2012/10/05

දේශප්‍රේමීන් නොවන බැල්ලිගේ පුතාලා වෙතයි.





මුගුරක් අතැතිව මිහිමත සැරිසැරූ පළමු මානවයා ලෙස සැලකෙන්නේ නියැන්ඩතාල් මානවයායි. මුල් කාලයේ මතය වූයේ නියැන්ඩතාල්වරුන් සහ සේපියස්වරුන් කිසිදිනෙක එකිනෙකා මුන නොගැසුනු බවයි. නමුත් පසුකලෙක එම මතය විද්‍යාත්මකව වෙනස් වූයේය. නියන්ඩතාල්වරුන්ගෙ අතින් අනෙකා යටපත් කොට පැවතීමේ කලාව ඉගෙනගත්  මිනිසා පළමුවෙන්ම  තම මුගුර ඔසොවනු ලැබුවේ නියැන්ඩතාල් වරුන්ට එදිරිවමය. 

දේශප්‍රේමීත්වය ඇරඹෙන්නේම තම අනෙකා සංහාරය කිරීමෙනි. දේශප්‍රේමීත්වය වෙනුවෙන් අපි  අපේ අනෙකා වූ දෙමළා සංහාරය කෙරුවෙමු. දෙමළා යනු කවුද ? උහු අපේ අනෙකායි. මෙලෙස දේශද්‍රොහීන් වූයේ අපේ පාසල් බස් රිය පැදවූ නඩරාජා මාමාය. අපේ ගොයම් කපන්නට පැමිණ තුට්ටුවක් සොයාගෙන ගිය ගුණසිංහම්ලාය. ජාතිකතවය යන පටු සාධකය පදනම් කරගෙන දේශද්‍රොහීන් තේරීම නිවැරැදි නම් ලක්ෂ්මන් කදිරගාමර්ද ඒ ගොඩට අයත් විය යුතුය. කලු සුද්දන් වී සුද්දන් මෙරටින් පන්නනට සේනානායකලා සමග එක්වී සිටි දෙමළ කලු සුද්දන් වූ පොන්නම්බලම්ලාද ඒ ගොඩට එක්විය යුතු වෙයි. 

දැන් දේශප්‍රේමීත්වය නව මානයකින් නිර්වචනය කෙරෙමින් තිබේ. රටේ සිදුවන අසාධාරණයන්ට විරුද්ධව හඩ නගන්නා දේශද්‍රොහියෙකි. අයුක්තියට එරෙහිවන්නා දේශද්‍රෝහී අධිරාජ්‍යවාදී පෙරමුණ ශක්තිමත් කරන්නෙකි. 
එහෙත් මේ නව කියවීම අමු අමුවේ අලුත් මතවාදයක් හෝ සංකල්පයක් නොවේ. එය ඉතිහාසික පුනරුච්චාරණයකි. උදාහරණයක් වශයෙන් සිංහල ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය යුගයේ බිහිවන්නේම සිංහල ප්‍රාග්ධනයේ වර්ධනයට තිබූ තදබල සීමාකම්ද ,තවත් අතකින් සිංහල සුළු ධනේශ්වර කොටස් ව්‍යාපාරික සහ වුර්තීය අවකාශයන් තුළදී මුහුන දුන් සුළු ජනවර්ගවල තරඟකරුවන්ගෙන්  එල්ල වූ බාධාවන් නිසාද ,සිංහල කම්කරුවන්ට ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන්ගෙන් එල්ල වූ තරගයේ ප්‍රථිපලයක්ද වශයෙනි. 

වර්තමානයේදී සිදුවන්නේ ද  තම ආර්ථික ආයෝජනයන්ගේ විපුල ඵල නෙළාගන්නට බාධා කරන වුන්, අර පැරණි දෙශප්‍රෙමී කෝවේ ලා විනාශ කිරීම සදහා මග පාදා ගැනීමේ කූට උපායයි. හේතුව මුදල් වේ. තම පරම්පරා හතකට සෑහීමට මුදල්, වතුපිටි රැස් කිරීමට ඔවුනට ඉඩදී උන් සමග නිදිවදින්නට අකැමැති අප නිහඩව සිටිය යුතු වේ. නොවෙසේනම් තවත් තේරීමක් තිබේ ,ඒ හර්ද සාක්ෂ්‍ය ගලවා පසෙකට දමා උන් සමග එකට කාබී ඒ මත්තෙහිම වැටී සාමූහිකව රමණයේ යෙදීමයි. ආශ්චර්‍ය එයයි. 

පසු සටහන 
මධ්‍යස්ථ දැක්මක් උදෙසා... 

මෙම පහත  සටහන උපුටා ගනු ලැබුවේ ආචාර්‍ය නලින්ද සිල්වා විසින් දිවයින පුවත්පතට මේ වසරේ ජනවාරි මාසයේ ලියන ලද ලිපියකිනි 


“දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදුවී ඇති අසාධාරණයක් නැත. මුළු ලෝකයේම මෙරට වාසය කරන දෙමළ ජනයා තරම් වරප‍්‍රසාද ලබන “සුළු ජන” කොටසක් නැත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල උරුමය නැතිකිරීම සඳහා ඉන්දියාව ඇටවූ උගුලක් වේ. සිංහල බහුතරය එයට විරුද්ධ වෙති. එය සම්මත වූයේ ගිනි මැළ මධ්‍යයෙහි ය. එය අහෝසි කිරීමට හැකි නම් එය කළ යුතුය.

සිංහලයන්ට එරෙහිව දෙමළ ත‍්‍රස්තවාදය යොදා ගනිමින් ගෙනගිය ව්‍යාපාරය නන්දිකඩාල් කලපුවේදී හමුදාමය වශයෙන් පරාජය කෙරිණි. හමුදා මෙහෙයුම් ද දේශපාලන ක‍්‍රියාමාර්ගයකි. අපේ රණවිරුවන් සටන් කළේ ඊළමට විරුද්ධව පමණක් නොවේ. දහතුන මඟින් කළ බලය බෙදීමට ද විරුද්ධව ඔවුහු සටන් කළහ. නන්දිකඩාල් ජයග‍්‍රහණයෙන් පසු දහතුන දේශපාලනිකව අහෝසි විය. එහෙත් එය තවමත් නීතිය වෙයි.
 අප කළ යුතුව තිබුණේ නන්දිකඩාල් ජයග‍්‍රහණයත් සමඟ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නන්දිකඩාල් කලපුවටම විසිකර එය අහෝසි කිරීමට දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ය. එදා එය කළ හැකිව තිබිණි. අද යම් හේතූන් නිසා එය කළ නොහැකි නම් එහි ඇති සිංහල විරෝධී වගන්ති ඉවත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ යුතුය. එසේ නැතිව දහතුනෙන් එහාට යමක් ගැන කතාවක්වත් නොකළ යුතුය. එසේ කිරීම රණවිරුවන්ගේ ජීවිත අවයව පූජාවලට කරන ද්‍රෝහිකමකි. ඔවුන්ගේ ජීවිත පූජා නැතිවම දහතුනෙන් එහාට යෑමට තිබිණි. යුද්ධ ජයග‍්‍රහණවලින් දිනාගත් දේ විසිකර ආපසු සාකච්ඡා මේසයට යෑමට සිංහලයන් කැමැති වේ යැයි ඉන්දියාව සිතන්නේද”

31 comments:

  1. සාමාන්‍යයෙන් කළු චරිත විදියට වෙන්කරල හඳුනගන්න දේශපාලකයො ගැන කතා නොකරම ඉමු, හැමදාම කියන ටිකම තමා අදත් එයාල ගැන කියන්න තියෙන්නෙ. ඒත් මට තියෙන ප්‍රශ්නෙ උගතුන්(ය කියන), වෘත්තිකයින්, පැවිදි පූජකයින් වගේ යම් සිවිල් බලයක් තිබෙන සමහරු ඒ සිවිල් බලයට මුවාවෙල රටේ මිනිස්සුන්ගෙ බුද්ධිය තුට්ටුවට දාලා කරන මුග්ධ ප්‍රකාශ. ඒ අයට අවශ්‍ය අයට කඩේ යාම වෙනත් දෙයක් වුනාට උග්‍ර ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ කරමින් රටකුලප්පු කරවන එයාලගෙ වැඩවල ප්‍රතිඵල නුදුරු අනාගතයේදිම අපිට තවත් වටයකින් බලාගන්න පුළුවන්වෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔව් DDT ..මම මේ කාරණයේදී නම් ඔබත් එක්ක 100% ක් එකඟයි. නරකද බ්ලොග් කෙරුවාවට අත ගැහුවොත්.... ?

      Delete
  2. පෙරසේම කොර හා මං දෙක

    ReplyDelete
    Replies
    1. පෙරසේම කොර නොවී එක වේවා යැයි පතනවා.

      Delete
  3. හොඳ ලිපියක්.. ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,
      මඩුවන්වෙල ගැන ලියපු පෝස්ටුව වගේ තවත් ඒවා ලියන්න.

      Delete
  4. උඹ ලිව්ව ටික කියෙව්වා අන්තිම ටික නං කියෙව්වේ නෑ

    ReplyDelete
    Replies
    1. හරි මචං, නලින් ගෙ කතාව දැම්මේ ඒක ප්‍රතිපක්ෂ මතයක් නිසා ..ආයෙමත් වරෙන්.

      Delete
  5. පෝස්ටුව නම් එළ, ඒත් මේ අපි සෑහෙන කාලයක ඉදලා කියවන දේමයි.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා මේ පැත්තේ ආවේ කාලෙකින්.
      ඔබ අපි කියා කිව්වේ ජවිපේ ගැනද? මගේ අදහස නම් ජවිපේ පවා ජාතිවාදය තුරන් කරන්නට අවංක වුවමනාවකින් කටයුතු නොකළ බවයි.විශේෂයෙන්ම විජේවීර ජාතිවාදී අදහස් ඇතිව කටයුතු කළ අයෙක් බව මගේ හැගීමයි. මේ බව තහවුරු කිරීම සදහා චීන කොමියුනිස්ට් පිළේ සිටියදී ඔහු කල කී දෑ සාක්ෂි දරයි. අවශ්‍යනම් මේ පිළිබදව පෝස්ටුවකින් කරුණු දැක්වීමටත් මා සූදානම්...

      Delete
    2. මම ආවෙ කාලෙකින්....!? ෆූඃ... එක පෝස්ටුවක් මගහැරියෙ නෑ. කමෙන්ට් නොකළට.

      කිසිම අවස්ථාවක මම ජවිපෙ සාමාජිකයෙකු විදියට සලකන්න එපා. 2005 ඉදලා මා ජවිපෙ තුළ නෑ. ඒ වගේම ජානිපෙ හෝ පෙරටුගාමින් සමගත් නෑ.
      මෙතනදි "අපි" කියන්නෙ දක්ෂිණාංශික නොවන දේශපාලන උනන්දුවක් තියෙන හැමෝම.ඒ වගේම මම ලියලා තියෙන්නෙ කියන නෙවෙයි කියවන කියලා, ඒ කියන්නෙ බොහෝ කාලයක ඉදලා මීට සමාන දේ අපි කියවනවයි කියන එක.

      කියවනවා විතරයි ඊට වඩා දෙයක් නෑ.

      Delete
    3. ඔහ්..? හැබෑ නේන්නම් කියවන තමයි ..මට ඒ වචනේ මගහැරුණා.හොදයි මම දැන් සුමිත් අයියා සමඟ එකගයි. මම පිළිගන්නවා සමස්ත අර්ථයෙන් ගත්තාම සැබෑ වමට බෙදුම්වාදය පරාජය කරන්නට උවමනාවක් තිබුණයි කියලා. නමුත් විජේවීර ගැන මා මුලින් කියූ දේවල් නම් මම තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ ගැන ඔබේ අදහසුත් බලාපොරොත්තු වෙනවා. ස්තූතියි.

      Delete
  6. අර මතය හරි බං රතූ, අපි හෝමෝ සේපියන් වුනාට අපේ මෙහෙ බොසා නියැන්ඩතාල්. :D

    ඔන්න මාත් ආවා මේ පැත්තෙ. රතුගෙ ප්‍රවර්ග දිහෑ බැලුවාම ඒ නවයෙන් එකකට හැර අනිත් අටටම මම කැමතියි. අකමැති එක දේශපාලනය. මම සමහරවිට දේශපාලන ලිපි කියෙව්වත් කමෙන්ට් දාන්න යන්නෙ නැත්තෙ මම එක ගොඩකටවත් අයිති වෙන්න තියෙන අප්පිරියාව නිසා. ඒක උඹ වරදවා තේරුම් ගන්න එපා. මම කොච්චර හොඳ යාලුවෙකුගෙ උනත් දේශපාලන ලිපියකට (තවත් කැටගරි කීපයක් තියෙනවා මම ලඟටවත් නොයන) කමෙන්ට් දාලා නෑ.

    මම මේ ටික කලින් කොතනකවත් ප්‍රසිද්ධියේ කියලා නෑ.:D

    ඉතින් අද ඉඳන් දිගටම එන්න බලාපොරොත්තු වෙනවා. කමෙන්ට් නොතිබ්බොත් අරකයි හේතුව.

    (ඒක නෙවෙයි රතූ, උඹ ඔය පෝනිටේල් එකක් දාලද ඔය profile pic එකේ ඉන්නෙ? :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ හෙන්රි අයියගෙ ඇස් දෙක හරිම තියුණුයි.... අහුමුළු වල තියෙන ඕනෙ අටමගලයක් සැනෙන් මීටර් වෙනවා...

      Delete
    2. දේශපාලනේ.... අපි හැමෝම දේශපාලන සත්තුයි කියනවානෙ හෙන්රි අයියේ.
      හපොයි මම පෝනිටේල් දැම්මේ නැහැ කවදාවත්. ටිකක් විතර කොන්ඩෙ වවාගෙන හිටියා ඔය කාලේ. කොමෙන්ට් නැතත් අවිත් යන්න. හැමදාම දේශපාලන ලිපි ලියන්න බලාපොරොත්තුවක් නෑ

      Delete
  7. ඔය ගොඩට නොවැටෙන්න තමා අපි පටං ගන්න කොටම 'අපි දේශප්‍රේමී' කියල අපිම ලේබල් ගහ ගත්තේ. දැන් කියපංකෝ පුළුවන් එකෙක් මම දේශද්‍රෝහී කියල.

    ආගම්වාදයත් ඔයා පොතේ ම ඇදුතු නව කථාවක්. එකම චරිතවල අළුත් පරම්පරාව.

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා සාදරයෙන්..
      ඇත්ත දැන් දරුණුවට පැතිර යන්නේ ආගම් වාදය.

      Delete
  8. නලින්ගෙ කතාව හරියට හරි. යුධමය වශයෙන් පරාජය කලාටත් පස්සෙ තවත් මොනවද නැද්ද මං අහන්නෙ? :)

    ReplyDelete
  9. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය ගැන තිබුණු සංවාදයකින් නලින්ද සිල්වාගේ තරම දැන ගතිමි

    ReplyDelete
  10. උඹ මගේ මාතලන් යටින් තියෙන අකුරු පේලිය කියවලා තියෙනවද....?
    උඹට ස්තූතියි..
    කතාගේ බොගේ මම උබට කියපු කතාව මේකයි..
    ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. හරි මචං-
      ඕවට තමයි කියන්නෙ මිස්- අණ්ඩ- අස්සෙ යනවා කියලා
      මචං මෙහෙම කතාවක් තියෙනවානේ බෙර සද්දයක් ඇහුණොත් නැට්ටුවාට නටන්න ඕනෙයි කියලා. උඹටත් ස්තූතියි. සාදරයෙන් පිළිගන්නවා රජරටට .

      Delete
  11. ලංකාව වගේ දේශපාලකයන්ට අසීමිත බලතල තියෙන රටක ඕවා සාමාන්‍ය දේවල් බවට පත්වෙලයි තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. .මේවා ටිකින් ටික සාමාන්‍ය දේවල් බවට පත්වුණා සිරා. තව ටික කාලෙකින් අති සාමාන්‍ය වෙයි.

      Delete
  12. බොහෝවිට බොරු දේශප්‍රේමී වැඩ කටයුතුවල ප්‍රතිපලය උතුරු පළාතට එක්සත් ජාතීන්ගේ හමුදා ආගමනයක් සඳහා පාර සෑදීමකින් සහ උතුරු පළාත වෙන්වීමකින් කෙළවර විය හැකිය.නලින්ද සිල්වාගේ සහ ගුණදාස අමරසේකරගේ කටේ පිට්ටු හිරවෙන්නේ එදාටය.

    ReplyDelete
    Replies
    1. එක්සත් ජාතීන්ගේ හමුදා ආගමනයක් ගැන හිතන්නට තවම කල් වැඩි කියලයි මම හිතන්නේ. අපි බලමු. ස්තූති ඔබටත්.

      Delete
  13. අයියෝ මම ලියපු එක ඊයේ සර්වර් අවුලකින් මැකුනා. දැං ඉතිං ආයෙත් විමල් වීරවංස වගේ ඒ අදහසම ගන්න අමාරුයි. ආයේ ආපු නිසා ලිව්වා. ජය

    ReplyDelete
  14. හරි මචෝ ..ඔහොම වුණාම නම් සංසාරෙ බවේ දුකා කියලා හිතෙනවා.උඹ ලියන සින්ග්ලිශ් සොෆ්ට්වෙයාර් එක මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. Online Converter"
      රතු රජරට කන්වර්ටර් භාවිතය කළත් යතුරු පුවරුවට කොටන්නට ඉගෙන ගත්තා නං හොදයි. ඒක වඩාත් පහසුයි ඒ වගේම ඉක්මන්

      Delete
    2. අර මගේ බ්ලොගයේ උඩින් දාලා තියෙන පැන්සල ට්‍රයි කරලා බලපන් මචං. මන් හිතන්නේ ඒක අනිත් ඒවට වඩා ලෙසියි.

      Delete