ධවල මන්දිරයේ කැඩුණු වැටක් හදන්න කොන්ත්රාත්කරුවන් 03 දෙනෙක් කැදෙව්වා. එකෙක් ටෙක්සාස් වලින් , අනෙකා කැලිෆෝනියා සහ අන්තිමයා ඇවිත් තිබුණේ චිකාගෝ වලින්. තුන්දෙනා වරින් වර කැඩුණු වැට සමීපයට ගිහින් ධවල මන්දිරයේ නියෝජිතයා සමග ගනදෙනු කතා කෙරුවා.
ටෙක්සාස් පුතයා පරණ ගොවිපොළක අයිතාකාරයෙක්. මිනිහා මැනුම් පටියක් එහෙම අරගෙන ගිහින් , තනි ඇහැට තියලා ,හතර අතට මැනලා කරලා තමන්ගේ ගාණ කිව්වා.
‘‘ ඩොලර් හත්සීයයි. තුන්සීයයක් බඩුවලට, තව තුන්සීයයක් මගේ මිනිස්සුන්ගේ පඩි නඩි. ඉතිරි සීයය මගේ ලාබේ. ’
නියෝජිතයා මුකුත් නොකියා හිස වැනුවා.
ඊටපස්සේ ආවේ කැලිෆෝනියා මෑන්. අලූත්ම තාක්ෂණික උපකරණයකින් තම මැනුම් කටයුතු කරපු පොර තමන්ගේ ගාණ කිව්වා.
’‘ ඩොලර් පන්සීයයි. මගෙ චිනිස්සුන්ට දෙසීයයි. බඩුවලට යන ගණණ දෙසීයයි. මගේ ලාබේ ඩොලර් සීයයි. ’’
අන්තිමට ආවේ චිකාගෝ වලින් ආපු කෝට්කාරයා.
‘‘ ගාණ දෙදාස් පන්සීයයි.’’
හදන්න තියෙන වැට දිහා බලන්නෙවත් නැතිව පොර කිව්වා. ධවල මන්දිරේ නියෝජිතයාට අසූහාරදාහට නැග්ගා.
‘‘ඔහේ කොහොමද වැට දිහා බලන්නෙවත් නැතිව මෙහෙම ගාණ කියන්නේ.. මේක හරි කෙළියක්නෙ හලෝ..’’
‘හරි, හරි මෙහෙමයි වෙන්නේ. මේකේ මගේ ලාබේ ඩොලර් දාහයි. අනෙක් දාහ ඔහේට ’
‘‘එතකොට ඉතිරි ඩොලර් පන්සීයය..?
ඒක අපි කැලිෆොනියා කාරයට දීලා මිනිහට වැඬේ භාරදෙමු.
මෙහෙට තමයි මේ කතාව දැන් වැඩියෙන්ම අදාළ වෙන්නේ .
ReplyDeleteහරියටම හරි. දැන් වැඩ සිද්දවෙන්නේ මේ පිළිවෙලට
ReplyDeleteඅපේ ක්රමේ ටිකාක් වෙනස්...
ReplyDeleteඕන එකකින් 10% දෙනවනම් හා...