1981 වසරේදී තම දහ හතර වැනි උපන් දිනයට ලක ලැහැස්ති වෙමින් සිටි වොෂිංටනයේ, ඇබර්ඩීන්වල ජීවත් වූ තරුණ කොලු ගැටයෙක් හට සිය උපන් දින ත්‍යාගය වශයෙන් තෝරා ගැනීම් දෙකක් ලැබුණා.
එක් ත්‍යාගයක් වූයේ ඉලන්දාරි ගැටවර සිත් ආකර්ෂණයෙන් වසඟ කළ මෝස්තරයේ යතුරු පැදියක්, අනෙක් ත්‍යාගය වූයේ අපූරු නිමවුමකින් යුත් ගිටාරයක්. ත්‍යාග දෙකෙන් එක් ත්‍යාගයක් පමණක් තෝරාගන්නට සිදුව තිබූ අතර මෙම අපූර්ව ගැටවරයා තම උපන් දින තෑග්ග වශයෙන් තෝරා ගන්නේ තම සිත බැඳගත් ගිටාරයයි.
තම ප්‍රියතම රොක් සංගීත කණ්ඩායමක් වූ led zeppelin ගායනා කරන "stairway to heaven " ගීතයට පිස්සු වැටී හුන් මේ ගැටවරයා( ඇත්ත වශයෙන්ම කිවහොත් මේ ගීතය මාවත් පිස්සු වැට්ටවූ ගීයක්. )ඉතාමත් ඉක්මනින්, අදහාගත නොහැකි ශීඝ්‍රතාවයකින් තමන්ට තෑගි ලැබුණු ගිටාරයෙන් stairway to heaven"ගීතය වාදනය කරන්නට ඉගෙනගන්නවා. පසු කලෙක led zeppelin සංගීත කණ්ඩායම තරමටම, නොඑසේනම් ඒ ද පරදවන තරමට ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන "නිර්වාණ " රොක් සංගීත කණ්ඩායම පිහිටුවන්නට පෙරමුණ ගන්නේ මේ සංගීතකාමී ගැටවරයා යි. රොක් සංගීත ලෝකයේ පුරාවෘත්තයක් බඳු ඔහු අන් කිසිවෙක් නොව තරුණ වියේදීම අකාලයේ ජීවිතයෙන් සමුගත් කර්ට් කොබේන් .
කොබේන් සහ ඔහුගේ යාවජීව සංගීත ගමන් සගයා වූ ක්‍රිස් නොවැසැලික් එක්ව පිහිටුවාගත් නිර්වාණ රොක් සංගීත ලෝකය නවමු උන්මාදනීය රිද්මයකින් ප්‍රකම්පනය කරවන්නට සමත් වූවා. ලෝක ප්‍රකට ප්රවෘත්ති නාළිකාවක් වන MSNBCහි එරික් ඕල්සෙන් වරෙක කොබේන් ගැන මෙලෙස පැවසුවා. "රොක් සංගීත ලෝකයේ ගැලවුම්කරුවාගේ චරිතයට පණ පෙවූ ඔහු අද්විතීයයි. කොබේන් අවසන් සැබෑම රොක් ගායකයා වශයෙන් සැලකිය හැකියි". ජාත්‍යන්තර රෝලින්ග් ස්ටෝන් සඟරාව මඟින් ලෝකයේ හොඳම මෙටල් රොක් ගායකයන් ලැයිස්තුගත කරන විට කොබේන් එහි හොඳම දසදෙනා අතර හුන්නේය.
ගායකයෙක් පමණක් නොව ඔහු අති දක්ෂ ගිටාර් වාදකයෙක්ද වූයේය. කොබේන් උපත ලැබුවේ 1967 පෙබරවාරි මස වොෂිංටනයේ ඇබර්ඩීන්හිදීය. අදටද ඇබර්ඩීන් වෙත පිවිසෙන විට මාර්ගයේ පසෙක විශාල පුවරුවක කොබේන්ගේ සාතිශය ජනප්‍රියතාවක් අත්පත් කරගත් comes as you are ගීතයේ මෙම මුල්පද කිහිපය සටහන් කර තිබේ. ඒ ඇබර්ඩීන් පළාත තම භූමිපුත්‍රයා පිළිබඳව සාඩම්බරයට පත්වෙන අයුරුයි. කොබේන්ගේ පවුල් පසුබිම නිසාම සංගීතයේ ආභාසය කුඩා කල සිටම විඳගන්නට ඉඩකඩ ඔහුට පෑදී තිබුණා. ඔහුගේ මාමලා දෙදෙනාම සංගීත කණ්ඩායමක සාමාජිකයන් වූ අතර නැන්දණිය දක්ෂ පියානෝ වාදිකාවක් සහ ගායිකාවක වූවාය. පවුලේ බලපෑම නිසාමදෝ සංගීතය පිළිබඳව ඔහුගේ ළැදියාව සහ හැකියාව කැපී පෙනෙන එකක් විය. එය කෙසේ දැයි විස්තර කළහොත් වයස අවුරුදු හතරට එළැඹෙන විට කොබේන් පියානෝව වාදනය කරන්නට සහ ගීත ගායනා කරන්නට පටන්ගෙන තිබිණි.
කුඩා කාලයේ පටන්ම කොබේන් හට බි්රතාන්ය සංගීත කණ්ඩායමක් වූ "බීට්ල්ස්" පිළිබඳව උන්මාදනීය කැමැත්තක් තිබිණි. "මට මතකයි ඔහු යාන්තම් බහ තෝරන අවුරුදු හතරේදී බීට්ල්ස්ලාගේ "hey jude " ගීතය තතනමින් ගායනා කරනවා" කොබේන්ගේ පියානෝ ගුරුවරිය වූ නැන්දණිය එලෙස පවසන්නේ කොබේන්ගේ බීට්ල්ස් ළැදියාව හෙළිකරමින්. විශේෂයෙන්ම බීට්ල්ස් සංගීත කණ්ඩායමේ පදනම් සාමාජිකයෙක් වූ 'ජෝන් ලෙනන්' කෙරෙහි සුවිශේෂී කැමැත්තක් කොබේන් වෙත වූයේය. කොබේන් ජෝන් ලෙනන්ව හැඳින්වූයේ තම රොක් ප්‍රතිමූර්තිය ලෙසිනි.
රොක් සංගීත විෂයෙහි අසීමාන්තික කෑදර රසිකත්වයක් තිබූ කොබේන් තම පූර්වගාමී සම්භාව්‍ය රොක් සංගීත කණ්ඩායම් වූ led zeppelin, AC/DC, black sabbath, Aerosmith,queen සහ Kiss යන සංගීත කණ්ඩායම්වල නිෂ්පාදනයන්ට අප්‍රමාණව ඇලුම් කළ අතර ඉඳහිට කලාතුරකින් එම රොක් කණ්ඩායම් ගායනා කරන ලද තමන් ඉතාමත් කැමැති ගීත තම සංදර්ශනවලදී ගයනා කළේය. ඒ අතරින් ලෙඩ් ශෙපැලින්ලාගේ heart breaker සහ 'බැල්ක් සබාත්ලාගේ ' hand of doom විශේෂකොට දැක්විය හැකි ගීත දෙකකි.
කර්ට් කොබේන් නම බටහිර රොක් සංගීත ලෝකය තුළ අමරණීය එකක් වන්නේ ඔහුගේ එළැඹුමෙන් ආරම්භ කරන ලද 'නිර්වාණ' සංගීත කණ්ඩායම නිසාය. කොබේන් නිර්වාණ අරඹන්නේ තම දීර්ඝකාලීන සංගීත ගමන් සගයා වූ ක්‍රිස් නොවැසැලික් සමඟින්. මුල් කාලයේ ඔවුනට පුහුණුවන්නටද හරිහමන් තැනක් නොමැතිව ළතවෙමින් සිටියා. අවසානයේ විසඳුම ලබාදුන්නේ ක්‍රිස්ගේ අම්මා විසින්.
ඒ ඇයට අයත් සැලූන් ගොඩනැඟිල්ලක සොල්දර කාමරය මේ තරුණ සංගීත ප්‍රේමීන් දෙදෙනාට ලබාදෙමින්. සොල්දරයේ සිට පුහුණුවීම් අරඹමින් ඔවුන් තම ප්‍රථම සංගීත ඇල්බමය නිකුත් කරන්නේ 1989 දී. ඒ 'bleach ' නමින් නමුත් නිර්වාණ සංගීත කණ්ඩායම බටහිර රොක් ප්‍රේක්ෂකයන් මුසපත් කරන්නට සමත් වන්නේත්, එවකට වූ සුපිරි රොක් සංගීත කණ්ඩායම් අතරට එක්වන්නේත් 1991දී ඔවුන් නිකුත් කළ nevermind ඇල්බමයෙන්. විශේෂයෙන්ම එහි අඩංගු වූ "smells like teen spirit " ගීතය රොක් සංගීත ලෝකය තුළ සදාතනික එකක් වනු නොඅනුමානයි. එම ගීතය කර්ට් කොබේන් නම් කෙසඟ කඩවසම් ගායකයා සතු වූ උත්තුංග පහසුවෙන් පසු නොබසින හඬ පෞරුෂය පිළිබඳව කදිම නිදර්ශකයක්ද වනවා. 1991 සිට 1992 දක්වා කාලය තුළ මයිකල් ජැක්සන්ගේ ඩේන්ජරස් ගීතය පැමිණෙන තුරු බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ වැජඹුණේ කොබේන් ගායනා කරන ලද මෙම ගීතයයි.
කෙසේ වෙතත් තම සංගීත ජීවිතයේ තාරකා අවධියට සම්ප්‍රාප්ත වෙමින් සිටින අතරතුරදී මෙම තරුණ රොක් ගායකයාට ජීවිතය හැර යන්නට සිදුවෙනවා. ඒ ඔහුගේ 27 වැනි වියේදීය. කොබේන්ගේ මරණය පිළිබඳව දහසකුත් ප්‍රවාද මැවී තිබුණත් එය සියදිවි නසා ගැනීමක් බවයි පිළිගත් මතය. ඔහුගේ අකාල අභිරහස් මරණය කොබේන් හා නිර්වාණහි කීර්තිය බිඳකින්වන් අඩු කරන්නට සමත් වූයේ නෑ. අදටද රොක් සංගීත සහෘදයන් සියල්ලන් අතරේ කර්ට් කොබේන් සහ නිර්වාණ යන නම් පුරාවෘත්තයන් සේ වටිනාකම අධික වෙමින් පවතිනවා.
රත්තෝ මේක කියෙව්වාම මට මතක් වුනේ මගේ LED ZEPPALIN ටී ෂර්ට් එක. උඹ දන්නවද මගේ ඉංග්‍රීසි බ්ලොගට ඒ කියන්නේ මගේ පළවෙනි බ්ලොගට HeyDude කියලා නම දාලා තියෙන්නේ ඔය බීටල්ස්ලගේ Hey Jude සින්ඩුවේ බලපෑම නිසා.
ReplyDeleteඔය Nirvana කියන නම ඔය බෑන්ඩ් එකට දැම්මට අකමැත්තක් පෙන්නපු හුඟක් අය මට හමු වෙලා තියෙනවා. Nirvana, karma වගේ වචන ඉංග්‍රීසි භාෂාවට එකතු වෙච්ච වචන නිසා ඒවායේ තේරුමත් ඔය අපේ තේරුමට වඩා තරමක් වෙනස් අගයක් ගන්නවා.
// Nirvana, karma වගේ වචන ඉංග්‍රීසි භාෂාවට එකතු වෙච්ච වචන නිසා ඒවායේ තේරුමත් ඔය අපේ තේරුමට වඩා තරමක් වෙනස් අගයක් ගන්නවා.//
Deleteහෙන්රි අයියේ මෙන්න මේ ගැන තව ටිකක් පැහැදිල් කරාපන්කෝ.
අපේ වචන ඉංග්‍රීසියට එකතු උනාම තේරුම තරමක් නෙවේ බොහෝ සෙයින් වෙනස් වෙනවා.
Deleteඅයිලාස්, මචං මුලින්ම මේවා අපේ (සිංහල වචන නෙවෙයිනේ?)
Deleteමේ Oxford Adv Learner's Dictionary එකෙන්.
Karma: (In the Buddhist and Hindu religions)the force produced by person's actions in one of their lives which influences what happens in their future lives. (මේක අපි දන්න එකනේ)
මේ අනිත් තේරුම: මේක වෙනස්ම එකක්.: the good or bad general character or feeling among a group of people or in a place
In the early Sixties hippies arrived, attracted by the island's 'good karma' and physical beauty.
----------------------------------------------
Nirvana
1. a state of freedom from all suffering which Buddhists believe can be achieved by removing all personal wishes.
2. a state of being perfect
ඒ කියන්නෙ මම කාමරයට නම දැම්ම වගේ... සින්දුවකින් බොගකට නමක් දාපු අවස්ථාවක්...
Delete@ හෙන්රි.
Deleteමචන් වාදයකට නෙවේ කියලා මුලිනම් කියන්න ඕන.
මම කිවේ ඔය වචන දෙක ගැන විතරක් නවේ මචන්. ඔය වචන දෙක උනත් පාලියෙන් කියන එක වචනය අර්ථ දක්වන්න සිංහලෙන් කොච්චර පැහැදිලි කරන්න ඕනද කියලා. ඔය ඉංගිරිසි පැහැදිලි කිරීමෙන් නම් නියමාර්ථය එන්නෙම නැහැ. (වචන දෙකම් සම්බන්දයෙන්)
මේ කැවුම කියන වචනය ගනින්. මම දන්නා විදිහට කැවුමට ඉංගිරිසියෙන් කියන්නේ ඔයිල් කේක් කියලා. ඕක ඔහම කීවට කැවුම කියන දේ පැහැදිලි වෙන්නේ නැහැ නේද මචන්. මට නම් කැවුම, කැවුම මයි.
හෙන්රි, සෙන්නා ,
Delete,මේ සංවාදය වෙනම පෝස්ටුවක් ලියන්න තරම් වටින එකක් මචංලා....
-සමාවෙයල්ලා සෙන්නා නෙවී අයිලාශ්..
Deleteloku idea ekak natat, awit giya.
ReplyDeleteJayawewa
ඇවිත් ගිය එකම සතුටක් මචං...ජයමවේවා...!
Deleteඅපි ගීතයක රස වින්දට අක්කර ගාන,කම්බි අට පොටවල් ගැන බලන්නෙ නැහැනෙ.
ReplyDeleteනමුත් රතු මේ ලියන ලියවිල්ල නිසා අපිව නැවතත් සුන්දර අතීත ගීත නැවත,නැවත ඇසීමට මතක් කර දෙනව.
රතු;ඔබට හැකි නම් සති කීපයකට පෙර මිය ගිය ඕස්ට්‍රේලියානු ඇබෝර්ජින් පරපුරෙ ගායක මැන්ඩාවායි යුනුපින්ගු(Mandawuy Yunupingu) ගැන නිවාඩුවක් තිබෙන වෙලාවක පුළුවන් නම් ලිපියක් ලියන්න බලන්න.ගොඩක් අයට ඔහුගෙ ජිවිතයෙන් උගත හැකි පාඩම් ඇතියි කියල හිතනව.
http://www.youtube.com/watch?v=x1cNTe5rIFE
Deleteමම උඹට කැමති කෙන්ජි අයියේ මෙන්න මේ විශ්වීය ගතියට. මම සම්ප්රාදයට ගරු ඒ වගේම සම්ප්රදායේ විවේචනනය කළ යුතු තැන් විවේචනය කරන කෙනෙක්. මැන්ඩවායි යුනුපින්ගු ගැන ඔත්තුවට බොහෝමත් සතූතියි. පහළ ලිංකුවේ වීඩීයෝ එකත් බැලුවා. උඹ කියලා තියෙනවත් වගේ යුනුපින්ගුගේ ජීවිත කතාවෙන් ගන්න තියෙන ආදර්ශ බොහෝම ඇති වග විකි ලිපියෙන් දැක්කා.
Deleteමං නං එච්චර රොක් ලෝලියෙක් නෙවෙයි... බොරු කියන්නේ මොකටද රොක් කියන්නේ මොකද්ද කියලාවත් මං හරියට දන්නේ නෑ... විශේෂයෙන් මෙට්ල් රොක් වගේ ඒව නං මට දරාගන්න අමාරුයි... රොක් ගායකයන්ගේ විලාසිතා වලටත් මගේ එච්චර කමැත්තක් නෑ...
ReplyDeleteඒ උනාට ඉතිං මේවා කියවන්න නම් ආසයි.. අඩුගානේ මේවා කියවලා වත් මට රොක් ගැන ආසාවක් ආවොත් එහෙම.. හි හි... (තියෙන පිස්සු මදිවට තව පිස්සුවක් හදාගත්තෑකි එතකොට... හි හි)
හිරූ, දන්නවද රොක් කේක් ගැන ? ඉස්කෝලෙ යන කාලෙ මගෙ හීනයක් වෙලා තිබුනා කොහොම හරි සල්ලි ටිකක් එකතු කරන් රොක් කේක් එකක් කන්න. :D ( වැඩි ගානක් උනේ නෑ, ඒ කාලෙ රුපියලක්ද කොහෙද )
Deleteමමත් "රොක්" ගැන, රොක් කේක්වලට එහා දෙයක් දන්නෙ නෑ.
මම නම් රොක් පිස්සෙක් හිරු. ඔයා මෙටලිකා අහන්න, ගීතවල තේරුමත් එක්ක අහන්න ඕනෙ හිරු. ඇත්තටම ජෑස් මියුසික් කොයිතරම් දේශපාලනිකද, රොක් කියන්නේ සංගීතයේ දාර්ශනික අංශය කියලයි මට හිතෙන්නේ. මේ ගැන මට වැඩිය හොදට පැහැදිලි කරයි. මාතලං.. මයියා ආවොත් ඌත් අනිවාර්යෙන්ම මට වැඩිය යමක් කියයි.
Deleteසෙන්නා,
මොකක්- රොක් කේක්? පොඩ්ඩක් ඒ ගැනත් කියහන්කො සෙන්නා? ඒ මොනාද මචං.
රොක් කේක් දන්නැද්ද ? දුඹුරු පාට කේක් වගේ ජාතියක් බන්.. ගලක් වගේ හයියයි..ඒක හින්දද දන්නෑ රොක් කේක් කියන්නෙ. අමුතුම රහක් තියනවා.
Deleteඉස්සර අපේ ඉස්කෝලෙ කැන්ටිමේ තිබුනා..ලඟකදිනම් මටත් කන්නවත්, දකින්නවත් හම්බුන්නෑ..
මම ඔය සංගීත ශෛලියට මනාප නැති නිසාමදෝ මේ කියන හාදයා ගැන දන්නෙ නෑ...යූ ටියුබ් වෙතින් වීඩියෝවක් දෙකක් බලන්නම්...
ReplyDeleteමනාප නැහැයි කියන්න එපා මචං. ඊගල්ස් කියන්නේත් රොක් බෑන්ඩ් එකක් තමයි. එතකොට මෙටල් රොක් තමයි අපේ උන්ට ටිකක් දිරවා ගන්න අමාරු. ඔය මම දීලා තියෙන ලිංකුවලින් ගිහින් පොඩ්ඩක් ඇහුම්කණ් දීලා බලපන්. ඊට අමතරව මෙටලිකා, බ්ලැක් සබාත්, ලෙඩ් සෙපෑලින්ලගේ සිංදු ටිකක් අහලා බලපන් සිරෝ.
Deleteමමනම් අහලවත් තිබුන්නෑ බන් මෙයා ගැන.
ReplyDeleteඔය නිර්වාණ කණ්ඩායම තාම ඉන්නවද ?
Zeppelin කිව්වම මට ඉතින් මතක් වුනේ හින්ඩන්බර්ග්ව.. :D
මම දන්න තරමින් නිර්වාණ ලා දැන් ෆ්ර්ෆෝර්ම් කරන්නේ නෑ. කොබේන් තමයි කොදු නාරටිය වුණේ. ලෙඩ් සෙපෑලින්ලා අනිවාර්යෙන්ම අහලා බලපං. කවුද බං මේ හින්ඩන්බර්ග්?
Deleteහින්ඩන්බර්ග්. ඇයි බන්, මේ උඹ කියවලා කමෙන්ට් එකකුත් දාලා තියෙන්නෙ !
Deleteළිපිය නම් සුපිරි. මමත් ඉතින් හෙවි රොක් පිස්සෙක්නේ. ඒත් මේ පත්තරේ නෙමෙයි බන්. බ්ලොග් එකක්. තව පින්තූර ටිකක්. ගීතවල වීඩියෝ. ගීතය ඔන්ලයින් අහන්න පුළුවන් ලින්ක් එහම දාලා එපයි ලියන්න. නිර්වාණ, කර්ම කියන්නේ නම් අපේ වචන නෙමෙයි අල්ලපු රටේ ඒවා.. අපි ඇවිත් අපිට කියලා මුකුත්ම නැති ජාතියක්...
ReplyDeleteමම දන්නවා උඹ රොක් පිස්සෙක් වග. මග බලාගෙන හිටියේ උඹේ කොමෙන්ටුව එනකම්. මචං මට හිතුණා එක පින්තූරයක් දැම්මහම හොදටම ඇති කියලා. ප්‍රතිපත්තියක් විදිහට සහ ලෝඩ් වෙන්න කල් ගතවීම නිසා වීඩීයෝ නම් එකතු කරන්නේ නැත්තේ, ඊට අමතරව ගීත ඔන් ලයින් අහන්න පුළුවන් ලිංකු දීලා තියෙනවා මචං. කොහොම වුණත් උඹේ උපදෙස් වලට ස්තූතියි.ඇත්ත, බ්ලොග් කියන්නේ පත්තරෙන් සෑහෙන වෙනස් මාධ්‍යක් නම් තමයි.
Deleteනිර්වාණ සහ කර්ම ගැන වෙනම කතා කරමු.
මමත් අදයි දැනගත්තේ මෙයා ගැන.
ReplyDeleteබලමුකෝ මෙයාගේ සින්දු ටිකකුත් අහලා..
කොබේන්ව හදුන්වා දෙන්න ලැබීම මාර සතුටක් එහෙනම්. අහලා බලපන් මනෝ.
Deleteවීඩියෝවට ස්තූතියි මචං.
ReplyDeletesmells like teen spirit ගීතය අහලා තිබුනට ගායකයා ගැන මෙච්චර විස්තරයක් දැන ගත්තෙ අදනෙ....
ReplyDeleteඒක සතුටක් යටලියන්නෝ.
Deleteගායකයයයි ගීත කීපයකුයි අහලා තිබුනා, නමුත් ඒ තරම් උනන්දුවක් තිබුනේ නෑ, මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදේකම අලුත් රසයක් දැනෙනවා, ස්තුත්යි
ReplyDeleteඅලුත් රසයක් ජනිත වේ නම් ඒක බෝහෝමත් සතුටුදායකයි.
Deleteරොක් වලට මනාප නෑ. ඒත් ලින්කින් පාක්ට නං කැමතියි.
ReplyDeleteලින්කින් පාර්ක් මගෙත් ෆේවරිට් රාජ්...
Deleteනොදන්න දේවල් ගැන කියවලා චා වෙන්න ඔනේ නෑ නේ !!!!! ඔන්න මං පෝස්ට් එක කියවලා පැත්තකට උනා
ReplyDeleteහෙහ්,,,, උඹත් ඉන්නවා එහෙනම් තාම? කොයිද බොල අර විප්ලවවාදියා....?
Deleteමාත් ඇවිත් කියවලා ගියා.
ReplyDeleteමම බැලුවා .... ස්තූතියි මචං.
Deleteමචං උබ ගාව චෞර රැජිණ පොත තියෙනව නම් මට මේල් එකක් දාන්න පුලුවන් ද ?
ReplyDeleteමෙන්න මේල් ඇඩ්රස් එක.
hdcm156@gmail.com
http://www.mediafire.com/download/je8vjrkkn11ou48/Chaura+Rejina.pdf
Deleteතෑන්ක්ස් DDT !!!
Delete