2016/09/29

සැබෑ ඞී. ඇස් අවතාරය මෛත‍්‍රී නොව මහින්දයි.

ටැමිල් නෙට් වෙබ් අඩවියට අනුව මහාමාන්‍ය ඞී. ඇස් සේනානයගේ පුනරුත්පත්තිය බවට පත්ව කටයුතු කරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයි. ඒ නැගෙනහිර  ඉඩම් රජයට පවරා ගනිමින් නැගෙනහිර  ද්‍රවිඩයන්ගේ ඉඩම් අයිතිය උදුරා ගනිමිනි. ජනාධිපතිවරයාගේ අනුදැනුම සහිතව ද්‍රවිඩයන්ට හිමි ඉඩම් සිංහල ජනපද පිහිටුවීම සඳහා රජය කටයුතු කරන්නේ ගල්ඔය ජනපද ව්‍යාපාරය හරහා ඞී.ඇස් සේනානයක නැගෙනහිර ද්‍රවිඩයන්ගේ ඉඩම් මංකොල්ල කෑ අයුරින්ම බව ටැමිල්නෙට් පවසයි. 
ටැමිල් නෙට් මේ පුවත පාදක කොට ගනිමින් අද ‘මව්බිම ‘ පුවත්පතට දේශපාලන විග‍්‍රහය ලියන උපුල් ජෝෂප් ප‍්‍රනාන්දු මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳව අතිශයෝක්ති වර්ණනාවන යෙදෙමින් මෛත‍්‍රී හීන් නූලෙන් ඞී. ඇස් සේනානයක පරිදි කටයුතු කරමින් සිටින බව පවසන්නේ ය.

නමුත් යථාර්තය නම් දේශපාලනික කැරිස්මාව අතින් ගත් කළ ඞී. ඇස් සේනානායක වඩාත් ළංවන්නේ මෛත‍්‍රීට නොව මහින්දටයි. ඞී. ඇස් දේශපාලනයට පිවිසෙන්නේද පවුල් කාටරයේ බල මහිමය නිසා වන අතර, මහින්ද ද අද ඔහුගේ පුත‍්‍රයා ලෙසින් ම දේශපාලනයට පිවිසෙන්නේ පියා ගේ අනුප‍්‍රාප්තික යා වශයෙනි. සේනානයක පවුලේ දේශපාලන ගමනක නිරත වීමට වඩාත් සුදුසුකම් සහිතව සිටියේ විදේශ අධ්‍යාපනයක් ලබා, පිබිදෙන නවීන ලෝකයේ දේශපාලනික ක‍්‍රියාකාරකම් පිළිබඳව සවිඥ්ඤානික ව සිටි ‘ ලන්ඩන් ජෝන් ’ නමින් හැදින්වූ ඇෆ්. ආර් සේනානායකයි. නමුත් පුද්ගල කැරිස්මාව අතින් පවුලේ රස්තියාදුකාරයා ලෙසින්  ‘කැලෑ ජෝන් ’ යන අන්වර්තයෙන් පවුල තුළ හැදින්වූ ඞී. ඇස් , ඇෆ්.ආර් අයියාට වඩා ඉදිරියෙන් සිටියේය. 


රාජපක්ෂ පවුල තුළද දේශපාලනික පරිණත කමින් ඉදිරියෙන් සිටියේ මහින්ද ගේ වැඩිමහල් සොහොයුරා වූ චමල් වූවත්, පුද්ගල කැරිස්මාව අතින් පවුලේ දෙවැනි පුත‍්‍රයා වූ මහින්ද ඉදිරියෙන් සිටියේය. 1967 ඞී. ඒ රාජපක්ෂ මිය යන්නේ ශී‍්‍රලනීප ආණ්ඩු දෙකක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිටි නමුත්, කැබිනට් ඇමති ධුරයක් නොලබමිනි. 56 බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඞී.ඒ ට ලැබෙන්නේ නියෝජ්‍යය ඇමති ධුරයකි. 1960 සිරිමා ආණ්ඩුවෙන් ඔහුට ලැබෙන්නේ නියෝජ්‍යය කථානායක ධුරයයි. එජාපයෙන් වෙන් වී යන බණ්ඩාරනායක සමඟ පාර්ලිමේන්තු වේ අනෙක් පසෙට ගමන්ගත් මන්ත‍්‍රීවරුන් පස්දෙනා අතර ඞී.ඒ ද සිටි නමුත් බණ්ඩාරනායකවරුන් ගේ කෘතගුණය නම් ඔහුට ලැබී නැති බැව් ඉතා පැහැදිලිය. ඊට හේතු පාදක වන කාරණා පිළිබඳව වෙනම සොයා බැලිය යුතු වෙයි.
                                                                                                             කෙසේ වෙතත් මෙවැනි තත්වයන් මත වුවත් 1970 මහමැතිවරණයට බෙලිඅත්තෙන් ශ‍්‍රීලනිපය වෙනුවෙන් තරග කරන මහින්ද එම අසුන ජයගන්නේය. නමුත් 1976 මැතිවරණයත්, 1983 අතුරු මැතිවරණයත් මහින්ද පරදින්නේය. කෙසේ වෙතත් මේ සියලූ බාධක මැඩගෙන ඉදිරියට ඒමේ පුද්ගල හැකියාවක් මහින්ද ට වූයේය. මේ ලෙසින්ම එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ වඩාත් බලවත් ම මෙන්ම සිංහල බෞද්ධයන්ගේ පිළිගත් නායකයා වූයේ ඞී.බී ජයතිලකයි. ඔහුගේ කීර්තියෙන් සහ බලයෙන් ඞී.ඇස් ගේ ප‍්‍රතිරූපය වැසී ගොස් තිබුණු නමුත් මහින්ද රාජපක්ෂ 2001 වනතුරු කල්මැරුවාක් මෙන්ම ඞී. ඇස් ද තම අවස්ථාව එනතුරු කල්මැරුවේය. දෙදෙනාටම කාගෙන සිටීමේ හැකියාව තිබිණි.  
                                                                                                     එමෙන්ම අගමැති ධුරයට පත්වූ පසුව ඞී. ඇස් විසින් දියත් කරන ලද ගොවි ජනපද පිහිටුවීමේ මහා ව්‍යාපෘතිය රටේ ඞී.බී ජයතිලක වෙත තිබූ පොදුජන පිළිගැනීම සහ කීර්තිය ඔහු වෙත ළගා කර දුන් එකක් විය. මහින්ද රාජපක්ෂ ටද යුධ ජයග‍්‍රහණයෙන් පසුව එම පිළිගැනීම සහ කීර්තිය ඒ ආකාරයෙන්ම ලැබුණු නමුත් එය නිසි පරිදි කළමණාකරණය කරගැනීමේ හැකියාව මහින්ද ට නොතිබිණි. එසේ නොවූවා නම් අදද ගොවි ජනපදවල ඞී.ඇස් සේනනායකට බත් දුන් දෙවියන් වශයෙන් ලැබෙන පිළිගැනීම, අර චිරාගත දියසේන කුමාරයාගේ පුරාණෝක්තිය මහින්ද ට ආරූඪ කොට ඔහුටත් ඔහුගේ පවුලටත් සදාතනික කීර්තියක් ලැබ ගන්නට තිබිණි. එසේ වූවා නම් ටැමිල් නෙට්ලාත්, උපුල් ජෝෂප්ලාට ත් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ඞී. ඇස් ගේ අවතාරයක් යැයි කියන්නට ඉඩක් ලැබෙන්නේ නැත. 

13 comments:

  1. මේ ලිපියේ හෙඩිම ඉතා ප්‍රබලයි. ටිකිරි..

    ReplyDelete
    Replies
    1. එහෙම හෙඩිමක් අන්තර්ගතය විසින් ඉල්ලා සිටියා.

      Delete
  2. මා ලියූ සමයම 1:00 PM

    ඒක නම් ඇත්ත. උඹ සමයමක්ම තමා.

    ReplyDelete
  3. මෛත්‍රී උතුරෙ ඉඩම් රජයට පවරා ගන්නවද ? ? මම දැනගෙන හිටියේ හමුදා කඳවුරු ටිකත් ගලවගෙන ආපහු එනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උතුරේ ඉඩම් නෙමෙයි නැගෙනහිර ඉඩම්.

      Delete
  4. අපුරු පැහැදලි කිරීමක්.ටැමිල් නෙට් එකේ කියන විදියට ඩි.ඇස් ගේ පුනරුප්පත්තිය මෛත‍්‍රී කියලා කියන එකෙන් අනියම් වාසියක් මෛත‍්‍රීට ලබා ගන්න පුළුවන් සිංහල ජන්ද වලට බලපෑම් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඇතතටම මෛත‍්‍රීට විශාල වාසියක් මෙයින් ලැබෙනවා.

      Delete
  5. ඒ කතාව ටැමිල් නෙට් එකෙන් කියන්නේ විහිලුවට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හිහ්... හිී.... කුරහන් මල් පොකුරු පිටින් හැලෙනවා සුදීකයෝ....

      Delete
  6. Replies
    1. බොහෝමත් ස්තූතියි. පොඩ්ඩක් හිටින් , මල් හතයි කිව්වේ මහින්ද ඩී.ඇස් වගේ කීව එකටද....?

      Delete