනෙ තියෙන ඇඳේ හාන්සිවෙල තරුවලින් පිරුණ අහස දිහා බලාන සිංදු අහන එක. ඒක නම් මාර ෆීලින් එකක්. මේ තුන්දෙනාගෙන් වඩා දක්ෂයා තෝරන්න යන එක නම් මහ පිස්සුවක් බං. හැබැයි මගේ පුද්ගලික කැමැත්ත ඇන්ජලීන්, සුජාතා, ලතා පිළිවෙලට. මොකද ලතා වල්පොල මහත්මියගෙ හඬ ටිකක් උච්ච ස්වර අල්ලනව වැඩියි වගේ.
ReplyDeleteඋඹේ ලිස්ට් එකයි මගේ ලිස්ට් එකයි ටිකක් එක ලඟින් යනවා වගේ. උඹ අර කියලා තියෙන සිංදු අහන විදිහ කියෙව්වම මාර ඊරිසියයි බන් ..ඇත්ත බං දක්ෂයා තෝරන එක නම් මහ පිස්සුවක් තමයි. නමුත් ඉතින් ඔහොම පිස්සුවකුත් තියෙන්න ඕනෙ,බලපන් කොයි තරම් වෙනස් අදහස් එකතු වෙලා තියෙනවද කියලා.
Deleteමගේ කැමතිම ගායිකාව නන්දා මාලිනිය... ඔබ කිව්ව තුන් දෙනා අතරින් වඩා කැමති ඇන්ජලින් ගුණතිලකට... ලතා මෙන්ම ඇන්ජිත් පල්ලියේ ගිතිකා ගායනයෙන් ගායන ක්ෂේත්රයට පැමිණි අය... ඇන්ජි සෑහෙන්න ඩිමාන්ඩ්, ගායනයක් ඉදිරිපත් කරන්න අය කරන මුදලත් වැඩියි... කියන්න තියෙන දේ මූණට කියන කෙනෙක්... තමන්ගෙ ගීතයක් හොරෙන් තව කෙනෙක් කැසට පටයකට ගායනා කරලා අහු වුනොත් බඩුම තමයි...
ReplyDeleteලතා හා ඇන්ජි තවමත් හොදින් ගී ගායනය කලාට සුජාතාට දැන් සජීවීව ගායනා කරන්න අමාරුයි...ළගදි දවසක තිබ්බ සුජාතා ගේ ප්රසංගයේදීත් පටිගත කල ගීත වලට ඇය හම් කල බවයි ආරංචි.... පොදුවේ ගත් කල මේ තිදෙනාම යුගයක් නියෝජනය කල සැබෑ දක්ෂයින් බව කියන්නට කැමතියි... සුජාතාගේ මම කැමතිම සින්දුව පුංචි දවස් වල නින්දට යද්දී... ඒ ගීතය නිතර ඇහෙන්නෙ මංගල උත්සව වල මනාලිය ගමනට සැරසෙන අවස්ථා වලදී නිසා... මනාලිය සංවේදීව හඩන දසුන් තමයි ගීතයත් සමග මගේ හිතේ බද්ධව තියෙන්නෙ... ඒ ගීතය එතරම් සංවේදීයි...
උඹ කියපු කතාව ඇත්ත සිරා, දැන් සුජාතාට ගීත ගායනා කරන්න බෑ, පත්තරෙන් ලැබුණු ටිකට් එකත් අරගෙන මමත් ප්‍රසංගය බලන්න ගියා, ඈ රෙකෝඩින් යද්දී කට සෙලෙව්වා විතරයි.
Deleteමෙන්න මේ කතාව නම් හරිම ඇත්තයි. //පොදුවේ ගත් කල මේ තිදෙනාම යුගයක් නියෝජනය කල සැබෑ දක්ෂයින්//
එතකොට මචං අර පුංචි දවස්වල නින්දට යද්දී ගීතය මට මතක විදිහට නම් ලතාගෙ ,
පොඩ්ඩක් බලලා මාව වැරදි නම් නිවරදි කරපන්, අපේ දන්න කෙනෙක් හරි කියන්නකෝ.
@රතු
Deleteමේක බලපන් මචෝ..
http://www.divaina.com/2012/05/18/cineart02.html
බැලුවා මචං... සෑහෙන විස්තර තොගයක් තියෙනවා නේ ?
Deleteමගේ හාඩ් එක අරං බලහන් මචන්.. මේ තුන්දෙනාගේ සින්දු තියෙන තරම්. අනිවාර්යෙන් කියපු හැම සින්දුවක්ම වගේ ඇති. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට අහන්න පංකාදුයි...පුදුම මිහිරක් බං ඒ කටහඩවල් වල තියෙන්නේ
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොලේ රජත් අහන්නේ පරණ සිංදු හෑ,....? ඔව් මචං මේ ගීතවල තියෙන ඒ මිහිරියාව ගැන කියන්න වචන නෑ.
Deleteමියුරු පෙම් මදිරාවේ
නුහුරු රස දැණුනාවේ ...
ඈ..... මම හිතුවේ රජාගේ හාඩ් එකේ තියෙන්නේ අරවා විතරයි කියලානේ... 500GB වලට කිට්ටු වෙන්න තියෙනවා කිව්වා නේ... එතකොට මේවට ඉඩ තියෙනවාද.... හි හි.....
Deleteමේ ප්‍රෂ්නෙට උත්තර හොයනවට වඩා හොඳයි ලණුවක් හොයාගෙන එල්ලෙනවා.. රජ රටයට තියෙන ප්‍රෂ්නේ මටවඩා සරළයි.. එහෙම කියන්නේ මගේ හිතේ තියන තරගෙදි ඔය තුන් කොන් තරගය සිවු කොන් එකක් බවට පත් වෙනවා.. ඒ නන්දාමාලනිය ඔය තුන් කට්ටුව එක්ක කරට කර ගීත ගයනවා කියල හිතෙන හින්දා..
ReplyDeleteහැබැයි හතරදෙනාට ආවේනික වූ අනන්‍යතවයක් 4දෙනාම ගොඩනගාගෙන තියනවා..හැබැයි මට තියන එකම ප්රෂ්නය තමයි වැඩිම චිත්‍රපට ගීත ගානක් ගායනා කරපු ඇන්ජලීන් ගුණතිලක මහත්මියට ඇයි කවදාවත්ම හොඳම ගායිකාව හම්බ නූනෙ කියලා..
අවස්ථා අනුව පෙළ ගැස්ම (මා අසන්නටැ ප්‍රිය )
භාවත්මක රැඩිකල් පැත්තට බර ගීතයක්නම - නන්දා මාලනියගේ හඬින්
ඉහල ස්වර පරාස වලින් ගැයෙන ගීතයක් නම් - සුජාතා අත්තනායක මහත්මිය
ආල හැඟුම් මෝරන ගීතයක්නම් - ඇන්ජලීන් ගුණතිලක මහත්මිය හා ලතා වල්පොල මහත්මිය
ඇන්ජලීන් ගැන මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා මචං, මේක ලංකාවනෙ බන් ,,ඒ නිසා හිත හදාගන්න පුළුවන්.
Deleteඋඹේ ප්‍රශ්නෙ මට ආවෙ නැත්තේ නන්දා මාලනී මේ අයගේ සමකාලීනයෙක් වුණත් ,,එයා මේ තුන්න්දෙනාගෙන් පැහැදිලිවම වෙන් කරලා ගන්න පුළුවන් කියලා මට නිසයි, ඇයි කියන්න මට තේරෙන්නෙත් නෑ බං .
.අර උඹේ ඉහළ ස්වර පරාසවලින් ගැයෙන ගීතයක් නම් කියන එකට මම හිතන විදිහට සුදුස්සා ලතා. සුජාතාට කියන්න තියෙන හේතුපාඨය තමයි ශාස්ත්‍රීය පැත්තට වැඩි බරක් තියෙන ගීත් ගායනා කිරීමේ සමත් කියන එක ..ඒ මට හිතෙන හැටි.
නන්දා මේ තිදෙනාගෙන් වෙන්වුනේ සුනිල් ආරියරත්ත මහාචාර්ය තුමාගෙ අරුත්බර පදවැල් වැඩි වැඩියෙන් ගයන්නට ඇයට අවස්ථාව ලැබුනු නිසා... හොදට බලන්න නන්දාගෙ ගීත එකතුවෙ මොනවද නැත්තෙ... පොඩි කාලෙදි ඇය තලා පෙලූ දරද්‍රතාව, පසු කලෙක ආදරයේ විරහව... තරුණයන්ගේ සටනට අවශ්‍ය ජවය... මේ සියල්ලම තියෙනවා..
Deleteපවතින පාලනයට විරුද්ධව පවන වගේ ගීත එකතුවක් නොභියව කරපු එකම ගායිකාවක් වත් අපට ගීත අඹරේ හොයා ගන්න නෑ... ඒ නිසාම නන්දා මාලිනිය යනු ජනතාවගේ ගායිකාවයි... ඇගේ ස්වරයෙන් පීඩිත පන්තියේ හඩ මෙන්ම තාරුණ්‍යයේ හඩත් ජීවමාන වූ බවයි මගේ හැගීම...
නන්දා මාලීනිය ගැන ඒ කතාව හරියටම හරිය. ආයේ කියන්නට දෙයක් සිරා ඉතිරි කරලා නෑ නොවැ.
Deleteඅර මුලින්ම තියෙන කමෙන්ට් එකම එහෙමම කියන්න තමයි මටත් වෙන්නේ... දක්ෂයා කව්ද කියලා හිත හිත ඉන්නවට වැඩිය නරකද ඒ ගැන කල්පනා කරන වෙලාවේ සින්දු තුන හතරක් ඇහුවොත්??
ReplyDeleteසිංදු නම් අපි හැමදාම අහනවානේ මචං. මම බැලුවෙ පොඩි සංවාදයක් ඇති කරලා වේනස් වෙනස් අදහස් ටිකක් මතු කරගන්න.
Deleteඅදහස නම් හොඳයි!!! එල එල!
Delete"ඒ පිළිබද සදාකාලික කණස්සල්ලක් මටත තියෙනවා. මට ඒ ගායනාවට සරසවි සම්මාන ලැබුණා. නමුත් මම එය ගන්න ගියේ නෑ. මොකද එහි සංගීත අධ්‍යක්ෂණය කළ ලයනල් අල්ගම හට ඔහුට ලැබිය යුතු සම්මානය ලැබුණේ නැහැ. අල්ගමයන් වාර ගණනාවක් එවැනි අසාධාරණයන්ට ලක් වුණ"
ReplyDeleteමේ මිනිසුන්ගේඅපූර්වත්වය එයයි
නැත්නම්? ඒකට දැන් ඉන්න අය ?
Deleteඅඩේ අපේ රතු, ජනමාධ්‍යවේදියෙක් බව මම දන්නෙ දැන්නෙ.
ReplyDeleteඒකත් මරු. මම දන්න අනිත් එක්කෙනා නලීන්.
මේකෙ හොඳේ මුද්‍රිත මාධ්‍යයත්, ඉලෙට්‍රොනික් මාධයයත් දෙකෙන්ම ශිල්ප දක්වන්නට හැකි වීමයි.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනේ මචං අයියේ මම තාම බාලාංශෙ ,නලියා ගැන නම් දන්නේ නෑ .
Deleteඇයි බං ඔය 'සමකය වටේ' බ්ලොග් එක ලියන්නෙ. අර මගෙ බ්ලොග් රෝලෙ තියෙන්නෙ.http://samakayawate.blogspot.com/
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
"නමුත ඒ තරගය ජයගන්න උත්සාහ කලේ දක්ෂකම් වලින්ම පමණයි."
ReplyDeleteලතයි ඇන්ජලිනුයි අතෙරෙ ඊට එහා ගිය තරඟයක් තිබ්බ. කොහොම උනත් ඇන්ජලින් තත්වෙ තියාගෙන ඉන්න ගායිකවක් විදියටත් ලතා නාකි විසේ ගෙටත් උසේ වර්ගයෙ එකියක් බවත් සුජාතා සැබෑ මවක් හැටියටත් තමයි මගේ හිතේ තියෙන්නෙ. නමුත් දක්ෂය තේරීම ගැන මම හිතන්නෙ "අපි ඒකට සුදුදුසුද"?
ඉන්දික අය්යගෙ ප්‍රකාශය විහිළුවට වගේ හෙලා දකින්න හිතෙනවා.... ඒත් ඉතින් පෞද්ගලික ජීවිතය තුල ඒ කථා ඔක්කොම ඇත්ත, එව්වා ප්‍රසිද්ධ රහස් හින්දා ආයේ හූ මිටි තියන්න දෙයක් නෑ
Deleteනමුත් ඇන්ජලීන් මහත්මිය හා සුජාතා මහත්මිය ගත්තහම කළා ක්ෂෙස්ත්රය පුරාවට ආත්මාර්ථ කාමය පතුරපු දෙදෙනෙක් විදියට තමයි මගේ හිතේනම් තියෙන්නේ, ඇන්ජලීන් මහත්මිය මාධ්‍ය හමුවේ නගන හිනහව පවා ව්‍යාජ හිනාවක් කියල අනන්තවත් මට දැනිල තියෙනවා, ඒ අතින් ගත්තහම ලතා වල්පොළ කියන්නේ හැම විටම නවකයන්ට අතහිත දීපු, නවකයන්ගේ අගය කළයුතු ගීත අගය කරපු, සුගද ශීලී ගායිකාවක්, පෞද්ගලික ජීවිතයෙන් බැහැරව කලා ජීවිතය ගත්තහම ලතා මහත්මිය අනිත් දෙන්නටම වැඩිය ඉදිරියෙන්,
ඉංදික අයියේ මම සම්පූර්ණයෙන්ම එකඟයි. අපි කවර නම් සුදුස්සෝද ?නමුත් බලපන් අපේ උන්ගෙ අදහස් කොයි තරම් වටිනවද ?
Deleteගායිකාවන්ගෙන් අංක එක නන්දා මාලනී. සාධාරනීකරණය කරන්න හේතු ඕන තරම් දෙන්න පුළුවන්. මේ තුන්දෙනාගෙන් නම් කැමති සුජාතා අත්තනායකට.
ReplyDeleteනන්දා මාලිනිය මේ ලැයිස්තුවට එකතු නොකිරීම නම් ලොකු අඩුවක් මට දැන් හිතෙන්නේ
Deleteඑහෙනං දාපන් ! ඩී
Deleteමටනං අර කලින් කිව්ව වගේ සේරම එකයි
මට නම් ඔය ඔක්කොම එකයි.... මොකද හැමෝගෙම වගේ ගීත මම අහන හින්දා... අපේ තාත්තා පැරණී ගීත වලට පුදුම ආසයි.. ඒත් කවදාවත් වර්ග කරලා අහනවා දැකලා නෑ... අරයා හොදයි මෙයා නරකයි කියන්න නම් මට තේරෙන්නේ නැත... ගීතත් නරකයි කියන්න පුළුවන් එකක් මට තාම අහවෙලා නැත ඒ යුගයේ ඒවායින්....
ReplyDeleteවැඩේ කියන්නේ මගේ හිතට වැඩිපුරම ළං වෙලා තියෙන්නේ ටී ඒම් සහ නීලා දෙපලගේ ගීතයක්... ප්‍රියතම ගායකායා ටී එම් කිව්වට ප්‍රියතම ගායිකාව කවුද කියලා නම් කියන්න බෑ....
රතූ ඉඳලා ඉඳලා ඇහුවේ පිස්සු හැදෙන පුරස්නයක් නේ....
මොකද්ද හිරූ ඔය ටී.එම් ගෙයි නීලගෙයි සිංදුව ..මේ පෝස්ටුව ලියලා ඉවරවෙනකොට ඊයෙ රෑ එකයි. ලියන්නම් ඕනෙයි කියලා හිතුණා.
Deleteසුඳු මුතු රළ පෙල කිඳුරු කොදෙව්වෙන්
Deleteපාවඩ පලස එලා...
සිඳුළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිලිණ වෙලා...//
යුග දිවි වැල්ලේ අඳුරු ඉසවුවේ
මුකුලිත සිතැගි සලා...
අරුණැල්ලක් සේ...//නුඹමිණ පායා
සනහස ජනිත කලා...
සුදු මුතු රළ පෙල...//
සැඩරළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුනෙමි සරණ සොයා...
පවනැල්ලක් සේ...//නොමහැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා...
සුදු මුතු රළ පෙල...//
හුටා
Deleteමම පෞද්ගලිකව ලතා වල්පොලට , ඇන්ජලින්ට ගුණතිලකට හෝ සුජාතා අත්තනායකට කැමති නැත.මාගේ කැමති ලැයිස්තුවේ උඩින්ම නන්දා මාලනියත් දෙවෙනුවට චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය, ඉන්ද්‍රානි පෙරේරා සහ මාලනී බුලත් සිංහල මහත්මියත් තෙවෙනුව නිරංජලා සරෝජිනී මහත්මිය සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත් මියත් ඇත.
ReplyDeleteනමුත් අවංක විය යුතුය.මාගේ කැමතිම ගීත ලැයිස්තුවේ සුජාතා අත්තනායක ගායිකාව විසින් ගායන කරන "සුදෝ මම ආදරෙයි" ගීතය අන්තර් ගතවේ.
පෞද්ගලික ගුනාගයන් අතින් ගත කල නන්දා මාලිනිය , සුජාත අත්තනායකගෙන් වෙනස් නම් එය කුඩාම වෙනසක් විය යුතුය.නමුදු මා කුඩා කාලයේ සිටම රසවිඳින (තවමත් රසවිඳින ) "පවන" කැසට්පටය නිසා මාගේ මුල් කැමැත්තට නන්දා මාලිනිය හසු වුවා යැ යිදැයි නොදනිමි.
මාගේ පෞද්ගලික මතයනම් නන්දා මාලිනිය අනෙක් ගායිකාවන්ගෙන් ඉහල ඉස්තරයකට පැමිණෙන්නේ ඇයගේ ස්වරයේ පවතින වින්දනීය වූ විලාපය නිසාය.කිසිම ගායිකාවකගෙන් එවැනි හැගීම්බර වුද අසන්නාගේ සිතුවිලි වලට වෙනසක් කල හැකි විලාපයක් පැන නගින්නේ නැත.උදාහරණයක් ලෙස "සාදු ගන ජන මනා" ගීතය හෝ "සැදෑ කළුවර" ගීතය අසන්න.
නන්දා මාලනී මගෙත් ප්‍රියතම ගායිකාවක් මචං, නනදගෙ කඩමණ්ඩියේ දොළ අයිනේ තමයි මගේ ප්‍රියතම ගීතය,
Deleteලතා වල්පොල සහ ඇන්ජලින් ගුණතිලක කියන දෙන්නගේ අහල තියෙන ගොඩාක් සින්දු වලට කැමති.සුජාතා අත්තනායකගේ සින්දු චුට්ටයි අහලා තියෙන්නේ.
ReplyDeleteලතාට සහ ඇන්ජි ට වඩා සුජාතාට ශාස්ත්‍රීය පසුබිමක් තිබුණා.
Deleteමේ ගායිකාවන් හැමෝගෙම කටහඬවල් ලස්සනයි නේද? එකිනෙකාට වෙනස්ම උනු හඬවල් තුනක්. හරියට Godiva chocolate පෙට්ටි තුනක් දීලා රහම එක තෝරන්ට කීවා වගේ. තුනම රසයි මොන නමෙන් එලියට ආවත්.:)
ReplyDeleteසාදරයෙන් පිළිගන්න වා පොඩ්ඩිවත් ,,කතාව ඇත්ත.
Deleteඅනේ මන්ද මේ රතු සීයට මක්ක වෙලාද කියලා????
ReplyDeleteඇයි මචං
ReplyDeleteමගේත් ප්‍රියතමයන් මෙතැන ඉන්නවා ඒ නිසා සතුටුයි
ReplyDeleteස්තූතියි නලින් .
Deleteඔබේ අදහසට එකඟයි. නන්දා එක්ක මෙතුන්දෙනා සංසන්දනය කරන එක අසාදරනයි. අමරදේව හෝ නන්දා වෙන කිසි වෙකුට සම කරලා කතා කරන්න බෑ
ReplyDelete.ඔබටත් බොහොම ස්තූතියි,
Deleteමං නං එයාගේ සින්දුත්, ඟෙයාගේ සින්දුත්, අරයාගේ සින්දුත් අහනවා.
ReplyDeleteඅරයාද, මෙයාද, එයාද දක්ෂ වගේ ප්‍රශ්න නිකං ඕලෙවල් ඒවා නේද?
එදා වගේ ගීත අද අහන්න නැ.එක අපේ පව.හදිසි එකක් තමයි හිතට හරියන්නේ.ඔබට ජය!
ReplyDeletehttp://manasindiviyata.blogspot.com
විශාරද සුජාතා අත්තනායක මැතිනිය අග්‍රගන්‍යයි.
ReplyDelete